05 May 2012

සසරේ තවමත් මග ගෙවමි

සඳ නැති කළුවර අහසක අරුමය
ජීවිතයේ දුක මට කිව්වා
ජීවිතයේ ගන අඳුර මකන්නට
පහනක් මා දසතම සෙව්වා

පහනක් සොයමින් මා යන කලදි
වෙසක් සඳේ ඔබ නැඟ ආවා
සඳ කිරණින් ඔපවත් වූ නගරයේ
මාවතකට මා ඇවිද ගියා

දෙවුරම් වෙහෙරේ ගාණ්ඨා නාදය
මගෙ සවන්පත් හා ගැටුනා
කිසිවක් නොසිතා කිසිවක් නොඳොඩා
මගේ දෙපා ඒ වෙත ඇදුනා

ගලන මදනල දෙවුරම් වෙහෙරේ
රාගයේ ගිනි නිව්වා මතකයි
නැති වූ දේ ගැන සිත පෙලමින් තිබු
සෝක සුසුම් නිව්වා මතකයි

බුදු හිමිගේ හඬ, දම් මණ්ඩපයෙන්
ඇසුනා මට ඇසුනා මතකයි
තවත් කලයක් මිනිස් වෙසක් ගෙන
සසර විඳින්නට පින් පිරුනා මතකයි

සසරේ දුක දැක, සසරේ අඳුරට
බිය උවත් මගෙ සිත හැඬුවා
තවත් කාලයක් ජීවිතයේ රස
විඳිය යුතු මගෙ සිත හැඬුවා

බුදු හිමියනි පෙර පින් නැති කම්දෝ
මම තව මත් මේ සසරෙ සිටී....
තවමත් ඔබගේ දහම් අසමි
සිත් තුල ගිනි දුක් නිවා ගනි....

---------------------------------------------------------------------

ප.ලි. - ධනූගේ කවි සංකල්පනාවක් !

32 දෙනෙක් අදහස් පලකලා .:

sAm (සෑම්) said...

මම හිතුවා මධුගේ කවියක් කියලා. මොනව වුනත් මනාපයි.

මේ දවස්වල සෑමා මෙත් සිතින් ඉ‍න්න නිසාම..

තෙරුවන් සරණයි !

රූ.... said...

ලස්සනයි..
වචන එහෙ මෙහෙ වුනානම් තාලෙට කියන්නත් ඇහැකි..

වින්චැට්කිරිල්ලි. said...

සිත් සැණසෙන කවි ටිකක්...සුභ වෙසක් මංගල්‍යයක් වේවා...

රාජිත අනුරාධ***රජී-සන්නස.... said...

සසරමග කෙටි වේවා..සුභ වෙසඟක්

prasanna86k said...

නියමයි මල්ලි...

දැන් පහනක් ඕනෙ නේද....

යසිරු said...

නියමයි බඩා මාමේ

ලහිරු said...

කවුද ධනූ? රූ අක්කා කිව්ව වගේ තව ටිකක් එහෙ මෙහෙ කළා නම් තවත් ලස්සනයි!

තාරා said...

හරිම ලස්සනයි... :)

kapicake said...

who's danu? ur gl?anyway nice!!!

දිනිති දීපිකා said...

ධනු ගෙ කවියක් වුනත් හරිම ලස්සනයි මධුරංග....
කවියෙන් කියනවා වගේ සංසාර මග කෙටි වේවා...
පින්බර තෙමඟුලක් වේවා ඔබට....තෙරුවන් සරණයි....

Podi Kumarihami said...

ලස්සනයි වෙසක් එකටම ඔබින අපූරු කවි සංකල්පනාවක්!!!

Podi Kumarihami said...

හැබෑටම ඔක්කොටම කලින් අහන්ට බැරි උනා. කවුද මේ ධනූ??? :)))

දයානන්ද රත්නායක said...

පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ අපි අසරණ
වෙලා වගෙයි
හිතට දැනෙනවා
බුදුහාමුදුරුවනේ


මේ තමයි අපි ඉදිරිපිට ඇති යථාර්ථය, කාගේ වුණත් කවි සංකල්පනාව ලස්සනයි. කාලයට උචිතයි.

පිනෙන් පිරී ගිය සිත් නිවී පහන් වේවා මේ තෙමගුල් සමයේ

හිතුවක්කාරි said...

ලස්සනම ලස්සනයි අයියේ!!

Dinesh said...

ඇත්තටම ලස්සන කවි පන්තියක් අයියේ.. කවුද මේ ධනු කියන්නේ එතකොට.. කලින් කියලා තියෙනවද මට මතතක නෑනේ..

මඩිස්සලේ නිශාන් said...

සුබ වෙසක් මංගල්‍යක් වේවා අයියේ

Gimhani said...

ලස්සනට ලියලා . කවුද ධනු ?

දිනුක said...

ඔන්න ඕකනෙ ධනූ එක්ක සසර බැඳීම් තියාගෙන කොහොමෙයි නිවං යන්නෙ???

සරත් ලංකාප්‍රිය said...

බදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අසන්නැති ඒ කාලේ.. නිවන් දකින්නට පින් මදි වෙන්නැති එකයි තවමත් සංසාරේ..

අනූ said...

ධනූ කිව්වේ කවුදෝ..................... ම්ම්ම් ම්ම්ම්.........
අනිත් ප්‍රශ්නේ අයියා බෞද්ධ ද? කතෝලිකද?

Observer said...

"බදු හාමුදුරුවෝ"

බාර් වහල තියෙද්දිත් සරත් ලංකාප්‍රිය හොර පොළකින් වත් දෙකක් ඇනගෙන වගේ...

ක්සැන්ඩර් | Xander said...

දැන් කවුද මේ ධනු? මොකක් උනත් කවි පන්තිය නම් ලස්සනයි

මධුරංග said...

@sAm (සෑම්) :
සෑමා මෙත් සිතින් ඉන්නවයි කියන්නේ අපි සෝවාන් උනා වගේ කතාවක් නේ. හික්ස් :)

@රූ.... :
මම් පද ටික එහෙ මෙහෙ කරලද මන්දා.

@වින්චැට්කිරිල්ලි. :
නංගිටත් එසේම වේවා !

මධුරංග said...

@රාජිත අනුරාධ***රජී-සන්නස....:
එසේම වේවා !!!

@prasanna86k :
පහනක් නම් ඒ දවස්වල ඉදන් ඕන උනා...

@යසිරු :
බඩා මාමා ??? කවුද යකෝ බඩා !!!

මධුරංග said...

@ලහිරු :
ධනූ කියන්නේ මම් වැඩ කරන තැන ඉන්න ගෑල්ලමයෙක් !!!

@තාරා :
ස්තුතියි නංගි !

@kapicake :
නොට් නවු !!!

මධුරංග said...

@දිනිති දීපිකා :
එසේම වේවා දිනිති !!!

@Podi Kumarihami :
වෙසක් එකට තමා මේ කවි ටික ලියෝ ගත්තේ. ධනූ කියන්නේ මම් වැඩ කරන තැන ඉන්න ගෑල්ලමයෙක් !

@දයානන්ද රත්නායක :
එහේම වේවා අයියේ.

මධුරංග said...

@හිතුවක්කාරි :
ස්තුතියි හිතූ නංගි !

@Dinesh :
කලින් නම් කියන්ඩ හම්බ උනේ නෑ. මේ ධනූ ගැන උඩ කමෙන්ට් වලින් කියලා තියෙනවා මල්ලි.

@මඩිස්සලේ නිශාන් :
එසේම වේවා මල්ලි.

මධුරංග said...

@Gimhani :
වැඩ කරන තැන ඉන්න ගෑල්ලමයෙක් !

@දිනුක :
ඒකනේ මල්ලි. මේ කෙල්ලෝ තමා අපට නිවං යන්න දෙන්නේ නැත්තේ.

@සරත් ලංකාප්‍රිය :
සහතික ඇත්ත !!

මධුරංග said...

@අනූ :
අම්බෝ මෙයාටත් තියෙන ප්‍රශ්න !!
ධනූ ගැන නම් මම් උඩ කමෙන්ට් වලින් කියලා තියෙනවා නංගි.

@Observer :
අනිවාර්යෙන්ම !!
මාමා දැන් ඔසී ආවද ? නැත්නම් තාම ලංකාවේ ද ?

@ක්සැන්ඩර් | Xander :
ධනූ යාළුවෙකි.

රැඩියා said...

නොනිමි සසර කතර !

අසරණයා said...

ධනු මොකද මධූ මොකද?

~~තරූගේ ලෝකය~~ said...

සෑහෙන්න ලස්සනයි.....

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.