දැන් මේකයි කතාව !
යාළුවෝ තුන් දෙනෙක් කෑම කන්න කඩේකට ගියා ලු. ගිහින් හොදටම කාලා වේටර් ට බිල ගේන්ඩ කිව්වා ලු.වේටර් බිල ගෙනාවලු. ගාන රුපියල් 25යි ලූ !!!
එක්කෙනා රුපියල් 10 ගානේ රුපියල් තිහක් බිල ගෙනාපු දීසියට දැම්මා ලු.වේටර් ඒ බිලත් එක්ක සල්ලි අරගෙන ගිහින් ඉතුරු සල්ලි ගෙනාවලු.
කවුරුත් දන්නවා නේ ඉතුරු රුපියල් 5ක් කියලා. මේ ඉතුරු සල්ලි රුපියල් පහ ගෙනාවේ රුපියලේ කාසි 5කින් ලූ. ඉතින් මේ ඉතුරු සල්ලි වලින් වේටර්ට රුපියල් 2ක් දුන්නලු ටිප් එක විදිහට. තව රුපියල් 3ක් ඉතුරුයි නේ. අන්න ඒ රුපියල් තුන, රුපියල ගානේ තුන් දෙනා බෙදා ගත්තා ලු.
එකෙක් රුපියල් 10ක් දාලා ආයෙම රුපියලක් ගත්තා. එතකොට එකෙක්ට කෑමට ගාන වෙන්නේ රුපියල් 9යි !!! හරි නේ ??
එකෙක්ගේ කෑමට ගාන = රු. 9
තුන්දෙනාටම = රු. 9 x 3 = රු. 27
වේටර්ට දීපු ටිප් එක = රු. 2
එකතුව = රු. 27 + රු. 2 = රු. 29
කෝ ඉතුරු රුපියල ???
මේක වෙන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. ඔන්න මම නම් දන්නේ නෑ.
----------------------------------------------------------------------
ප.ලි. - මේක හිතන්න ගියොත් මගේ රැම් එක ආයෙම ඕවර්ලෝඩ් වෙනවා !
07 May 2012
ඉතුරු රුපියල කෝ ?
Subscribe to:
Post Comments (Atom)
48 දෙනෙක් අදහස් පලකලා .:
ඒ රැපියල මගේ ලග...
ඕක පරන ගැටළුක් නේද බං.. ඒත් මතක නැහැ :(
මම නම් දන්නවා...
ඉතුරු රුපියලක් නෑ අයියා :)
යාළුවෝ 3න් දෙනාගෙන් මුලුමනින්ම වියදම් වුනේ රුපියල් = 9 ගානේ 27 යි
ඒක බෙදුනේ මෙහෙමයි = කඩේට රු 25 + වේටර්ට රු 2 යි
අය මොකටද තව සැරයක් ඒකට වේටර්ට දුන්නු ගාන එකතු කරන්නේ :D ( එතකොට වේටර්ට දුන්නු ගාන දෙසරයක් එකතු වෙනවා )
හරිනේ!!!!!!
ජය!
හා මේක පොඩි ඇස් බැන්දුමක්.
කෑමට ගාන වෙන්නේ රුපියල් 9යි. එහෙම කියනනොට ඒක ඇතුලෙ වේටර්ගෙ ගානත් තියනව. අන්න එතනිනුයි රැවටෙන්නෙ. ඒක ගැන කතා ඇති. ඒත් මලයෝ මගේ පුරස්නෙ රුපියල් විසි පහෙන් කොහොමද හොදටම කන්නෙ. බන්දුල මහත්තය තාත්තගෙ කකුලෙ හිටිය කාලෙ සිද්ධියක් වෙන්ටෝන මේක අනිවාර්යෙන්.
තුන් දෙනාට රු 27 වෙලා තියෙන්නෙ වේටර්ට දීපු ගානත් එක්කනෙ බන්...
එතකොට වේටර්ට දීපු ගානත් එක්ක කෑමට රු. 27
රුපියල ගානෙ තුන් දෙනා බෙදාගත්තු රු. 3
එකතුව 30
උඩින් උත්තර දීලනේ..... ඒක නෙමේ අයියා මේ කොයි දශකෙද?? පාන් 3.50 කාලේ වෙන්නැති මයෙ හිතේ
ඕකෙ මහ දෙයක් නෑ නෙ මල්ලි...කලින්ම උත්තර ලැබිලා නිසා මං සද්ද නැතුව ඉන්නවා ඔන්න...:D
මේක ගාන පටලවලයි තියෙන්නෙ අර චූටි පුතා කියපු එක හරි
මෙතන තියෙන්නෙ පොඩි ගණිතමය විජ්ජාවක්. ඇත්තම කිව්වොත් රුපියලක් ඉතුරු නැහැ. මේ ගුටලුවේ ස්වභාවය එයයි කියල මට හිතෙන්නේ.
හැබෑටම මේ කඩේ කොහෙද තියෙන්නේ? තුන්දෙනෙකේ ගිහින් රුපියල් 27 කට කන්න පුළුවන් තැනක්.?
ඒක තමා මේක...මේ තියෙන්නේ
මචන් උබට ඕනම නම් මම රුපියලක් දෙන්නම්.මට ඔය කඩේ තියන තැන පොඩ්ඩක් කියපන්..! ජය...!
හරි උත්තරේ දීල තියෙන්නේ. නැත්නම් ඉතින් දන්නවා නේ. වෙන එකක් දෙන්න බලන්න..
ඒ රුපියල පා වෙලා... :)
මුලින් එක පාරම මටත් හිතා ගන්න බැරි උනා.. පල්ලෙහා කමෙන්ට් හොරෙන් බැළුවා...
ආ....උඩ උත්තර හම්බ වෙලා තියනවනේ...
මම නම් මුලින්ම 30න් 25 ක් අඩු කරල ඊගාවට වේටර්ගෙ ගාන අඩු කලා...:)
ඇහ්...හපොයි දෙයියනේ......මදුරු කොයිල් අප්ප.....
//කෝ ඉතුරු රුපියල ???//
ඇයි ඔයා අර අනික් අය අහක බලන කල් ඉඳලා සාක්කුවේ දාගත්තේ!!! :D:D:D
උඹටත් මේ ඔනි නැති මගුලක් නැ රුපියල සාක්කුවෙ දාගෙන වර අනික් දවසෙ.. නිකං මංගුල් හිතන්නෙ :D
අයියෝ ඔච්චර පොඩි රැම් එකක් තියාගෙනද ඔයා ඉංජිනේරු ඩිග්‍රියක් කලේ!!!
නැත්නම් රස්සාවට ගිය මේ මාස දෙක තුනට මේ වගේ පොඩි ගාණක්වත් ප්‍රොසෙස් කරගන්න බැරි විදිහට රැම් එක පොඩි වුනාද?
එන පොට නම් හොඳ නෑ මලේ..!! ;)
හික්ස්.. අපෝ මම නම් උත්තරේ දැනගෙන හිටියා.. උඩ කමෙන්ට් වල කියලා තියෙන නිසා ඉතින් මම කියලා වැඩක් නෑ නේ, නේද අයියේ.. හී හී
හරි උත්තර උඩින් හම්බෙලා තියෙන්නෙ ඔය..:D
මේ කන්ඩ ගිය ගාන වෙන්ඩ බෑ.මම හිතන්නෙ නිකං ඉඳං හිටියට කඩේ ගාස්තුව වෙන්ඩැති.
මේ ප්‍රහේලිකාව මං පොඩි කාලේ දැක්කේ ආච්චීගේ පෙට්ටගමේ තිබුණු පරණ රසවාහිනී සඟරාවක තිබිලායි.
ඔය වගේ යාළුවෝ එක්ක කඩෙන් කාලා බිල බෙදාගත්තු හැටි ගැන මං කතන්දරයක් ලියපු වෙලේ කවුදෝ ඇනෝ කෙනෙක් මාව අතුරුපසට කන්න ආවා.
Uththrea labila nea mn mukuth nokiyaa innam... :D :D
~~~**Daga Malla**~~~
කෑමට දාපු මුළු මුදල = 10*3 =30
වේටර් කොලුවා ගත්ත ටිප් එක +
කෑමට ගිය සත්‍ය වියදම = 25+2=27
ඉතුරු ගාන = 30-27 =3
දැන් හරිනේ, කට්ටිය බෙදාගත්තේ ඔය රුපියල් තුන තමයි.
යාලුවො තුන් දෙනාට ගිය ගණන රු 27 යි 9x 3 ගණනෙ ගත්තොත්. වේටර් ගෙ 2 යි ඉතුරු රුපියල් 3 යි එකතු වුණාම තිහයි. ඔයා ඕවා හිතට ගන්න එපා. උන් රුපියල් 9 කට බඩ පිරෙන්න කාපු එක ගැන අපි සතුටු වෙමු. ඔක්කොටම වඩා වේටර් රුපියල් 2 ටිප් එක දමල ගහපු නැති එකයි ආශ්චර්ය...
කස්ටිය දැම්මා 10 + 10 + 10 = 30
අරූ රුපියල් 5 ක් ගෙනවා
එතකොට
30 - 25 = 5 හරි
5 - 2 ක් වේටර්ට
3 ක් ඉතුරයිලු... ඒක තුන්දෙනා බෙදාගත්තලු..
ඉතිං ඉතුරු වෙන්නේ කොහොමද යකෝ.. ඔතන අවුල වෙලා තියෙන්නේ මොනාද කෑවේ.. කාපු ඒවල එකින් එක ගාන කීයද කියල මං හිතන්නේ.. මංඤ්ඤං වෙනවනේ ඕයි!!
dan 3n dennek ekka gihin kohomada ban kadekin Rs. 25 kala eliyata anne puluwannam 1ka kiyanna ahema unoth rupiyalata nemei rupiyal 30tama wechcha de kiyannamkooo
මචන් සුපියල් 27 වෙන්නේ කෑම + ටිප් එකනේ, ඉතින් ආයේ මොකටද සුපියල් 2 ක් එකතු කරන්නේ ???
එක නෙමේ කොහෙද බන් ඔය කියන හෝටලේ තියෙන්නේ? තුන්දෙනෙක් කාල රුපියල් 25 ක් ගෙවලා එන්න පුළුවන්? බස් එකට වියදම් කරගෙන ගිහින් දවස ගානේ කාල ආවත් පාඩු නෑ මචන්.
මේක මහ බොරු කතාවක්. නැත්නං මෙහෙම වෙන්නෙ කොහොමද
//ගිහින් හොදටම කාලා වේටර් ට බිල ගේන්ඩ කිව්වා ලු.වේටර් බිල ගෙනාවලු. ගාන රුපියල් 25යි ලූ//
රාජ් සහෝ කිව්ව හින්දා මං කියන්න ඕන නැහැනේ :)
මචං, ඔය කට්ටියම උත්තරේ දන්නා පරණ ගණන් ගැන නොකියා දීපන් හිතාගන්න බැරි අලුත්ම ගානක් කට්ටියටම කල්පනා කර කර ඉන්න. :)))))
තේරෙන්නේ නෑ අප්පා මට ෂෙක් !!!
බන්දුල තුමා ට යොමු කළ යුතු ගැටළුවකි...
mamanam ithin ganan fail
මඩිස්සලේ නිශාන් හරිම උත්තරෙ මුලින්ම දුන්නෙ රාජ් සහෝ නෙමෙයි චූටි පුතා නේ....
ගියපු කඩේ මධුරංගගෙ වෙන්න ඇති. රුපියල් 27 න් කන්න.....
උත්තරෙන් නම් දැන් වැඩක් නෑ... අයියා කියන්නකෝ ඔය කෑම කඩේ තියෙන තැන....
උත්තරේ දෙන්නයි ආවෙ.. කස්ටිය දීලනෙ.. මාත් මොකටද නිකං රැම් පුච්චගන්නෙ නේහ්.. :D
බොන්ඩ වෙනව සෑහෙන්ඩ මේ ප්‍රහේළිකාව විසඳන්න නං :-))
ඔන්න අපි බොමු ඔබා මාමෙ..
මේ ඔය කොයි පැත්තෙ කඩයක්ද????වහාම ඒ පැත්තෙන බෝඩිමක් හොයා ගන්න ඕනි...
හෆ්ෆා වෙලෙකට පරක්කු වෙලා එන එකත් වටිනවා. පෝස්ට් එක කියවල කමෙන්ට් වලින් උත්තර හොයා ගන්න පුලුවන් නෙ එතකොට දිගට හරහට කල්පනා නොකර.. එහෙමවත් හිතල හිතා හදාගමු ඉතින් පරක්කු වීම ගැන..
මං දන්නවා හැබැයි කියන්නේ නෑ...
ඕක ඊ කාලේ ඉඳං අපි උත්තර හොයන ගැටළුවක්. මට මතකයි අපේ ගණන් ටීචර් ටත් ඔය ගැටලුව දීලා ටිච ව අපි ඔල්මොරොන්දම් කළා :පි
දැං සතියකටත් වඩා වැඩියි. කෝ උත්තරේ දාන්නෙ නැද්ද...
කට්ටිය උත්තරේ දීල තියෙන්නේ කොහොම හරි හතර වටේ ප්‍රශ්නේ කරකවලා ඔලු විකාර කරන්න දීලා තියෙන්නේ...:D
වෙසක් පෝය දවසේ පන්සලට ගිය වෙලාවේ පොඩි හාමුදුරුවොත් ඕක ඇහුවා. කාටවත් උත්තරයක් නම් දීගන්න බැරිවුණා
කමෙන්ට් එකක් දාලම යමුද ??
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.