මීට මාසෙකට උඩදි මගේ කොම්පීතරේ කැඩිලා හදන්න දුන්නා. ඒ කරලා ඕන් නම් වැඩිම උනොත් සති දෙකක් හොදට වැඩ කරන්න ඇති. ඕං දැන් ආයෙමත් ලෙඩක් ඇවිදින්. දැන් තියෙන්නේ කොම්පීතරේ ඔන් කරලා ටික වෙලාවකින් කොටු කොටු වැටෙනවා.
මම් ආයෙමත් කොම්පීතරේ ඕෆ් කරලා ඔන් කලාම අර විදිහටම ටික වෙලාවක් හොඳට වැඩ කරලා ඊට පස්සේ කොටු කොටු පේන්ඩ ගන්නවා. මට පෙනුන විදිහට මෙදාපාර VGA කාඩ් එකේ ප්‍රශ්නයක් වෙන්ඩ ඇති කියලා කොම්පියුටර් කඩේකට දුන්නා හදන්නෙයි කියලා.
ඔය ප්‍රශ්නේ නිසා මේ ටිකේම බ්ලොග් කියවන්ඩ එන්ඩ බැරි උනා.
මේ අල්ල පනල්ලේ තමා අපේ ඔබා මාමත් අන්ත්‍රා වෙලා කියලා දැනගන්ඩ ලැබුනේ. ඒ ආරංචිය දැන ගත්තෙත් කිරිපුතා මල්ලි දීපු කෝල් එහෙකින්.
ඊට පහුවෙනිදා මම් වැඩට යනකොට මගේ ඩොංගල් එකත් අරගෙනම ගියා. බ්ලොග් වල මේ පිළිබඳ තියෙන ආරංචි මොනවද කියලා බලන්ඩ. ඊට පස්සේ තමා සම්පූර්ණ විස්තරේ දැනගත්තේ. මොනා උනත් ඔබා මාමා කියලා කියන්නේ ආදරනීය මනුස්සයෙක් !
ඔබා මාමට නිවන් සුව අත්වේවා !
ඉක්මනින්ම කොම්පීතරේ හදාගෙන බ්ලොග් කියවන්ඩ එන්නම්.
ජය වේවා !!!
රැඳි සිටියාට ස්තුතියි.
18 May 2012
ආයෙත් ලෙඩක්
Subscribe to:
Post Comments (Atom)
34 දෙනෙක් අදහස් පලකලා .:
සිංහල බ්ලොග් කරන්න මම පටන් ගත්තේ අදමයි ඔබාමාමා ගැන මම නම් දන්නේ නෑ මම එන්නත් කලින් ඔහු ගිහින් ...හැමෝම කියන දේවල වලින් තමා මම ඔහු ගැන දැනගත්තේ.. හැමෝගෙම ආදරය දිනාගන්න ඔහු සැබැම ආදරනීය මනුස්සයෙක් වෙන්න ඇති ඕබාමමේ ඔබට නිවන් සුව!!!!
පුළුවන් කෙනෙක් ඉන්නවනම් මගෙ බෝලොක්කෙටත් ඇවිත් යන්න
http://emptyaaa.blogspot.com/
//දැන් තියෙන්නේ කොම්පීතරේ ඔන් කරලා ටික වෙලාවකින් කොටු කොටු වැටෙනවා.//
මාර නරක කම්පියුටර් එකක්. ඔයාට බලන්ට හොඳ නැති ඒවා තියන හන්දා කොටු, කොටු වැටෙනවා ඇති. :D:D:D
ඉක්මනින් එන්න අයියෝ........
ayyaa aluth lap top ekak gatthanam mokada.oka kadila wage neda.
කොම්පීතරේ කොටු කොටු වැටෙන්නෙ ඒකෙ අසභ්‍ය දේවල් ඇති, එහෙම නැත්නම් අරක්කු සිගරට් බොන ඒවා ඇති. ඒවා අයින් කරල බලන්නකො, හරි යයි
"ඔන් කරලා ටික වෙලාවකින් කොටු කොටු වැටෙනවා." ඕක තමා කියන්නෙ... හොඳ ළමයෙක් වෙන්න කියලා...
මොනා උනත් හොඳ කොම්පීතරයක්...
ඉක්මනට ආපහු ලියන්න.. :)
හෆ්ෆා.. අයියාගෙ කොම්පීතරේ අර පොඩි කුමාරිහාමි අක්කා කිව්වා වගේ නරකයිද දන්නෙ නෑ..;) කොටු වැටෙන්නෙ..හික්ස්ස්...
ඉක්මණට හදාගෙන අඅයෙත් බ්ලොග් කියවන්න, ලියන්න එන්න අයියෙ!!
යටින් වැටෙන්නෙ නැද්ද "දුම් පානය පිළිකා ඇතිවීමට හේතුවක්", මෙවන් දර්ශන මත්පැන් දුම්කොල සමාගම් විසින් මුදල් ගෙව එක්කරන බවට සාක්ෂි ඇත"... වගේ දේවල්?
නිකංම කොටු වැටෙනවනම් ඉතින් හාඩ් එකේ හයිඩ් කරල තියන 40GB විතර ලොකු ෆයිල් ටික මැකුවම හරි.
කම්පියුටර් එකේ ටිකක් වෙලා යනකොට කොටු කොටු වැටෙන්න හේතු කිපයක්ම තියෙනව ඔයකියපු විදියටනම් වී.ජී.එ කාඩ් එක රත් වෙනකොට තමයි ඔය ලෙඩෙ එන්නෙ
1)වී.ජී.ඒ කාඩ් එකේ දුවිලි රැඳුන විට (වී.ජී.එ කාඩ් එකෙ හිට් සින්ක් එක ගලවලා සී.එන් 20 කියන ස්ප්‍රේ එකක් අරන් පිරිසිදුකරන්න-සී.එන් 20 පිට කොටුවෙ ඉලෙක්ට්‍රොනික් ෂොප් වල ඔනතරම් තියෙනව)
2)වී.ජී.එ කාඩ් එක සොකට් එකට සෙට් වන ටමිනල් හොඳ මකනයකින් පිරිසිදුකරන්න
3)එයා හොට් ගන් එකක් තියෙනවනම් සොල්ඩරින් ෆලක්ස් ගාලා හොට් කරන්න-හොට් කලවිට ඊයම් උනුවී බුරුල්වුනු උපාංග නැවත සවිවේ
4)රැම් කාඩ් එකත් මකනයකින් පිරිසිඳු කරන්න
5)මදර් බොඩ් එකත් සී.එන් 20 වලින් පිරිසිඳු කරන්න, කාඩ් ස්ලොට් වලටත් ස්ප්‍රේ කරන්න
6)වී.ජී.එ කාඩ් එකේ හීට් සින්ක් එකෙ දුවිලි පිරිසිදු කරන්න සී.එන් 40 හීට් සින්ක් ෆැන් එකට ස්ප්‍රේ කරන්න.
7)වී.ජී.එ හිට් සින්ක් එක පිරිසිදු කර නැවත සවිකරන විට හිට් සින්ක් කම්පවුන් තවරන්න.
# මෙම එක ක්‍රමයකින්වත් හරි ගියෙනැතිනම් වී.ජී.එ කාඩ් එකේ හො රැම් එකෙ දොෂයක් ඇති බැවින් අදාල උපාංගය මාරු කරන්න.
## සී.එන් 20 ස්ප්‍රේ එක ශනිකවම වාශ්ප ශිලි ද්‍රවයකි,සී.එන් 40 ඔයිල් සහිත වාශ්ප නොවන ද්‍රවයකි, එමනිසා ස්ප්‍රේ කරනවිට සී.එන්20 හා සී.එන්40 මාරු කර ගන්න එපා...
*** ඔය වැඩ 7න් එකකට හෝ වැඩ කරන්නෙ නැතිනම් ඔයාගෙ කම්පියුටරයෙ අසභ්‍ය විඩියො දර්ශන හො දුම් වැටි, මද්‍යසාර දර්ශන ඇති එකයි ඔය කොටු කොටු වැටෙන්නෙ.... හි හි හික්....
ඔයා මොනවද අනේ කොම්පීතරේ බලන්නෙ ඒක හිතලම කොටු කොටු වට්ටන්න තරම්... :D
කොටු කොටු :පි
අයියෝ සල්ලි :)
මූ ජරා ඒව බලල කොටු වැටෙන්නේ.. මූ පොඩි එකානේ..
සරමක් අස්සෙන් බලපං.. (රෙදි කෑල්ලක්) එතකොට පේනවලු..
:)
වී.ජී.ඒ අවුලක් නේද ?
කොටු කොටු ..ළමය හොඳ ළමයෙක් කරන්න හිතිලා
කොම්පීතර් අයියව නරක වැඩ බලන්න පාවිච්චි කරල.....එයාටම එපා වෙලා නිසයි කොටු කොටු දෙන්නෙ..සාදු සාදු සාදු.....!!!..:D:D
ඉක්මනට ලෙඩේ හොඳ කරගන්න
අයියෝ මධු මල්ලිටමයි මේවත් වෙන්නෙ..;)
මධුරංග අයියා ඕන නැති ඒවා බලනවා ඇති.. ඒකයි කොටු කොටු වැටෙන්නේ.. :)
ඔය kushi කියපු ක්‍රම හරිගියේ නැති නං වින්චැට් කිරීල්ලියෙක් හොයා ගන්න. මං කරන්න ඉන්නේ ඒකයි!
http://kathandara.blogspot.com.au/2012/05/introducing-new-blog.html
ඕක ඔන් කරපු ගමන් මොනව හරි නරක දෙයක් පෙන්නනව ඇති. නිතියෙන් තහනම් කරපු අරක්කු සිගරට් දැන්විම් පෙන්නනව ඇති. බලාගෙන පරිස්සමින් ඕව එහෙම බලන්නඑපා.
හරිම සංවේදී කොම්පීතරයක්... ඔක්කොටම කලින් ඒකේ තිබුණ අභ්‍යාස දේවල් ටික මකලා ආයෙත් ඔන් කළා නම් හරියන්නත් තිබුණා..
ඕනම වෙලාවකනේ මේක කැඩිලා තියෙන්නේ .
කාඩ් එක ඕවර් හීට් වෙනවා. ඒකයි දෝෂය. කුෂි කිව්ව දේ කරලා බලන්න. ඒ එක්කම අමතර කූලින් ෆෑන් එකක් හයිකරන්න තියන හැකියාව ගැන හොයල බලන්න.
ඉක්මණින් නැවත එන්න
ඉක්මනට එන්ඩෝ............
උබ කම්පීතරේට රැඟුම් පාලක මණ්ඩලේ මොකක් හරි සම්බන්දයක් තියනවද?
ඔටෝ ෆිල්ටෙර් සිස්ටෙම් එකක් නේ තියෙන්නේ.එකයි කොටු කොටු වැටෙන්නේ.
අයියට නෝටි ඒවා බලන්න එපා කියලා කොම්පීතරෙන් මැසේජ් එකක් ඇවිත්....:)))
අනේ මලයෝ ඔය කොම්පිතරේ ට තොවිලයක් වත් නටුවනම් හොඳ නැද්ද?
කොටු කොටු??.. චීයා!!..
අනේ මධුරංගටත් වෙන දේවල්....
Everything is very open with a really clear description of the issues.
It was definitely informative. Your site is extremely helpful.
Many thanks for sharing!
My weblog : click for info
කමෙන්ට් එකක් දාලම යමුද ??
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.