ආදරය අංශු මාත්‍රයක්
නොදැන සිටි
මට......
මගේ සිතට.....
කුලුදුල් හැගුමක් රැගෙන....
පිපුනා නුඹ...
සුදෝ සුදු තඹරු විලක් මැද...
තොරතෝංචියක් නැතිව දොඩන
ඔබේ ඔය දෙතොල් අග...
පිටු අතරින් පාවී ගිහින්....
නැවතුනේ මගේ ඇස...
නුඹේ ඔය සිනහව ලග
අනේ ඒ මුදු කුසුම
නෙලන්නට හිතෙයි මට.....
ඒත්..........
හිත ගැහෙයි
වරම් නැත මට ....
ලියන්නට
අසම්මත පෙම් කවිය
ඔබයි මගේ
ගුරුතුමිය....
දඟකාර දෑස් ලඟ
ReplyDeleteශෛලමය මගේ හිත
නිසසලව තිබුණි නම්
මේ තරම් දුකක් නෑ
අපේ එක වසරේ මිස් කොහේ ඉන්නවද දන්නේ නෑ....මට පල වෙනියටම පාරක් දුන්නේ එයා තමා....හික්...වලියක් දාගෙන
ReplyDeleteඅසම්මත එක් පෙම් කවියක්
ReplyDeleteආසයි නුඹ නමින් තනනන්ට..
හිත රිදේ දැයි නුඹේ...
හිත තරවටු වේදැයි..
නොදැන අසම්මතේ ආ ..
පෙම් කවිය...
හද තුලේ වලලා ගමි...
මන්ද යත්..
නුඹයි මගේ ..
ආදර ගුරුවරිය ...
:)
@පිණිබිඳු... :
ReplyDeleteඅනේ මන්දා මොනාවත් හිතා ගන්න බෑ :)
@රත්ගමයා :
ReplyDeleteමේකාට දැන් තමයි දෙන්න ඕන කරන කුප්ප වැඩ වලට.... ඉකේයියා !!!
@නිම්ශා :
ReplyDeleteබොහොම ස්තුතියි කවි වලට !!!!
අඩේ මෙයත් ලියනවද?මම අදනෙ දන්නෙ.නියමයිනෙ.ඔය වගේ සිද්දියක මගේ යාලුවෙක්ටත් උනා :))
ReplyDelete@සීතල අයියා :
ReplyDeleteමේකත් අපේ යාලුවෙකුට වෙච්ච සිද්ධියක්. මමත් ලියන්න කියලා ආවා. පොඩි කාලේ ඉදන්ම තිබ්බ ආසාවනේ. ඒ උනාට බ්ලොග් ගැන දන්නේ මාස හයකට විතර උඩදි.
අනේ මන්දා මොනව කියන්නද කියලා.කවිය ලස්සනයි
ReplyDelete@ප්‍රාර්ථනා :
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රර්තනා.
ප්‍රර්තනාවත් මගේ බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා.
මල කෙලියයි, මේ ටීචර් ගැනද කිව්වෙ? කවිය නම් පට්ටයි, ඒත් දුකයි. ඕක ඉතින් හරියන වැඩක් නෙමෙයිනෙ.
ReplyDeleteපරණ බ්ලොග් පිටු අස්සේ එහෙ මෙහේ ඉබිකම් කරනකොට ලස්සන පද වැලක් දැක්කා..ඉතින් හිතුනා අහන්න එච්චර ලස්සන කවි ලිව්ව ඔයා ඇයි යාලු දැන් පබදින්නේ නැත්තේ කියලා...ඔන්න මේ කමෙන්ට් එක දැක්කොත් ආරාධනාව බාර අරන් කවියක් ලියන්නකෝ...
ReplyDelete