29 March 2011
ගෙදර යන අතරමග
මේ දවස්ටිකේ අනිත් අය ලියපු බ්ලොග් සටහන් කියව කියවා හිටියා මිසක් මුකුත් ලියන්න කියලා දෙයක් තිබුනේ නෑ. පහුගිය දවස් ටිකේ විභාගයට පාඩම් කරලා විභාගේ ලියලා ඉවර වෙලා මාසෙකට විතර පස්සේ සති අන්තයේ ගෙදර ගිහින් එන්න කියලා ගියා.දවල්ට කැන්ටිමෙන් දවල්ට කාලා බෑග් එකත් අරගෙන පේරාදෙණි ස්ටේශන් එකට ආවා. ආවට පස්සේ තමයි හිතුනේ ආපු මෝඩකම කියලා. උඩරට මැණිකේ කෝච්චිය පැය දෙකක් ප්‍රමාදයි කියලා නිවේදනය කලා.
ඊට පස්සේ මුළු දුම්රිය දෙපාර්තුමේන්තුවම මතක් කර කර ආයේ පාරට එන්න හදනකොටම ස්ටේශන් එකේ එක පැත්තක මිනිස්සු ගොඩක් වටවෙලා හිටියා. මමත් පොඩ්ඩක් එබිකම් කරලා බැලුවා. අපොයි...... ගෑනු කෙනෙක්, නුවර ඉදලා ආපු කෝච්චියට පැනලා දිවි නහගෙන.සංසරේ එපා උනා. මිනියක් කියලා ගන්න දෙයක් නෑ. මේ මිනිස්සු මොකට දිවි නහ ගන්න හදනවද මංදා. ඒ ගෑනු කෙනා නුවර ඉස්පිරිතාලේ ඇටන්ඩන්ට් කෙනෙක් ලු.
ප්‍රශ්න කියන දේ මනුස්ස කාටත් පොදු දෙයක්. එහෙව් එකේ රේල් පීලී අතර ජීවිතය තියලා ඒ ප්‍රශ්න විසදගන්න හදන එක නම් මහම මහ මෝඩ කමක්. මොන ප්‍රශ්නේ තිබ්බත් ඒවා විසදගෙන ජීවත් වෙන එක තමයි කරන්න ඕනේ. ඒ ඇරෙන්න මෙහෙම දේවල් කරගන්න හිතන්නවත් හොද නෑ. මේකෙන් වෙන්නේ තියෙන ප්‍රශ්න විසදෙන එකට වඩා තව තවත් ප්‍රශ්න දිග්ගැස්සෙන එක.
එහෙම හිත හිත පාරට ආවා.
පැය භාගයක් විතර පාරට වෙලා බලාගෙන ඉදලා අන්තිමේ දි වැලිමඩ බස් එකක් ආවා. මමත් ඉක්මනට ඒකට ගොඩ උනා. මොකද ඒකේ ගියොත් ඉක්මනට යාගන්න පුලුවන් නේ.බස් එකට නැග්ග ගමන්ම සීට් එකක් ලැබුනා. ඒකේ වාඩි වෙලා නින්දකුත් දාගෙන ඉන්නකොට කොන්දොස්තර ඇවිත් ටිකට් ගන්න කියලා කෑගහන්න පටන් ගත්තා. මමත් බහින්න ඕන තැන කියලා ටිකට් එකක් දෙන්න කිව්වා. එක පාරටම රුපියල් එකසිය හතලිස් අටක ටිකට් එකක් ලියලා දුන්නේ නැතෑ.
ටිකට් එක අතට ගත්ත ගමන් මට තරු පෙනුනා. මොකද මගේ සන්තකේටම තිබුනේ රුපියල් එකසිය දහයයි. වෙනදට ඔය දුරම මම රුපියල් සියයකින් යන හන්දා මම හිතුවේ කොන්දා අයියට ගාන වැරදිලා කියලා.
පස්සෙ මම ගාන වැරදියි නේද අයියේ කියලා අහපු ගමන් මේකා කියපි " මේක සෙමියක් ඒ නිසයි ඔය ගාන ගන්නේ" කියලා පස්සෙ තමයි කරපු මෝඩකම තේරුනේ. බස් එකට නගින්න කලින් සෙමියක්ද නෝමල් එකක්ද කියලා බලන්නේ නැතුවනේ ගොඩ වෙලා තියෙන්නේ.මම මගින් බැහැලා යන්න හදද්දි ටිකට් එක ලියලා හින්දා බහින්න දුන්නෙත් නෑ. බැනුම් ගොඩක් අහගෙනම ගේ ලගින්ම බැහැ ගත්තා.ගෙදර යනවා කියන එකත් හිතන තරම් ලේසි නෑ කියලා එදා මට හිතුනා.
ගෙදර ගියාමත් අර කෝච්චියට පැනලා දිවි නහ ගත්ත නුවර හොස්පිට්ල් එකේ ඇටන්ඩන්ට් ව මතක් වෙලා ඇගේ හී ගඩු පිපෙන්න ගත්තා. ඉස්සර පංති යනකාලේත් ඔහොම දේවල් දැකලා තිබුනට මේ සිද්ධියෙන් මට මාරම කම්පනයක් තිබ්බේ. ඔයවගේ මට මතක තව සිද්ධියක් මම උසස්පෙල කරන කාලේත් උනා. ඒකනම් සිද්ධ උනේ රේල් ගේට්ටුව වහලා තියෙද්දී හදිස්සියට රේල් පාර මාරු වෙන්න ගියපු වෙලාවක. එක විනාඩියක් ඇතුලත ඒ මනුස්සයාගේ ජීවිතය නැති උනා. ඒ වගේම ඒ මනුස්සයාගේ දරුවන්ට තාත්තෙක් නැති උනා. මේ පෝස්ට් එක කියවන ඔයාලාත් කවදාවත් හදිස්සියට මේවගේ දේවල් කරන්න යන්න එපා. විනාඩියක ප්‍රමාදයක් වලක්වාගන්න ගිහින් ඒ මනුස්සයාට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධ උනා.
ප.ලි. - ගොඩ දවසකට පස්සේ ඇවිත් එපාමකරපු පෝස්ට් එකක් දැම්මයි කියලා දොස් කියන්න එහෙම එපා හොදේ.
සංකල්පනා RSS සබැඳිය :
Post Comments (Atom)
මිනිස් ජීවිතයක් ලැබෙන එක කණ කැස්බෑවා විය ගහේ සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ දෙයක්ලුනේ, එහෙම ජීවිතයක් ලබාගෙනත් මිනිස්සු කරන මෝඩ වැඩ දැක්කම හිතෙනවා මුන් මොකට මිනිස්සු වෙලා ඉපදුනාද කියලා!
ReplyDeleteමට නම් කවදාවත් කෝච්චියට පනින්න හිතිලා නෑ ඒත් දවසක් නුගේගොඩදි, පන්ති යන්න ඉස්කෝලේ ඉඳන් ඇවිල්ල බස් එකෙන් නිදි මතේ බැස්සේ නිදිමතේම රේල් ගේට්ටුව හරහත් ගියේ,පස්සේ රේල් ගේට්ටුව හරහා ගිහින් එහා පැත්තට උනාම මිනිස්සු කෑ ගහන සද්දෙට තමයි බැලුවේ මම කෝච්චියට යට නොවී බේරිලා තියෙන්නේ අනූනවයෙන්. එතකොට තමයි මට හරියටම ඇහැරුනේ එතන තවත් හිටියොත් මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙන හින්දා මම රොටරිය ඇතුලට යනකන්ම දිව්වා..
ReplyDeleteමම එක දවසක් දක්ක ඉස්කොලෙ යන පිරිමි ළමයෙක් කොච්ච්යට යට වෙලා ඉන්නවා වැල්ලවත්ත ස්ටේෂන් එකෙ හරියෙදි. පිරිමි ළමයි ටිකක් ඒ හරියෙ බෝල ගගහ ඉඳලා බෝලෙ රේල් පාරට ගිහින්. ඒක ගන්න ඒ ළමයා රේල් පාරට බැහැලා ස්ටේෂන් එකේ ප්ලැට් ෆෝම් එකෙන් පල්ලෙහට. පස්සෙයි දැකලා තියෙන්නෙ කෝච්චිය එනවා කියලා. ඒත් හදිස්සියට නැගගන්න බැරි වෙලා. පව් දෙයියනේ ඒක නම් කරුමෙ තමා
ReplyDeleteඅනේ මංදා අයියා.. කෙනෙක්ට ජීවිතේ එපා වෙනවා කියන දේ ලේසි නෑ.. අපි අපිට ගොඩාක් ආදරෙ නේ.. කෙනෙක්ට මැරෙන්නම හිතෙනවා කියන්නේ එයාට මේ ලෝකෙ ජීවත් වෙන එක ඒ තරම්ම තිත්ත වෙලා.. මට නං හිතෙන්නේ ඔය ඩාවින් කිවුව දේ තමා,ජීවිතේදී අපිට මුහුණදෙන්න වෙන අභියෝග වලට මූන දෙන්න බැරි අය ස්වාභාවයෙන්ම වරණයට ලක් වෙනවා.. උචිතයෝ ඉතිරි වෙනවා..
ReplyDeleteමේ පෝස්ට් එක උඩින් බැලුවම ගතියක් තියෙනවා...
ReplyDeleteඒත් යටින් බැලුවම හැම එකාගෙම ජීවිත කතාව පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා...
කෝච්චි,බස්,මරන,ආදරය,ගෙදර,නිවාඩුව,,,,,,,,,,,,
තව මොනවද........
ජීවිතේ එපාවීම හරිම සංකීර්ණ දෙයක්. නූගත්කම, සමාජීය අද්දැකීම් දුලබ වීම, ආර්ථික අසරණකම්, මෙතෙක් කල් ජීවිතය ජීවිතයට අල්ලල බැඳල තියාගනිපු විශ්වාසයන් ගිලිහීම වගේ එකී මෙකී නොකී කාරණා සෑහෙන්න බලපානව කියලයි මටනම් හිතෙන්නෙ. කොහොම උනත් ආගමික දැක්මකින් තොරව බැළුවොත් දුර්වලයා සමාජයෙන් ඉවත්වීම තමයි මෙතනත් සිද්ධවෙන්නෙ. ඒත් අපි හැමෝම යම්කිසි දැක්මක් මත ඉඳල තමයි හැම සිද්ධියක්ම නිරීක්ෂණය කරන්නෙ, අර්ථ දක්වන්නෙ. ඒක නිසා මොනම හේතුවකට උනත් මිනිස් ජීවිතයක් නැති නාස්තිවෙලා යන එක අපරාදයක්.
ReplyDeleteප්‍රශ්නවලට මුහුනදෙන්න ආත්මශක්තියක් නැතිකමයි ඕකට හේතුව.මම අහලා තියෙනවා අපේ ආච්චි කියනවා සියදිවි හානි කරගත්තොතින් ආපහු මනුස්ස ආත්මයක් ලැබෙන්නේ නෑ කියලා.
ReplyDeleteමේක සමාජයේ විවෘතව කතා බහට ලක්වියයුතු මාතෘකාවක්.ඔයා මේකට පුර්විකාවක් දැම්ම එක වටිනවා.
ම්ට දවසක් හම්බ උනා කෝච්චියට පනින්න කියල ආපු මුස්ලිම් කෙල්ලෙක්ව.එයා සිංහල මිනිහෙක්ව තමා බැඳල තිබුනෙ.කෙල්ලට වයස 25යි.ෆ්ලැට් ෆෝම් එකේ බංකුවක ඉඳගෙන ඉන්නකොට කෙල්ල ටිකක් හැඩ නිසා මම ටෝක් කලා.බැලින්නම් මේකි ඇවිත් තියෙන්නෙ කෝච්චියට පනින්න.පොඩ්ඩක් කතා කරණකොට තමා බැඳපු බවයි,මුස්ලිම් බවයි දැන ගත්තෙ.මහව එකට තමා පනින්න ඉඳල තියෙන්නෙ.මොකද මිනිහ දැන් සෙට් වෙලා ඉන්න එක්කෙනා වැඩ ඇරිල එන්නෙ ඒකෙලු.කොහොම හරි පැයක් දෙකක් පොර ටෝක් දීල ගෑනිව මරණෙන්නම බේර ගත්තා.හැබැයි පස්සෙ කොච්චර ඇනයක් උනාද කිව්වොත් පෝන් එකේ සිම් එකත් මාරු කරල දැම්මා.
ReplyDeleteහිකිස්.....තව පොඩ්ඩෙන් මට කෝච්චියට පනින්න වෙනවා අපේ ගෙදරට ආරංචි උනානම් එහෙම.
මටත් මේ ලඟදී ඔහොම දෙයක් වුනා. මට අඩි දෙක තුනක් විතර එහාහින් හිටිය නාකි මිනිහෙක් මගේ ඇස් ඉස්සරහම කෝච්චියේ වැදුනා.....කකුල් දෙක ඉවරය්, ඒක දැකලා ලඟ පාත ගිටිය කෙල්ලෝ කලන්තේ දාලා බිම.මටත් ඒක දැකලා පට්ටම අප්පිරියා හිතුනා...
ReplyDeleteමම් අහල තියනවා සියදිවි නසා ගෑනීම ඊලග ආත්මවලටත් පුරුද්දට යන එකක් කියල.අපේ ගෙදර ලග වයසක පිරිමි කෙනෙකුත් වස(ග්‍රෑමොක්සෝන් වගේ සියල්ල නසන එකක්ද කොහෙද) වගයක් අරක්කු බෝතලයක් එක්ක මිශ්‍රකරල බීල මෑරිල තිබ්බ,පුදුම වෑඩේ කියන්නෙ 1/2 කිලෝමීටර් විතර පයින් ගිහින්, බීලා පාරක වෑටිල තියෙන්නෙ.හිතාගන්න බෑ එච්චර දුරක් ගිහිනුත් හිත වෙනස් නොවුනෙ ඇයි කියල.
ReplyDeleteපලි:පුරුද්දක් විදියට ගමනක් යද්දි අතේ සල්ලි කීයක් හරි වෑඩියෙන් අරන් යන්න මතක තියාගන්න.කියන්න බෑනේ අතරමග මොනවා වෙයිද කියලා,මම් නම් පුරුද්දක් විදියට එහෙම කරනව :)
ආ.. මට මතක් වුනේ දවසක් මම ෆෝන් එක කනේ ගහගෙන ගිහින් කෝච්චිය එනවා ඇහුනේ නැතිව මිනිස්සුන්ගේ කෑගැහිල්ලට රේල් පාරෙන් එලියට පැනලා බේරුණ එක.. බැණුම් අහ අහාම මමත් මාරු...
ReplyDeleteමේ ඒක නෙවේ..... ඔබතුමා පේරාදෙණියෙ?? හිහ්.. අෆේ ගමේ... :D
ඇයි බස් එකෙන් බහින්න නොදුන්නේ? මාර වැඩක් නේ! එහෙම නොදුන්නා නම් ඒක නිකං පැහැර ගෙන යාමක් වගේ නේ.
ReplyDeleteමං නං පැමිණිල්ලක් කරනවා.
මමනම් කෝච්චියේ ගිහිං තියෙන්නෙත් එක පාරයි ඒක නිසා මම කෝච්චි අනතුරු කෝචි වලට පැනීම් වගේ දේවල් හැබැහින් දැකලා නෑ . මට එවුව දකින්න ඕනෙත් නෑ
ReplyDeleteබස් එකෙන් බහින්න දුන්නේ නැත්නම් අර කොන්දගේ කන ලෙලදෙන්න දෑත බදලා දෙකක් දෙන්න තිබුනා . !
@ගරායකා :
ReplyDeleteඒක හරි. යකාට උනත් ඒක තෙරෙනවා. නමුත් මේ සමහර නරයන්ට තමයි තේරුම් ගන්ට බැරි.
මනුස්ස ජීවිතයක් ලබන්න මාරම පින් කරලා තියෙන්න ඕනේ. එහෙව් එකේ ඒඉ ජීවිතය නැති කර ගන්න හදන එක නම් මහම මහා පාපයක්. එලොවත් මෙලොවත් දෙකම නැති වෙනවා.
@කැන්ඩි... :
අම්මෝ ඔව් රේල් පාරක යද්දි මාරම පරිස්සමින් යන්න ඕනේ. මට නම් විඩින් විඩේ පිටිපස්ස බැලෙනවා. ඒ තරමට සැකයක් තියෙන්නේ
හොද වෙලාවට අනතුරක් නොවුනේ !!!!
@පිණිබිඳු... :
ඔව් පිණිබිදු සමහර දේවල් වෙන්නේ අසුරු සැනකින් වගේ. හිතාගන්නවත් බෑ මොකද උනේ කියලා.
@ප්‍රාර්ථනා :
ReplyDeleteඒ කතාව නම් ඇත්ත වෙන්න පුලුවන්. වැඩක් නැති අය මේ සමාජයෙන් ඉවත් වෙලා අවශ්‍යම අය ඉතුරු වෙනවා.
නංගි, නමත් වෙනස් කරලා අදුන ගන්නත් අමාරු උනා නෙව.
@රත්ගමයා :
ඒක හරි රත්ගමයෝ අපේ ජීවිත වල දේවල් අඩු වැඩි වශයෙන් චුට්ට චුට්ට තියෙනවා. මේ දේවල් වලින් ඈත් වෙලා අපි කොහොමෙයි ජීවත් වෙන්නේ !!!!
@නවම් :
ඒක හරි අයියා. සමහර වෙලාවට හිතට එන ආවේග පාලනය කර ගන්න බැරුවත් සමහරු දිවි නහ ගන්නවා.
@rajith :
ReplyDeleteඒකත් හේතු වෙනවා දිවි නහ ගන්න එකට. වි වගේම දිවි නහගන්න කෙනෙක්ට හිතෙන්න තව ගොඩක් හේතු බලපානවා. මොකද අපි අපේ ජීවිත වලට ආදරෙයි ඒ නිසා ඒ ජීවිතේ නැති කර ගන්න හිතන්නේවත් නෑ. එහෙම හිතෙන්න හේතු ගොඩක් බලපානවා.
බොහොම ස්තුතියි මගේ බ්ලොග් අඩවියට ආවට !!!!!
@Anonymous :
ජීවිතයක්, මරණයකින් බේර ගන්නවා කියන්නේ පුදුම පිනක්. ඒ අහින් ඇනා මාරම පිනක් කරලා තියෙන්නේ.
එහෙම බේරගන්න ගිය ඇනාටත් පුදුම දේවල් වෙන්නේ. තව පොඩ්ඩෙන් ඇනෙක් නැති වෙන්න තිබ්බා !!!!
@බීටා :
මටත් හෙනම එපා වෙනවා ඔය වගේ කෝච්චි වලට අහුවෙලා මැරෙන කේස් දැක්කම !!!!
@නදී... :
ReplyDeleteඔව් අක්කා එහෙම වෙන්න ඇති. මම අහලා තියෙනවා දිවි නහ ගත්ත අයට එලොවත් නෑ මෙලොවත් නැති වෙනවා කියලා.
අපේ ගෙවල් ලග මාමා කෙනෙක් වහ බීලා මැරුනා. ඒ මනුස්සයාගේ හිතට ආපු ආවේගය කොහොම එකක්ද කියලා කියනවනම් වහ කුප්පිය මූඩියෙන් ගලවන්නේ නෑතුව බෝතලේ යටින් කඩලයි බීලා තියෙන්නේ. පව්....
අක්කගේ ප.ලි - ඉතුරු වෙන්නේ නෑ අක්කා ගෙදර යද්දි. සතියක රෝල අරන් යන්නෙත් හරිම අමාරුවෙන්.
@චතුවා (ළමයා) :
ළමයෙක් උනාම පරිස්සමින් පාරේ යන්න දන්නේ නැද්ද ??? :)
චතුවා පේරාදෙණියේ කොහේද පැනිදෙනියෙද ???
@Kathandara :
නෑ නෑ. ටිකට් එක කඩලා නිසා බහින්න එපා කියලා කිවේ. මමත් ඉතින් මට මොකෝ කියලා වාඩි වෙලා හිටියා.
@හිස් අහස :
අනිවාර්යෙන්ම ඕකගෙ කන අත ගාන්න හිතුනා. ඒත් ටිකක් පාලනය කරගෙන හිටියා.
මට නම් ඔය කෝච්චි අනතුරක් සියැසින් දකින්න හම්බවෙලා නෑ. ඒත් අනිත් වාහන අනතුරු නම් සියැසින් දැකල තියෙනවා. කොහොම වුනත් ජීවිතේ නැති කරගන්න එක නම් මහම මහ මෝඩ වැඩක්. උලත් එකයි පිලත් එකයි, ඕනෙ ජිල් බෝලයක් වෙවා කියල ජීවත් වෙන එක තමා සැප.
ReplyDelete@කුක්කු පැටියා :
ReplyDeleteඅම්මෝ එහෙම දෙයක් දැකලා නැත්නම් ඒක වාසනාවක්. කුක්කු පැටියට උනත් ඒක තේරෙන එකේ සමහරුන්ට තේරෙන්නේ නැතු එක හෙනම පුදුමයි
@මධුරංග නැහැ මම පේරාදෙණිය ටවුන් එකට ළඟ ගන්නෝරුව රෝඩ්.. :D
ReplyDelete@චතුවා (ළමයා) :
ReplyDeleteඑහෙනම් මේ හෙනම ලග ඉන්න ළමයෙක් නේ. වෙලාවක ඒ පත්තේ එන්නත් හිතෙනවා.......
කොයි කැම්පස් එකෙ හිටියත් හැමොගෙම ජීව්ත එක වගේ..අපිත් විභාග කොරල කොරල ඊයෙ අවුරුදු නිවාඩුවට ගෙදර ආව..කොච්චර කළත් හැමදාම ගෙදර එන දවසට අන්තිමට බස් එකට විතරයි අතේ ගාන ඉතුරු වෙන්නෙ අපි හැමොටම..
ReplyDelete@පැන්ඩා :
ReplyDeleteඅපොයි ඔව් පැන්ඩෝ මටත් මේ කෝස් එක දැන් ඇති වෙලා තිය්න්නේ. එග්සෑම් ඉවරෙකුත් නෑ. ලෙක්චර්ස් ඉවරෙකුත් නෑ. ඒ විතරක් යෑ ඇන ගැනීම් ඉවරෙකුත් නෑ.
ජීවිතේ කියන්නේ ඕක තමයි........... ගොක් අය ජීවිතේක තියෙන වටිනාකම දන්නේ නැ.......... හිතට එන අවේගෙට තීරණ ගන්නවා ඒත් තමන්ගේ ආදරණීයයන් ගැන හිතන්නේ නැ........ පවු අසරණ ජීවිතයක්..............
ReplyDelete@chamari :
ReplyDeleteඒක හරි චමරි. මේ වෙලාවට ආවේග වලට නැතුව බුද්ධියට ඉඩ දීලා කටයුතු කරන්න ඕනේ.
මගේ අඩවියට පැමිණි ඔබව සාදරයෙන් පිලිගනිමි !!!
මධුරංග, කෝච්චියේ ගියා නං ටිකට් නැතුව නේද යන්න හිටියෙ?
ReplyDelete@Observer :
ReplyDeleteඅනේ නෑ මහත්තයෝ. මම ටිකට් අරන් තමයි යන්න හිටියේ. පේරාදෙණියේ ඉදන් මම බහින ස්ටේශන් එක ලගටම යන්නේ රුපියල් අනූවයි.
මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා !!!!!
මාත් 1ක පාරක් දැකල තියෙනවා ඔය වගේ සිද්ධ්යක්...සියදිවි හානි කර ගන්න 1ක ප්‍රශ්ණ වලට විසදුමක් නොවෙන විත්තිය තේරුම් ගන්න බැරිවීම නම් මාරම පවක්... අඩේ මධුරංග සහෝ වැඩිපුර කීයක් හරි පර්ස් 1කේ තියා ගනින් එක පාරක් කෝච්චිය කැඩිලා යන්න සල්ලි නැතුව මම කාපු කට්ට මගේ හතුරෙක්වත් කන්න එපා මතක් වෙනකොටත් තරු පේනො... හික්ස්...
ReplyDelete@Apollo :
ReplyDeleteඉතුරු වෙන්නේ නෑ සහෝ. මොනවා කලත් අන්තිමේ ඉතුරුවෙන්නේ ගෙදර යන්න බස් එකේ ටිකට් එකේ ගාන විතරයි.
අදත් බස් එකේ ටිකට් නොගෙන එන්න චාන්ස් එකක් ලැබිලත් මම එහෙම කරනේ නැතිව සල්ලි දීලා ආවේ. ඒකෙන් හොඳ කතාවක් මතක් වුණා. ඉස්සරහට බ්ලොග් එකෙන්ම ඒක කියන්නම්කෝ........
ReplyDelete@Hasitha :
ReplyDeleteඒකත් බ්ලොග් එකේ දාන්න මම කියවන්න එන්නම්.