14 March 2011
මගේ ආදර කතාව
හැමදාම ගතකරන ඒකාකාරි ජීවිතයෙන් මිදිලා චුට්ටක් වෙනසකටත් එක්ක කියලා පොතක් කියවන්න ඕනේ කියලා හිතුන නිසාම අදත් කැම්පස් එකේ ප්‍රධාන පුස්තකාලයට ආවා. පොත් එකින් එක තෝරන අතරේ අහම්බෙන් වගේ දැක්කේ ඔයාගේ ඔය ලස්සන අහිංසක හිනාවයි. එක පාරක් බලලා හිතට මදි කියලා හිතුන නිසාම තව පාරක් බැලුවා. ඒත් හිතට මදි...
මොනවා කරන්නද කාලය මට හරස් වෙලා. මට දේශනයකට යන්න තියෙනවා. ආයෙත් දවසක එන්න හිතාගෙන මම පුස්තකාලයෙන් එලියට බැස්සා.
දේශන ඉවර වෙලා හැන්දෑවේ පාඩම් කරන්න කියලා පොත් අතට ගත්තා. මොන .... පාඩම් කිරිල්ලක් ද ? පොත් වල පිටු අතරේ ඔයාගෙ ඒ හිනාව පේන්න ගත්තා. අකුරු අතර ඔයා දග කරන්න පටන් ගත්තා. ඔයාට පුදුම දැඟලිල්ලක් තමයි තිබුනේ. එ උනාට ඒ ගතිගුණ වලට මම ආස කළා.
පහුවෙනිදා අයෙත් ඒ වෙලාවට ම පුස්තකාලයට ගියේ ඔයාව දකින්න තියෙන ආසාවට කියලා හිත කියනවා. ජීවිතයේ ප්‍රථම වතාවට හිත කියපු දේකට අවනත වෙලා මම පුස්තකාලයට ආවා. එදත් ඔයා යාලුවෝ ගොඩක් අතරින් යද්දි මම ඒ දිහා ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව බලාගෙන හිටියා. ඔහොම දින ගණනක් ගෙවුනා. මටත් නොදැනිම මගේ හිත ඔයාට ආදරය කරන්න ගත්තා. ඒක මහ බොලඳ සිතුවිල්ලක් කියලා හිතුන වාර ගණන අනන්තයි . ඒත් මම ඔයාට ආදරෙයි.
හැමදාම මේ ආදරය හිතේ තියාගෙන ඉන්න බෑ.හිතට මහ බරක්. කොහොමහරි ඔයාගේ ආදරය ලබා ගන්නවාමයි කියලා හිතලා ඔයාගේ ෆැකල්ටියේ හිටපු මගේ යාලුවෙක්ගෙන් ඔයාගේ දුරකතන අංකය ඉල්ල ගත්තා. එදා මට ගොඩක් සංතෝස දවසක්. මම ගැහි ගැහී ඔයාට ඇමතුම ගත්තා. ඔයා දන්නේ නැති අංකයකින් ආපු ඇමතුමක් හින්දා වැඩිය කතා කලේ නෑ . ඒ උනාට මට ඒ හොදටම ඇති. ඊට පස්සෙ ඔයා මම දීපු කිසිම ඇමතුමකට උත්තර දුන්නෙ නෑ.
එ දවස්වල මම ගොඩක් දුකෙන් ගත කලේ. මම ඔයාගෙන් අහනවම යි කියල හිතලා දවසක් ඔයා දේශන ඉවර වෙලා එනකන් ඉදලා ඔයාගෙන් ආදරේද කියලා ඇහුවා මතකද ? ඔයා එදානම් මට හොදටම බැන්නා. ෆෝන් නම්බර් එක මාරු කරනවා කියලත් කිව්වා. ඒත් මම ඔයාට ආදරෙයි නේ. දවස් දෙක තුනකට පස්සෙ මම ආයෙමත් ඇහුවා. එතකොට ඔයා අර විදිහට මට බැන්නේ නෑ. මට පුදුමත් හිතුනා.
ඔයා පස්සෙ හිතලා උත්තරයක් දෙන්නම් කියලා කිව්වා. ඒත් කවද ද කොහේදිද කියලා කිව්වේ නෑ. මං ඔයාගේ උත්තර එනකන් ඇගිලි ගැන ගැන බලාගෙන හිටියා. ගනින්න ඇගිලිත් මදි උනා. දවසක් මට දුරකතන ඇමතුමකින් ඔයා මට ආදරෙයි කියලා කිව්වම මට මුලු හොස්ටල් එකටම ඇහෙන්න කැ ගහන්න හිතුනා. ඔරලෝසුවේ කටු, ටික වෙලාවකට නැවතුනා කියලා හිතුනා. හර්දය වස්තුව විනාඩියට එකසිය විස්සක විතර වේගයකින් ගැහෙන්න ගත්තා. මොනවද කියන්නේ කියලා හිතා ගන්න බැරි උනා. කොටින්ම ඒ මොහොතේ මම මුකුත්ම දන්නෙ නැති අත දරුවෙක් වගේ උනා.
ඔයා දන්නවද එදා අපි පටන් ගත්ත ඒ ආදරයට අදට අවුරුද්දක් ගෙවෙනවා. එදාටත් වඩා මම ඔයාට ආදරෙයි. මගේ ජීවිතයම දැන් ඔයා. මේ ලිපිය කියවන ඔයාලට හිතෙයි මම මහ බොලඳ කොල්ලෙක් කියලා. මොනා කරන්නද මම ආදරේ කරන්න දන්නෙ ඔහොම තමයි. මගේ සුදු මැණිකෙට දළදා සමිදු පිහිටයි.
------------------------------------------------------------
ප.ලි. - ප්‍රධාන පුස්තකාලය අසල තිබී අහුලා ගන්නා ලද ලිපියකින් උපුටා ගන්න ලද්දක් වන අතර මෙය මධුරංග වන මාගේ ආදර කතාව නොවන බව සියලු හිත මිත්‍රාදීන් ඉතා සංවේගයෙන් පිලි ගනිත්වා !!!!
සංකල්පනා RSS සබැඳිය :
Post Comments (Atom)
අන්තිමට අලි බොරුවක් දාලා...
ReplyDeleteමලා... මදැයි වෙච්ච දේ. තාම ගොඩ ගියේ නැද්ද එතකොට.
ReplyDeleteඅය්යෝ මම් මුලින් හිතුවෙ මේ කියන්නෙ මධුරංග ගෑන කියල.ඔයාගෙ කතාවත් ඉක්මනට දාන්න පුලුවන් වෙයි කියල හිතනවා.
ReplyDeleteඅපරාදේ
ReplyDeleteබොරු .... මෙක මධු අයියාගේ කතාව ලු.... :)
ReplyDeleteනයි අරින්න එපා බං මධුරංග අයියේ....
ReplyDeleteචික් මම මේ දුවගෙන ආවා මධුරංග අයියගෙන් පාටියක් ඉල්ලගන්න . මදැයි මේකා ලියලා තියෙන්නේ වෙන කාගෙද ලවු ඉස්ටෝරියක්නේ
ReplyDeleteහැබැයි මධුරංග අයියේ මේක දාපු එකට ස්තූතියි ගොඩාක් ඉස්තූතියි . මම හේතුව පස්සේ කියන්නම් ..
අඩේ මම හිතුවෙ මධුරoග අය්යාගෙ කතාව කියලා........
ReplyDeleteමෙක දැක්කාම මගේ කතාවත් ලියන්න හිතෙනවා.....
@තාරක Dilsh@n :
ReplyDeleteකොහොමද දන්නේ මම බොරුවක් දැම්මා කියලා. එක අතකට මේ කතාවේ චූටි බොරුවකුත් තියෙනවා.
@දොස්තර හොදහිත :
මොන ගොඩ ද තාම මඩේ නේ. වැඩක් නෑ.
@නදී... :
බලමු නේ. ඉක්මනට කෙසේ වෙතත් කතාව දාන්නම්.
@රොබින් :
ReplyDeleteමොකද්ද අප්පේ ඔච්චර අපරාදේ වෙන්න සිද්ධ උනේ.
@නිම්ශා :
ඔය ඉතින්. ඔහොම බෑ අප්පා. මේ මගේ කතාව නෙමෙයි කියලා මම නගාට කියලා තියෙනවනේ.
@Malith Madushanka | මධූ :
අපොයි මම ඇරපු නයෙක් නැත මල්ලි මධූ. කොහෙද මෙච්චර කල් ගිහින් උන්නේ.
@හිස් අහස :
ReplyDeleteමල්ලි අනිවාර්යෙන්ම හේතුව කියන්න ඕනේ හරිද ? අපරාදේ එහෙම උනා නම් මම අනිවා පාටියක් දෙනවා.
දැන් ඉතින් මොනා කරන්නද.
දුක තමයි රංජනී කදුලු නාවට ලබන මාසේ පඩියටවත් කේක් කෑල්ලක් කන්න බලමු.
@බීටා :
ලියන්න ලියන්න. අපි කියවන්න ඉන්නවා. අනිවා මල්ලි මොනවා ලිව්වත් අපි කියවනවා.
හපොයි,ඇහුවමයි ඔය වගේ කතාවක්.දැන් කාලේ කොල්ලොද??කියලා වැඩක් නෑ
ReplyDeleteකොහොම උනත් මාත් හිතුවෙම මේක ඔයාගේ කතාව කියලා.ඔයාගේම කතාවත් බ්ලොග් එකට දාගන්න ලැබේවා..කියල හිතන්නම්
@ප්‍රාර්ථනා :
ReplyDeleteකියලා වැඩක් නැත්නම් නොකියා ඉන්න ප්‍රාර්ථනා. මේ මේ කොල්ලන්ට එහෙම බනින්න තියා ගන්නවා නෙමෙයි.
කොච්චර වැඩකාරයා උනත් ආදරය ඉස්සරහා බොලද වෙනව කියලා ඔය ළමයා අහලා නැද්ද ? :)
මොන මඟුලක්ද බං මේ. මං උන්නෙ යාන්තං උඹටත් පොටක් පෑදුනා කියල. ඒත් ඉතිං අර අවුරුද්දක් කියල කියනකොට මට පොඩි අවුලක් තේරුනා. [මොකද එච්චර කල් ඉඳල තිබුන ඇෆෙයාර් එකක් නම් ඉතිං අපි නොදැන ඉන්නෙ කොහොමෙයි] නිකං අන්තිම හරිය හරියට ඔළුව අතගාල හරිමැදටම ඇනපු පොල් ටොකකක් වගේ.
ReplyDeleteමල් වඩම් අවශ්‍යද ?
අනේ ඔව් මධුරංග අයියේ ගිය දවස් ටිකේ පොඩ්ඩක් බීසී ද මොකක්ද කියන්නේ අන්න එක වෙලා තිබුනේ දැන් හරි....
ReplyDelete@nawammawatha :
ReplyDeleteඅපෝ ටොක්කක් ඇන්නා වගේ කියලා හිතන්න එපා අයියා. මේ කථාව මං නිකමට ලියපු එකක්.
අනිවාර්යෙන්ම මට මොකක්දරි පොටක් පෑදුනා නම් අනිවා ඔයාලා දන්නවනේ.
@Malith Madushanka | මධූ :
මල්ලි රට යනවා කියලා තිබුනා නේ. දැන් ඉන්නේ ජපානේ ද ?
මොනාද? බං
ReplyDeleteමම හිතුවෙ උඹට එකක් සෙට් වෙලා කියලා... ශිහ්...අන්තිම ටික කියෙව්වම මට හිතුනා මම මොකට මේක කියෙව්වද කියලා...
@හරී :
ReplyDeleteඅඩේ ඔහොම කියන්න එපා මචං මම මේ ටෙස්ටින් පාරක් දැම්මේ මට ලව් ස්ටෝරි ලියන්න පුලුවන්ද කියලා.
මගේ කතාවත් මම බ්ලොග් එකේ දාන්නම්. ඉක්මනට මටත් කතාවක් තියෙයි.
"ප.ලි 2- ඉහත ප.ලි ලෙස දක්වා ඇති දෙය බොරුවක් බවත් මෙය මධුරංග වන මාගේ ආදර කතාව බවත් සියලු හිත මිත්‍රාදීන් ඉතා සංවේගයෙන් පිලි ගනිත්වා !!!!"
ReplyDeleteමේ කෑල්ල දාන්න අමතක වෙලා.. :O
@චතුවා (ළමයා) :
ReplyDeleteඔව් ඔව් ඔය කෑල්ල නම් දාන්න අමතක උනා. :)
ඒ වුනාට ඉතින් මේක මධුරංගගේ කතාව උනානං තමයි වටින්නෙ. කතාව නම් ලස්සනයි.
ReplyDeleteකතාව ගැන ප්‍රශ්නයක් නෑ මචෝ කතාවෙ අයිතිකාරයා ගැනයි ප්‍රශ්නෙ....
ReplyDelete@Kasun :
ReplyDeleteඒකනම් එහෙම තමයි. මොනා කරන්නද
@හරී :
හොදයි සහෝදරයා මම ආයේම අනුන්ගේ ලවු ස්ටෝරි ලියන්නේ නෑ.
@මධුරංග :හපෝයි...මම එහෙම දෙයක් කිව්වේ නෑ රජෝ...මම කිව්වෙ උඹට ඕක වුනානම් හොඳයි කියලා...
ReplyDelete@හරී :
ReplyDeleteහරි හරී.... සහෝදරයා මං මේ දවස්වල ඇමක් දාගෙන යනවා ඒක හරි ගියොත් කතාව ලියන්නම්.
කතාව නම් එල අර අන්තිමට දාල තියෙන නයා නැත්නම්///....
ReplyDeleteජය...
ඕකනේ බැරි අයියා... බොරු කියනවා කියලා ඔහොමත් බොරු කියන්ඩ හොද ද..? නෑ නේ..:):)... හරි හරි ඉතින් ඔයාගේ ආදර කතාව අපි දැනගත්තම මොකෝ.. :).. දෙහි කපන්නෙ නෑනේ... සුභ පතනවා මිසක්.. ^_^..
ReplyDelete@ප්‍රාර්ථනා :
ReplyDeleteපොයි මට එහෙම කවුරුත් නෑ නංගි. අම්මා මේ දවස්වල මනමාලියෙක් හොයනවා මට. එපා වෙනවා ගෙදර යන්නම හිතෙන්නේ නෑ ඒක හින්දා.
මට ගෑනු ළමයෙක් සෙට් උනාම ඒකත් ඉක්මනට බ්ලොග් එකේ දාන්නම්. :)
අනුන්ගේ ඒවා ලිය ලිය ඉන්නේ නැතිව තමන්ගේ කතාව කවද්ද ලියන්නේ ???
ReplyDelete