06 March 2011

අසම්මත පෙම් කවිය



ආදරය අංශු මාත්‍රයක්
නොදැන සිටි
මට......
මගේ සිතට.....
කුලුදුල් හැගුමක් රැගෙන....
පිපුනා නුඹ...
සුදෝ සුදු තඹරු විලක් මැද...

තොරතෝංචියක් නැතිව දොඩන
ඔබේ ඔය දෙතොල් අග...
පිටු අතරින් පාවී ගිහින්....
නැවතුනේ මගේ ඇස...
නුඹේ ඔය සිනහව ලග

අනේ ඒ මුදු කුසුම
නෙලන්නට හිතෙයි මට.....
ඒත්..........
හිත ගැහෙයි
වරම් නැත මට ....
ලියන්නට
අසම්මත පෙම් කවිය
ඔබයි මගේ
ගුරුතුමිය....

12 comments:

  1. දඟකාර දෑස් ලඟ
    ශෛලමය මගේ හිත
    නිසසලව තිබුණි නම්
    මේ තරම් දුකක් නෑ

    ReplyDelete
  2. අපේ එක වසරේ මිස් කොහේ ඉන්නවද දන්නේ නෑ....මට පල වෙනියටම පාරක් දුන්නේ එයා තමා....හික්...වලියක් දාගෙන

    ReplyDelete
  3. අසම්මත එක් පෙම් කවියක්
    ආසයි නුඹ නමින් තනනන්ට..
    හිත රිදේ දැයි නුඹේ...
    හිත තරවටු වේදැයි..
    නොදැන අසම්මතේ ආ ..
    පෙම් කවිය...
    හද තුලේ වලලා ගමි...
    මන්ද යත්..
    නුඹයි මගේ ..
    ආදර ගුරුවරිය ...

    :)

    ReplyDelete
  4. @පිණිබිඳු... :
    අනේ මන්දා මොනාවත් හිතා ගන්න බෑ :)

    ReplyDelete
  5. @රත්ගමයා :
    මේකාට දැන් තමයි දෙන්න ඕන කරන කුප්ප වැඩ වලට.... ඉකේයියා !!!

    ReplyDelete
  6. @නිම්ශා :
    බොහොම ස්තුතියි කවි වලට !!!!

    ReplyDelete
  7. අඩේ මෙයත් ලියනවද?මම අදනෙ දන්නෙ.නියමයිනෙ.ඔය වගේ සිද්දියක මගේ යාලුවෙක්ටත් උනා :))

    ReplyDelete
  8. @සීතල අයියා :
    මේකත් අපේ යාලුවෙකුට වෙච්ච සිද්ධියක්. මමත් ලියන්න කියලා ආවා. පොඩි කාලේ ඉදන්ම තිබ්බ ආසාවනේ. ඒ උනාට බ්ලොග් ගැන දන්නේ මාස හයකට විතර උඩදි.

    ReplyDelete
  9. අනේ මන්දා මොනව කියන්නද කියලා.කවිය ලස්සනයි

    ReplyDelete
  10. @ප්‍රාර්ථනා :
    බොහොම ස්තුතියි ප්‍රර්තනා.
    ප්‍රර්තනාවත් මගේ බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා.

    ReplyDelete
  11. මල කෙලියයි, මේ ටීචර් ගැනද කිව්වෙ? කවිය නම් පට්ටයි, ඒත් දුකයි. ඕක ඉතින් හරියන වැඩක් නෙමෙයිනෙ.

    ReplyDelete
  12. පරණ බ්ලොග් පිටු අස්සේ එහෙ මෙහේ ඉබිකම් කරනකොට ලස්සන පද වැලක් දැක්කා..ඉතින් හිතුනා අහන්න එච්චර ලස්සන කවි ලිව්ව ඔයා ඇයි යාලු දැන් පබදින්නේ නැත්තේ කියලා...ඔන්න මේ කමෙන්ට් එක දැක්කොත් ආරාධනාව බාර අරන් කවියක් ලියන්නකෝ...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.