අපේ විශ්ව විද්‍යාල සොහොයුරෙක් ගේ අවමංගල්‍යයක් ගැන කලින් පෝස්ට් එකකදි විස්තර කිව්වා මතක ඇති. අන්න ඒ යාලුවාගේ අවමගුලට සහභාගි වෙන්න කියලා ඊයේ උදෙන්ම අපි පිටත් උනා. අපි කිව්වේ මාත් එක්ක අපේ පීඨයේ සොහොයුරෝ දහ හතර දෙනෙක්.
කට්ටියම කතාවෙලා වෑන් එකක් හයර් කරගෙන උදෙන්ම හොස්ටල් එකෙන් පිටත් උනා. යාලුවාගේ ගෙවල් තිබ්බේ කුලියාපිටියට නුදුරු බෝතලේගම ගමේ. අපේ ගමන වැටිලා තිබ්බේ නුවර, කුරුනෑගල හරහා නාරම්මලට. නාරම්මල ඉදන් කුලියාපිටියට. කුලියපිටියේ ඉදන් බෝතලේගමට. ගමනේ මුලු දුර කිලෝමීටර් සියයක් විතර ඒත් යන්න ගියාම හෙන වෙලාවක් ගියා. කොහොමහරි දොලහා එක වෙද්දි කුලියපිටිය ටවුන් එකට ආවා. ඇවිත් කඩයක් ලගින් නැවැත්වුවා මොනාහරි අරන් යන්න කියලා.
කුලියාපිටිය ටවුන් එකේ වෑන් එක නවත්වගෙන ඉද්දී මට මගේ අතීත කතාවක් මතක් උනා.ඒකත් කියලම ඉන්නම්කෝ. දවසක් මමයි අපේ මල්ලිය් පුන්චිලාගේ ගෙදර යනවා කියලා කුලියාපිටියේ යාලුවෙක් ගේ ගෙදර ගියා. ඒ දවස්වල මමයි මල්ලියි ගොඩක්ම පොඩියි. ඒ හින්දා අපි ගියාට පස්සේ අම්මා පුංචිට කෝල් කරල තිබ්බා. අපි ආවද කියලා බලන්න. අපි ආවේ නෑ කියලා කිව්වම අම්මා ගොඩක් බය උනා ලු.
කොහොමහරි එදා රෑ අම්මායි ලොකු අම්මයි මාමයි ගොඩක් කට්ටිය වෑන් එකක් අරන් යාලුවගේ ගෙදර ආවා. අපිව දැක්කම අම්මට හෙනම කේන්ති ගිහින් අත ලග තිබ්බ විකට් පොල්ලක් අරගෙන දිගට හරහට නෙලන්න ගත්තා හයේ ඒවම !!!! ඊට පස්සේ නැගපිය වාහනේට !!! කියලා කිව්වා විතරයි ඇහුනේ මමයි මල්ලියි දෙන්නම වෑන් එක ඇතුලේ. ආයේ ගෙදර යනකන් එක වචනයක්වත් කතා කලේ නෑ. දැනුයි ඉස්සර කරපු මෝඩකම් මතක් වෙන්නේ.
කුලියාපිටිය හන්දියේ වෑන් එක නවත්වලා සීනියි බිස්කටුයි ගත්තා. මලගෙදරට ඇවිත් ගෙනාපු බඩු ටික ගෙදර කට්ටියට දුන්නා. එයැයිලගේ අම්මට නම් කතා කරගන්න බැරි තරම් දුකයි. මොකද අම්මෙක් කොහොමද තමන්ගේ දරුවගේ මලගමක් දකින්නේ. එයැයිලගේ අම්මා මතක්වෙන සැරයක් ගානේ අඩනවා බලාගෙන ඉන්න බෑ.
කොඩි වැල් අදින්න උදව් කරලා එදා හවස් වෙද්දි ආයෙම එන්න පිටත් උනා. බුදු හාමුදුරුවොත් පිරිනිවන් වැඩිය එකේ අපි ගැන කවර කතා ද කියලා හිතලා අපි එයාලට සමු දුන්නා. තවත් එක් ආදරනීය මිතු දමක අවසන මෙසේ සටහන් කිරිම සිද්ද වීම කොච්චර දුකක් ද ? ආදරනීය රසික සොයුර ඔබට නිවන් සුව පතමි !!!!
මොනවා වෙලා ද නෑති උනේ!! ඔහුට නිවන් සුව ලෑබේවා
ReplyDelete@සූර සරදියල් :
ReplyDeleteකාලයක් තිස්සේ තිබ්බ පිලිකාවකින් තමයි නැති උනේ.
පිළිකාවක් කියල හොයාගෙන තියෙන්නෙ අන්තිම කාලෙද?
ReplyDelete@තාරක Dilsh@n :
ReplyDeleteඔව්. ටික කාලයකට කලින් තමයි හොයාගෙන තියෙන්නේ. රට ගිහින් බෙහෙත් ගන්න පාස්පෝට් එහෙමත් හදා ගත්ත ලු.
අපි ආදරේ කරන කෙනෙක් මිය ගියාම ජීවත් වන අයට විතරයි දුක.
ReplyDeleteජීවිතේ ඔහොම තමයි කියල පණ්ඩිත කතා කියන්නෙ කොහොමයි බං
ReplyDeleteඋඹේ යාළුවාට නිවන් සුව !
තමන්ට ලඟින් හිටපු කෙනෙක් දාල යනකොට ගොඩක් දුකයි තමයි .. ඒත් මොනවා කරන්නද පි හැමෝටම ඔය ගමන යන්න වෙනවා කවද හරි
ReplyDeleteයාළුවාට නිවන් සුව !
යාලුවාට නිවන් සුව...
ReplyDeleteම්ම්ම්..ඔය වගේ අපේ නැන්දාට කියලා අපේ මල්ලියාත් රවුම් ගහන්න ගිහින් ගිය තැන නැතුව අපේ ගේදර මල ගෙයක් උනා..අන්තිම ට අහු උනාම දුන්නා ආයේ නැගිටින්න බැරි වෙන්නම..
@පිණිබිඳු... :
ReplyDeleteඒක නම් ඇත්ත තමයි. නමුත් අපි මොනවා කරන්නද, එයා ගෙනාපු ආයුශ ඉවර නම්
@nawammawatha :
ඒක හරි අයියා ඔහොම කියන්නේ කොහොමද ?
@හිස් අහස :
ReplyDeleteඒක නම් හරි මල්ලි. අපටත් කවදහරි ඔය ගමන යන්නම වෙනවා අපි කැමති උනත් නැතත්.
@නිම්ශා :
අම්මෝ එදා මමයි මල්ලියි කාපු තරමක් !!!! ආයේ මාස තුන හතරකටම සෑහෙන්න වැදුනා
මේ හාදයා මගෙ මිත්‍රයෙක්ගෙ හොදම යාලුවා.. අසනිප වෙලා හිටපු කාලයෙ ඉදන්ම මගෙ මිත්‍රයා මෙයා ගැන කියල තිබ්බා මැරුණා කියල දැනගත්හම අපිටත් දුකයි.මොනා කරන්නද ඉතින්...
ReplyDeleteමතු අත් භවේදි වත් මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා!!
සබද ඔබට නිවන් සුව!!!!!
@රත්නේ :
ReplyDeleteසහෝදරයත් දම්මිස්සරේ ද ? නැත්නම් ඔය යාලුවාගේ ගමේද ?
@මධුරංග
ReplyDeleteමම දම්මිස්සරේ නම් නෙමේ ඒත් මගෙ මිත්‍රයා දම්මිස්සරේ..
මගෙත් යාලුවෙක් කෑන්සර් එකකින් නෑතිවුනා,එයා පවුලෙ එකම ගෑණු දරුවා. :(
ReplyDelete@නිශා :
ReplyDeleteමොනා කරන්නද එයාල ගෙනාපු ආයුශ එච්චරයි වෙන්න ඇති