07 March 2011
අදට අවුරුදු හතරයි...
අද හරියටම මාර්තු හත්වෙනිදා. මට වගේම මගේ බැච් එකේ සියලුම දෙනාට විශේෂ දවසක්. ඒ තමයි අපි මේ හන්තාන අඩවියේ අකුරු කරන්න ඇවිත් අදට අවුරුදු හතරක් ගෙවෙනවා. අපි මේ අඩවියට මුලින්ම පය ගැහුවේ 2007 අවුරුද්දේ මාර්තු හත්වෙනිදා.
එදා පලමුවෙනි දවසේ බයෙන් බයෙන් දෙමව්පියන්ගේ ආශිර්වාද මැද්දේ මේ අඩවියට ආවට මොකෝ හිතේ තිබ්බේ පුදුම නුහුරු බවක් ඒ වගේම බයක්. කවදාකවත් දැකපු නැති සහෝදර සහෝදරියෝ ටිකක්. ඒ වගේම දෙමව්පියන්ගෙන් වෙන්වෙලා නේවාසිකාගාරයක ජීවත් වෙන පලමුවෙනි අවස්ථාව.
මේ ඔක්කොමත් හරි පේරාදෙනියේ රැග් තියෙනවා කියලා එන්න කලින් කට්ටියම කිව්වම ඒ බයත් හිතේ තිබුනා. මොනවා කරන්නද ? ඕන දෙයක් ඉවසගෙන ඉන්නවා කියන අධිශ්ඨානය, ඒ බය යටපත් කරන්න පුංචිම පුංචි උත්සහයක යෙදුනා. ආවට පස්සෙ තමයි තේරුනේ කියපු තරම් යකා කලු නෑ කියලා. අපිට වඩා වසරකට කලින් ආපු අයියලා අක්කලා අපිව සහෝදරත්වයකින් පිලි ගත්තා.
එදා ඉදලා අපේ බැච් එක, එකම සොයුරු පෙමින් එකා මෙන් හිටියා.අදටත් ඒ සහෝදරත්වය එහෙම්ම අපේ හිත් වල තියෙනවා. ඉදලා හිටලා පොඩි ආරවුල් ඇති උනාට ඒවා අපේ සහෝදරත්වය කඩලා දාන්න තරම් ශක්තිමත් නැහැයි කියලා අපට අද හිතුනා. තමන්ගේ දුකකදි තමන් තනි නැහැයි කියලා හිතෙන තරම් ඒ සහෝදරත්වය ශක්තිමත්. විටෙක සිනාසුනෙමු. විටෙක එකට හිද දුක් වුනෙමු. මේ සියලු දේ මැද වසර හතරක් ගෙවූනෙමු.
ගෙවිලා ගිය වසර හතරක කාලය තුල වසන්තයේ අග සංගීත සංදර්ශනයට වේදිකාව සකස් කලෙමු. අරුණැල්ල සාමාන්‍ය පෙල සම්මන්ත්‍රන මාලාව තුලින් දුශ්කර පාසල්වල අපේම නංගිලා මල්ලිලාගෙ හෙට දවස එලිය කරන්නට අරුනැල්ලක් උනෙමු. ඒ වගේම නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් උගුර ලේ රහ වනතුරු කෑ ගැසුවෙමු. ඒ අතර කදුලු ගෑස්, රබර් උණ්ඩ, ජල ප්‍රහාර වලටද ලක් උනෙමු.
මේ සියලු දේ මැද ජීවිතයේ සුන්දරම වූ වසර හතරක් අපට නොදැනී ගිවි ගිහින්.
වසර හතරක් ගෙවෙන මේ මොහොතේ අපෙන් සදහටම වෙන් වෙලා ගිය මාලක ප්‍රසාද් හා රසික රොහාන් සොයුරන් දෙපලවත් අපි ආදරයෙන් මතක් කරනවා. ඒ අතරම නිදහස් අධ්‍යාපන අයිතීන් ලබා දීමට කැපකිරීම් කල ශිෂ්‍ය වීර වරුන්වත් ආදරයෙන් මතක් කරමි....
හන්තාන අඩවියේ මැදුරු කුලුනු සුදු සදලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ......
සියලු දෙනාට ජය වේවා !!!!
සංකල්පනා RSS සබැඳිය :
Post Comments (Atom)
ප්‍රදර්ශණයක් බලන්න, සම්මන්ත්‍රණයකට ඇහුම්කන් දෙන්න, වැඩමුළුවකට සභාගී වෙන්න ඇරෙන්න ඔය පැත්තෙ නවම් කරක් ගහල නැතුවට හිතාගන්න ඇහැකි කොච්චර අත්දැකීම් ගොඩක් එකතුවෙන්න ඇතිද කියල ජීවිතේට.
ReplyDeleteතව අවුරුද්දක් තියෙනව නේ...ඒකත් හොදට කරගම්මු....
ReplyDeleteජය වේවා!!!!
අහා... ලොකු දුරක් ඇවිල්ලා.... තව ටිකයි... ඒ ටිකත් උත්සාහයෙන් ධෛර්යයෙන් ජයගන්න. මෙන්න මගෙනුත් සුභපැතුම්.
ReplyDeleteසිරාවටම පේරාදෙනියෙ ගෙවපු කාලෙ ඉවර වෙනවා කියන්නෙ දුකක්. අනේ අපිටත් තව ටික කාලයයිනෙ ඉන්න තියෙන්නෙ. ජය වේවා....
ReplyDelete@nawammawatha :
ReplyDeleteඇත්තට ගොඩක් අත්දැකීම් ලැබුනා. මේ අවුරුදු හතරෙන්. නවම් අයියා කවදැයි මේ පැත්තේ ආවේ ?
@රත්ගමයා :
අම්මෝ මලයෝ තව අවුරුද්දක් හිටියොත් මගේ හොද පන යයි !!! අපට තව තියෙන්නේ මාස දෙකයි. අපේ කෝස් එක අවුරුදු පහක් නෙමෙයි හතරයි.
@සංකල්පනා - රුවන් :
ReplyDeleteබොහොම ස්තුතියි අයියේ සුබ පැතුම් වලට !!!
මෙහෙන් ඉක්මනට අවුට් වෙලා යන එක සතුටක් වගේම මහා දුකක්. !!!
@chaminda :
ඒක ඇත්ත තමයි. පේරාදෙනි එන ඕන කෙනෙක් ඕක කියනවා. ඔන්න මමත් ගියා දොස්තර හොද හිතව බලන්න.
තව මාස දෙකයි ....ඒ කියන්නේ එතකොට මධුරංග අයියා ලොක්කෙක් . මම බොක්කෙන්ම සුබ පතනවා .කම්පස් එක දාල යන්න දුකයි තමයි . අපිට කැම්පස් නොගියට දුකයි . උඹ මාර වාසනාවන්තයි බං ....
ReplyDeleteඅර සිංහරූපේ කැම්පස් එකේ තියන එකක්ද ?
ජය වේවා !!
@හිස් අහස :
ReplyDeleteලොක්කෙක් කෙසේ වෙතත් මෙහෙන් අවුට් වෙලා නම් යනවා. ඔව් ඔය සිංහ රූපේ කැම්පස් එකේ තියෙන එකක්. ශාස්ත්‍ර පීඨයේ තියෙන සිංහ රුව තමයි ඔය.
පාසල් ජීවිතේ කැම්පස් ජීවිතේ ආයෙ එන්නෙ නෑ. ඒ හන්ද ඉන්න ටික කාලෙ ජීවිතේ ඉතුරු කාලෙටත් හරියන්න අත්දැකීම් එකතු කරගන්න.
ReplyDeleteඑළ එළ!!
ReplyDeleteනිතර දෙවේලෙ ඔතනින් ගියාට මටනම් ඕකට එන්න වාසනාවක් නැති වුනා.
ජය!
@පිණිබිඳු... :
ReplyDeleteඒකනම් ඇත්ත. ඒ කාලේ ආයේ එන්නේ නෑ. ජීවිතේ සුන්දරම කාලේ තමයි ඒ. අනිවාර්යයෙන් මේ දවස්වල ගොඩක් අත්දැකීම් එකතු කරනවා. :)
@kANI - SLSC :
එහෙම හිතන්න එපා. ජීවිතේ ගොඩ නගන්න කැම්පස් එන්නම ඕනේ නෑ. කැම්පස් නෑවිත් හොදට ඉගෙන ගන්න ක්‍රම තියෙනවා.
ඔය කාලය ගොඩාක් සුන්දරද අයියා..? මට නම් පේන්නෙ ඔයා ඒ කාලය හොඳට වින්දනය කරලා වගේ..:)
ReplyDelete@ප්‍රාර්ථනා :
ReplyDeleteඔව් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර කාලයක්. දුකේ බෑ කැම්පස් එක දාලා යන්න.
නංගිටත් එහෙම සුන්දර කාලයක් තියෙයි.පාඩම් කරනවා වගේම ඒ කාලය සතුටින් ගත කරන්න. නැත්නම් අන්තිමේ කරපු දේකුත් පාඩම් කලා ඇරෙන්න කියන්න දේකුත් නැති වෙයි.
ඒ වගේම තමා පාඩමුත් කරන්න.
2007 මාර්තු මාසේ තමා අපි පේරාදෙණිය සරසවියෙන් ඈත් වෙලා ආවේ. අපේ final exam ඉවර වෙලා අපි අපි තැන තැන එකතු වෙලා කතා කර කර හිටිය ඒ පින් බිම දාල යන්නේ කොහොමද කියල. ඒ මතක සුවඳ තාමත් අද වගේ මතකයි. මධුරංග මල්ලිගේ බ්ලොග් එක කියවන්න හම්බුනේ අහම්බෙන්. එත් එක දැකපුවහම තවත් දුකයි .මොකද අපිව දන්න ගියොත් hi කියල කතා කරන්න පුළුවන් කවුරුත් දැන් faculty එකේ නෑ කියල මතක් වෙනකොට. අදත් පේරාදෙණියේ ඉගෙන ගත්ත කවුරුහරි හම්බ වුණාම අම්මා තාත්තා දැක්ක වගේ තමා. මල්ලිටත් batch එකෙක් හැමෝටමත් සුභ පැතුම්.
ReplyDelete@Anonymous :
ReplyDeleteසුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි රූ අක්කේ !!!!
කමෙන්ට් එක දාලා ගොඩක් කල් ගියාට අද තමයි මේ කමෙන්ට් එක දැම්මේ කවුද කියලා අදුනගත්තේ !!!