29 August 2014

අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ...

පහුගිය ටිකේ අපේ කන්තෝරුවේ වැඩ ටිකකට හිර වෙලා උන්නු නිසා බ්ලොග් අවකාශය පැත්තේ එන්න උනේ නෑ.. ඒ නිසා පරණ බ්ලොග් ලිපි ටික කියවන්නත් උනේ නෑ.. අද ඒ ලිපි ටික කියවගෙන යන්න හිතාගෙන ඉන්නේ.

පහුගිය ටිකේ වැඩ කටයුතු වලට මහන්සි උන නිසාමද මන්දා ලියන්ඩ දේවල් හිතට එන්නෙත් නෑ..

මේ අගෝස්තු මාසේ... වෙන අවුරුදු වල වගේ නෙමේ මේ අවුරුද්දේ අගෝස්තු මසය උදා උනේ මගේ ජීවිතයේ පොඩි වෙනසකුත්තෙක්ක.

ඒ තමා මගේ විවහා ගිවිස ගැනීම සිද්ධ උනෙත් මේ මාසේ දෙවෙනිදා (සෙනසුරාදා)

ලොකු උත්සවයක් නැතුව බොහොම චාමෙට තමා මේක සිද්ධ කලේ..වෙඩිමටයි විවහා ගිවිස ගැනීමටයි ලොකු වියදම් දෙකක් දරණ එක අපරාදේ නිසයි මෙහෙම චාමෙට ගත්තේ. අපේ ගෙදරින් අපි හතර දෙනයි අපේ අම්මගෙයි තාත්තගෙනුයි නෑදෑයෝ හතරදෙනෙකුයි තමා මේ උත්සවේට ගියේ. ඒ ගොල්ලන්ගෙනුත් මේ වගේම ටිකදෙනයි ඇවිල්ලා තිබුනේ.

කතෝලික ක්‍රමයට බඳින නිසා පල්ලියේදිමයි මේ කටයුතු සිද්ධ උනේ.පල්ලියේ කටයුතු ඉවර වෙලා අපේ උන්දෑගේ ගෙදර දවල් කෑම ලෑස්ති කරලා තිබුනා.



දවක් කෑම ඉවර උනායින් පස්සේ ඉදිරියේදි කරන්න ඕන කටයුතු ගැන කතාබහ කලා. ඊට පස්සේ අපේ මාමා ස්තූති කතාවක් කලා.

මං ගැනයි මගේ පවුල් පසුබිම ගැනයි මගේ ගතිගුණ ගැන වගේ දේවල් තමා කතාවෙන් කිව්වේ. අපේ මාමගේ ස්තූති කතාව ගැන නැන්දම්මා එච්චර පැහැදුනේ නෑ.. නමුත් මාමණ්ඩි නම් බොහොම කැමති උනා මේ කතාවට.

අපේ මාමගේ ස්තූති කතාව ගැන නැන්දම්මගේ හිතේ තිබ්බ නොසතුට, විවහා ගිවිස ගැනීමෙන් පස්සේ සෑහෙන දවසක් යනකන් තිබුනා.

මට නං තාම හිතා ගන්න බෑ ඇයි ඒ කතාව එයාට එච්චර නොරිස්සුවේ කියලා.ඒවයින් කාරි නෑ.. කොහොමහරි මේ කටයුතු ටික අඩුපාඩුවක් නැතුව සිද්ධ වෙච්ච එකම මදෑ..

ඔන්න ඔය විදිහට තමා මගේ අතට මුද්දක් වැටුනේ... ඉතින් මේ සිදුවීම කාට නැතත් මට වටින නිසයි පස්සේ කාලෙක බලන්න පෝස්ට් එකකට ඇතුලත් කලේ..

ඔය පල්ලෙහා පින්තූරේ ඉන්නේ අපි කට්ටියම. වමේ ඉදන් ගත්තහම අපේ තාත්තා, මම, මගේ එක්කෙනා, අපේ අම්මා, මල්ලි !!

44 comments:

  1. සුබ පැතුම්.... වාසනාවන්ත යුග දිවියකට

    ReplyDelete
  2. එකත් ජයසිරි මංගලම් කිව්වලු, ඔන්න උණුසුම් සුබ පැතුම් සහෝ..., සාර්ථක සතුටින් ඉන්න විවාහ දිවියක් උදා වේවා. මේ, පාටි එහෙම නැද්ද?

    ReplyDelete
  3. සුභ මංගලම් ඈ...
    ඔය නොහොද නෝක්කඩු ටික දොහකින් ඇරිල යයි මධුරංගය්යෙ

    ReplyDelete
  4. සුබ මංගලම් කිව්වා ඈ.යකෝ මධුගේ මල්ලි දීගජන්තුවෙක් නොවැ.

    ReplyDelete
  5. " සුභ පැතුම් "

    ReplyDelete
  6. සුබපැතුම් මධුරංග. දැන් එතකොට අපිටත් වෙඩින් කේක් එහෙම ලැබෙනවද.

    ReplyDelete
  7. සුභ පැතුම් අයියේ.....!!!!
    සදාකල් රැඳේවා සෙනෙහසින්....!!!!

    ReplyDelete
  8. ජීවන ගමන්මගේ ඔබ පෙරලූ අලුත් පිටුව සර්වප්‍රකාරයෙන් සාර්ථක එකක් වේවා කියා පතමි...ජයවේවා !

    අපිට බාර්ලි බෝතලයක් වත් කඩලා සංග්‍රහයක් දීහං...

    ReplyDelete
  9. බොහොම සතුටුයි මධුවෝ...සුබ මංගලම්...මනමාලි ලස්සනයි ඈ.

    මාමා ඔයාගේ නැති ගතිගුනත් වර්ණනා කොලාද? :)

    malli oyaata wadaa usai..huu huu :D

    ReplyDelete
  10. මාමා "මැවිසුරුවා" වගේ බරපතල වචන පාවිච්චි කළා ද කතාවේ දී?

    නැන්දම්මයි ලේලියි හොඳට ගැලපෙනවා.

    ගුඩ් ලක්.

    ReplyDelete
  11. ජය සිරි මංගලම්

    ReplyDelete
  12. ජය මංගලම්... මධු... උඹ වගේ සරල නිහතමානි බුවෙකුට කියන්න තියෙන්නේ එච්චරයි මට..

    ReplyDelete
  13. මධූට හද පත්ලෙන් නැගෙන උණුසුම් සුබ පැතුම්!!!

    මනාලයා ඇඟ බස්සගෙන. මනාලියත් හැඩයි. මල්ලි මාර උසයි. මුලු පවුලම ලස්සණයි. :)

    දැන් කාලේ සාරි අඳින විදිය ටිකක් වෙනස් වෙලා වගේ පේනවා. නැන්දම්මා අර කතාවට අකැමති වුනා කීවාම ඇතිවෙන්නේ කුතුහලයක්. කතාව නොදැන හිතන්ට අමාරුයි .... :(

    ReplyDelete
  14. හදවතින්ම සුභ පැතුම් මදු.වාසනාවන්තා නව දිවියක් ලැබෙවා

    ReplyDelete
  15. වාසනාවන්ත යුග දිවියකට සුබ පැතුම්....

    ReplyDelete
  16. සුබ පැතුම් මල්ලි.

    ReplyDelete
  17. සුභ පැතුම්...අලුත් ජීවිතයට ....

    ReplyDelete
  18. වාසනාවන්ත යුග දිවියකට සුභපැතුම් !

    ReplyDelete
  19. ස්තූති කතා නේද.... හි හි ...
    මගෙ වෙඩිමෙදි සීයා කෙනෙක් වෙන ගුරුවරෙයක් දුන්නා මට චරිත සහතික ටිකක්... හම්මෝ මං කට තද කරගෙන හිටියෙ මාර අමාරුවෙන්.... ජීවිතේට කුස්සියට කැමැත්තෙන් නොගිය මට හොඳට උයන්න පුළුවන්ය කිව්වනෙ... හි හි... මගේ ඉවිල්ල ගැන හොඳට දැනගෙන හිටිය උන්දැල ඔක්කොම මං හිතන්නෙ හිනාව තද කරගෙන හිටියෙ බොහොම අමාරුවෙන් වෙන්නැති...

    සුබ මංගලම් කිව්වා ඔන්න.. නැන්දම්මල ගැන වැඩියම වද වෙන්න එපා.. එයාලගෙ හිත් හරි ඉක්මණට ෂේප් වෙනව...

    ReplyDelete
  20. සුබ පැතුම් අයියේ..

    ReplyDelete
  21. සුබපැතුම මචෝ ......
    කොහොම උනත් හිතට ආපු දේ නොකියා යන්න බැනේ මම මේ කල්පනා කරේ මේ පොස්ට් එක ඔයාගේ නැන්දම්මට පෙන්නුවානම් අලුතෙන් පටන් ගන්න විවාහ ජිවිතේ කොහොම වෙයිද කියලා :P

    ReplyDelete
  22. මල්ලි වෙදිමත් ඔහොමම ගන්න හොරෙන්

    ReplyDelete
  23. "අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ... " එත් මක්කෙඉ මුද්ද පෙන්න නැත්තේ තාම අතේ ?

    ReplyDelete
  24. බ්ලොග් එකේම පැනි හඳත් කාපන්

    ReplyDelete
  25. හා ඔන්න මලේ කොමෙන්ටුවක් අතාරින්ඩයි හදන්නේ ඉස්සරලම උබට සුභ අනාගතයක් පතනවා මගෙ යාලුවේ අවුරුදු 7 ක් කිට්ටුවෙන්න
    එකට කාපු එකට බීපූ රූමවත් අමතක උනා උබේ මේ වැදගත් අවස්තාවේ උනත් උබට නික්මට එස් එම් එස් එකක් ඌට දාන්න තිබ්බා , උබට සජීවීව ලගින් ඉන්න උබේ බ්ලොක් එකට එහා පැත්තේ ඉන්න එකාව අමතක උනා , අවුරුදු 7ක් තිස්සේ උබේ දුක සැප බෙදාගත්ත එකා අමතක කරලා උබේ හිත ඔච්චර ආත්මාර්ථකාමී ලින්ගික ඇලීමක් තියෙනෙ හිතක් කියලා අවුරුදු 7ක් උබ ලගින් හිටපු රූමවත් දැනගන්න නැතුව ඇති ඌ දැන් උබ ගැන දැනගෙන කෙසේ වෙතත් මිනිස්සු කාලා බලලවත් අදුරගන්න බෑ කියලා උබ පස්ක් කලා මචන් තෑන්ක්ස්

    ReplyDelete
  26. මුද්ද දාලා තියෙන්නේ පෙන්නේ නැති අන්ගිල්ලකට

    ReplyDelete
  27. D අක්කට විතරද වෙඩිම කියන්නේ ..

    ReplyDelete
  28. මොනාව උනත් , හදවතින් ම සුබ පතනවා සතුටින් සමාදානයෙන් සාර්ථකව යුග ජීවිතය ගත කරන්න ලැබේවා කියල.

    ReplyDelete
  29. මුන් වගේ එවුන් එක්ක එකට ඉන්න එක උදේ හවස දකින දකින කතා කරනෙක කනබොන එකත් කරනවනේ නොකියම ඇත්තේ ගල් බනිස් ගෙඩියක් හරි දෙන්න වෙයි කියල මයේ හිතේ

    ReplyDelete
  30. මුව නැන්ද අම්ම මම කාපිය

    ReplyDelete
  31. සුබ පැතුම් නව යුවලට !

    ReplyDelete
  32. හදවතින්ම සුබ පතනවා දෙන්නටම ලස්සන ජිවිතයක් ගත කරන්න ඕන සියලුදේ ලැබෙන්න කියල... ජේසු පිහිටයි සහෝ !!

    ReplyDelete
  33. All the best

    I have been reading and enjoying all your posts.Happy wedded life for you and your beautiful wife

    ReplyDelete
  34. සුබ පැතුම් මලේ.......

    අර මාමා කිව්ව කතාව මොකක්ද බොලේ...දරුමල්ලො දෙන්නෙක් තුන්දෙනක් හිටියාම ඇති කිව්වද

    ReplyDelete
  35. හප්පා මං හොදටම පරක්කු වෙලා... සුබ මංගලම් මධුරංග.. ජයමවේවා.

    ReplyDelete
  36. සුභ පැතුම් මල්ලි.. :)

    ReplyDelete
  37. All :
    සුබ පැතුම් වලට වගේම ඇනුම් බැනුම් වලටත් ස්තූතියි... !

    ReplyDelete
  38. මං හරි ම වෙලාවට ඇවිත් තියෙනවා වගේ.. සුභපැතුම් මධුරංග අයියේ... වාසනාවන්ත අනාගතයක් වේවා... ඔයාටත්, ඔයාගෙ එක්කෙනාටත්...

    ReplyDelete
  39. Thanks for sharing, nice post! Post really provice useful information!

    FadoExpress là một trong những top công ty chuyển phát nhanh quốc tế hàng đầu chuyên vận chuyển, chuyển phát nhanh siêu tốc đi khắp thế giới, nổi bật là dịch vụ gửi hàng đi nhậtgửi hàng đi pháp uy tín, giá rẻ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.