14 August 2014

යාළුවෙක් හදපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් ටිකක්

මේ ටිකේ මම ලිපි ලියාගෙන යන රටාවට පොඩි විරාමයක් තියලා අපේ යාළුවෙක්ට පොඩි අවස්ථාවක් දෙන්න හිතුවා. මේ ලිපියෙන් පස්සේ අයෙම පරණ ලිපි සෙට් එක නවත්තපු තැනින් පටන් ගන්නවා.

කැළුම් මේශාන්ත ප්‍රනාන්දු

අපිත්තෙක්ක පේරාදෙණිය සරසවියේ පරිඝණක ඉංජිනේරු විද්‍යාව හදාරපු කොල්ලෙක්. ඒ වගේම හැබැම දක්ශයෙක්.. කැලුම් ගැන තව දුරටත් කියනවා නම් මීගමුවේ ජීවත්වෙන මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන් සරසවි වරම් ලබලා පේරදෙණියට ආපු කොල්ලෙක්.

අපිත්තෙක්ක පේරාදෙණිය සරසවියේ හිටපු දවස්වලත් එක එක මෘදුකාංග නිර්මාණයේ යෙදුනු කෙනෙක් තමයි කැලුම් කියන්නේ. කැලුම් ඒ දවස්වලත් දුරකතන වැනි ජංගම උපාංග වලට මෘදුකාංග නිර්මාණය ගැන සෑහෙන උනන්දුවකින් හිටියා.

ඒ නිසාම ඔහු ඇන්ඩ්‍රොයිඩ් හා සම්බන්ධ මෘදුකාංග නිර්මාණය කරන්න පෙළඹුනා. අද ලිපියෙන් ඔහු අතින් නිර්මාණය වෙච්ච මෘදුකාංග තුනක් දෙන්නයි මේ සූදානම.

මේ මෘදුකාංග තුනම ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට ඕන කරන ලයිව් වොල්පේපර් මෘදුකාංග... !

ඔයාලත් බාගත කරගෙන පාවිච්චි කරලා බලන්ඩකෝ !

01. Sunflower Live Wallpaper

02. Natural Leaf S4 Live Wallpaper

03. Natural Lake S5 Live Wallpaper

ඔය උඩ තියෙන සබැඳි වලට ගිහින් ඒවා පාවිච්චි කරලා බලන්ඩකෝ..
එහෙනම් මම ගියාවේ...

ඊලඟ ලිපියෙන් බිලින්ග්ස් ක්‍රමය ගැන ලියන්නම්.... එතෙක් ජය හා සතුට ! 

7 comments:

  1. මට මක්කටෙයි අනේ ඕවා.. කෝම උනත් කොල්ලා වැඩ්ඩෙක් උඹ වගේ හඩ්ඩෙක් නෙමෙයි... හැක්..

    ReplyDelete
  2. හරි මං බාගන්න යන ගමන්..
    ඇවිත් කියන්නං

    ReplyDelete
  3. අඳුනගන්න වටින මනුස්සයෙනෙ. ස්තූතියි මධුරංග.

    ReplyDelete
  4. ඕවගෙන් බැටරිය ඉක්මනට බහිනවෝ!!!

    ReplyDelete
  5. බොලාගේ මිත්තරයට සුභ පතනවා...තව තව වැදගත් දේ ඉදිරිපත් කරන්නට ලැබෙන්න කියලා...බොට බැරිද මොකුත් අටවගන්න ?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.