අද කියන්න යන්නේ සෙල්ලමක් ගැන. සෙල්ලමේ නම තමා පෝස්ට් එකේ හෙඩිම.මේ සෙල්ලම ගැන අපට විශ්ව විද්‍යාලයේ දේශනයකදි කියලා දුන්නා. කට්ටිය නම් මේ සෙල්ලම ගැන මෙලහකටත් දන්නවා ඇති.
මෙහෙමයි සෙල්ලම කෙරෙන්නේ.
තරඟ කොන්දේසි
වම් පැත්තේ තියෙන තැටි සේරම ටික දකුණු පැත්තේ කුළුණට ගිහින් දාන්න ඕනේ. හැබැයි එකවරකට එක තැටියයි කුළුනකට දාන්න පුලුවන් වෙන්නේ. තව එකක් තමා පොඩි තැටියක් උඩ ලොකු තැටියක් වැටෙන්න බෑ.
මේ සෙල්ලම ගොඩාක් පරණ එකක්. ඉන්දියාවේ පන්සලක තියෙනවලු මෙහෙම රත්තරන් තැටි 64ක් තියෙන හැනොයි කුළුනක් !!!! ඒ කුළුණේ වම් පැත්තේ තියෙන තැටි සේරම දකුණු පැත්තේ කුළුණට දාන්න ඕනේ. මෙහෙම තැටි එකින් එක අර මම් උඩ කියපු නීති වලට එකඟව දකුණු පැත්තේ කුළුනට දාලා අන්තිම තැටිය කුළුණට වැටෙනකොට ලෝකය විනාශ වෙනවලු !!
අන්තිම තැටිය කිව්වේ පොඩිම තැටිය !!!!
මේ තැටි හැටහතරෙන් එක තැටියක් අනිත් කුළුණට දාන්න එක තප්පරයක් ගත වෙනවා නම් තැටි සේරම අනිත් කුළුණට වැටෙන කොට දළ වශයෙන් තත්පර 264 -1 ක කාලයක් ඒ කියන්නේ අවුරුදු බිලියන 585ක් විතර වැය වෙනවලු !!
වම් පැත්තේ තැටි සේරම අනිත් පැත්තට වැටෙනකොට 18,446,744,073,709,551,615 වාර ගානක් අවශ්‍ය වෙනවලු.
ඉතින් හිතාගන්න පුලුවන් නේ සෙල්ලමේ තරම කෝමද කියලා. අපිට කැම්පස් එකේ උගන්නපු දේශකවරයා කිව්ව විදිහට මේ සෙල්ලම කරන්න කම්පියුටර් එකකට බාර දුන්නොත් ලෝඩ් එක වැඩිවෙලා රැම් එක ගිනි ගනී ලූ.
----------------------------------------------------------
ප.ලි. - ගෙදර විවේකිව ඉන්න වෙලාවක සෙල්ලම කරලා බලන්න. තැටි තුන හතරක් ගත්තොත් වැඩේ ගොඩක්ම ලේසියි. මෙන්න තැටි හතරක හැනොයි කුළුණේ සෙල්ලමේ විසදුම !!
(තැටි තුනක් හොයාගන්න බැයි නම් එක එක සයිස් වල පොත් තුනක් හොයාගෙන කරලා බලන්න.)
හප්පේ හරිම අමාරු සෙල්ලමක් නොවැ.. මමත් මේ සෙල්ලම ගැන අහල තියෙනවා උනාට මෙච්චර විස්තරයක් දැනගත්තේ අද.. මරු ලිපිය..
ReplyDeleteඅපි ඕක කරා අයියේ , ජාවා ඉගෙන ගන්න කාලේ..අසයිම්න්ට් එකක් තිබ්බ ඕකෙන් :)
ReplyDeleteමල්ලි සිරා සෙල්ලමක් මචං... මේ වගේ අයිටම් කඩේ ගන්න තියේද බං....
ReplyDeleteමේ ලෝක විනාශ වෙන කතාවත් අර මයාවරුන්ගේ දින දර්ශනය වගේ එකක්ද දන්නෑ?
ReplyDeleteමම නම් මේ ගැන අදයි දැන ගත්තේ?
ශෝක් ශෝක්....මමත් තැටි 3 හොයාගෙන කරල බලන්නම්....
ReplyDeleteThanks
මමත් කරලා තියෙනවා මේ සෙල්ලම.මේක ෆෝන් එකක තිබ්බා.ඒකෙ තිබ්බ අමාරුම ලෙවල් එකෙත් තිබ්බෙ තැටි 5ක් විතරයි.ටිකක් අමාරු උනාට මම හිතුවෙ නෑ එච්චරම ලොකු කතාවක් මේක පිටිපස්සෙ තියෙනවා කියලා.මරු
ReplyDeleteඅප්පා මෙව්වා කොරන්න වෙලාවක් කෝ බන් . .
ReplyDeleteමක්ක උනත් හිත එකලස් කර ගන්න කරන්න ඇහැකි හොඳ සෙල්ලමක් වගේ
ලේසි නැහැ වගේ........
ReplyDeleteRise of the Planet of the Apes film eka meka gana kiyanawa....
ReplyDeleteමේක Haskell වගේ Lazy Evaluation Language එකකින් කරන්න හැකි. ජාවා වලින් තැටි 64කට විසඳන්න පුලුවන්ද මන්දා?
ReplyDeleteහික්ස්...පට්ට පට්ට....
ReplyDeleteඑලනේ අයියා , අයියා මගේ රැම් එකත් පිච්චුවා... මන් ඔක කරන්නම් සුළු වැඩක් නේ
ReplyDeleteමරු නේ...අදයි දැන ගත්තේ අර හැනොයි කුළුණ ගැන...
ReplyDelete//තව එකක් තමා ලොකු තැටියක් උඩ පොඩි තැටියක් වැටෙන්න බෑ.//
මධූ, මේකේ අනිත් පැත්ත නෙමෙයිද හරි ?
මරු ගේමක්නේ. ඒත් මට ඔය වගේ සෙල්ලම් කරන්න ඉවසීමක් නෑ. චෙස් දාම් වගේ සෙල්ලම් වුනත් මම වැඩිය කරන් නැත්තෙ ඒකයි
ReplyDelete''මේ තැටි හැටහතරෙන් එක තැටියක් අනිත් කුළුණට දාන්න එක තප්පරයක් ගත වෙනවා නම් තැටි සේරම අනිත් කුළුණට වැටෙන කොට දළ වශයෙන් තත්පර 264-1 ක කාලයක් ඒ කියන්නේ අවුරුදු බිලියන 585ක් විතර වැය වෙනවලු !!''.............mata meika terenne nahane....
ReplyDeleteමම නම් අදමයි දන්නේ මේ ගැන, හරිම අමාරු වැඩක් වගේ...
ReplyDeleteඅනේ අම්මේ...වීඩියෝව දැක්කාමයි තේරුනේ..හපොයි....
ReplyDeleteහප්පා...ටිකක් මඤ්ඤං වෙන වැඩක් වගේ.... ඒත් ට්‍රයි කරන්න ඕනෙ...ලේසි වෙන එකක් නෑ වගේ....
ReplyDeleteඅනේ මන්ද මෙහෙමත් තැටි සෙල්ලම්..අපිත් කොහේ හරි ඕක අත ගහල තිබ්බ මධුරංග..ඉතින් කොහොමද දැන් වැඩ කටයුතු ?
ReplyDeleteලොවෙත් නැති සෙල්ලමක් නේ බං ඒක. අනේ අම්මේ මට නම් තැටි හතරක එකක් හොඳටම ඇති.
ReplyDeleteමාත් යන්තම් ඔය ඉන්දියාවෙ කෝවිලේ කතාව අහල තියෙනව... මම අහල තියෙන විදිහට එතන පූජක පරම්පරාව දවස තිස්සෙම නොනවත්වා ඔය තැටි මාරු කරනවලු...
ReplyDeleteමේකට "හැනෝයි" කුලුන කියන්නෙ මොකද කියල බින්දි ගෙන් අහන්න ඕන...
හප්පේ.... නියම සෙල්ලම.... :D
ReplyDeleteලිපියෙන් කිව්ව හරුපෙ තේරුණේ වීඩියෝ එක බැලුවම තමයි.... :D :D
මරු සෙල්ලමක්නේ අයියේ.. අදයි මං ඇහුවේ..
ReplyDeleteමට නම් පේන්නේ හරිම ලේසි ගේම් එකක් වගේ. බලමු ට්‍රයි එකක් දීලා...:D
ReplyDeleteදැනගෙන හිටියට කරන්න ආස හිතුනේ මේක දැක්කම.
ReplyDeleteහෙටම එකක් හදා ගන්න ඕනේ... කම්මැළි වෙලාවට මරු...
@වර්ණා :
ReplyDeleteවර්ණා නංගිව මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. නොදන්න දෙයක් මේ ලිපියෙන් දැන ගන්න ලැබුන එකට සතුටුයි.
@ChammA :
එහෙනම් මල්ලි මේ ගැන දන්නවා. අපිත් මේක කලා. මරු ඇල්ගෝරිතම් එකක් !!!
@ගෝල්ඩ් ෆිෂ් :
එහෙම නම් දන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බැලුවා නම් දනගන්න තිබ්බා.
@රූ.... :
ReplyDeleteඑහෙම එකක් වෙන්නැති අක්කා. මේක පුරාවෘතයක් !!
@වැලිමැඩියා :
එහෙනම් මේක කරලම බලන්න. වැලිමැඬියා අයියවත් මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
@දිනුක ජයකොඩි :
මේකේ තැටි ගාන වැඩි වෙනකොට සංකීර්ණත්වය වැඩි වෙනවා. මාත් මේක ඇපල් ෆෝන් එකක දැකලා තියෙනවා.
@දුකා :
ReplyDeleteඅයියලාට වෙලාවක් නැති උනාට පුතාට වෙලාවක් තියෙයි නේ. ලංකාවට එන කොට මෙයින් එකක් පුතාට ගෙනත් දෙන්න. :)
@Hasitha :
ලේසි නෑ. තැටි ගාන වැඩි වෙනකොට සෙල්ලම අමාරුයි.
@Anonymous :
මම නම් ඒ ෆිල්ම් එක බලලා නෑ. කියපු නිසාම හොයලා බලන්න ඕනා.ස්තුතියි
@Chanaka Aruna Munasinghe :
ReplyDeleteජාවා වලින් නම් කොහෙත්ම බෑ අයියා. මේක ලොකු ට්‍රී එකක් වෙනවා. එතකොට නෝඩ්ස් ඩිෆයින් කරන්න ඕනා. එහෙම කරනකොට රැම් එකේ ඉඩ ගන්නවා. ඒ නිසයි එහෙම වෙන්නේ. හැස්කල් වලින් නම් පුලුවන් වෙයි. මොකද පාවිච්චි නොකරන මෙමරි ආයෙම යූස් කරන්න පුලුවන් නිසා.
@~~තරූගේ ලෝකය~~; :
ස්තුතියි ස්තුතියි !!!
@රහස් පරික්ෂකයා :
කාලෙන් කාලෙට බුද්ධිමත් අය බිහිවෙනවා කියලා කතාවක් තියෙනවා. මල්ලිත් එහෙම කෙනෙක්ද දන්නේ නෑ.
@සයුරි :
ReplyDeleteඔවු අක්කා හරි. ගොඩක් ස්තුතියි නිවැරදි කිරීමට.
@විසිතුරු | visituru :
මේකට පොඩ්ඩක් ඉවසීමත් තියෙන්න ඕන. :)
@වින්චැට් කිරිල්ලී. :
264 නෙමෙයි නඟා !!! දෙකේ 64වෙනි බලය. (2 to the power of 64) ඒකෙන් තමා එකක් අඩු කරන්න ඕනා. html වල superscript tag එක දැම්මට ඒක පේනකොට අවුලක් වෙලා.
@ලහිරු :
ReplyDeleteතැටි ගාන වැඩි වෙනකොට ගේම අමාරුයි.
@නිසුපා :
වීඩියෝ එකක් නෙමේ අක්කා. ඒක GIF ඉමේජ් එකක්. මම් විඩියෝ පෝස්ට් දාන්නේ නෑ කියලා තීරණය කරලා ඉන්නේ. එවුවා දැම්මම ඔයාලගේ ඩේටා ඉවර වෙන නිසා.
@දිල් :
මාව මඤ්ඤං උනා අක්කා මඤ්ඤං කියලා වචනේ ලිව්වේ කෝමද කියලා හිතුනම. :)
@පැන්ඩා :
ReplyDeleteකැම්පස් එකේ එහෙම කියලා දෙනවා. ඒකේ ඇල්ගෝරිතම් එක මරු !!! මම නම් මේ දවස්වල ජොබ් එකක් කරනවා. කොළඹ තමා වැඩි හරියක් ඉන්නේ.
@Kasun :
මටත් ඔය තැටි හතර හොදටම ඇති.
@සපතේරු උන්නැහේ :
අන්න වැඩේ බින්දි අක්කා හැනොයි වල ඉන්න නිසා හොයලා බලයි. මාත් අහලා බලන්නම්.
හමිමි....
ReplyDeleteඅර ලෝක විනාස කතාව ඇරෙන්න,මේක සිරා ගේම් එකක් බවයි පේන්නේ..
ලෝක විනාසෙ ගැන කතා කරද්දි මගේ යකා 34500ටම නගිනවා හෆ්ෆා...
හැබැටම..මේ මගේ පළවෙනි කොමෙන්ටුව...
ජය වේවා!...
@මහි :
ReplyDeleteලිපියෙන් කියපු හරුපේ !!!! හපෝ :)
ඒක වීඩියෝ එකක් නෙමේ නංගි. ඒක ඉමේජ් කෑල්ලක්. චලනය වෙන ඉමේජ් එකක් !!!
@Dinesh :
එහෙනම් සෙල්ලම කරලා බලන්න මල්ලි.
@Podi Kumarihami :
ලේසියි කියලා හිතුනට මේක හෙනම සංකීර්ණයි !!!:)
කරලා බලන්න්කෝ !!!
@නාකියා :
ReplyDeleteඔවු ඉතින් ගෙදෙට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්නකොට මේක මරු !! හදගෙන බලන්න.
@ඹාලු ෆිට් එක :
ලෝක විනාසෙට ඔච්චරම බය මොකෑ !!
සෙල්ලම සිරා නම් කරලා බලන්න මල්ලි !!! :)
මල්ලිවත් මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
අඩේ මේක ෆට්ට ගේම් එකක් වගේ. කොහෙන් හරි හොයාගන්න ඕන.
ReplyDelete@ සපතේරු.
'එතන පූජක පරම්පරාව දවස තිස්සෙම නොනවත්වා ඔය තැටි මාරු කරනවලු...'
ඇයි ඒ කට්ටිය ලෝක විනාසෙට එච්චරම ආසද?
This is a typical example used in Dynamic Programing,
ReplyDeleteපට්ට සෙල්ලම අයියා....
ReplyDeleteකඩ සාපු වල දැකලා තිබුණා. ඒත් ක්‍රීඩාවක් වග දැනගත්තෙ අද. කෙසේ වෙතත් තැටි හතරක් ,පහක් හොඳටම ඇති.:D :D
ReplyDeleteඕව කරන්න ගිහින් මොලේ ලෝඩ් එක වැඩි වෙලා රැම් එක ගිනි ගත්තොත් මධු අයියා තමයි හරිය?? :P :P
ReplyDeleteහෆ්ෆා.... o_o මාර සෙල්ලමක්නෙ මේක....
ReplyDeleteහප්පේ මේ සෙල්ලම ගැන දන්නෙ අදනේ... ඔය ක්‍රම ගණන ගන්න සූත්‍රයක් එහෙම ඇතිනේ...
ReplyDeleteමෙහෙම සෙල්ලමක් නම් මම ඇහුවමයි අය්යේ.. කරලා බලන්නම ඕනා... තුන හතරක්වත් අරගෙන
ReplyDeleteකරලාම බලන්න ඕනා අය්යේ.... 4කට ඒතරම් ලොකු දෙයක් නැ වගේ හිතුනත් හිතන්න දෙයක් තියනවා නේද අය්යේ..
ReplyDeleteමේ ඉංදියාවේ කොහෙද ඒ පන්සලක තියෙන්නෙ?
ReplyDelete(හරි ගියොත් 1%ක් දෙන්නම්) ;)
හප්පට සිරි නියම භාන්ඩෙ. ගෙයි ඉස්සරහ වඩු මඩුවට දුන්න නම් හදාගන්න ඇහැක් වෙයි වගේ. බොහොම ස්තූතියි මධුරංග මල්ලී.
ReplyDeleteඕන් නැහැ මං වෙන සෙල්ලමක් හොයා ගන්නං, ඔය පොකට් බිලියර්ඩ් වගේ එකක්
ReplyDeleteඅනේ මංදා මටත් මේකේ ඒ හැටි අමාරුවක් නම් පේන්නේ නෑ...
ReplyDeleteකරලම බලන්න ඕනේ.....
කරලා බලාලාම අමාරු ලේසි කියන්න ඕනේ,.....
සමහරවිට අමාරු වෙයි!
ඔය සෙල්ලම වෙන විදිහට ප්‍රොග්‍රෑම් එකක් ලියන්න දුන්නා අපිට කැම්පස් එකේදි අසයින්මන්ට් එකකට.
ReplyDeleteමූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.
ReplyDeleteඅද තමා බ්ලොග් කියවන්න සෙට් උනේ.. අර ඉන්දියාවේ තියන දේවාලේ තැටි ටික උස්සමුද? ලෝකේ බේරගන්න පුළුවන් එතකොට
ReplyDeleteඇත්තටම නියම සෙල්ලමක් තමයි අයියා....
ReplyDelete@Praසන්ன :
ReplyDeleteඅනිවර්යෙන්ම කරලා බලන්න. මරු සෙල්ලමක් මේක.
@කතන්දර Kathandara :
යා. ඉස්ට් ටෲ
@පිස්සු පුසා :
හ්ම්. මරු සෙල්ලමක් තමා. :)
@හරී - පිණිපළස :
ReplyDeleteඔන්න එහෙනම් අක්කෑ දූ පොඩ්ඩට ගෙනත් දෙන්න මෙයින් එකක්.
@Ice (අයේෂා කුලතුංගා:
අම්මෝ එහෙනම් සෙල්ලම් කරන්න එපා. නැත්නම් මට විසුමක් වෙන්නේ නෑ.
@හිතුවක්කාරි :
මාර සෙල්ලමක් නේන්නම්. :)
@ප්‍රසංග :
ReplyDeleteහෙමෙ එවුවත් ඇති. ඒවා නම් මම දන්නේ නෑ. හොයලා බලන්න වටිනවා.
@හිතුමතේ :
අනිවාර්යෙන්ම මේ සෙල්ලම කරලා බලන්න.
@දේවා ගේ අඩවිය :
ඔවු. හිතුවේ නැත්නම් කරන්න ටිකක් අමාරුයි.
@සීතල අයියා :
ReplyDeleteඒ රත්තරන් තැටි හොරකම් කරන එවුන්ට වස් වදිනවලු මල්ලි. පවු නේද මල්ලි ඒ හොරු ??? :)
@nawammawatha :
එහෙනම් හදාගෙන සෙල්ලම් කරලා ගුණාගුණ මටත් කියන්න අයියේ.
@Observer :
මොකෑ මාමා මේ සෙල්ලමට එච්චර ආසාවක් නෑ වගේද ?
අර කිවුවත් වගේ මොලේ ලෝඩ් වෙලා ඔළුව ගිනිගනීද දන්නෙත් නැහැ. පට්ට පට පට කිවුවලු. කරල බලමු නරකම නෑ
ReplyDelete@ගලයා :
ReplyDeleteඅපෝ නෑ මලේ. අමාරු වෙන එකක් නෑ. විසදුම දන්නවා නේ ?
@පිණිබිඳු... :
අපිත් ඉගෙන ගත්ත නිසා තමා මතක. නැත්නම් කොහෙද පිණි මේවා මතක හිටින්නේ ?
@Podi Kumarihami :
එහෙනම් ඒ පොඩ්ඩිව හොයාගෙන බ්ලොක් කරන්න තියෙන්නේ අක්කේ.
@ක්සැන්ඩර් | Xander :
ReplyDeleteඑවුවා ටික ඉස්සුවා නම් අපෙත් කල්ල මරේ !!!
ඔන්න ගේමක් දෙනවනම් මාත් එනෝ.
@මධුරංග :
ඒක හරි !!! ඒක හරි !!
රයිස් ඔෆ් දි ෆැලැනට් අර්ත් ෆිල්ම් එකේ චිම්පන්සියෙක් මේ ක්‍රීඩාව කරනවා මම මීට සති දෙහෙකට විතර කලින් ඒ ෆිල්ම් එක බලනකොට දුටුවා . මම එතකොට හිතුවේ මේ නිකම් ජොලි සෙල්ලමක් වෙන්ඩැති කියලා . දැනුයි සෙල්ලමේ රඟ දැනගත්තේ
ReplyDeleteමට මග ඇරිලා අයියෝ..ඒවා කොහෙද මගෙත් එක්ක...මන් මේ ස්ටඩි ලීව් එකේ කරන්න දෙයක් නැතුව හිටියේ ඕන්...පොත් ටිකෙන් ඕකවත් කරලා බලන්ට ඕනා...හිකිස්
ReplyDeleteඔය කියන සෙල්ලම මම මේ ෆිල්ම් එකේ දැක්කා.
ReplyDeleteRise.of.the.Planet.of.the.Apes.2011.
අහ් මේක අර ෆිල්ම් එකෙත් තිබ්බා...
ReplyDeleteමේකේ පඩි වැඩි වෙනකොට පිස්සු හැදෙයි නේ..??
වෙන සෙල්ලමක් බලනවා, මේක බරපතල් වැඩියි වගේ ......
ReplyDeleteHey I know this is off topic but I was wondering if you
ReplyDeleteknew of any widgets I could add to my blog that automatically tweet
my newest twitter updates. I've been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this. Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to your new updates.
Feel free to visit my page : vietnam airlines
Does your site have a contact page? I'm having trouble locating it but, I'd like to send you an e-mail.
ReplyDeleteI've got some recommendations for your blog you might be interested in hearing. Either way, great website and I look forward to seeing it improve over time.
my website ... creative group