17 November 2011
අපේ කොරිඩෝව
කාලෙකට කලින් කැම්පස් එකේ ෆොටෝ වගයක් ඕන වෙලා අන්තර්ජාලේ පීරලා හොයන කොට අපූරු පින්තූරයක් හම්බ උනා. ඒ පින්තූරේ තමා ඔය පහලින් තියෙන්නේ. මේ පින්තූරේ තියෙන්නේ අපේ කොරිඩෝව !!!
අපේ කියලා කිව්වේ අපේ ඉංජිනේරූ පීඨයේ.
කැම්පස් එකේ පින්තූර අන්තර්ජාලේ ගොඩක් හොයාගන්න තිබ්බට මේ කොරිඩෝවේ පින්තූර නම් හොයාගන්න තිබ්බේ නෑ. මේ කොරිඩෝව දැක්කම අපේ රැග් සීසන් එකේ දි අපට කියලා දීපු කතාවක් මතක් උනා.
ඒක තමයි මේ කොරිඩෝවේ දෙකෙලවර ගොඩක් අදුනන දෙන්නෙක් හිටියත් එවුන් දෙන්නට එකිනෙකාව අදුන ගන්න බෑයි කියලා කියනවා. හැබැයි මම් මේ කියපු කතාව ඇත්තද කියලා බලලා නෑ.ඇත්ත වෙන්ටෑ. කොරිඩෝවේ දිග හිතාගත්තෑකිනේ.
පින්තූරේ ගත්තේ මෙන්න මෙතනින්
සංකල්පනා RSS සබැඳිය :
Post Comments (Atom)
mmmm.... aththatama kochchara digada?
ReplyDeleteරැග් සීසන් එකේදි මෙහෙමයි වුනේ මලේ..
ReplyDelete(කොරිඩෝවෙ එක කොනක සිට)
“දැන් තෝ කියපිය බලන්න අර එහා කොනේ පේන එකා කවුද කියලා.“
“ජ්‍යෙෂ්ඨතුමා, ඒ කොනේ ඉන්න එක්කෙනා අඳුරගන්න බෑනෙ මේ කොරිඩෝවෙ දෙපැත්තෙ ඉන්න කටිටියට එයාලව අඳුන ගන්න බැහැනෙ..“
“කවුද යකෝ උඹලව කඩේ යැව්වෙ..උඹලත් ඉතින් ඇඳන් බලන් ඉන්නෙ කඩේ යන්න, එහා පැත්තෙ අඳුනන් නැති කොනෙක් හිටියොත් කොහොමද බොල ඇස් දෙකට පෙනුනත් අඳුන ගන්නෙ?“
අනන්තයට යන කොරිඩෝවක් වගේ...ඒ කතාව නම් ඇත්ත වෙන්න ඇති...
ReplyDeleteඅනන්තරයට යන පාර ...........!
ReplyDeleteඅනන්තයට යන පාර ..........!
ReplyDeleteඇයි ඕයි ඔච්චර කල් හිටියා ෆොටෝ එකක් ගත්තේ නැද්ද?
ReplyDeleteඅපොයි ඔව් ඒකෙ දුරේ හැටියට අඳුන ගන්න බැහැ තමා........
ReplyDelete''Red Riding Hood ..''......මේක ලස්සනම ලස්සන ෆිල්ම් එකක්.මම ආසම නිලිය 'අමන්දා' ඉන්නෙ......
ReplyDeleteසරසවි පුදුම 7
ReplyDeleteඅංක 6 - ඉංජිනේරු පීට බරාදය
හොදින් අදුනන දෙදෙනෙකු උවද එහි දෙපස සිටින විට එහි දිගෙහි විශාලත්වය නිසා එකිනෙකා හදුනාගත නොහැක.
ඔන්න ඔහොම තමයි සාහිතයේ තියෙන්නේ මට ඕක හම්බුනේ අන්තර්ජාලයෙන් (දැන් කාලේ වෙනස්නේ ඉස්සර තමයි කොළ වලින් හම්බුනේ ;) නැද්ද මදුරංග අයියා )
ඇත්ත වෙන්ටත් ඇති. කොරිඩෝව කලුවරයි...:D
ReplyDeleteලංගමෙන් බස් එක්ක දාලද තිබ්බේ? :D
ReplyDeleteඔය වගෙ කොරිඩෝ දෙකක් දුරින් හිටියත් අඳුනාගන්න පුලුවන් කෙනෙක් මධුරංගට හිටියෙ නැද්ද?
ReplyDeleteමමත් දවසක් මේක දිගේ ඈතටම ඇවිදගන ගියා.සෑහෙම දුරයි තමා :)
ReplyDeleteඈ බොලේ උබල දවසකට කීපාරක් ඕකෙ එහා මෙහා යනවද??
ReplyDeleteඇත්තටම මේක කොච්චර දිගද මධූ....? තනියම ගියොත් බය හිතෙන තරමට පාලුයි වගේ....
ReplyDeleteඒක තමයි මේ කොරිඩෝවේ දෙකෙලවර ගොඩක් අදුනන දෙන්නෙක් හිටියත් එවුන් දෙන්නට එකිනෙකාව අදුන ගන්න බෑයි කියලා කියනවා
ReplyDelete*මේකනම් ඇත්ත. අර ඉලෙක් ලැබ් එක ගාව කැන්ටිම ගාව බටේ උඩ පැයක් විතර වාඩි වෙලා බලා ඉන්නකො*
අපෝ වෙලාවට අපිට ඔහොම ඒවා තිබුනේ නෑ...:)))
ReplyDeleteසෑහෙන දිගයි වගේනෙ කොරිඩෝව.හෑබෑටම මල්ලි දිග කොහොමද???
වැස්සකට අහු වෙලාවත් පේරාදෙනියෙ වි.වි. ඇතුලට ගිහිං නැහැනෙ.
ReplyDeleteඑහ පැත්තට යන්නේ බයික් එකෙන් වෙනැටැති නේද..
ReplyDeleteඕකෙ යන්ඩ මෝටර් සයිකලයක් වත් එපැයි.
ReplyDeleteත්‍රීවීල් එකක් ගිහින් තියා ගත්තනම් ගානක් හොයා ගන්න තිබ්බා... :D
ReplyDeleteඅනිත් කෙළවරේ ගවුං කොටයක් උන්න නං මේක ඇස් වහං අඳුරගනී.
ReplyDeleteසරසවියේ පුදුම හත ගැන කියලා දෙද්දි ඔය ගැනත් කියලා දුන්නා මතකයි..
ReplyDeleteමේ ඇත්තටම මේ කොරොඩෝව කොච්චර දිගද??
ReplyDeleteඇත්තට මාර දිගයිනේ කොරිඩෝව,.. හැබැයි අමුතුම ලස්සනක් තියෙනවා කණු අතරින් ඉර එළිය වැටුනම,.
ReplyDeleteඅම්මියෝ මේකෙ දිග....
ReplyDeleteඉරිසියා කරනවා ඇර වෙන මොනවා කරන්නද?අපේ මුළු ෆැකල්ටියම අක්කර බාගයයි.
ReplyDelete@Red Riding Hood :
ReplyDeleteසෑහෙන්න දිගයි. එහෙම කියලා දිග නම් දන්නේ නෑ.
@රූ.... :
අම්මෝ අපිව එක්කන් ෆැකල්ටි ගියොත් ජේෂ්ඨයෝයි අපියි දෙගොල්ලොම සස්පෙන්ඩ් කරයි !!!
@සයුරි :
ඒක හරි අක්කේ. සෑහෙන දිග කොරිඩෝවක්
@හිස් අහස :
ReplyDeleteඅනන්තයට යන පාර දිගේ !!!
@කතන්දර Kathandara :
අමතක උනා බොල. කමරාවක් තියෙනකොට කොරිඩෝවේ නෑ. කොරිඩෝවේ ඉන්නකොට කැමරාවක් නෑ. උපාධි ගන්නකොටවත් බලමුකෝ ෆොටෝ එකක් ගන්න
@වින්චැට් කිරිල්ලී. :
ඒක තමා නංගි. ගොඩක් දුර යි
@MaRLaN :
ReplyDeleteඔය ටික කටපාඩම් කරගනු !!! නැත්නම් වෙන වැඩේ දන්නවනේ. හික්ස් :)
@Podi Kumarihami :
ඇයි අප්පා. අවුව වැටිලා තියෙනවා පේන්නේ නැද්ද :)
@සීතල අයියා :
අපි ඉන්නකොට නම් දාලා තිබ්බේ නෑ. දැන් තියෙනවද දන්නේ නෑ.
@සරත් ලංකාප්‍රිය :
ReplyDeleteහිටියා !! හිටියා !! ඒවා අතීතයට එකතු වෙලා. අතීතය මිහිදන් වෙලා.
@නදී :
ඒ කාලේ මම් අක්කව දැනගෙන හිටියා නම්....
@ප්‍රසංග :
එක පාරයි හරි දෙපාරයි. එපාවෙනවා ඒ දිගේ ගියාම.
@දිල් :
ReplyDeleteඅනේ බොල !!! අච්චර සමාජෙත් එක්ක ගැටෙන ආත්ම ශක්තියක් තියෙන කෙනාට මේ කොරිඩෝවේ යන්න බයයි ලු !!! අනේ බොල !!!
මේක එහෙම වහලා තියෙන කොරිඩෝවක් නෙමේ. කනු උඩ වහලයක් ගහලා තියෙන ජාතියේ කොරිඩෝවක්.
@Chanaka Aruna Munasinghe :
දැන් ඒ යකඩ බටේ අයින් කරලා. මම් ගොඩක් දවස්වල දැකලා තියෙනවා මකරයියා ඔය යකඩ බටය උඩ වාඩිවෙලා ඉන්නවා.
@නිසුපා :
සෑහෙන දිග උනාට කොච්චරක්ද කියලා නම් දන්නේ නැත.
@Observer :
ReplyDeleteඅපෝ ඔබා මාමා මෙහෙ ප්‍රශර්ශනයක් තිබ්බා. ලංකාවේ හිටියා නම් එන්න තිබ්බා. අපටත් ඔබා මාමව බලාගන්න තිබ්බා.
@නිම්ශා :
බයික් එකකින් යන දුරක් තමා !!!
@පිණිබිඳු... :
බයික් එකක් හොයාගන්න බැරි උනා නෙව.
මොකද්ද ප්‍රශ්නෙ?
ReplyDelete@තාරක Dilsh@n :
ReplyDeleteඒක නම් ඇත්ත තමා. එක ටර්න් එකකින් 60ක් හොයා ගන්න තිබ්බා.
@නවම් :
ඔවුවා ඉතින් මම් විහින් දාගන්න ලෙඩ. සායවල් ගැන ලියලම දාගත්ත ලෙඩ. හික්ස් :)
@අකීකරු හිත :
ඒකනේ නංගි. නංගිලාටත් ඔවුවා උගන්නලා තියෙනවා නේ.
@Dinesh :
ReplyDeleteසෑහෙන දිග කොරිඩෝවක් මල්ලි !!
@ප්‍රාර්ථනා :
ඉර එලිය වැටුනම ලස්සනයි තමා.
@~~තරූගේ ලෝකය~~; :
:) සෑහෙන දිග කොරිඩෝවක් !!!
@දිනුක ජයකොඩි :
ReplyDeleteමෙහෙ නම් සෑහෙන විශාල ඉඩමක් !!! අම්මෝ ඒක වටේ යන්න දවස් දෙකක් විතර යනවා.
@Observer :
ප්‍රශ්නයක් නෙමේ මාමා !!! ප්‍රදර්ශනයක් !!
මයේ අක්ශර වින්‍යාසයේ අවුලක් සිද්ද උනා.
ඔබා මාමා අද රෑ වෙනකන්ම වැඩ වගේ...
ReplyDeleteඔන්න ප්‍රශ්නයක් තියෙනවනම් කියන්න, මාම බැහැල වැඩේ ක්ලියර් කරල දෙයි. :D
ඒකේ දුර නිකන් පාන දුර වගේනේ
ReplyDelete@තාරක Dilsh@n :
ReplyDeleteඒක නම් ඇත්ත වෙන්නැති. අද කමෙන්ට් දෙක තුනක්ම දාලා.
@malmi :
පානදුර නෙමේ මේ පේරාදෙණියේ !!!
අම්මෝ!!!! මේකෙ දිග :O පිස්සු හැදෙනවනෙ අයියේ..
ReplyDeleteමේකාගේ ඔළුව පලන්න ඕනනේ...අවුරුදු 4ක් ඉදලා පින්තූරූ කෑල්ලක් අරන් නෑනේ...
ReplyDeleteThanxx..අයියා ඔයාගේ comment එක මට ලොකු හයියක්.....
ReplyDeleteඅපිවත් රැග් සීසන් එකේදී තෙල් බැම්මෙයි ඒක ඉස්සරහයි ඉන්න අයියලා ටික එහෙටයි මෙහෙටයි අර අයියට අරක කියපන්, මේක කියපන් කියලා එහෙටයි මෙහෙටයි යවලා අන්තිමට එක් සින්නෙක් කියනවා "ඈ හු... තෝ මොකටද මේ එහෙටයි මෙහෙටයි එක එකාට කඩේ යන්නේ, පලයන් යන්න...." කියලා පන්නලා දානවා.
ReplyDeleteසරසවි පුදුම 7 බොහෝ දෙනාගේ හිත සුව පිණිස ලිව්වා නම් හොඳා :))
@හිතුවක්කාරි :
ReplyDeleteආයෙත් අහලා !!! පිස්සු හැදිලා ආයෙම හැදෙනවා. :)
@අසනි :
ඔන්න ඉතින් අපේ ආදරනීය යාලුවෝ. මයේ ඔලුව පලන්න හදන්නේ. අර කිව්වත් වගේ ෆොටෝ එකක් ගන්න බැරි උනා බොල.
දැන් බ්ලොග් ලියන එක අතෑරලා දාලා වගේ.
@මධුරංග :
දිගටම ලියහන් මලේ !!!
@Hasitha :
අනිවාර්යෙන්ම ඒකත් ඉස්සරහට ලිපියකදි ලියන්නම්.
හපොයි, ඔය කොයි තරම් දිග උනත් ඕක දිගේ ඒ දවස්වල දවසට කී සැරයක් එහේට මෙහේට යන්න අතිද, බොහොම ස්තුතියි මල්ලි රසවත් මතකයක් අවදි කලාට
ReplyDeleteබකට් හම්බවිය දැන් අවුලක් නැත
ReplyDeleteඇත්තමයි මාරම දිගයි.....
ReplyDeleteමේ පොටෝ එකේ ටෙක්නික් නම් මරු....
ගතියට ලීඩින් ලයින් එකක් හොයාගෙන තියෙන්වා....
මොකෝ ට්‍රයි කරේ නැත්තේ?
ඕක උඹලගේ පුදුම 7න් එකක් කියලා දවසක් ආපු වෙලාවක ඇබයා කිව්වා
ReplyDeleteබුදු අම්මේ මේ කොරිඩෝවේ දිග
ReplyDeleteඒකත් නරක නැහැ බැලුවාම, රූගේ කමෙන්ට් එකනං මරු ....
ReplyDelete