17 November 2011

අපේ කොරිඩෝව

කාලෙකට කලින් කැම්පස් එකේ ෆොටෝ වගයක් ඕන වෙලා අන්තර්ජාලේ පීරලා හොයන කොට අපූරු පින්තූරයක් හම්බ උනා. ඒ පින්තූරේ තමා ඔය පහලින් තියෙන්නේ. මේ පින්තූරේ තියෙන්නේ අපේ කොරිඩෝව !!! අපේ කියලා කිව්වේ අපේ ඉංජිනේරූ පීඨයේ. කැම්පස් එකේ පින්තූර අන්තර්ජාලේ ගොඩක් හොයාගන්න තිබ්බට මේ කොරිඩෝවේ පින්තූර නම් හොයාගන්න තිබ්බේ නෑ. මේ කොරිඩෝව දැක්කම අපේ රැග් සීසන් එකේ දි අපට කියලා දීපු කතාවක් මතක් උනා. ඒක තමයි මේ කොරිඩෝවේ දෙකෙලවර ගොඩක් අදුනන දෙන්නෙක් හිටියත් එවුන් දෙන්නට එකිනෙකාව අදුන ගන්න බෑයි කියලා කියනවා. හැබැයි මම් මේ කියපු කතාව ඇත්තද කියලා බලලා නෑ.ඇත්ත වෙන්ටෑ. කොරිඩෝවේ දිග හිතාගත්තෑකිනේ. පින්තූරේ ගත්තේ මෙන්න මෙතනින්

51 comments:

  1. රැග් සීසන් එකේදි මෙහෙමයි වුනේ මලේ..

    (කොරිඩෝවෙ එක කොනක සිට)
    “දැන් තෝ කියපිය බලන්න අර එහා කොනේ පේන එකා කවුද කියලා.“
    “ජ්‍යෙෂ්ඨතුමා, ඒ කොනේ ඉන්න එක්කෙනා අඳුරගන්න බෑනෙ මේ කොරිඩෝවෙ දෙපැත්තෙ ඉන්න කටිටියට එයාලව අඳුන ගන්න බැහැනෙ..“
    “කවුද යකෝ උඹලව කඩේ යැව්වෙ..උඹලත් ඉතින් ඇඳන් බලන් ඉන්නෙ කඩේ යන්න, එහා පැත්තෙ අඳුනන් නැති කොනෙක් හිටියොත් කොහොමද බොල ඇස් දෙකට පෙනුනත් අඳුන ගන්නෙ?“

    ReplyDelete
  2. අනන්තයට යන කොරිඩෝවක් වගේ...ඒ කතාව නම් ඇත්ත වෙන්න ඇති...

    ReplyDelete
  3. අනන්තරයට යන පාර ...........!

    ReplyDelete
  4. අනන්තයට යන පාර ..........!

    ReplyDelete
  5. ඇයි ඕයි ඔච්චර කල් හිටියා ෆොටෝ එකක් ගත්තේ නැද්ද?

    ReplyDelete
  6. අපොයි ඔව් ඒකෙ දුරේ හැටියට අඳුන ගන්න බැහැ තමා........

    ReplyDelete
  7. ''Red Riding Hood ..''......මේක ලස්සනම ලස්සන ෆිල්ම් එකක්.මම ආසම නිලිය 'අමන්දා' ඉන්නෙ......

    ReplyDelete
  8. සරසවි පුදුම 7
    අංක 6 - ඉංජිනේරු පීට බරාදය
    හොදින් අදුනන දෙදෙනෙකු උවද එහි දෙපස සිටින විට එහි දිගෙහි විශාලත්වය නිසා එකිනෙකා හදුනාගත නොහැක.

    ඔන්න ඔහොම තමයි සාහිතයේ තියෙන්නේ මට ඕක හම්බුනේ අන්තර්ජාලයෙන් (දැන් කාලේ වෙනස්නේ ඉස්සර තමයි කොළ වලින් හම්බුනේ ;) නැද්ද මදුරංග අයියා )

    ReplyDelete
  9. ඇත්ත වෙන්ටත් ඇති. කොරිඩෝව කලුවරයි...:D

    ReplyDelete
  10. ලංගමෙන් බස් එක්ක දාලද තිබ්බේ? :D

    ReplyDelete
  11. ඔය වගෙ කොරිඩෝ දෙකක් දුරින් හිටියත් අඳුනාගන්න පුලුවන් කෙනෙක් මධුරංගට හිටියෙ නැද්ද?

    ReplyDelete
  12. මමත් දවසක් මේක දිගේ ඈතටම ඇවිදගන ගියා.සෑහෙම දුරයි තමා :)

    ReplyDelete
  13. ඈ බොලේ උබල දවසකට කීපාරක් ඕකෙ එහා මෙහා යනවද??

    ReplyDelete
  14. ඇත්තටම මේක කොච්චර දිගද මධූ....? තනියම ගියොත් බය හිතෙන තරමට පාලුයි වගේ....

    ReplyDelete
  15. ඒක තමයි මේ කොරිඩෝවේ දෙකෙලවර ගොඩක් අදුනන දෙන්නෙක් හිටියත් එවුන් දෙන්නට එකිනෙකාව අදුන ගන්න බෑයි කියලා කියනවා

    *මේකනම් ඇත්ත. අර ඉලෙක් ලැබ් එක ගාව කැන්ටිම ගාව බටේ උඩ පැයක් විතර වාඩි වෙලා බලා ඉන්නකො*

    ReplyDelete
  16. අපෝ වෙලාවට අපිට ඔහොම ඒවා තිබුනේ නෑ...:)))

    සෑහෙන දිගයි වගේනෙ කොරිඩෝව.හෑබෑටම මල්ලි දිග කොහොමද???

    ReplyDelete
  17. වැස්සකට අහු වෙලාවත් පේරාදෙනියෙ වි.වි. ඇතුලට ගිහිං නැහැනෙ.

    ReplyDelete
  18. එහ පැත්තට යන්නේ බයික් එකෙන් වෙනැටැති නේද..

    ReplyDelete
  19. ඕකෙ යන්ඩ මෝටර් සයිකලයක් වත් එපැයි.

    ReplyDelete
  20. ත්‍රීවීල් එකක් ගිහින් තියා ගත්තනම් ගානක් හොයා ගන්න තිබ්බා... :D

    ReplyDelete
  21. අනිත් කෙළවරේ ගවුං කොටයක් උන්න නං මේක ඇස් වහං අඳුරගනී.

    ReplyDelete
  22. සරසවියේ පුදුම හත ගැන කියලා දෙද්දි ඔය ගැනත් කියලා දුන්නා මතකයි..

    ReplyDelete
  23. මේ ඇත්තටම මේ කොරොඩෝව කොච්චර දිගද??

    ReplyDelete
  24. ඇත්තට මාර දිගයිනේ කොරිඩෝව,.. හැබැයි අමුතුම ලස්සනක් තියෙනවා කණු අතරින් ඉර එළිය වැටුනම,.

    ReplyDelete
  25. අම්මියෝ මේකෙ දිග....

    ReplyDelete
  26. ඉරිසියා කරනවා ඇර වෙන මොනවා කරන්නද?අපේ මුළු ෆැකල්ටියම අක්කර බාගයයි.

    ReplyDelete
  27. @Red Riding Hood :
    සෑහෙන්න දිගයි. එහෙම කියලා දිග නම් දන්නේ නෑ.

    @රූ.... :
    අම්මෝ අපිව එක්කන් ෆැකල්ටි ගියොත් ජේෂ්ඨයෝයි අපියි දෙගොල්ලොම සස්පෙන්ඩ් කරයි !!!

    @සයුරි :
    ඒක හරි අක්කේ. සෑහෙන දිග කොරිඩෝවක්

    ReplyDelete
  28. @හිස් අහස :
    අනන්තයට යන පාර දිගේ !!!

    @කතන්දර Kathandara :
    අමතක උනා බොල. කමරාවක් තියෙනකොට කොරිඩෝවේ නෑ. කොරිඩෝවේ ඉන්නකොට කැමරාවක් නෑ. උපාධි ගන්නකොටවත් බලමුකෝ ෆොටෝ එකක් ගන්න

    @වින්චැට් කිරිල්ලී. :
    ඒක තමා නංගි. ගොඩක් දුර යි

    ReplyDelete
  29. @MaRLaN :
    ඔය ටික කටපාඩම් කරගනු !!! නැත්නම් වෙන වැඩේ දන්නවනේ. හික්ස් :)

    @Podi Kumarihami :
    ඇයි අප්පා. අවුව වැටිලා තියෙනවා පේන්නේ නැද්ද :)

    @සීතල අයියා :
    අපි ඉන්නකොට නම් දාලා තිබ්බේ නෑ. දැන් තියෙනවද දන්නේ නෑ.

    ReplyDelete
  30. @සරත් ලංකාප්‍රිය :
    හිටියා !! හිටියා !! ඒවා අතීතයට එකතු වෙලා. අතීතය මිහිදන් වෙලා.

    @නදී :
    ඒ කාලේ මම් අක්කව දැනගෙන හිටියා නම්....

    @ප්‍රසංග :
    එක පාරයි හරි දෙපාරයි. එපාවෙනවා ඒ දිගේ ගියාම.

    ReplyDelete
  31. @දිල් :
    අනේ බොල !!! අච්චර සමාජෙත් එක්ක ගැටෙන ආත්ම ශක්තියක් තියෙන කෙනාට මේ කොරිඩෝවේ යන්න බයයි ලු !!! අනේ බොල !!!
    මේක එහෙම වහලා තියෙන කොරිඩෝවක් නෙමේ. කනු උඩ වහලයක් ගහලා තියෙන ජාතියේ කොරිඩෝවක්.

    @Chanaka Aruna Munasinghe :
    දැන් ඒ යකඩ බටේ අයින් කරලා. මම් ගොඩක් දවස්වල දැකලා තියෙනවා මකරයියා ඔය යකඩ බටය උඩ වාඩිවෙලා ඉන්නවා.

    @නිසුපා :
    සෑහෙන දිග උනාට කොච්චරක්ද කියලා නම් දන්නේ නැත.

    ReplyDelete
  32. @Observer :
    අපෝ ඔබා මාමා මෙහෙ ප්‍රශර්ශනයක් තිබ්බා. ලංකාවේ හිටියා නම් එන්න තිබ්බා. අපටත් ඔබා මාමව බලාගන්න තිබ්බා.

    @නිම්ශා :
    බයික් එකකින් යන දුරක් තමා !!!

    @පිණිබිඳු... :
    බයික් එකක් හොයාගන්න බැරි උනා නෙව.

    ReplyDelete
  33. මොකද්ද ප්‍රශ්නෙ?

    ReplyDelete
  34. @තාරක Dilsh@n :
    ඒක නම් ඇත්ත තමා. එක ට‍ර්න් එකකින් 60ක් හොයා ගන්න තිබ්බා.

    @නවම් :
    ඔවුවා ඉතින් මම් විහින් දාගන්න ලෙඩ. සායවල් ගැන ලියලම දාගත්ත ලෙඩ. හික්ස් :)

    @අකීකරු හිත :
    ඒකනේ නංගි. නංගිලාටත් ඔවුවා උගන්නලා තියෙනවා නේ.

    ReplyDelete
  35. @Dinesh :
    සෑහෙන දිග කොරිඩෝවක් මල්ලි !!

    @ප්‍රාර්ථනා :
    ඉර එලිය වැටුනම ලස්සනයි තමා.

    @~~තරූගේ ලෝකය~~; :
    :) සෑහෙන දිග කොරිඩෝවක් !!!

    ReplyDelete
  36. @දිනුක ජයකොඩි :
    මෙහෙ නම් සෑහෙන විශාල ඉඩමක් !!! අම්මෝ ඒක වටේ යන්න දවස් දෙකක් විතර යනවා.

    @Observer :
    ප්‍රශ්නයක් නෙමේ මාමා !!! ප්‍රදර්ශනයක් !!
    මයේ අක්ශර වින්‍යාසයේ අවුලක් සිද්ද උනා.

    ReplyDelete
  37. ඔබා මාමා අද රෑ වෙනකන්ම වැඩ වගේ...
    ඔන්න ප්‍රශ්නයක් තියෙනවනම් කියන්න, මාම බැහැල වැඩේ ක්ලියර් කරල දෙයි. :D

    ReplyDelete
  38. ඒකේ දුර නිකන් පාන දුර වගේනේ

    ReplyDelete
  39. @තාරක Dilsh@n :
    ඒක නම් ඇත්ත වෙන්නැති. අද කමෙන්ට් දෙක තුනක්ම දාලා.

    @malmi :
    පානදුර නෙමේ මේ පේරාදෙණියේ !!!

    ReplyDelete
  40. අම්මෝ!!!! මේකෙ දිග :O පිස්සු හැදෙනවනෙ අයියේ..

    ReplyDelete
  41. මේකාගේ ඔළුව පලන්න ඕනනේ...අවුරුදු 4ක් ඉදලා පින්තූරූ කෑල්ලක් අරන් නෑනේ...

    ReplyDelete
  42. Thanxx..අයියා ඔයාගේ comment එක මට ලොකු හයියක්.....

    ReplyDelete
  43. අපිවත් රැග් සීසන් එකේදී තෙල් බැම්මෙයි ඒක ඉස්සරහයි ඉන්න අයියලා ටික එහෙටයි මෙහෙටයි අර අයියට අරක කියපන්, මේක කියපන් කියලා එහෙටයි මෙහෙටයි යවලා අන්තිමට එක් සින්නෙක් කියනවා "ඈ හු... තෝ මොකටද මේ එහෙටයි මෙහෙටයි එක එකාට කඩේ යන්නේ, පලයන් යන්න...." කියලා පන්නලා දානවා.

    සරසවි පුදුම 7 බොහෝ දෙනාගේ හිත සුව පිණිස ලිව්වා නම් හොඳා :))

    ReplyDelete
  44. @හිතුවක්කාරි :
    ආයෙත් අහලා !!! පිස්සු හැදිලා ආයෙම හැදෙනවා. :)

    @අසනි :
    ඔන්න ඉතින් අපේ ආදරනීය යාලුවෝ. මයේ ඔලුව පලන්න හදන්නේ. අර කිව්වත් වගේ ෆොටෝ එකක් ගන්න බැරි උනා බොල.
    දැන් බ්ලොග් ලියන එක අතෑරලා දාලා වගේ.

    @මධුරංග :
    දිගටම ලියහන් මලේ !!!

    @Hasitha :
    අනිවාර්යෙන්ම ඒකත් ඉස්සරහට ලිපියකදි ලියන්නම්.

    ReplyDelete
  45. හපොයි, ඔය කොයි තරම් දිග උනත් ඕක දිගේ ඒ දවස්වල දවසට කී සැරයක් එහේට මෙහේට යන්න අතිද, බොහොම ස්තුතියි මල්ලි රසවත් මතකයක් අවදි කලාට

    ReplyDelete
  46. බකට් හම්බවිය දැන් අවුලක් නැත

    ReplyDelete
  47. ඇත්තමයි මාරම දිගයි.....
    මේ පොටෝ එකේ ටෙක්නික් නම් මරු....
    ගතියට ලීඩින් ලයින් එකක් හොයාගෙන තියෙන්වා....
    මොකෝ ට්‍රයි කරේ නැත්තේ?

    ReplyDelete
  48. ඕක උඹලගේ පුදුම 7න් එකක් කියලා දවසක් ආපු වෙලාවක ඇබයා කිව්වා

    ReplyDelete
  49. බුදු අම්මේ මේ කොරිඩෝවේ දිග

    ReplyDelete
  50. ඒකත් නරක නැහැ බැලුවාම, රූගේ කමෙන්ට් එකනං මරු ....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.