එතකොට මම් හිටියේ දහතුනේ විතර. උසස් පෙළ ලියන්න මාස තුනකට වඩා තිබ්බේ නෑ. මේක පිරිමි ඉස්කෝලයක් !! ඒ උනාට අපරාදේ කියන්න බෑ අපේ ඉස්කෝලෙය යාර දහයකට විතර මෙහා සහෝදරියන්ගේ ඉස්කෝලයක් තියෙනවා. ඒ ගොල්ලන්ගේ ඉස්කෝලේ මොකක් හරි උත්සවයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අපේ ඉස්කෝලෙට ආරාධනාවක් එවනවාමයි. අනෝන්‍ය සුහදත්වය කියන්නේ මේක වෙන්ටෑ !!!
මට මතක විදිහට අපේ අල්ලපු වැටේ සහෝදරියන්ගේ ඉස්කෝලේ විද්‍යා දිනයක් තියෙනවා කියලා අපිට ආරාධනාවක් ලැබුනා.ඉස්කෝලෙන් අවුට් වෙන්න හිටපු කට්ටිය නිසා මේ චාන්ස් එක අපිට ලැබුනා.
අපිත් ඉතින් එදාට ලස්සනට ලෑස්ති වෙලා උත්සවේට ගියා.මට මතක හැටියට අහල පහල ඉස්කෝල තුන හතරකිනුත් කට්ටිය ඇවිත් හිටියා. උත්සවේ වැඩ කටයුතුත් ලස්සනට යනවා. කොහොමහරි උත්සවේ මැදක් හරියේ තිබ්බා ප්‍රශ්න විචාරක වැඩසටහනක් !!!
ඒකට අපේ ඉස්කෝලෙන් එකෙකුත් යවන්න ඕනේ. අපේ ඉස්කෝලේ කට්ටිය කතාවෙනවා. ඒත් කවුරුත් යන පාටක් නෑ. කෝමහරි 'චින්තක' වගේ නමක් තියෙන කොල්ලෙක්ව ඉස්සරහට තල්ලු කරලා බලෙන්ම වගේ මේ වැඩේට දැම්මා. ඌත් ඉතින් එක එකාට පින් අනුමෝදන් කර කර ස්ටේජ් එකට නැග්ගා.
එක ගෑනු ළමයෙක් ප්‍රශ්න අංක ලියලා දාපු පෙට්ටියක් අරූගේ දිහාවට අල්ලගෙන හිටියා. ඌත් පෙට්ටිය ඇතුලට අත දාලා ප්‍රශ්න අංකයක් ගත්තා.
"මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය !!! ගෑනු ළමයින්ට ඇති බිය කුමන නමකින් හැඳින්වේද ? "
මල @!#$!@~%^&#$
දැන් හොයපන්කෝ ප්‍රශ්නෙට උත්තරේ. කෝමහරි ඌ ටික වෙලාවක් ඔලුව කහ කහ ඉදලා බොරු උත්තරයක් දීලා ෂේප් වෙලා ආවා.
"මේ ප්‍රශ්නෙට උත්තරේ දන්න කෙනෙක් ***** විද්‍යාලයේ ඉන්නවනම් අත උස්සන්න !!! "
කට්ටිය එක එක වල් පල් දෙඩෙව්වා මිසක්කා එකෙක් අත ඉස්සුවේ නෑ. ඉස්කෝලේ හිටපු අනිත් කෙල්ලෝ 'හිකි හිකි' ගගා ලේන්සුවෙන් කටත් වහගෙන හිනා වෙනවා. විලි ලැජ්ජාවයි !!
ඔය අතර,
"අම්මාපල්ල !!! මුන්ට අහන්න වෙන ප්‍රශ්න තිබ්බෙම නැද්ද ?"
"අපි කවද්ද බං කෙල්ලෙක්ට බය උනේ !!! අපි බය වෙයි මුන්ට !! පුඃ ඒවා හදේ හරිය !!!"
"මම් හූනා කියන්නා වගේ කියන්නම් මුන් මේ ප්‍රශ්නේ ඇහුවේ අපිව චාටර් කරන්න !!! මුන් ටික අහුවෙයකෝ ඉස්කූල් බස් එකේ !!!"
ඔය වගේ එක එක කතා ඇහෙනවා මිසක් කවුරුවත් උත්තර දෙන පාටක් නෑ.
"නිහඩතාවයෙන් පෙනී යන්නේ ඔවුන්ට මේ ප්‍රශ්නේ අපහසු බවයි. නිවැරදි පිළිතුර ෆාතිනෝ ෆෝබියා !!! "
මට මතක විදිහට හරි උත්තරේ කියපු හැටියේ එකම එක හූ හඩයි !!!
කොහොමහරි ටික දවසක් යනකන්ම SAB (සැකනම් අල්ලලා බලන්න) ඉස්කෝලේ කෙල්ලෝ ටික අහවල් විද්‍යාලයේ කොල්ලන්ව බයිට් කරා කියල ආරංචි උනා. ප්‍රශ්නෙට උත්තර දෙන්න ගිය චින්තක කියන එකා කාලයක් ඉස්කෝලේ පැත්ත පලාතේ ගියේ නෑලූ. !!!
ඔය SAB කියලා කියන්නේ ඒ කෙල්ලෝ බැජ් එක විදිහට සාක්කුවේ ගහගෙන හිටපු අකුරු තුන!
02 November 2011
ෆෝබියාව
Subscribe to:
Post Comments (Atom)
46 දෙනෙක් අදහස් පලකලා .:
අනේ පව් ඉතින් ඔය චින්තක කියන, අර, අසරන, අහිංසක ලමයට එදා ඉඳන් අද වෙනතුරුත් ඔය ෆෝබියාවලුනේද?...:D
මාත් කියන්නේ අපි කවද්ද කෙල්ලන්ට බය වුනේ ??? අපි කාටද බය, කවුද අපිට බය :))
ඒ චින්තකත් මේ බ්ලොග් ලියන චින්තකත් හැර වෙනත් චින්තකලා සිටි ද? එසේය...චින්තක මධුරංග යැ. :)
ඔය චින්තක මේ චින්තකමද අයියණ්ඩි?
ඔය චින්තක කියන්නෙත් මදුරංග කියන ලමයමද දන්නේ නෑ නේද....
අනේ ඉතින් මම් ගර්ස්ලට බයයි තමා,ඒත් ඒකට කියන නම දැනගන හිටියෙ නෑනේ.
මමත් දන්න යාලුවෙක් හිටියා එයත් ගෑණුලමයින්ට බයයි.ඒ කියන්නෙ එයාට ගෑණු ළමයි හුටු නෑ.ගෙදරත් ඉන්නෙ මල්ලියෙක් :)
*හුරු
මට පුදුම ඔය චින්තක කියන එකාට ඔය උත්තරේ දීගන්න බැරි වෙච්ච එකනේ. මොකද ඌ නිකං පොර ටෝක් දෙන්නේ ඌ ගෑණූ ඔස්තාර් වගේනේ....
ෆාතිනෝ කියන්නේ බං මුස්ලිම් කෙල්ලන්ට බයවීම... සිංහල කෙල්ලන්ට බය වීමට කියන නම උඹ දන්නවද..?
අෆ්ෆා....වෙච්චි දෙයක්....
මට නම් හිතෙන ලෙසට එ චින්තක යනු මේ චින්තක මධුරංගම වෙත්....මට නම් හිතෙන විදියට එදත් එදත් හරි ඒ නරයගේ ෆාතිනෝ ෆෝබියාව නැති වෙන්ට ඇති....සබකෝලේ නැති උණ නෙව එදා..."එදයින් පස්සෙලු ඒකා ----- වුනේ..."( කැමති වචනයක් දාගන්ට ඔට්‍ටුයි)
උපාසක/කුකුලා/පෙම්වතෙක්....වගේ ඒවා...
ඉස්කෝලෙ බස් එකෙත් හොඳ හැටියට ඒකා බයිට් වෙන්ට ඇති මයෙ හිතේ....
ඔය ෆෝබියාව කියන්නෙ මානයික රෝගී තත්වයකට පත්වෙන්න පුළුවන් දෙයක්. මුල් අවස්ථාවේදී සනීප නොවුනොත් මාණසික රෝගයකින් කෙලවර වෙනවා.ගෑණු ලමයෙක් එක්ක කතා කරනකොට ගොතගැහෙන කටහඩ වෙව්ලන ස්වභාවය තමයි ලක්ෂණ.
කොල්ලෝ නම් කෙල්ලොන්ට බයයි කියල දන්නවා... :| ඒත් ඒකට මෙහෙම බරපතල නමකුත් තියෙනවා කියලා දැනගත්තේ අදයි..:P :P අයියා ඉස්කෝලේ ගියේ නුවරද, නැත්තන් කොළඹද?
සැකනම් අල්ලා බලන්න....මරු...
"අපි කවද්ද බං කෙල්ලෙක්ට බය උනේ !!! අපි බය වෙයි මුන්ට !! පුඃ ඒවා හදේ හරිය !!!"
දැන් එතකොට ඔය “චින්තක“ ඉන්නෙත් හදේද අයියේ..
එහෙම ලෙඩක් නෑ කියල එන්නනේ තිබුනේ. :)
මටත් හිතෙන්නේ අපි දන්න චින්තකයි ඔය කතාවේ ඉන්න චින්තකයි දෙන්නම එකයි.:)
හිකිස්ස්ස්ස්ස්ස්ස්ස්...... මරු... චින්තක වගේ නමක් තියන ළමයා එදා ඉතින් හොඳටම බයිට් ඇති නේද??? පවු අනේ... :( අසරන අයියා...
නියම කතාව.. පව් නේද චින්තක... මටත් ඔය ෆෝබියාව ටිකක් විතර ඒ දවස් වල තිබුනා :).. ඒත් දැන් නම් එහෙම එකක් ඇත්තෙම නෑ...
මම අහන්න ගිය එක හැමෝටම හයිලයිට් වෙලා වගේ.. දැන් කොයි චින්තකද ඔය?
හිකිස්... මරු වැඩේ.. ෆාතිනෝෆෝබියාව ඔය කාට කාටත් තියෙන ලෙඩක් නෙව,. :) :P
ඉතින් ඒ චින්තක මලයට තිබුනෙ "ඒ මුස්ලිම් කෙල්ලොන්ට තියෙන ලෙඩක්" කියලා කෑ ගහන්නනේ... මටනම් හිතුනේ එහෙමයි... :)
අපොයි එහෙම ෆෝබියාවක් ගැන ඇහුවාමයි....
හපොච්චියේ වැරදිලාවත් කියන්ඩ එපා ඔය චින්තක..තමාය කියලා එහෙම හොඳේ..නගා වෙච්චි මටත් එක්ක ලැජ්ජයි... :P
ඔය චින්තකගෙ සම්පූර්ණ නම චින්තක මධුරංග වෙන්ටෝනැ නේද....
"සැකනම් අල්ලලා බලන්න"
කොහෙන්ද අල්ලල බලන්න ඕනි.....
දෙකාම එකයිනෙ බොලේ :D
මට හිතෙන්නේ අපි මේ කතාකරන්නේ එකම චින්තක කෙනෙක් ගැන.. ඔය ගෑනු ළමයිට තියෙන බය අපි කොහොමද දන්නේ අයියේ...
කලින් දැනගෙන හිටියෙ නැති නිසා මම බැරිම තැන ගූග්ල් කරලත් බැලුවා...ඔය චින්තක මල්ලිට මේ ලින්ක් එක පෙන්නලා බලන්නකෝ..එතකොට හිත හැදෙයි...!!
http://psychology.wikia.com/wiki/Parthenophobia
චින්තක කියන නම දැක්කාම මමත් ගැස්සිලා ගියා . පස්සේ තමා දැනගත්තේ මේ කතාව වෙලා තියන චින්තකයා කවුද කියලා .
"ගෑල්ලමයින්ට තියන බය" එහෙම බයකුත් තියනවාද ?
මම මීට කලින් ඔය ගැන අහලාවත් නොතිබුනේ මම එයැයිලට බය නැති නිසා වෙන්නැති නේද ?
ඇහ්..බොලේ මේ ලඟකදි එකෙක් බුස් එකේ කිව්ව මට ෆෝබියාව කියල....සිකේයියා....දැන්නෙ තේරුනේ...
චැහ් මේ චින්තක කියන හාදයම මේ කතාව බ්ලොග් එකේ දාලා තියනවා මම දැක්කා .......
මගේ නම් ෆාතිනෝ ෆෝබියාව ඉපදිල පලවෙනියට නැප්කින් එකේ දාපු චූ පාරත් එක්ක ගියා.. දැන් ඒක නෑ..
මට හිතෙන්නෙත් මම මේ කොමෙන්ටුව දාන්නේ ඔය චින්තකට වෙන්ටෑ. කොයිකටත් හොයලා බලන්න වටිනවා.
කෙල්ලන්ට භය.....යකාට බය නං කනත්තෙ ගෙවල් හදයිද?
අපෙ අප්පෝ කාලෙකට පස්සෙ බ්ලොග පැත්තෙ ආවෙ උදේ පාන්දරම ගෑනුන්ට බය කතාවක්නෙ දැක්කෙ.මම Gynophobia ගැන අහලා තිබ්බා.මෙහෙම කෙල්ලන්ට බය කියල වෙනම එකක් තියෙනවා කියලා දැනගත්තෙනං අද තමයි.
1= 2 ද දන්නෙ නෑ... :P
@Podi Kumarihami :
කවුද දන්නේ නෑ නේ එහෙම කියන්නේ. හික්ස් :)
@Hasitha :
ඒකනේ මල්ලි. අපි ඔහොම කියමු.
@සයුරි :
ලොකු නෝනත් එක්ක බෑ අප්පා. :)
@මකුළුවා..... :
නෑ මල්ලි. වෙන කවුද !!!
@StArry aNgeL :
නෑනේ. එයා නෙමෙයි වෙන එකෙක්. :)
@කපීකේකී :
ඇත්ත නංගි. එහෙම ෆෝබියාවක් තියෙනවා. ඒක ලෙඩක්. ඒකට බේතුත් තියේ
@prasanna86k :
එහෙනම් ඔය මාලුවා කියන ඔස්තාර් ම උත්තරේ දෙන්න බලන්න.
@ගලයා :
නෑ මලේ. ඒකා කාලයක් යනකන් ඉස්කූල් බස් එකේ ගියේ නෑ කියලා ආරංචි උනා.
@රාජ් :
මෙන්න අයියා විස්තර ටිකත් හොයාගෙන. ගොඩක් ස්තුතියි අයියා. විස්තර වලට.
@Ice (අයේෂා කුලතුංගා:
කෙල්ලන්ට කොල්ලෝ බය උනේ කවද්ද අප්පා. ඔන්න නුවර නයාට මුගටි නම් පරදිනවා. මොකද නුවර කියන්නේ ජය භූමියක් නේ. :)
@දිල් :
ඔවු ඒ කට්ටිය ඒක සාක්කුවේ ගහගෙන යනවා. :)
@අකීකරු හිත :
මම් හිතන්නේ හඳේ වෙන්න ඕනේ. :)
@dinu89 :
ඌට ඒක මතක් වෙලා නෑ. :(
@Kasun :
එහෙම වෙන්න අමාරුයි. උබලා දන්නේ ඉංජිනේරු චින්තක කෙනෙක්ව මේ ඉස්කෝලේ ගියපු පොඩි කොල්ලෙක්.
@හිතුවක්කාරි :
ඌ පවූඌඌඌ :)
@උදයංග ලක්මාල් :
අනේ වාසනාවන්.
@ක්සැන්ඩර් | Xander :
මූ පාතාලේ කලු චින්තක.
ඇයි දන්නේ නෑ හැමෝම මේ චින්තකයෙක් ගැනම අහන්නේ.
@ප්‍රාර්ථනා :
කාට කාටත් නෙමේ කොල්ලන්ට විතරමයි. :)
@මන්තරකාරි :
අපරාදේ ඒ ප්‍රශ්නේ උගෙන් අහන්නේ නැතුව ඔයාගෙන් අහන්න තිබ්බේ. උත්තරේ දීලා කොස්සේ නැගලා යයි යන්න.
@නිසුපා :
මම් ම ඉන්න එපැයි ඒ ගැන කියලා දෙන්න.
@මකුළු පැංචි :
මල හත්තිලවුවයි. ඔයාගේ අයියෑ නමත් චින්තකද.
@ප්‍රසංග :
ඇත්තම කිව්වොත් උන්ගේ නම් අල්ලලා බලන්න තැනක් නෑ. ලෑලි කෙල්ලෝ ඉන්න ස්කෝලයක්.
@..ChAnDiKa.. :
කොයි දෙන්නා ගැනද මේ අයියා කියන්නේ.
@Dinesh :
ඒකනේ මල්ලි. අපි නම් දන්නේ නෑ ඔය බය ගැන.
@රූ.... :
හා අක්කේ. මම් පේජ් එක ප්‍රින්ටවුට් එකක් අරන් ගිහින්ම පෙන්නන්නම්. :) ස්තුතියි විස්තර එවුවට.
@හිස් අහස :
අනිවාර්යෙන් මල්ලි බය නැතුව ඇති. :)
@වින්චැට් කිරිල්ලී. :
නෑ නෑ දරුවෝ. ෆෝබියා ගොඩක් තියෙනවා. මේක එක ෆෝබියාවක් විතරයි.
@පන්සල් හංදිය :
මට එහෙනම් ඒ බ්ලොග් එකේ ලින්ක් එක එවුවා නම්....
@පොඩි මෑන් :
මට නම් හිතුන විදිහට පොඩි කාලේ චූත් එක්ක තව තව දේවල් යන්න ඇති. මට ඒක මලයගේ බ්ලොග් එක බැලුවම හිතා ගන්න පුලුවන්. හික්ස් :)
@malmi :
සොයන්නාට සම්බ වේ කියලා කතාවක් තියෙනවා අක්කා. ඒ නිසා හොයන්න.
@Observer :
ඒකනේ අන්කල්. අපි බය නෑ මුන්ට
@දිනුක ජයකොඩි :
හෑ. මොකද්ද ඒ ෆෝබියාව. මම් ඒක ගැන අහලම නෑ මලේ.
@ලහිරු :
1 - 2 වෙන්න ඕනේ එතකොට තමයි හරි යන්නේ.
කමෙන්ට් එකක් දාලම යමුද ??
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.