කාලෙකට පස්සේ ඊ මේල් එකකින් කතාවක් කියවන්න ලැබුනා. ඉතින් මට හිතුනා ඒක කාට කාටත් කියවන්න පුලුවන් වෙන්න කියලා බ්ලොග් එකේ පෝස්ට් කරන්න. මේ කතාවේ ගෑනු ළමයා සහ පිරිමි ළමයා අනුපිලිවෙලින් නදීශානි සහ චරිත ලෙස ගනිමු.
කතාව මේකයි.
මේ කතාවේ නදීශානියි චරිතයි කසාද බඳින දවසේ නදීශානිගේ අම්මා නදීශානිට අළුතෙන්ම පටන් ගත්තු බැංකු ගිනුමක් ඩොලර් 1000ක විතර තැන්පතුවක් එක්ක නදීශානිට දෙනවා. මේ බැංකු පොත නදීශානිගේ අතට දෙන ගමන් අම්මා මෙහෙම කියනවා.
"නදීශානි දුවේ, මේ බැංකු පොත අරගෙන තමන්ගේ ඉදිරි ජීවිතේ මතක හිටින දෙයක් සිද්ද උනොත් ඒක මතක් වෙන්න මේ පොතට ගානක් බැර කරන්න. ඒ රූලෙම සිදුවීම මොකද්ද කියලා ලියන්න අමතක කරන්න එපා !!! ඒ සිදුවීම ගොඩක් සුවිශේෂ එකක් නම් පොතට දාන ගාන වැඩි කරන්නත් අමතක කරන්නෙපා."
ඉතින් මේ සේරම තමන්ගේ හිතේ ධාරණය කරගෙන නදීශානි බැංකු පොත අතට ගන්නවා. නදීශානි මේ කතාව තමන්ගේ ස්වාමි පුරුශයා වෙච්චි චරිතටත් කියනවා.
කාලයක් ගත උනා....
ඒ බැංකු පොතේ මෙහෙම සටහන් වගයක් තිබුනා.
පෙබරවාරි 7 - විවාහයෙන් පස්සේ චරිතගේ පළවෙනි උපන්දින සැමරීම. (ඩොලර් 100යි)
මාර්තු 1 - නදීශානිගේ වැටුප් වැඩි වීම. (ඩොලර් 300 යි)
මාර්තු 20 - විනෝද චාරිකාවක් ගියා (ඩොලර් 200යි)
අපේල් 15 - නදීශානිට දරුවෙක් ලැබීමට සිටියි. (ඩොලර් 2000යි)
ජුනි 1 - චරිතට රැකියාවේ උසස්වීමක් ලැබුනා. (ඩොලර් 3000යි)
තව තවත්.......
කාලයක් ගත වෙනකොට මේ දෙන්නා පොඩි දේටත් රණ්ඩු වෙන්න ගහ මරා ගන්න ගත්තා. කොටින්ම මේ දෙන්නට කසාදේ එපා වෙන තරමට මේ රණ්ඩු දුර දිග ගියා.
"අම්මේ මට නම් මේ මනුස්සයා එක්ක තවදුරටත් ඉන්න බෑ. මම් ඉක්මනටම දික්කසාද වෙනවා." දවසක් නදීශානි අම්මට කිව්වා.
"අනිවාර්යෙන්ම. ඒක එච්චර දෙයක් නෙමේ දූ. ඔයා කැමති දෙයක් කරන්න. නමුත් ඔක්කෝටම කලින් අර බැංකු පොතේ තියෙන සල්ලි සේරම වියදම් කරලා ඉන්න.!!!" අම්මා කිව්වා.
දවසක් නදීශානි මේ බැංකු ගිනුමේ තිබ්බ සේරම සල්ලි ගන්න බැංකුවේ පෝලිමේ හිටියා.එයා ඉන්න ගමන් බැංකු පොතේ සටහන් එකින් එක කියවලා බැලුවා. තමන් සතුටින් හිටපු දවස් වල සටහන් එකින් එක නදීශානි කියෙව්වා. මේ සටහන් දැකලා නදීශානිට දුක හිතිලා බැංකු පොතේ සල්ලි ගන්න එක අතෑරලා දාලා යන්න යනවා.
නදීශානි ගෙදර ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයාව බැංකුවට එවුවා මේ පොතේ සල්ලි සේරම ටික ගන්න කියලා. එයත් අර විදිහටම සටහන් ටික කියවලා යන්න යනවා.
ටික දවසක් ගත උනාට පස්සේ බැංකු පොතට තවත් ඩොලර් 5000ක් බැර කරලා තියෙනවා කියලා නදීශානි දකිනවා.
අගෝස්තු 4 - "ඔයා මට මේ අවුරුදු කිහිපය ඇතුලත මට දීපු සතුට වෙනුවෙන් සහා මේ අවුරුදු කිහිපය ඇතුලත මම් ඔයාට කරපු ආදරේ වෙනුවෙන්" (ඩොලර් 5000)
ඊට පස්සේ ඒ දෙන්නා ගොඩාක් සතුටින් එකිනෙකාව ආදරෙන් වැලදගත්තා කියලා ඊ මේල් එකේ අන්තීමට තිබ්බා. ඊට පස්සේ කවමදාකවත් මේ දෙන්නා රණ්ඩු උනේ නෑ (ලු) .
-----------------------------------------------------------------------
ප.ලි.- මේ කතාවේ තිබ්බ ඉංග්‍රිසි නම් දෙක, ලිවීමේ පහසුවට සිංහල නම් දෙකක් කරලා ලිව්වා.
පට්ට පට්ට පට්ට....සුපිරි කතාවක්
ReplyDeletehmmmm... niyama kathawak.. randu unath kamak ne..
ReplyDeleteaye ekathu wela wisanda gannawa nam..
ලස්සන කතාවක් අයියා.....
ReplyDeleteකපල් එක ලංකාවේ
ReplyDeleteඅම්මා දීලා තියෙන්නේ රූබල
දුව දාලා තියෙන්නේ ඩොලර් නේ?
අවුලක් නෑ... හොද කතාව :)
ෂි තාම නැන්දම්මා කෙනෙක් හොයා ගන්න බැරි වුනානෙ. හොයා ගත්ත ගමං ඔය කාරනාව ගැන කියන්න ඕන. :D
ReplyDeleteඅහා ලස්සන කතාවක්.. ප්‍රශ්න ජීවිතේට එනවා කොච්චරවත්,, එත එවලින් පැනල යන කෙනා පරාදයි...
ReplyDeleteඔය ක්‍රමය ලංකාවෙ අයට පුරුදු කරන්න බැරි වේවිද?..මාත් ඉතින් මෙහෙම කිව්වට,තරහ ගියාම කරන්නෙ ශොපින් යන එක...ඇඳුම් මල්ලක් ගත්තාම තරහ නිවෙනවා....හික්ස්...
ReplyDeleteබොහොද අපූරු සංකල්පයක් හ්ම්ම්ම්ම් සිත පහන් උනා
ReplyDeleteඅයියා අයියාගෙ පරණ රසවත් ලිපි මඟ හැරෙනවනේ. දාන්නකෝ Popular Posts ගැජට් එක...
ReplyDeleteලංකාවේ නම් තව ඔහොම වෙනවා මම දැකලාම නැ දවසකට මම ඉතින් පොත් 250ක් 300කට එහා බලනවානේ.. අනිවා ගොඩාක් වටින වැඩක් කරන්න පුලුවන්නම්
ReplyDeleteමම දැක්කා මුලින් එක තැනක රූබල් කියලා සඳහන් කරලා තියනවා වගේ. දැන් ඇවිත් බලපුවාම ඒක ඩොලර් වෙලා.
ReplyDeleteලස්සන, ආදර්ශයට ගන්ට වටිනා කතාවක්. ගොඩාක් ස්තූතියි ඒක බෙදාගත්තට.
ඔයත් බැඳපු මුල් දවසෙම 'මට කරපු ආදරේ වෙනුවෙන්' කියලා රුපියල් 50.000 විතර බැංකු පොතක දාලා වැඩේ පටන් ගන්ටකෝ...:D
ඉන්ග්‍රීසි කතාව කියවල තිබ්බට සින්හලෙන් මේ කියෙව්වමයි.. මුදල් ඒකකය රුපියල් කලා නම් කතාව මීට වඩා අපිට ලන් වෙන්න තිබ්බ කියලයි මට හිතෙන්නෙ !
ReplyDeleteඊට පස්සෙත් සතුටින් හිටියා නම් ඉතින් ගොඩ
ReplyDeleteඊට පස්සේ කවමදාකවත් මේ දෙන්නා රණ්ඩු උනේ නෑ (ලු) :)
ReplyDeleteහික්z
කොහෙන්ද ඔච්චර සල්ලි ඔහොම බැංකුවට දාන්න.
ReplyDeleteනියම කතාවක් අපි කාටත් ආදර්ශයක් ගන්න පුලුවන්..
ReplyDeleteහොඳ උපදේශයක්, ඒ වගේම ඉතිරි කිරීමත් හොඳ පුරුද්දක්
ReplyDeleteවටිනා කතාවක්...
ReplyDeleteඅනේ මන්දා මල්ලි..
ReplyDeleteකසාද බැන්දම මේවා අමතක වෙනවනේ..හික්ස්
අද ඉදන්වත් පටන් ගන්න ඕනි..
මරා ගත්තත් ඉතුරු කරන එක නම් හොඳ පුරුද්දක්.
ReplyDeleteමාත් මේ කතාව කියවලා තියෙනවා.ඇත්තටම ඔහොම කරන්න පුලුවන් නම් හැමදාම සතුටෙන් ඉන්න පුලුවන් වෙයි.
ReplyDeleteෆට්ට කතාව!
ReplyDeleteපට්ට කථාව....අපි මේ රන්ඩු වෙන්නෙ මේ ජීවත්වෙන පුංචි කාලෙට නේද?
ReplyDeleteසිරා කතාව මධුරංගයෝ. කොහොමද අම්මගේ ටිකිරි මොලේ.....!
ReplyDeleteඔබීට කියන්න ඕනෙ ඩොලර් දෙකකින් විතර වැඩේ පටන් ගන්න කියල...නෑ එක්කො ඕනෙ නෑ...දැන් අපි රණ්ඩු වෙන්නෙම නැති තරං
ReplyDelete@ වෙනි,
රුපියල් කලා නං සල්ලි බෙදා ගන්න වෙනම රණ්ඩුවක් බං
පොඩි පොඩි වැරදි වලින් ලොකු විනාශයක් වෙනවා වගේම... පොඩි පොඩි හොඳ දේ එකතු වීමෙන් යහපතක්ම වේ..
ReplyDeleteගොඩක් ස්තූතියි කතාව බෙදාගත්තට..!!! :)
නියම කතාවක් අයියේ.. අම්මා දුන්න උපදෙස නිසා ඔවුන් හැමදාම සතුටින් ජීවත් උනා...
ReplyDeleteමාත් අරිනවා බැංකු ගිණුමක්... වැඩේ ඉවරනේ...
ReplyDeleteහි හි.. මධුරංග අයියටත් හම්බවෙන කතා... නියමයි ආ....... :) :)
ReplyDelete@මකුළුවා..... :
ReplyDeleteඔන්න කතාව නම් මගේ නෙමෙයි. මම් පරිවතනය කලා විතරයි මලේ.
@Red Riding Hood :
ඒක හරි ඒක හරි !!!
@පිස්සු පුසා :
මම නම් නෙමේ මල්ලි මේක ලිව්වේ.
@Anonymous :
ReplyDeleteඔය කතාවේ තිබුන නම් දෙක දැම්මා නම් ඔය ඇනෝම අහයි කොල්ලා කවුද කෙල්ල කවුද කියලා. අර රූබල් කතාව නම් ලියනකොට වැරදුන තැනක්. ඒක පිලිගනිමි.
@සීතල අයියා :
එහෙනම් මලේ ඉක්මනටම හොයාගෙන කියන්න. මම් මේ පෝස්ට් එක මේල් කරන්නම් එයාට.
@වර්ණා :
ප්‍රශ්න වලින් පනලා යන එක ප්‍රශ්න ගොඩ ගහන ක්‍රමයක් කියල අපේ කලු ලෑල්ලේ දවසක් කවුද මන්දා ලියලත් තිබ්බා.
@වින්චැට් කිරිල්ලී. :
ReplyDeleteඇඳුම් මල්ලක් ???
හා හා එහෙම හරි කමක් නෑ තරහා නිවෙනවා නම්....
@සුදු හංසි :
අප්පටසිරි !!!
වෙද මහත්තයෙක් හම්බ වෙන්න යන්න වෙයිද මන්දා
@විසිතුරු | visituru :
මම කොහෙද මලේ රසවත් ලිපි ලියන්නේ !!
හරි මල්ලි මම් දාලා දෙන්නම්. :)
@දේවා ගේ අඩවිය :
ReplyDeleteපොත් 250ක් 300ක් !!!!
අම්මෝ මල්ලි මාරම කපවීමෙන් වැඩ කරන කෙනෙක් නේ !!!
@Podi Kumarihami :
ආහ් අක්කේ ඒක මයේ අතින් උන මිස්ටේක් එකක් !!!
හොද වෙලාවට ඩොට් එක තියලා තිබ්බේ. නැත්නම් ඉතින් ....
@Weni :
එතකොට කතාව ගොඩක් වෙනස් කලා කියලා කවුරු හරි කියයි කියපු නිසයි මෙහෙම ලිව්වේ :)
@ChammA :
ReplyDeleteඒ උනාට ඊට පස්සේ කී පාරක් එකවුන්ට් එක කන්සල් කරන්න ගියාද කියලා ආරංචි නම් නෑ.
@Chanaka Aruna Munasinghe :
මකරයියට නම් මොකෑ ඉතින් ගිනි පිඹ පිඹ ඉන්න බැරුව යෑ.
@``` Outsider``` :
ඒක තමා ප්‍රශ්නේ. මේක උනේ සල්ලිකාර දෙන්නෙක්ට වෙන්ටෑ.
@cjgayan :
ReplyDeleteඑහෙනම් අයියා ඉතුරු කරන්න පටන් ගන්න.
@හරී - පිණිපළස :
අම්මෝ මේයැයිව දැක්ක කල්. මාත් පලවෙනි පඩියේ ඉදන්ම ඉතුරු කරන්න කියලා ඉන්නේ.
@දිල් :
ස්තුතියි අපේ අක්කා !!!
@රූ.... :
ReplyDeleteඑහෙම එපා. අක්කගේ දරුවන්ට කියලා දෙමු ඉතිරි කරන හැටි. එහෙම හොදයි නේ.
@පිණිබිඳු... :
ඔන්න කරනවනම් වැඩ !!!
ඔවුවා ඉති කාට කාටත් හොද ආදර්ශ !!! :)
@නිසුපා :
මම් හිතුවා අක්කා කියවලා ඇති ය කියලා. එහෙනම් අක්කේ ඔන්න අනිවාර්යෙන්ම ඉතුරු කරන්න හරිද !!!
@ලහිරු :
ReplyDeleteස්තුතියි :)
@ප්‍රසංග :
ඒක නම් ඇත්ත බං. මේ පොඩි කාලෙට නේන්නම් ගහමරා ගන්නේ.
@Kasun :
අම්මගේ මරු මොලේ නේහ් !!
@Observer :
ReplyDeleteදැන් ඉතුරු කරන්න එපා මාමා !! :)
@නන්දු :
ඒ වගේම නන්දුටත් ස්තුතියි මම් ලියපුවා අමාරුවෙන් හරි කියෙව්වට
@Dinesh :
අම්මලා කවදත් දෙන්නේ හොද උපදෙස්නේ මල්ලි. ඔන්න මල්ලිත් ඉතුරු කරන්න එහෙනම්...
@රහස් පරික්ෂකයා :
ReplyDeleteබැංකු ගිනුමක් අරින්න එහෙනම්. ඉතුරු කරන්න පුලුවන් නේ.
මේ කතාව මටත් ලැබුනා. හොදයි හොදයි බලමු.
ReplyDeleteකොහෙන් ආවත් ඒක හොඳ කතාවක් .
ReplyDeleteමට නෑනේ ඔය බැංකු පොත් ! . මගේ සල්ලි සේරම මම අරගත්තා
හ්ම් මටත් ආවා ඔය ඊ මේල් එක...ඒක අදටත් මගේ ෆේවරිට් ඊ මේල් ගොඩේ තියනවා....
ReplyDeleteඉතිරි කිරිම හොද පුරුද්දක්නෙ
ReplyDeleteහොඳට සල්ලි තියෙන්න ඇති නේද බං ඒ ජෝඩුවට?
ReplyDeleteසිරා මචන්... කලින් අහල තුබුණත් අයෙත් කියෙව්වා,,
ReplyDeleteජය...
මම් මේක කලින් අහල තිබ්බ වගේ මතකයි.ඉතුරු කිරීම නම් හොද පුරුද්දක්.
ReplyDeleteමතකයන් ජීවිතේ වෙනස් කරන තරමක්...
ReplyDeleteආහ් මේක මමත් ඊ මේල් එකකින් කියෙව්වා. මම හිතන්නේ අයියාම තමා මට මේක එව්වේ :))
ReplyDeleteඑල එල...
ReplyDeleteඊට පස්සේ ඒ දෙන්නා කවදාවත් රණ්ඩු වුනේ නැත්නම් ඒ පවුල් ජීවිතේ හරිම නීරස වෙන්ටැ......
"ඊට පස්සේ ඒ දෙන්නා ගොඩාක් සතුටින් එකිනෙකාව ආදරෙන් වැලදගත්තා කියලා ඊ මේල් එකේ අන්තීමට තිබ්බා. ඊට පස්සේ කවමදාකවත් මේ දෙන්නා රණ්ඩු උනේ නෑ (ලු) ."
ReplyDeleteඔව් එහෙමම වෙන්න ඇති..?
ලංකාවේ ආර්ථිකේ හැටියට කවදාවත් කරන්න බැරි වැඩක් .....
ReplyDeleteලස්සනයි කියවන්න ආසයි ....
ReplyDelete