අපේ ගෙදර මල් වත්තේ
මල් පිපිලා හැම පැත්තේ
සමන් පිච්ච මල් අත්තේ
පුංචි කැදැල්ලක් ඇත්තේ
කුරුළු ගීත නද අතරේ
පැටවුන් දෙදෙනෙකි මිතුරේ
මාපිය දෙදෙනගේ අදරේ
පැටවුන් හිත් තුල පැතිරේ
දින සති කල් ගත වූවා
පැටවුන් නිති කල් යැවුවා
කිචි බිචි හඬ නැති වූවා
පැටවුන් නැති බව දුටුවා
කැලයෙහි පලවැල නෙලනා
කුරුළු මව යි පිය දෙදෙනා
පැටවුන් නැති දුක් සොවිනා
නෙතඟින් කඳුලැලි වැටුනා
ගහ මුල පොඩි පිහාටුවයි
කුරුළු මවගේ නෙත ගැටුනයි
කුරුළු ලොවේ දුක් සුසුමයි
පුංචි අපේ හිත් රිදුනයි
----------------------------------------------------------------------
ප.ලි. - අපේ නංගිලෑ සිංහල පාඩමකට ගායනා කරන්න පුලුවන් කවි ටිකක් ලියාන එන්න කියලා තිබුනා. අමාරුවෙන් කවි ටිකක් ලියා දුන්නා. මේ කවි ටික මොන තාලෙකට ගායනා කලාද කියලා නම් දන්නේ නෑ. :)
කවි ලියන්න මම් අළුත්. ගිම්හානි අක්කා නිසයි කවි ලියන්න ගත්තේ. මේ කවි වල අඩුපාඩු තියෙනවනම් කියන්න.
එල නේ.. මොන අඩු පාඩුද ගාඩ් මහත්තයෝ... එලට තියෙනවා.. ඔන්න එහෙනම් ගිම්හානි අක්කටත් ලකුණක් යනවා....
ReplyDeleteජය,,
ඔයත් ලස්සනට කවි හදනවනෙ
ReplyDeleteතරඟෙට කවි කියලා අපි මූණු පොතේ .....
ReplyDeleteදෙදෙනා කිවූ සුන්දර කවි ඒ මොහොතේ ....
තාමත් මතකේ රැඳිලා නේදෝ අපේ සිතේ ...
කවදා කෙලෙස හෝ මාවත් පරදවන් පුතේ .....
අඩේ මේ ටික නම් මටත් තාලෙට කියන්න පුළුවන්... මරු බං
ReplyDeleteඅඩේ මෙන්න මේකා කවි ලියනවලු. ඉදලා හමාරයි... හික්ස්.. හොදා හොදා...
ReplyDeleteHehe....කවි වලින් හොඳ අනාගතයක් තියෙයි... දිගටම ලියන්න... :D
ReplyDeleteලස්සනම, ලස්සන කවි ටිකක්. ඇත්තමයි...:)
ReplyDeleteපොඩි උනාට කවි ටික නම් පංකාහුයි
ReplyDeleteඑකේ පන්තියෙදී කී සිව් පද සිහිවෙයි
ඔය තියෙන්නෙ එල කිරි එකට.
ReplyDeleteලස්සනට තියෙන්නෙ කවි පෙල....
ReplyDeleteෂා නියම කවි ටික...
ReplyDeleteමොන අඩු පාඩුද අයියේ ඔය තියෙන්නේ එල කිරි වගේ..
ReplyDeleteගිම්හානි අක්කා එක්ක කවි කියලා මුණු පොතේ
අපේ අයියත් කවියෙක් වෙලානේ මිතුරේ
එන්න ඔහුට සුභ පතන්නට හදවතිනේ
මොන අඩුපාඩුද කවි ටික මල් හතයිනේ....
නියමයි මලයා, මට නං කිසි අවුලක් පේන්නෙ නැහැ, එලටම ලියලා තියනවා .......
ReplyDeleteකේයස් වගේ පොතක් ලියමුද මචෝ.....කොහොමත් දැං අය සිව්පද ලියන්නෙම නෑනෙ.
ReplyDeleteඅගේ ඇති කවි පන්තිය..දිගටම කවි ලියමුකෝ යාලු අගේ නොකර..
ReplyDeleteඅනේ හරිම ලස්සනයි අයියේ... පටන් ගනිත්දි සතුට ඉතිරිලා ගියාට කඳුලු එනවා අන්තිමේදි.. හරිම සංවේදී නිර්මාණයක්..
ReplyDeleteඔය තියෙන්නේ හොදටම ලියල
ReplyDeleteසරලයි...සුගමයි...සුරම්‍යයි....මන රම්‍යයි
ReplyDeleteහානේ... හලිම ශෝයි.. කොහොම වුනත් අයියා කවි ලියන්න අඅව එක නියමයි...
ReplyDeleteමමත් ආස ඔය වගේ සරල කවි වලට තමයි . එල කිරි අයියන්ඩි . කමෝන්
ReplyDeleteමම දැන් ලොකු එකා හින්දා පුංචි අපේ කියලා කොටහකුත් කවියේ තියන නිසා ඉතින් මට නම් ගායනවා කරන්න බෑ ඉතින් .. අවුලක් නෑ
ලස්සන කවි ටිකක්....
ReplyDeleteඔය තියෙන්නෙ යස අගේට! නියමයි
ReplyDelete@Gayan Rupasinghe :
ReplyDeleteගාඩ් මහත්තයෝ ??? ආහ් ඉස්සර මගේ ආසාව !!!
@නදී :
කවි ටික කියෙව්වට බොහොම ස්තුතියි !!!
@Gimhani :
අපෝ අක්කා මට තව එක මූසිල කෙනෙක් වෙන්න ඕනේ නෑ. අක්කා තමා මගේ ටිචර් !!!! :)
@prasanna86k :
ReplyDeleteකවි ටික ගායනා කරලත් බැලුවද ? මරු :)
@සීතල අයියා :
ඇයි අපි කවි ලීවම මොකෑ වෙන්නේ මල්ලි.
@Ice (අයේෂා කුලතුංග) :
එහෙනම් ඔච්චර කියන එකේ ලියලම බලමු. හැබැයි මම් කවි ලියන්න අරන් මාස දෙකක්වත් නෑ.
@Podi Kumarihami :
ReplyDeleteඅක්කත් ලස්සනයි කියලා කියනවනම් කවි ටික ලස්සන ඇති. හික්ස් :)
@දිල් :
අක්කලාට එකේ පන්තියේ සී පද කියන්නත් තිබ්බද ?
@නිසුපා :
එහෙනම් හරි !!!! :)
@``` Outsider``` :
ReplyDeleteබොහොම ස්තුතියි !!!
@අකීකරු හිත :
අකීකරු හිතටත් ස්තුතියි. :)
@Dinesh :
මල්ලි ලීව කවියත් මරු. ඒක මම් දෙපාරක් විතර කියෙව්වා. :)
@පන්සල් හංදිය :
ReplyDeleteකට්ටියම කියන එකේ අඩුපාඩු නම් නැතුවැති නේ. ස්තුතියි අයියා
@දිනුක ජයකොඩි :
අපෝ පොත් වල ලියන්න තරම් කවි ලියන්න දන්නේ නෑ. හ්ම්.. ගොඩක් අය නිසදැස් ලියනවා නම් මම් දැකලා තියෙනවා.
@අසනි :
දිගටම කවි ලීවොත් කට්ටියට එපා වෙයි නේ.
@හංසි :
ReplyDeleteඅපේ නංගි කිව්වේ ඒ වගේ කතාවක් කවියට දාන්න කියලා. කතාව කිව්වා. ඒ කතාව කවියට දාලා දෙන්න කීවා.
@Sanjaya සිතුවිලි :
බොහොම ස්තුතියි !!!
@සයුරි :
මාර වර්ණනාවක් නේ ඒක !!!!
@හිතුවක්කාරි :
ReplyDeleteකවි ලියන්න බැරියෝ. මේ ටිකත් ලිව්වේ අපේ නංගි ලියලා දෙන්න කියපු හන්දා. :)
@හිස් අහස :
හික්ස් :) මලයටත් තියෙන ප්‍රශ්න !!!!
ඕන් මල්ලි මම් ඒ පැත්තේ ගිහින් සුබ පතලා එහෙම ආවා.
@ඔබ නොදුටු ලොවක්.....:
ගොඩක් ස්තුතියි !!!!
@විසිතුරු | visituru :
ReplyDeleteවිසිතුරු ලස්සනයි කියලා කිව්වා නම් එල !!!! විසිතුරුයි !!! විසිතුරුයි !!!
වත් පොතෙනුයි දැන ගත්තේ
ReplyDeleteඅදයි මෙහෙට ගොඩ වැදුනේ
අම්මට සිරි මල් හතනේ
දිගටම මං මෙහෙ එන්නේ
කවි ලියන්න දන්නැතියෝ
පද හතරක් ගැට ගැහුවෝ
දැන් බ්ලොග් එක පීරනවෝ
සමාවෙන්න මදු අයියෝ
පුංචි වුනාට පංකාදු කවි ටික..සුබ කවි අනාගතයක්....
හරිම ලස්සනයි අයියේ,, ඔය ලියන්නේ ලස්සනට, තව කවි දාන්න,. ඒවා කියවන්න අපි බලාගෙන ඉන්නවා..
ReplyDeleteනියමයි මචන්.. පටන් ගැන්ම සුබයි.. මාත් කවි ලියනවා.. ඉස්සරහා එවටත් සුභ පැතුම් :)
ReplyDeleteWaw... patta kavi tika. digatama liyamu!
ReplyDeleteෂා... අපේ මධු අයියා කවිත් ලියනවාද? ලස්සනයි... මොන අඩුපාඩුද, හෙල හවුලේ වගේ ඔය තියෙන්නෙ..
ReplyDeleteමධුරන්ගයෝ, මොකෝ බං එක පාරට වුනේ? ඕක තරුණ අසහනය.
ReplyDelete(මගේ ලැප අවුල් වෙලා හදන්න දුන්න බං. කොල්ලොන්ගෙ මැශින් වලින් යන්නේ. ඒකයි කමෙන්ට් කරන්න වුනේ නැත්තෙ.)
අය්යා කවි ලියන්න හපනෙක් කියලා නම් අපි දන්නවානේ ඉතින්, එලම තමා... ඉතින් ඔන්න මගෙන් ලකුනු දහයෙන් දහයක්ම
ReplyDeleteකවිකාර හිත පිබිදුවේ කවුදෝ ??
ReplyDeleteහපොයි..මම කවිටික දැක්කේ අදනේ...
ReplyDeleteලස්සන සිම්පල් කවිටික..මට චූටි කාලෙ පාඩම් කරපු..
“උදාසනම කිම ඉර අද
කුරුළු ගෙදර මඟුලක් වෙද“...
කුමාරතුංගයන්ගේ කවිටික මතක් වුනා...
ඔහෙම යං..ඔහොම යං මලේ..
ඔය එන්නේ.....
ReplyDelete@ගලයා :
ReplyDeleteමල්ලිවත් දැන ගත්තේ මූනු පොතෙන් නෙව !!! සතුටුයි ඒකට.
@ප්‍රාර්ථනා :
කවි ලියන්න තමා අමාරු !! ඔහේ මොනාහරි ලියනවා වගේ යෑ කවි ලියනෙක. හරිම අමාරු කේස් එකක් !!!
@සොඳුරු ඉසව්ව :
මාත් එහෙනම් කවි කියවන්න එන්නම් !!!
@ලහිරු :
ReplyDeleteඋත්සහ කරලා බලමු !!! වැඩේ අල්ලගන්න පුලුවන් වෙයි.
@නෙරංජි | Neranji :
හෙල හවුල නෙමෙයි. අතකසය !!!!
අගනුවර තරුණ කවි සංගමය !!!
@Kasun :
මොකද්ද ඔය කිව්ව අහසහනය ??? හික්ස් :)
@දේවා ගේ අඩවිය :
ReplyDeleteලකුණු වලට බොහොමත්ම ස්තුතියි. මාත් සුපර් ස්ටාර් කෙනෙක් කියලා හිතුනා !!! :)
@සරත් ලංකාප්‍රිය :
අපේ නැන්දගේ ලොකු දූ !!!! හික්ස් :)
@රූ.... :
ස්තුතියි අක්කා කවි ටික කියෙව්වට. තව පොඩ්ඩෙන් මම් අක්කගෙන් ගුටි කනවා අක්කව අයියෙක් කලාට !!! මතක් වෙනකොටත් හිනාවෙලාම පන යනවා. :)
@ක්සැන්ඩර් | Xander :
ReplyDeleteමොනවද මොනවද !! :)
සරල ලස්සන කවි පන්තියක්
ReplyDelete