18 October 2011

චූටි කවි

අපේ ගෙදර මල් වත්තේ
මල් පිපිලා හැම පැත්තේ
සමන් පිච්ච මල් අත්තේ
පුංචි කැදැල්ලක් ඇත්තේ

කුරුළු ගීත නද අතරේ
පැටවුන් දෙදෙනෙකි මිතුරේ
මාපිය දෙදෙනගේ අදරේ
පැටවුන් හිත් තුල පැතිරේ

දින සති කල් ගත වූවා
පැටවුන් නිති කල් යැවුවා
කිචි බිචි හඬ නැති වූවා
පැටවුන් නැති බව දුටුවා

කැලයෙහි පලවැල නෙලනා
කුරුළු මව යි පිය දෙදෙනා
පැටවුන් නැති දුක් සොවිනා
නෙතඟින් කඳුලැලි වැටුනා

ගහ මුල පොඩි පිහාටුවයි
කුරුළු මවගේ නෙත ගැටුනයි
කුරුළු ලොවේ දුක් සුසුමයි
පුංචි අපේ හිත් රිදුනයි

----------------------------------------------------------------------
ප.ලි. - අපේ නංගිලෑ සිංහල පාඩමකට ගායනා කරන්න පුලුවන් කවි ටිකක් ලියාන එන්න කියලා තිබුනා. අමාරුවෙන් කවි ටිකක් ලියා දුන්නා. මේ කවි ටික මොන තාලෙකට ගායනා කලාද කියලා නම් දන්නේ නෑ. :)

කවි ලියන්න මම් අළුත්. ගිම්හානි අක්කා නිසයි කවි ලියන්න ගත්තේ. මේ කවි වල අඩුපාඩු තියෙනවනම් කියන්න.

45 comments:

  1. එල නේ.. මොන අඩු පාඩුද ගාඩ් මහත්තයෝ... එලට තියෙනවා.. ඔන්න එහෙනම් ගිම්හානි අක්කටත් ලකුණක් යනවා....

    ජය,,

    ReplyDelete
  2. ඔයත් ලස්සනට කවි හදනවනෙ

    ReplyDelete
  3. තරඟෙට කවි කියලා අපි මූණු පොතේ .....
    දෙදෙනා කිවූ සුන්දර කවි ඒ මොහොතේ ....
    තාමත් මතකේ රැඳිලා නේදෝ අපේ සිතේ ...
    කවදා කෙලෙස හෝ මාවත් පරදවන් පුතේ .....

    ReplyDelete
  4. අඩේ මේ ටික නම් මටත් තාලෙට කියන්න පුළුවන්... මරු බං

    ReplyDelete
  5. අඩේ මෙන්න මේකා කවි ලියනවලු. ඉදලා හමාරයි... හික්ස්.. හොදා හොදා...

    ReplyDelete
  6. Hehe....කවි වලින් හොඳ අනාගතයක් තියෙයි... දිගටම ලියන්න... :D

    ReplyDelete
  7. ලස්සනම, ලස්සන කවි ටිකක්. ඇත්තමයි...:)

    ReplyDelete
  8. පොඩි උනාට කවි ටික නම් පංකාහුයි
    එකේ පන්තියෙදී කී සිව් පද සිහිවෙයි

    ReplyDelete
  9. ඔය තියෙන්නෙ එල කිරි එකට.

    ReplyDelete
  10. ලස්සනට තියෙන්නෙ කවි පෙල....

    ReplyDelete
  11. මොන අඩු පාඩුද අයියේ ඔය තියෙන්නේ එල කිරි වගේ..

    ගිම්හානි අක්කා එක්ක කවි කියලා මුණු පොතේ
    අපේ අයියත් කවියෙක් වෙලානේ මිතුරේ
    එන්න ඔහුට සුභ පතන්නට හදවතිනේ
    මොන අඩුපාඩුද කවි ටික මල් හතයිනේ....

    ReplyDelete
  12. නියමයි මලයා, මට නං කිසි අවුලක් පේන්නෙ නැහැ, එලටම ලියලා තියනවා .......

    ReplyDelete
  13. කේයස් වගේ පොතක් ලියමුද මචෝ.....කොහොමත් දැං අය සිව්පද ලියන්නෙම නෑනෙ.

    ReplyDelete
  14. අගේ ඇති කවි පන්තිය..දිගටම කවි ලියමුකෝ යාලු අගේ නොකර..

    ReplyDelete
  15. අනේ හරිම ලස්සනයි අයියේ... පටන් ගනිත්දි සතුට ඉතිරිලා ගියාට කඳුලු එනවා අන්තිමේදි.. හරිම සංවේදී නිර්මාණයක්..

    ReplyDelete
  16. ඔය තියෙන්නේ හොදටම ලියල

    ReplyDelete
  17. සරලයි...සුගමයි...සුරම්‍යයි....මන රම්‍යයි

    ReplyDelete
  18. හානේ... හලිම ශෝයි.. කොහොම වුනත් අයියා කවි ලියන්න අඅව එක නියමයි...

    ReplyDelete
  19. මමත් ආස ඔය වගේ සරල කවි වලට තමයි . එල කිරි අයියන්ඩි . කමෝන්

    මම දැන් ලොකු එකා හින්දා පුංචි අපේ කියලා කොටහකුත් කවියේ තියන නිසා ඉතින් මට නම් ගායනවා කරන්න බෑ ඉතින් .. අවුලක් නෑ

    ReplyDelete
  20. ඔය තියෙන්නෙ යස අගේට! නියමයි

    ReplyDelete
  21. @Gayan Rupasinghe :
    ගාඩ් මහත්තයෝ ??? ආහ් ඉස්සර මගේ ආසාව !!!

    @නදී :
    කවි ටික කියෙව්වට බොහොම ස්තුතියි !!!

    @Gimhani :
    අපෝ අක්කා මට තව එක මූසිල කෙනෙක් වෙන්න ඕනේ නෑ. අක්කා තමා මගේ ටිචර් !!!! :)

    ReplyDelete
  22. @prasanna86k :
    කවි ටික ගායනා කරලත් බැලුවද ? මරු :)

    @සීතල අයියා :
    ඇයි අපි කවි ලීවම මොකෑ වෙන්නේ මල්ලි.

    @Ice (අයේෂා කුලතුංග) :
    එහෙනම් ඔච්චර කියන එකේ ලියලම බලමු. හැබැයි මම් කවි ලියන්න අරන් මාස දෙකක්වත් නෑ.

    ReplyDelete
  23. @Podi Kumarihami :
    අක්කත් ලස්සනයි කියලා කියනවනම් කවි ටික ලස්සන ඇති. හික්ස් :)

    @දිල් :
    අක්කලාට එකේ පන්තියේ සී පද කියන්නත් තිබ්බද ?

    @නිසුපා :
    එහෙනම් හරි !!!! :)

    ReplyDelete
  24. @``` Outsider``` :
    බොහොම ස්තුතියි !!!

    @අකීකරු හිත :
    අකීකරු හිතටත් ස්තුතියි. :)

    @Dinesh :
    මල්ලි ලීව කවියත් මරු. ඒක මම් දෙපාරක් විතර කියෙව්වා. :)

    ReplyDelete
  25. @පන්සල් හංදිය :
    කට්ටියම කියන එකේ අඩුපාඩු නම් නැතුවැති නේ. ස්තුතියි අයියා

    @දිනුක ජයකොඩි :
    අපෝ පොත් වල ලියන්න තරම් කවි ලියන්න දන්නේ නෑ. හ්ම්.. ගොඩක් අය නිසදැස් ලියනවා නම් මම් දැකලා තියෙනවා.

    @අසනි :
    දිගටම කවි ලීවොත් කට්ටියට එපා වෙයි නේ.

    ReplyDelete
  26. @හංසි :
    අපේ නංගි කිව්වේ ඒ වගේ කතාවක් කවියට දාන්න කියලා. කතාව කිව්වා. ඒ කතාව කවියට දාලා දෙන්න කීවා.

    @Sanjaya සිතුවිලි :
    බොහොම ස්තුතියි !!!

    @සයුරි :
    මාර වර්ණනාවක් නේ ඒක !!!!

    ReplyDelete
  27. @හිතුවක්කාරි :
    කවි ලියන්න බැරියෝ. මේ ටිකත් ලිව්වේ අපේ නංගි ලියලා දෙන්න කියපු හන්දා. :)

    @හිස් අහස :
    හික්ස් :) මලයටත් තියෙන ප්‍රශ්න !!!!
    ඕන් මල්ලි මම් ඒ පැත්තේ ගිහින් සුබ පතලා එහෙම ආවා.

    @ඔබ නොදු‍ටු ලොවක්.....:
    ගොඩක් ස්තුතියි !!!!

    ReplyDelete
  28. @විසිතුරු | visituru :
    විසිතුරු ලස්සනයි කියලා කිව්වා නම් එල !!!! විසිතුරුයි !!! විසිතුරුයි !!!

    ReplyDelete
  29. වත් පොතෙනුයි දැන ගත්තේ
    අදයි මෙහෙට ගොඩ වැදුනේ
    අම්මට සිරි මල් හතනේ
    දිගටම මං මෙහෙ එන්නේ

    කවි ලියන්න දන්නැතියෝ
    පද හතරක් ගැට ගැහුවෝ
    දැන් බ්ලොග් එක පීරනවෝ
    සමාවෙන්න මදු අයියෝ

    පුංචි වුනාට පංකාදු කවි ටික..සුබ කවි අනාගතයක්....

    ReplyDelete
  30. හරිම ලස්සනයි අයියේ,, ඔය ලියන්නේ ලස්සනට, තව කවි දාන්න,. ඒවා කියවන්න අපි බලාගෙන ඉන්නවා..

    ReplyDelete
  31. නියමයි මචන්.. පටන් ගැන්ම සුබයි.. මාත් කවි ලියනවා.. ඉස්සරහා එවටත් සුභ පැතුම් :)

    ReplyDelete
  32. Waw... patta kavi tika. digatama liyamu!

    ReplyDelete
  33. ෂා... අපේ මධු අයියා කවිත් ලියනවාද? ලස්සනයි... මොන අඩුපාඩුද, හෙල හවුලේ වගේ ඔය තියෙන්නෙ..

    ReplyDelete
  34. මධුරන්ගයෝ, මොකෝ බං එක පාරට වුනේ? ඕක තරුණ අසහනය.

    (මගේ ලැප අවුල් වෙලා හදන්න දුන්න බං. කොල්ලොන්ගෙ මැශින් වලින් යන්නේ. ඒකයි කමෙන්ට් කරන්න වුනේ නැත්තෙ.)

    ReplyDelete
  35. අය්යා කවි ලියන්න හපනෙක් කියලා නම් අපි දන්නවානේ ඉතින්, එලම තමා... ඉතින් ඔන්න මගෙන් ලකුනු දහයෙන් දහයක්ම

    ReplyDelete
  36. කවිකාර හිත පිබිදුවේ කවුදෝ ??

    ReplyDelete
  37. හපොයි..මම කවිටික දැක්කේ අදනේ...
    ලස්සන සිම්පල් කවිටික..මට චූටි කාලෙ පාඩම් කරපු..
    “උදාසනම කිම ඉර අද
    කුරුළු ගෙදර මඟුලක් වෙද“...
    කුමාරතුංගයන්ගේ කවිටික මතක් වුනා...

    ඔහෙම යං..ඔහොම යං මලේ..

    ReplyDelete
  38. @ගලයා :
    මල්ලිවත් දැන ගත්තේ මූනු පොතෙන් නෙව !!! සතුටුයි ඒකට.

    @ප්‍රාර්ථනා :
    කවි ලියන්න තමා අමාරු !! ඔහේ මොනාහරි ලියනවා වගේ යෑ කවි ලියනෙක. හරිම අමාරු කේස් එකක් !!!

    @සොඳුරු ඉසව්ව :
    මාත් එහෙනම් කවි කියවන්න එන්නම් !!!

    ReplyDelete
  39. @ලහිරු :
    උත්සහ කරලා බලමු !!! වැඩේ අල්ලගන්න පුලුවන් වෙයි.

    @නෙරංජි | Neranji :
    හෙල හවුල නෙමෙයි. අතකසය !!!!
    අගනුවර තරුණ කවි සංගමය !!!

    @Kasun :
    මොකද්ද ඔය කිව්ව අහසහනය ??? හික්ස් :)

    ReplyDelete
  40. @දේවා ගේ අඩවිය :
    ලකුණු වලට බොහොමත්ම ස්තුතියි. මාත් සුපර් ස්ටාර් කෙනෙක් කියලා හිතුනා !!! :)

    @සරත් ලංකාප්‍රිය :
    අපේ නැන්දගේ ලොකු දූ !!!! හික්ස් :)

    @රූ.... :
    ස්තුතියි අක්කා කවි ටික කියෙව්වට. තව පොඩ්ඩෙන් මම් අක්කගෙන් ගුටි කනවා අක්කව අයියෙක් කලාට !!! මතක් වෙනකොටත් හිනාවෙලාම පන යනවා. :)

    ReplyDelete
  41. @ක්සැන්ඩර් | Xander :
    මොනවද මොනවද !! :)

    ReplyDelete
  42. සරල ලස්සන කවි පන්තියක්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.