03 October 2011

පැන්සලයි මකනයයි

පැන්සල :
මට සමා වෙන්න !!!

මකනය :
ඒ මොකටද ? ඔයා කිසි දෙයක් කළේ නෑනේ !!!

පැන්සල :
මම නිසා ඔයාට තුවාල වෙන හන්දා මට සමාවෙන්න. මම් වැරදීමක් කරන හැම වෙලාවකම ඔයා ඇවිත් ඒක මකලා දානවා. ඒ වැරද්ද නිවැරදි කරන්න ගියහම ඔයාගෙන් කොටසක් ඒකට වැය වෙනවා. එතකොට ඔයාගේ ප්‍රමාණය එන්න එන්නම පුංචි වෙලා යනවා.

මකනය :
ඒක ඇත්ත තමයි !! ඒ උනාට මං ඒක ගනන් ගන්නේ නෑ. මාව හදලා තියෙන්නෙම ඔයා කරන වැරදි මකලා දාන්න නේ. එහෙම උනත් මම දන්නවා දවසක මං නැතිවෙලාම යනවා. එතකොට ඔයා මං වෙනුවට වෙන අළුත් එකක් ගේනවා. ඒ උනාට මං මගේ රාජකාරිය ගැන ඇත්තටම සතුටු වෙනවා. ඒ හින්දා කරුණාකරලා කනගාටු වෙන්න එපා. මම් ආස නෑ ඔයා අඬනවා දකින්න !!

ඉහත දෙබසේ...
ළමයි පැන්සල් කියලා හිතුවොත් දෙමවුපියන් මකන වලට උපමා කරන්න පුලුවන්. දෙමවුපියෝ හැම වෙලේම දරුවොත් එක්ක ඉන්නවා එයාලා කරන වැරදි අඩුපාඩු මකලා දාන්න. නමුත්.... කාලයක් යනකොට දරුවෝ තමන්ගේ දෙමවුපියන් ගැන දුක් වෙනවා. ඒගොල්ලෝ කුඩාවෙන (වයසට යන හෝ සමහර වෙලාවට මිය යන) හන්දා.

එහෙම උනත් එයාලා අලුත් මකනයක් (බිරිඳ හෝ සැමියා) ගේනවා. ඒත් දෙමවුපියෝ ඒ ගැන කවදාවත් දුක් වෙන්නේ නෑ. තව තවත් සතුටු වෙනවා මිසක්. දෙමවුපියෝ කැමතිත් නෑ එයාලගේ ළමයි එයාලා දිහා බලලා දුක් වෙනවට.

"මම මගේ ජීවිත කාලා පුරාම පැන්සලක් වගේ වෙන්න සිද්ද වෙනවා. ඒත්... මට දුකයි මගේ දෙමවුපියෝ මකනයක් වගේ දවසින් දවස නැති වෙනවා දකින්න."

-----------------------------------------------------------------
ප.ලි. - මේ සිතුවිල්ල මට මේල් එකකින් ආපු එකක්. ගොඩක් වටිනවා කියලා හිතුන නිසා පරිවර්තනය කලා. සමහර වෙලාවට කියවලාත් ඇති. කියවලා නැති එක්කෙනෙක් හරි ඉදීවී කියලා හිතුන නිසා පරිවර්තනය කලා.

39 comments:

  1. සම්පුර්ණ ඇත්ත සහෝදරයා. මටත් ඔය දේ ගොඩාක් වෙලාවට හිතෙනවා.

    ReplyDelete
  2. හපොයි.. කතාව ඇත්ත නේන්නම්.... එහෙම තමයි මචන් මේ ලෝකේ හැදිලා තියෙන්නේ.. අපි උනත් කවද හරි ඒ අත්දැකීමට මුණ දෙන්න එපැයි..

    ජය..

    ReplyDelete
  3. මම කියවලා තිබුනේ නෑ මේක. අපිත් ඉතිං පැන්සල් තමා .

    ReplyDelete
  4. හ්ම් ඔව්, අපිත් පැන්සල්...කවද හරි මකනත් වෙයි..

    ReplyDelete
  5. හරිම ලස්සනයි....මහන්සි හන්දා වැඩිය කමෙන්ට් කරන්ට යන්නේ නෑ.:D

    ReplyDelete
  6. කතාව ඇත්ත! ඒත් අපි දැන් පැන්සල් උනාට තව ටික කාලයකින් අපිත් මකන වෙනවානේ. ඒ පරිවර්තනය කොහොම වෙනවද කියලා ටිකක් හිතන්න අමාරුයි. ඒත් අපේ ජීවිතවල ඇත්ත තත්වය ඕකම තමයි.

    ReplyDelete
  7. කතාව ඇත්ත නේන්නම් ...

    ReplyDelete
  8. හොඳ කියමනක් නේද . ඇත්තම තමයි.

    ReplyDelete
  9. "මම මගේ ජීවිත කාලා පුරාම පැන්සලක් වගේ වෙන්න සිද්ද වෙනවා. ඒත්... මට දුකයි මගේ දෙමවුපියෝ මකනයක් වගේ දවසින් දවස නැති වෙනවා දකින්න."

    නෑ මකනයකුත් වෙන්න ඕන.

    ReplyDelete
  10. සහතික ඇත්ත මධූ....අපේ ජීවිතයට අත්දැකීම් එකතු කරන්න අපි අපිව නිවැරදි කරන්න සමහර දේ මකලා තව තව දේවල්වල උපකාරය ගන්නවා...හරියට මකනය වගේ

    සරළ නමුත් අපූරු කතාවක්

    ReplyDelete
  11. ලස්සන කතාවක්.. අපි වෙනුවෙන් දෙමවුපියො කරන කැපවීම පුංචි සංකේත දෙකකින් කියලා තියනවා.. කවුරු උනත් මේ මේල් එක මුලින්ම ලියපු කෙනත් ඒක පරිවර්තනය කරපු අයියාත් ඒක ගොඩක්ම ලස්සනට කරලා තියනවා.

    ReplyDelete
  12. පුන්චි කාලෙ ආසාවෙන් එකතු කරපු ලස්සන මක්ක මතක් උනා.

    ReplyDelete
  13. මල්ලිගේ අදහස නං හොඳයි තමා, ඒත් මට නං බොහෝ විට උනේ මකනයට කලින් පැන්සල ඉවර වෙච්ච එකයි.

    ReplyDelete
  14. හ්ම්ම්ම්.... හිතන්න දෙයක්..

    ReplyDelete
  15. කවුරුත් පැන්සලක් මෙන්ම මකනයකුත් වෙනවනෙ....

    ReplyDelete
  16. අපුරු සිතුවිල්ලක් අයියේ.. ඔව් අපි හැමෝම පැන්සල්.. ඒත් දවසක අපිත් මකනයක් වෙනවා....

    ReplyDelete
  17. @StArry aNgeL :
    ඒකනේ. ඔයාටත් එහෙම හිතෙන එක සාධාරණයි ඒංජල්.

    @Gayan Rupasinghe :
    අනිවා... අපටත් කවදා හරි ඔය ඉරණම අත්වෙනවා. ඒක සුවර් අන්ඩ් සොට් !!!

    @prasanna86k :
    කවදාහරි මක්ක කෑලිත් වෙයි. ඒක බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
  18. @සයුරි :
    ඔයා නම් ඉක්මනටම මකන කෑල්ලක් වේවි අක්කේ.
    සයුරි අක්කා මකනයක්ම වේවා !!!!! ඒස්වාහ්ඃ පුඃ !!!!

    @Podi Kumarihami :
    මහන්සි පිට කියෙව්ව එකත් ලොකු දෙයක් අක්කේ. :)

    @malmi :
    ඒ පරිවර්තනය උනාම තමයි අක්කේ බලන්න වෙන්නේ. අක්කට නම් ඒක බලාගන්න පුලුවන් නේ. තාම දුවයි පුතයි පොඩි නොවෑ.

    ReplyDelete
  19. @Sanjaya සිතුවිලි :
    හ්ම්... ඒක හරි අයියා :)

    @සුදු මැණිකේ(මැණික්) :
    ස්තුතියි. :)
    මගේ උත්සහය සාර්ථකයි වගේ.

    @Gimhani :
    ඇත්ත තමයි ගිම්හානි අක්කේ. දුක හිතෙන කියමනක්.

    ReplyDelete
  20. @රාජ් :
    ලෝක පැවැත්මට එහෙම වෙන්න උනත් ඒක දුක හිතෙන සීන් එකක්. නමුත් අපි කියලා මොනා කරන්නද. ඒවට මූන දෙනවා මිසක්.

    @දිල් :
    ඇත්ත දි අක්කේ. දෙමවුපියෝ තමන්ගේ ජීවිත කාලයම උත්සහ කරන්නේ අපේ වැරදි ලෝකයාට නොපෙනෙන්න මකලා දාන එක. ඒ නිසා එයාලා වැය වෙනවා.

    @හංසි :
    මට වඩා ස්තුති කරන්න ඕනේ මේ මේල් එක එවපු එක්කෙනාට. එයා තමයි මේ අදහස ලස්සනට ලියලා තියෙන්නේ

    ReplyDelete
  21. @පිණිබිඳු... :
    මක්ක තියෙනවනම් මට දෙන්න. මම් මක්ක කන්න හරිම ආසයි. සුවඳ ගහන මක්ක කෑල්ලක් තියෙනවා නම් නියමයි. :)

    @පොත් ගුල්ලා :
    නියම අයියෙක්. ඒ කියන්නේ අයියගේ ජීවිතයේ වැරදීම් අඩුයි කියන එකනේ. නියමයි !!!

    @ක්සැන්ඩර් | Xander :
    අනිවාර්යෙන්ම.... :)

    ReplyDelete
  22. @``` Outsider``` :
    කවදහරි අපට එහෙම වෙන්න සිද්ද වෙනවා.

    @Dinesh :
    ඒක හිතේ තියාගෙන අපි ජීවත් වෙමු මල්ලි.

    ReplyDelete
  23. අලුත් අදහසක් ..දැන් පැන්සල ලියල ලියල ඉවර වෙලා මකනයක් වෙනවා ඇති. අපි නම් දැන් කෙලවර මකනයක් හයි කරපු පැන්සල් වෙලා ඉවරයි . දැන් මට මතක් වුනේ . මගේ යාලුවෙක් පොඩි කාලේ හරි දඟලු. ටීච කෙනෙක් වෙච්ච අම්ම නිතරම කියනවලු ''මකවනවා '' කියල . ඉතින් මෙයා කල්පනා කරනවලු අම්ම එච්චර ලොකු මකනයක් කොහෙන් හොයන්නද කියල .

    ReplyDelete
  24. මංනම් මේක කියවලා තියෙනවා. ඇත්ත කතාව. දැන් පැන්සල් වුනත් තව ටික කාලෙකින් අපිත් මකන වෙනවනෙ. :))

    ReplyDelete
  25. ස්කොලේ යන කාලේ නම් මට පැන්සලක් මකනයක් සතියක්වත් තියාගන්න අමාරුයි.. ඒත් කථාව 100%ක් ඇත්ත.. ඒ වගේම අපිත් දවසක මකනයක් වෙනවානේ

    ReplyDelete
  26. කවදා හරි පැන්සල් මකන බවට පත් වෙනවානෙ....................
    එතකොට තමයි මකනෙ අගේ තේරෙන්නෙ

    ReplyDelete
  27. ලස්සන සංකල්පනාවක් ...හොඳ දේ හොයාගෙන සිංහල බ්ලොග් අවකාශයට එකතු කරන එකත් කොයි තරම් වටිනවද?

    ReplyDelete
  28. අනේ මල්ලියේ,
    මං නං මගේ ජීවිතේ වැරදීම් අඩුයි කියන එක අදහස් කලේ නැහැ. මගේ මතකයන්ට අනුව බොහෝ විට ළමා කාලේ මුළු අව්රුද්දටම එක මකනයක් පාවිච්චි කළා. නමුත් පැන්සල් කිහිපයක් පාවිච්චි කරන්න උනා. ඒ මතකය තමා මං කිව්වේ.

    ReplyDelete
  29. @Bindi :
    අක්කගේ යාලුවාට වගේ මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා. හික්ස් :)

    @නිසුපා :
    අනිවාර්යෙන්ම අක්කේ.

    @දේවා ගේ අඩවිය :
    මගේ නම් මක්ක තියාගන්න බෑ.මක්ක කනවනේ. ඒ උනාට පැන්සල් නම් තියාගන්න පුලුවන්.

    ReplyDelete
  30. @විසිතුරු | visituru :
    මල්ලිගේ කතාව සහතික ඇත්ත.

    @මහේෂ් නිශාන්ත :
    අගය කිරීමට ස්තුතියි නිශාන්ත මහත්මයා !!!

    @පොත් ගුල්ලා :
    හික්ස් :)
    මම නම් මක්ක තියාගන්නෙම නෑ.

    ReplyDelete
  31. මාර කතාවක්.නියමයි

    ReplyDelete
  32. මාත් පැන්සලක් වෙලා ඉඳල ලඟකදි තමයි මකනයක් උනේ. ඒත් තාම මගෙ ඉරි මකන්න මනක ගොඩක් ඕනෙ.

    ReplyDelete
  33. අපිත් කාලයක් වගේ පැන්සල් වගේ හිටිය පස්සෙ මකන කෑලි වුනා, මධුරංග.
    ඔයාටත්, ඔයාගෙ දරුවන්ටත්, දරුවන්ගෙ දරුවන්ටත් ඕකම වෙනව.

    ReplyDelete
  34. කතාවනම් ඇත්ත අයියා.. දුකත් හිතෙනවා..:(

    ReplyDelete
  35. ඇත්තමයි අයියේ.. ඒත් පැන්සලත් කවදා හරි ලියලා ලියලා නැති වෙලා යනවා නේද? පැන්සල ඒක තේරුම් ගන්නව නම් මකනෙ එයා එක්ක ඉන්න කාලෙදි පැන්සල මකනෙට ගොඩාක් ආදරෙන් සලකාවි නේද?

    ReplyDelete
  36. ගොඩාක් ඇත්ත කතාවක් අයියා...

    ReplyDelete
  37. සහතික ඇත්ත මල්ලි, ඕක හොඳටම තේරෙනවා තාත්තා කෙනෙක් උනාම .....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.