මේ සතියේ ඉදලා මට වැඩ පටන් ගත්ත නිසා උදෙම්ම ඇහැරිලා කොළඹ දුවන්න වෙනවා. ඊට පස්සේ හවස වැඩ ඉවර වෙලා ආයේ ගෙදර දුවනවා.ඉස්සරහට සතියේ දවස් පහම ගෙවන්න වෙන්නේ ඔහොමයි. අපේ ගෙදර ඉදලා මම් වැඩ කරන තැනට යන්න අඩුම තරමේ පෑ දෙකක්වත් යනවා.
ඒ දුර නිසාම නෙමෙයි මගින් මගට වාහන තදබදේට අහුවෙලා කාලේ නාස්ති වෙන හන්දා. ( දුරත් නැත්තෙම නෑ.) වාහන තද බදය නිසා වෙලාවකට සංසාරේ එපා වෙනවා.
රස්සාව පටන් අරන් දවස් දෙක තුනක් උනාට බස් එකෙන් බහින තැන් එහෙම තාම මීටර් නෑ. එක්කෝ මම් බහින තැනට හෝල්ට් දෙකක් කලින් බැහැගන්නවා. එක්කෝ හෝල්ට් එක පහුවෙලා බහිනවා.ඒ කොයික වෙතත් අන්තිමේ වෙන්නේ සෑහෙන දුරක් පයින් යන්න වෙන එක.
අද බස් එකේ එනකොට මට හිතුනේ අපේ ෆැකල්ටියෙන් අවුට් වෙච්ච බැච් එකම වගේ රස්සාවල් වලට කොළඹ එනවා. සමහරු අනුරාධපුර පොලොන්නරු වගේ පිට පලාත් වලින් කැම්පස් ආපු අය. මේ අය කොළඹ රස්සාවල් කරනවනම් අනිවා බෝඩ් වෙන්න සිද්ද වෙනවා.
ඔය වගේ තව තව කැම්පස් වලින් රස්සා කරන්න කොළඹ එනවා. ඒ අයටත් සිද්ද වෙන්නේ බෝඩින් ජීවිත ගත කරන්න.එහෙම බලාගෙන ගියාම කැම්පස් වලින්ම විතරක් අවුරුද්දකට දහදාහක විතර සෙට් එකක් කොළඹ එනවා.
කැම්පස් එකෙත් අවුරුදු හතරක් කට්ට කාලා රස්සාව කරනකොට කොළඹ බෝඩ් වෙලා ඒ කට්ටම ආයේ පාරක් කන්න වෙනවා. බෝඩින් ජීවිත කියන්නේ ආයේ සුර සැප විඳිමක් ඈ.
එහෙම එන එවුන් ටික කාලයක් යනකොට කසාද බැඳලා කොළඹ අවටින් ගෙයක් අරන් ජීවත් වෙනවා. එතකොට වෙන්නේ සදාකාලිකව කොළඹ ජීවත් වෙන්න වෙන එක. ඔහොම බලාගෙන ගියාම අවුරුදු 10ක් විතර යනකොට කොළඹ ඇඟිල්ලක්වත් ගහන්න ඉඩක් නැති වෙයි. මං හිතන්නේ දැනටත් එහෙම තමා.
මේ කෝක උනත් අන්තිමේදි වෙන්නේ තමන් උපන් ගමෙන්, අම්මා අප්පච්චිලාගෙන් දුරස් වෙන්න සිද්ද වෙන එක. !! ඒ විතරක් යෑ තමන්ගේ දෙමවුපියන් බලන්න ගමේ යන්න වෙන්නෙත් මාසෙකට හමාරකට එක දවසක්. දෙමවුපියෝ දෙන්නා නැති වෙච්ච දාකට ඒ දුරස් බව තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නැති වෙයි.
මොනා කරන්නද ජීවිතේ හැටි තමා !!!!
මූලිකම හේතුව ලංකාවේ දියුණු නගර තියෙන්නෙ එකක් පමණක් වීම , ඉස්සරහ ට නම් අධි වේගී මාරගයකට කිට්ටුව කොලඹට ඇතින් නිවාසයක් ගන්න එක හොඳවෙයි (තමන්ගෙ වාහනයක් තියන කෙනෙකුට )
ReplyDeleteමම නම් කවදාවත්ම උපන් ගමෙන් ඈතට යන්නේ නෑ අයියේ,, මම මේ කැම්පස් ඉවර වෙනකන් බලාගෙන ඉන්නේ ආයේ ගමට දුවන්න.. හෙ හෙ..
ReplyDeleteඇයි අප්පා ඔය සොෆ්ට්වෙයාර් කොම්පැනි වෙන පැති වල දාන්න බැරි :( මොනවා උනත් ඔයා නම් ලකී පැය දෙකක් ගියත් ගෙදර ඉඳං යන්න පුලුවන්නම්... ඉතින් අපිට කියන්නේ නැද්ද සේවා ස්ථානය ගැන එහෙම?
ReplyDeleteමල්ලිගෙ කථාව දැක්කාම දුක හිතුනා. අපිත් කොළඹ ආවෙ රස්සාව කරන්න..මගටම කාලෙ නාස්ති කරන්න බැරිනිසයි කොළඹ නවතින්න හිතුවෙ..ඒත් අම්මල තාත්තල අපි නැතිව තනියම ජීවත්වෙන හැටි දැක්කම තවත් දුකයි..කොළඹ ජනගහනය වැඩිවෙන එක ගැන නම් කථා කරල වැඩක් නෑ. ඔලුගෙඩි ගාන වැඩිවුනාට හදවත් ගාන නම් වැඩිවෙලා නෑ..
ReplyDeleteබුවාගෙ කථාවට මමත් එකඟයි. අනිත් නගරත් දියුණුවෙලා තිබුනා නම් මෙහෙම වෙන්නෙ නෑ...
ඒක නෙවෙයි මලේ රස්සාවට ගිහිල්ලා සතියක් යන්නත් කලින් මේ දාර්ශනික සිතුවිලි පහල වෙන්න මොකද? රස්සාව හොඳද?
කිරිබත්ගොඩ පැත්තෙ ඉඳන් එන එක නම් එපා වෙන වැඩක තමා...කොළඹ නම් මොනාද මධූ....දිල් කොළඹ ඉඳන් අලුත් ගම සයිට් එකට ගියේ.... උදේ 4 ට නැඟිටලා 5 බෝඩිමෙන් නුගේගොඩට ඇවිත් ...එතැනින් 6 ට කලින් ගාලු පාරට ගියෙ නැත්තම් සොරිම තමා....එතැනින් අලුත් ගමට... පැය 2 ක්...ආයෙම හවසට ඔය පාරෙම පහලට...අපොයි....
ReplyDeleteකට්ට කාපන් මල්ලි...ඔහොම ඉහලට යද්දී රොද හතරක් තමන්ටම ලැබේවී...බස් වලට බැන බැන පාරේ යන්න....
අප්පා..... කොළඹ අවුරුදු 3 කාපු කට්ට මතක් උනා. බෝඩිම් වෙලා, ඉඳල ඒ මදිවට ගෙදර යන්න විඳින දුක.. නුවර යන්න පය හතරයි බස් එකේ.. ට්‍රැෆික් අස්සේ උන්ගේ පොල්බුරු සින්දු අහ අහ බස් අජිත්ගේ අම්මලට පින් අනුමෝදන් කරකර ගියා කියමුකෝ. සඳුදා උදේ කොළඹ එන්න පාන්දර තුනට පාරට එන්නේ පාන්දර දෙකට නැගිටලා. ඊටපස්සේ එතනින් කොළඹ බස් එකක නැගල එක්කෝ හිටගෙන නැතිනම් ඉඳගන්න ඉඩ නැති සීට් එකක ඉඳගෙන එන්න වෙනවා.. අවුරුදු නත්තල් කාල වල ඉතින් කට්ටේ සීමාව කියල තැනක් නෑ. අම්මෝ.. මෙවන් දුකක්නම් සදා නොවේවා.. මේවට වගකියන්න ඕනේ ආණ්ඩු. කාර්යාල වලට පහසුකම් ඒ ඒ පළාත්වලට දීල වැඩිපුර ආයතන එක එක පළාත් වලට බෙදුවනම් ඔහොම වෙන්නේ නෑ. අනික මාර්ග ප්‍රවාහන වගේ යටිතල පහසුකම් ගැන අපේ රටවල් නම් දරලානේ තියෙන්නේ..
ReplyDeleteමොනා කරන්නද අයියා අපිට යමක් ලැබෙනකොට තව දෙයක් අහිමි වෙනවවා තමයි අපිට හැම දේම ලබන්න බෑ නෙව . අවුලක් නෑ දැන් ඔයාට ජොබ් එකක්වත් තියනවානේ . ටික ටික කීයක් හරි එකතු කරගෙන කොලඹින් ගෙයක් හෙම අරගෙන අම්මවයි අප්පච්චිවයි ගන්න බැරියෑ ලඟපාතට
ReplyDeleteමෙහෙම දේකුත් තියනවානෙ, දැන් දැන් කොළඹට මිනිස්සු එනවා වගේම කොළඹ ඉන්න අයත් ගමේ පදිංචියට යනවානෙ ......
ReplyDeletesubha anaagatayak mallii... apiTa job tiyennea koLaBa tamaa... monaa karannada.
ReplyDeleteසුභ අනාගතයක් මල්ලී... අපිට ජොබ් තියෙන්නේ කොළඹ තමා... මොනා කරන්නද.
ReplyDeleteඅම්මෝ මම නම් කොළඹ පදිංචි වෙන්නේ නෑ. ටික කලක් කොළඹ රස්සාව කලත් ගෙයක් හදන්නේ නම් ගම කිට්ටුවමයි.
ReplyDeleteහප්පා.... 1995 ඉඳල මේ වෙද්දි අවුරුදු 10 කටත් වැඩි කාලයක් කොළඹ එනව පැය 2 ක් දෙක හමාරක් ගෙවාගෙන... ඒත් කොළඹින් පදිංචි වෙන්න නම් හිතක් පහල වෙන්නේම නෑනේ.... මස් එකේ කන කට්ට හොඳයි කොළඹ පදිංචි වෙනවට වඩා....
ReplyDeleteඑක අතකට අයියා ලංකාව ඇතුලෙමයි ගෙදරින් පිට වෙලා හිටියට.. හිතුන ඕනම වෙලාවක යන්න පුළුවන්.. ඒත් අපි.. මේ වෙලාවට තමයි මේ ජීවිතේ කාලකන්ණියි කියලා හිතෙන්නේ...
ReplyDeleteඅයියාගේ ජොබ් එක මොකද්ද කියලා කිවුවේ නෑනේ...
මධුරංගට තියෙන්නේ වැඩට යන එන අතරතුර පොත් කියවන්න. දවසකට පොතක් දෙකක් කියවන්න පුළුවන් වෙයි.
ReplyDeleteඑතකොට කාලේ නාස්ති වෙන්නේ නෑ.
ඊලඟට පුළුවන් ලියන්න පටන් ගන්න.
මගේ සේරම ලේඛන කටයුතු කරන්නේ වැඩට යන එන ගමන්.
මං දන්න කෙනෙක් කෝච්චියේ යන ගමන් නවල් එකක් ලිව්වා.
මොනව කරන්නද මල්ලී ඔය කට්ට අපිත් කනව. අපි ඉතින් පාන්දර නැගිටලා උයලා එහෙමත්නෙ වැඩට එන්නේ. මටනම් එපා වෙන්නෙ මේ ට්‍රැෆික් එකමයි .. මේ දවස් වල පාරවල් හදන නිසා හැමතැනම බ්ලොක් වෙනවා. ගෙදෙර එනකොට රෑ වෙනවා.. ඕව එච්චර හිතන්න එපා දැන් ඉතින් හොඳ ජොබ් එකක් තියනවනෙ..
ReplyDeleteඇත්තටම මට නම් තාම ඔය ප්‍රශ්නේ ඔය තරමට දැනිලා නැ මොකද මම එහෙම පිට ඉදලා නැති නිසා වෙන්න ඇති දවසක එහෙම වේවි ඒ වුනට
ReplyDeleteමාත් අවු 3ක් ඔය කට්ට කෑව.හැමෝම කිවුවෙ මම කොලඹටම වේවි කියල.ඒත් මට මගේ ගම සැපයි.ඒනිසා හෙන කට්ටක් කාල මාරුවෙලා ආව.
ReplyDeleteකොළඹ ජීවිතේ මටත් එපා වෙලා තිබ්බ කාලයක් තිබ්බ වැඩත් එක්ක.ඒ ජීවිතේට හුරු වෙන්න කාලයක් ගියා.සමහර වෙලාවට ගෙදර දුවගන එන්න හිතෙනව අම්ම ලගට.කැම්පස් එකේදි නම් ලෙක්චර්ස් කට් කරල හරි ගෙදර එන්න ඕනේ උනාම එනව.රස්සාවකදි එහෙම බෑනේ.හිතෙන හිතෙන වෙලාවට නොගිහින් ඉන්න :/පුරුදු උනාම ගානක් නෑ.
ReplyDeleteකොළඹ ගමන් නම් ඕනෙම නෑ තමයි, ට්‍රැෆික් එකට අහු උනාම ආයේ ගමන් එපා හිතෙනවා!
ReplyDeleteකොළඹ සිරි...!
ReplyDeleteකොහොමද මීදුම වගේ හැම තිස්සෙම වාහන දුමින් පිරිච්චි කොළඹ ලස්සන....
මළා, ගිම්හානි රස්සාවකුත් කරනවද? හෙණම අයිස් ජොබ් එකක් වෙන්න ඕනෙ, නැත්තං කොහොමද ඔය තරං කොමෙන්ට් දාන්නෙ? hikz
ReplyDeleteමමත් වැඩට යන දවස්වල ඔහොම කට්ට කෑව. ඒ දවස්වල අම්මා උයලා දෙන බත් එක අරගෙනයි යන්නේ. ඒ උනාට ගෙදර ඉන්නමයි හිත. දැන් නම් ඒ ?? මොනවත් නෑ. නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා. ඔයා ලියපු ටික මට හොදින් දැනුනා. කොළඹින් වැඩි ඈතක නොවුනත් මම ඉන්නෙ ගමක. මගේ ගෙදර වටපිටාව ගස් කොලන් වලින් පිරිලා. කොළඹට වඩා මේ ජීවිතේ හරිම සුන්දරයි. ඔයාට කෝච්චියේ යන්න බැරිද?
ReplyDeleteඅනික අර කතන්දර කියනවා වගේ පොත් කියවන්න. ඉස්සර මම නම් කෝච්චියේ යනකොට එහෙමයි කලේ. අනුන්ගේ වල්පල් හොයනවාට වඩා ඒක හරිම නිදහස්. ඹයා වැඩ කරන ඉසව්ව ගැන කිවුවේ නැහැනේ . සුභ අනාගතයක් මධූ!!!!!
මමත් හොඳ කට්ටක් කෑවා ගෙදර ඉඳන් කැම්පස් ගිය කාලෙ..පස්සෙ බැරිම තැන තමයි බෝඩ් වුනේ........
ReplyDelete@කතන්දර Kathandara :මෙහෙ බස්වල කෝච්චිවල නම් ලියන කියවන එක කරන්න අමාරුයි...... මොකක් හරි දිග ඇරපු ගමන් වටේ පිටේ උන් ඔක්කොම ඕකට ඔලුව දානවනෙ......
අනික සමහරු බස්වල පොත් කියෙව්වත් මටනම් බෑ... මට ඔලුව කැක්කුම හැදෙනවා...
මදුවෝ ජීවිතේ කියන්නේ ඕකට තමා..
ReplyDeleteජය..
ලංකාවේ සේරම කොළඹ කේන්ද්‍ර කරගෙන කිරීමේ තියෙන විපාක තමයි ඕවා
ReplyDeleteකොළඹ බෝඩිමක් ගන්න එකත් සෙල්ලම් වැඩක්ද?
මධූ මලයට ජොබ් එකකුත් සෙට් වෙලානේ... සුභ පැතුම් !!!
ReplyDeleteගණන් ගන්න එපා. ටික දවසකින් ඔය කට්ට පුරුදු වෙයි. දැන බයිත් එක පස්ස පැත්තේ ගහගෙන ඉගිල්ලුනාට මමත් අවුරුදු 2-3 කට කලියෙන් රෑ 9-10 ට කිලෝමීටර් 3 ක් පයින් ගෙදර ආවා. එහෙම තමා කටු වල රස !
දිල් කිව්වා වගේ තව කාලයක් යනකොට රෝද හතරක් උඩ යන්න ලැබේවි. එතකල් හොඳින් කට්ට කන්න ලැබේවා කියලා පතන්නම්කෝ... ජය !!!
වාසනාවට මං නම් තාම ගෙදර ඉදන් යන්නෙ.මටත් මල්ලිට වගේම පැය දෙකහමාරක් විතර යනවා රස්සාවට එන්න ගියාම.ඉස්සරට වඩා දැන් ට්‍රැෆික් වැඩියි මල්ලි.බලන්නකො යන එන ගමන් කාර් දිහා.එක කාර් එකක ගොඩක් වෙලාවට ඉන්නෙ එක්කෙනයි.ඒ කියන්නෙ ඒක එලවන කෙනා විතරයි.ඒ අස්සෙ බස් වල සෙනඟ පිරිලා.තමුන්ගෙ පැත්තට යන එක්කෙනෙක් හරි දාගෙන යන්න තිබුනානෙ නේද?
ReplyDeleteඅගනුවර හම්බන්තොටට ගෙනියනකම් ඉවසල ඉන්න. එහෙ ඉඩපාඩු තියෙනව ඇඟිලි නෙවෙයි අතක් පයක් ගහන්න වුණත් :)
ReplyDeleteකොහොම වුණත් ඔයාට රස්සාවක් ලැබුණ එක ලොකු දෙයක්. රස්සා කරනව කියන්නෙ ඉතින් කට්ට කෑමක් තමයි.
ආපෝ .... මමත් වසර 6කට ආසන්න කාලයක් කාපු කට්ට මතක් උනා, මල්ලිගේ මේ පෝස්ට් එක කියෙව්වම.
ReplyDeleteඒත්...දැන් නම් හිතෙනවා, ඒකේ පොඩ් ජොලියකුත් තියෙනවා කියලා.
දැන් ඉතින් කොළඹ නතරවෙන්ට කියලද හදන්නේ? ජීවිතේ හැම තිස්සෙම මොකක් හරි කරදරයක් තමයි. ඒත් කමක් නෑ අඩු ගානේ ජොබ් එකක් හම්බ උනා කියලා සතුටුවෙන්ට පුලුවන් නේද?
ReplyDeleteමොනා කරන්නද යාලු...ගොඩක් අයට ඔය දේම තමයි වෙන්නෙ..කෙල්ලො වෙච්චි අපිට ඕක ඉතින් උරුමයිමනේ....
ReplyDeleteදෙයක් ලැබෙන්නේ දෙයක් නැති වීගෙනම තමයි....ලෝක ධර්මතාවේ කියන්නේ ඕකට වෙන්න ඇති..
අලුත් ජීවිතේට මගෙන් සුබ පැතුම්...දැන් ලොකු මිනිහෙක් ඈ එහෙනන්.....සකුටුයි සකුටුයි.
අපොයි! කොළඹ හැමදාම යන්න එන්න ගියාම පිස්සු හැදෙනවා බං. ඒක නෙවෙයි, උඹ කොළඹ කොයි හරියෙද ඉන්නෙ?
ReplyDeleteහප්පච්චියේ බොලා කොළඹ ආවැයි.. මං පහුගිය දොහක දැක්ක උඹහැ වගේ කොළුවෙක් රෝස පාට සර්ට් එකක් අත් දෙකටම ඇඳල නුගේගොඩ නාවල පාර හරියෙ. ඒ උඹ නෙමෙයි වෙන්ඩැ., මොකෝ උගෙ මූණ නං අව්වට නාළුවෙලා තිබුනෙ අඳුරගන්න බැරි තරමටම.
ReplyDeleteජීවිතේ ඔහොම තමයි මලයො. එකෙක් ලැබෙනකොට එකක් නැතිවෙනව. ඒකනෙව ජීවිතේ. කාලයක් යනකොට ඕවට පුරුදු වෙලා යයි.
අළුත් රස්සාවට සුභපැතුම් !
මෙයා පිට්ටු කියනවා. ඉස්සරහට ඇගිල්ලක්වත් ගහන්න බැරි වෙන්නෙ අම්බන්තොට. :P
ReplyDeleteඅපේ ගම වයඹ පලාතෙ..මම නම් කොලඹ ට ආසම නැහැ...ලෝකෙ මොන නගරෙටත් වඩා මම ආස මගෙ ගමට......
ReplyDeleteKK ge comment eka dakkama hina giya...lankaawe bus , kochci , ausssie gaanata enna sahena kal balanna inna wei....:)))
ReplyDeleteහයියෝ මට නම් මේ බෝඩින් ජීවිතේ තිත්ත වෙලා තියෙන්නෙ. මල්ලි බස් එකේ එන්නෙ නැතුව කෝච්චියෙ එන්න. අපේ සජිතුත් ඉන්නෙ ඔයාලට ටිකක් එහානෙ. එයත් කෝච්චියෙ එන්නෙ. වෙලාව ගොඩක් අඩු කරගන්න පුලුවන්.
ReplyDelete@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !:
ReplyDeleteඒක හරි. වෙන රටවල් වල නම් දියුණු නගර කිහිපයක් තියෙනවා. ඒත් ලංකාවේ එහෙම නෑ නෙව.
@ප්‍රාර්ථනා :
එතකොට ඔයට රස්සාවක් කරන්න කියලා කොළඹ එන්න උනොත්.... මොකද කරන්නේ. අනේ මන්දා මේවා උත්තර නැතී ප්‍රශ්න.
@සයුරි :
සේවා ස්ථානය ගැන මම් චැට් එකේදි කියන්නම් අක්කා. මාත් ආසයි කොළඹින් පිට කොහේ හරි ඉන්න තියෙනවනම්.
@රූ.... :
ReplyDeleteහොදයි අක්කා. වරදක් නෑ. රස්සාව කරගෙන යනවා. දුක හිතෙනවා තමා අක්කේ. ලංකාවේ දියුණු කොළඹ විතරයිනේ. ඒකනේ මේ සේරම !!!
@දිල් :
අක්කා කාපු කට්ටට මම කන කට්ට මොකද්ද කියලා හිතෙනවා. ඒ නිසා හිතට ධෛර්ය ආවා අක්කගේ කමෙන්ට් එකෙන්.
@ක්සැන්ඩර් | Xander :
අපොයි ඔවු. බස් වල දාන සිංදු ගැන නම් කියලා වැඩක් නෑ. එපාම වෙනවා.
@හිස් අහස :
ReplyDeleteඒක හරි මල්ලි. දෙයක් ලබා ගන්න දෙයක් පරිත්‍යාග කරන්නම වෙනවා. දුක තමා.
@පන්සල් හංදිය :
එහෙම කට්ටිය අඩුයි නේ අයියා.
@සිතුම් ප්‍රාසාදේ...... :
කොළඹින් පිට රස්සා තියෙන්නේ එහෙමත් එකක් තමා. සුබ පැතුම් වලට තුති අක්කේ.
@Kasun :
ReplyDeleteඅම්මෝ කොළඹ පදිංචියට නම් එන්නෙපා. එපා වෙනවා.
@නදුන් උයන :
බස් වල එන එක තමා එපාමකරපු වැඩේ. ගෙදර එනකොට අනිවාර්යෙන්ම හිසේ රදේ හැදෙනවා.
@Dinesh :
මල්ලි කියන කතාවත් හරි මල්ලි. කොළඹ කියන්නෙත් ලංකාව ඇතුලෙනේ. මල්ලිලාට එහෙම යෑ. අම්මෝ
@කතන්දර Kathandara :
ReplyDeleteපොතක් කියවන්න නම් පුලුවන්. ඒත් බස් එකේ යනකොට ලියන්නේ කොහොමද. ඒක නම් කරන්න අමාරුයි.
@Gimhani :
මම නම් ඕ ගැන වැඩිය හිතන්නේ නෑ අක්කා. ඕන කෙහෙල් ඇවරියක් වෙන්න කියලා කට්ට කාගෙන යනවා.
@දේවා ගේ අඩවිය :
මල්ලිට එච්චර දුරක් යන්න නැතුව ඇති. ඒ අතින් මල්ලි වාසනාවන්තයි නෙ.
@රාජ් :
ReplyDeleteගම හොදයි කොළඹ කටු කනවට වඩා.
@නදී :
ඒක හරි අක්කා. කැම්පස් කාලේ වගේ නෙමෙයි මටත් ඔහොම හිතිලා තියෙනවා. ගෙදර එන්න බෑනේ එහෙම.
@ලහිරු :
අපෝ ඔවු. ට්‍රැෆික් එකට අහු උනාම එපාම වෙනවා.
@prasanna86k :
ReplyDeleteමට මීදුම හොද නෑ. පීනසේ නේ. හික්ස් :)
@Observer :
ඔබා මාමා කිව්වම තමා මටත් ඕක හිතුනේ. අපි ගිමා අක්කගෙන්ම අහලා බලමු.
@malmi :
අක්ක ඉතින් පවුල් වෙලා දරු මල්ලෝ එක්ක ඔට්ටු වෙන එකම මදෑ. අපේ අම්මටත් අපට කන්න උයා දෙන්න උදෙම්ම ඇහැරෙනවා ගෙදර වැඩ කරනවා එහෙම බලාගෙන ගියාම අක්කටයි අපේ අම්මටයි නිදහසක් නෑනෙව.
මම් වැඩ කරන්නේ නුගේගොඩ අක්කේ. නාවල පාරේ තියෙන කම්පැනි එකක්.
@හරී :
ReplyDeleteගෙදර ඉදන් යනවට වඩා බෝඩ් වෙන එක තමයි හොද. ගොඩක් දුරයි නේ බං ගිහින් එන්න ගියාම.
@Gayan Rupasinghe :
ඒක වෙන්නැති කියලා මටත් හිතෙනවා.
@Asanka Udara :
කොළඹ බෝඩිමක් ගන්න එක මාරම අමාරුයි. කට්ටියක් සෙට් කරගන්නත් එපැයි. නොදන්න එවුන් එක්ක ඉන්නත් බෑනෙ.
@Chathuranga Perera :
ReplyDeleteඅප්පටසිරි. මෙන්න මට කටු කන්න ලැබෙන්න කියලත් පතනවා. දිල් අක්කා වගේ අයියා කාපු කට්ටට වඩා මේ කට්ට හොදා. සුබ පැතුම් වලට ස්තුතියි අයියා.
@නිසුපා :
අක්කගේ කතාව සහතික ඇත්ත අක්කේ. ආ.. අක්කා ඉතින් පාදුක්කේ ඉදන් එන්න එපැයි. අනිච්චං සංදුක්කේ !!!
@``` Outsider``` :
මට හිතෙන්නේ ඉක්මනටම හම්බන්තොටට ගෙනියයි වගේ.
@- නිල් අහස - :
ReplyDeleteඑහෙම නම් මටත් හිතෙයි ඒ කාලේට මේ කට්ට ජොලි වැඩක් කියලා. හික්ස් :)
@Podi Kumarihami :
අනිවාර්යෙන්ම අපේ අක්කා. ඔයා දන්නවනේ නේද.හික්ස් :)
@අසනි :
ලොකු මිනිහෙක් නෙවේ බොල. තාම අර කලින් හිටපු එකාම තමා. මොකෑ මේ සකුටුයි සකුටුයි කියලා කෑ ගහන්නේ. :)
මම් දන්නවා අසනි, ඔයාලා මගේ සාර්ථකත්වයට සුබ පතනවා කියලා.
@BLOG ගඩොල් :
ReplyDeleteමං කොළඹින් පිට. නුගේගොඩ ඉන්නේ.
@නවම් :
අයියා මාව දක්කද මන්දා. එතකොට අයියා කොහේදෑ හිටියේ ? බස් එකේදෑ.
@සීතල අයියා :
වැරදුනා මලයෝ !!! වැරදුනා !!!
@වින්චැට් කිරිල්ලී. :
ReplyDeleteතමන්ගේ ගම තමන්ගේ ගෙදර තමන්ගේ නෑදෑයෝ වගේ තමන්ගේ කියන දේවල් වලට අපි කොච්චර නමාසද නංගි. අපි ඉතින් රහත් වෙලා යෑ පෘතග්ජන මිනිස්සු නේ. :)
@mayya :
ඒක හරි ඒකහරි. තව සෑහෙන කාලයක් යාවි. එතකොට මම් රස්සාව කරලා විශ්‍රාම අරගෙන තියෙයි.
@පිණිබිඳු... :
එහෙනම් මාත් කෝච්චියේ එන්නම්. සජිත් මහත්තයාවත් හම්බ වෙන්නේ නැතෑ.
සුභ පැතුම් මලේ... පූරුවෙ කළ පවට මේ ඉන්ඩස්ට්‍රියට ආවට මක් කොරන්නද මල්ලී? කොහෙද ජොබ් එක සෙට් උනේ?
ReplyDeleteසමාවෙයං අයියා කොමෙන්‍ටුව දාන්න පරක්කු උනාට...අනේ මංදා අපි නං ඔය කැම්පස් එකත් ගමේම තමා..රස්සාව මොනාවෙයිද දන්නේ නෑ..බලමු ඉතිං ..අලුත් රස්සාවට ජය...හිහ් හිහ් කොලඹටත් ජය...
ReplyDeleteකොලඹ ගැන මයෙ හිතේ නං පොඩි පැහැදීමක් තියෙනවා..කොලඹ හිටියොත් ඒක නැති වෙයිද දන්නේ නෑ..මම තාම කොලඹ බෝඩිං වල සුර සැප විඳ ලා නෑ නෙ ඉතිං...හික්z
අපිට නම් යන්න එන්න දෙයක් නැහැ... මෙහෙමයි ඉන්නෙ
ReplyDeleteතව මාස හයකින් අපිත් කොළඹ ට්‍රේනින්!
ReplyDeleteඑහෙම කිවුවාට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිත් ඔය ජීවිතේ බාරගන්නවා..
ReplyDelete