මීට දින කිහිපයකට උඩදි අපේ ළඟම ඥාති වෙන කෙනෙක්ගෙ අවමංගල්‍යයට සහභාගි වෙන්නට සිදු උනා.
එහේ ගිහින් ටික වේලාවක් ඉන්නකොට මට යන්න සිද්ධ උනා වල කපන්න තැනක් බලන්ඩ. ඉතින් මායි තව කට්ටියකුයි කනත්තට ගියා වල කපන්න තැනක් බලන්ඩ.
ඒ යන ගමනේ දී මීට දින කිහිපයකට උඩදි මිනියක් ගෙනියන පාර සරසපු කොඩි වැල් එහෙම දකින්න්න හම්බ උනා. ඒක දැකපු අපිත් එක්ක ආපු එක්කෙනෙක්, ඒ කොඩි වැල් ටික ඉක්මනින් කඩලා දම්මා.
මම ඉතිං ඇහුවා ඇයි ඒ කියලා.
ඒ මනුස්සයා කිව්වේ මිනියක් කනත්තට ගෙනිහින් දැම්මට පස්සේ ඒ කොඩි වැල් කඩලා දාන්න ඕනෑ ලූ. එහෙම නැත්නම් ඒ ගමට හොඳ නෑ ලූ. තවත් මරණ ගෙයක් ඒ ගමෙන් ම සිද්ධ වෙන්ඩ පුලුවන් ලූ.
මේක ඒ කාලේ ඉදලා මිනිස්සු හිතාගෙන ඉදපු දෙයක් කියලයි අනිත් අය කිව්වේ. මේ කතාවේ ඇත්ත නැත්ත මම දන්නේ නම් නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් කරන්ඩ.
කනත්තේ වල කපන්ඩ තැනක් හොයන එකත් ලේසි උනේ නෑ. මොකද කනත්තේ ඉඩ සීමිතයි. සමහර මිනී වැළලුවාට පස්සේ ඒ සීමාව කොංක්‍රීට් කරන නිසා එන්න එන්නම කනත්තේ ඉඩ සීමා වෙනවා. අනාගතයේදී කනතු වල වලවල් ක්‍රොංක්‍රීට් කරන්න දෙන්නේ නැති වෙයි.
කොහොමින් කොහොමහරි යාන්තන් තැනක් හොයාගෙන සීමා ලකුණු කරලා තියලා ආවා. දැන් වලක් කපන එකත් ලේසි නෑ. වල කපන කෙනාටත් රුපියල් 7000ක් වත් දෙන්ඩ ඕන. ඒ විතරක් යෑ... හවසට බෝතලයකුත් දෙන්ඩ ඕන.
ඒ වැඩෙත් ඉවර කරලා ටිකක් හවස් වෙලා අපි කට්ටියම ගෙදර ආවා.
-------------------------------------------------------------------------------------
පසුව ලියමි. -: මම කාළයකට උඩදි අවමංගල චාරිත්‍ර ගන ලියාපු ලිපි දෙකත් කියවලා බලන්ඩ.
1. එක එක පලාත් වල අවසන් චාරිත්‍ර
2. ආච්චිගේ මරණය හා අමුතු චාරිත්‍ර
සුදු කොඩිවැල් අයින් කරන සීන් එක මම ප්‍රායෝගිකවම අත් වින්දා අපේ මාමණ්ඩියගෙ මරණෙ වෙලාවේ. ඒක නොහිතපු වෙලාවක ටිකක් කන්ට්‍රෙවර්ශල් විදියට උනේ. ඉතින් මරණේ ගෙදරට ගෙන්නත් දවස් එක හමාරක් විතර ගියා. කෙම්මුර වළදාන දවස වෙනකොට ඔක්කොම දවස් හතරක් (කොවිඩ් එන්න ගොඩක් කලින්) මළගෙදර පුරාවට මම පුදුම පීඩනයකින් හිටියේ. බලන බලන අත සුදු කොඩි බැනර් පේන එක මට මහ වදයක් උනා. මරණේ වැඩ කරලා ආවා විතරයි හැමෝම ඒ කොඩිවැල්, බැනර්, හට් ඔක්කොම ගලවලා අයින් කරා. ඒ වෙලාවේ මට මාර සැහැල්ලුවක් දැනුණෙ.. ඕක තමයි රහස.
ReplyDeleteකමෙන්ට් එකට ස්තූතියි
Delete