06 February 2023

වර්ක් ෆ්‍රොම් හෝම්

 අද දින වන විට මා නිවසේ සිට රක්ෂාව කිරීමට පටන් ගෙන වසර දෙකක් ගත වී ඇත. නිවසේ සිට වැඩ කිරීම එක අතකට වාසි සහගත ය. ප්‍රවාහන වියදම් නැත. හොඳ ඇඳුම්, සපත්තු ආදී අමතර වියදම් වැය නොවේ. කොටින්ම මහ මගට ගතවන කාළය ඉතිරි වේ.

ඊටත් වඩා අළුයම අවදිවීමේ කරදරය ද නැත.

ගෙදරම ඉන්නේ නැතුව වෙන වෙනස් තැන් වල ඉදන් රක්ෂාව කරගෙන ඉන්නට හැකි නිසා එක අතකට රැකියාවේ විව්ධත්වයක් ද සාදා ගත හැකිය. නුවර එළිය වැනි සීතල පරිසරයක උවත් නිවසක් කුළියට ගෙන ජීවත් වන ගමන් රක්ෂාවත් කරගත හැකි වීම මා දකින අනිත් වාසියයි.

එහෙත් එකම අවාසියකට මා දකින්නේ දවසේ සේවා කටයුතු අවසන් වන වේලාවක් නැත. සමහරදාට රෑ 9-10 වන තෙක්ම වැඩ කටයුතු කිරීමට සිදු වේ. නමුත් සමහර අයවළුන් මේ ක්‍රමයට කැමති නැත. කට්ටිය එක්ක එකට වැඩ කිරීමේ අවස්ථාව මෙයින් අහිමි වන නිසාත් යම් කිසි ප්‍රශ්නයකදී උදව්වක් ගැනීමට ඇති බාධාවන් නිසාත් මේ ක්‍රමයට ඔවුන් බොහෝ අකමැත්තක් දක්වයි.

පොඩි කට්ටිය ගෙවල් වල ඉන්න අයට නම් මේ ක්‍රමයට වැඩ කිරීම ටිකක් අපහසු ය.


එහෙත් පුද්ගලිකවම මා නම් මෙම ක්‍රමයට බොහෝ සෙයින්ම කැමති ය. 



8 comments:

  1. නුවරඑළියෙ ද ඉන්නෙ? මාත් නුවරඑළියෙ... කැමති නම් මේල් එකක් දාන්න. drackey@gmail.com

    ReplyDelete
    Replies
    1. නෑ ඩ්‍රැකී.
      දැන් නම් නුවර එළියේ නෙමෙයි ඉන්නේ.

      Delete
  2. කරුමෙට අපේ රස්සාව ගෙදර ඉඳලා කරන්න බෑ.. නැත්නම් මාත් හරි කැමතියි :)

    ReplyDelete
    Replies
    1. අපට නම් ඒ වාසිය තියෙනවා

      Delete
  3. මන් දන්න සමහරු ඉන්නව වැඩකරන තැනින්... නාල කරල, ඇඳුම් හෙමත් හෝදගෙන හවසට ටී එහෙකුත් ගහල තමා ගෙදර යන්නෙ

    ReplyDelete
    Replies
    1. අපෙත් එහෙම අය හිටියා.

      Delete
  4. කට්ටිය ගෙදර ඉඳන් වැඩ කරන එකේ වැඩි වාසිය තියෙන්නෙ ආයතන වලටයි මම හිතන්නෙ. කාර්යාල පහසුකම් නඩත්තු කිරීමේ වියදම ඉතුරු වෙන නිසා.
    අපිත් අවුරුදු දෙකක් විතර මෙහෙමයි. හැබැයි දැන් සතියට දවස් දෙකක් ඔෆිස් එන්න නීතියක් ඇවිත්.
    ඩෙස්කයක් බුක් කරලා යන්නෝනා. එක වෙලෙකට 30% විතර තමයි කට්ටිය එන්නෙ. බිල්ඩිමට කරන වියදම් සාධාරණීකරනය කිරීමක් වගේ හිතෙන්නෙ. හැබැයි ගිහිල්ලත්, බොහෝ රැස්වීම් ඔන්ලයින් තමයි. හැමෝම එන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔවු. ලොකුම වාසිය තියෙන්නේ අදාල ආයතනයට. අපිට තියෙන්නේ පොඩිම පොඩි වාසි කිහිපයක් විතරයි.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.