අද ජනවාරි 5 වෙනි බ්‍රහස්පතින්දා දිනයකි.
මගේ පුතා මොන්ටිසෝරි ගිය පළවෙනි දවස අද වේ.
ඔහු වෙනුවෙන් මොන්ටිසෝරියක් තෝරා ගනීම සඳහා කලින් මාසයේ නිවස ආසන්නව තිබූ මොන්ටිසෝරි කිහිපයකට මාත් අපේ උන්දැත් ගොස් බැළුවෙමු. සමහර මොන්ටිසෝරි වල ඉඩ පහසුකම් මදි ය. ඒවා පවත්වන්නේ ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයක ය.
එවැනි මොන්ටිසෝරියක ළමයෙකුට නිදහසේ සෙල්ලම් කිරීමට ද කළ නොහැකි ය. අප තෝරා ගත් මොන්ටිසෝරිය නිස්කලංක පරිසරයක පිහිටා ඇති උතාම ඉඩ පහසුකම් ඇති තැනක පිහිටා ඇත. මාසික පන්ති ගස්තු ද ඉහල අගයක් නොවේ.
එසේම ළමුන්ද සැලකිය යුතු ප්‍රමාණයක් සිටී.
මා මොන්ටිසෝරියකින් බලාපොරොත්තු වන්නේ පුලුවන් තරම් දරුවාට ඉගැන්වීම නොවේ. මා බලාපොරොත්තු වන්න්නේ දරුවාගේ සමාජීය කුසලතා වර්ධනය වීමක් ය. සමාජීය කුසලතා යැයි මා සදහන් කරන්නේ යහළුවන් සමග එකමුතුව කටයුතු කිරීම, ඔවුන් සමග ක්‍රීඩා කිරීම වැනි දෑ ය.
කෙසේ වෙතත් පලවෙනි දවස අනිත් ළමුන් මෙන් ඔහුද හොඳහැටි ඇඬුවේ ය. එහෙත් මේ හැඬුම් ගුරුවරියට අරුමයක් නොවී ය. ඈ දරුවාව වඩාගෙන පන්ති කාමරයට ගෙන ගියා ය.
මද වේලාවකින් ඔහුගේ හැඬීම නතර විය.
පළවෙනි දින කිහිපය ඇතුලත මොන්ටිසෝරිය පවත්වන්නේ පැයක කාළයක් පමණි. දරුවන් ටිකෙන් ටික හුරු වූ පසු 11:30 වන තෙක් මොන්ටිසෝරි පවත්වයි. (මොන්ටිසෝරිය සාමාන්‍යයෙන් අවසන් වන්නේ 11:30ට ය.
පළවෙනි දවසේ ආගමික වතාවත් වලින් අනතුරුව ළමුන්ට පොඩි සංග්‍රහයක් මොන්ටිසෝරියෙන්ම ලබා දුන්නේ ය.අපේ පුතා නම් ඒ සංගහය රසවිඳි බවක් නම් දකින්නට නොලැබුණි. සංග්‍රහයෙන් පසුව පොඩි විවිධ ප්‍රසංගයක්ද පැවැත්වී ය.
විවිධ ප්‍රසංගයෙන් අනතුරුව දරුවෝ සියල්ලෝම නිවෙන් බලා ගියෝ ය..
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.