06 January 2023

Fall (2022)

 කාළයකට පස්සේ බ්ලොග් අඩවියට ගොඩ උනා මොනාහරි ලියලා දාන්න කියලා. ලියන්න නම් දේවල් ගමකට තිබ්බත් ලියන්න වෙලාව හොයා ගන්න තමයි ගොඩක්ම අමාරුම රාජකාරිය වෙන්නේ.

ලේසියට වෙලාවක් නෑයි කියලා කිව්වත් වැඩක් නැතිව ඔහේ ඉඳපු වෙලාවල් එහෙමත් නොසෑහෙන්න තියෙනවා. මොකද අපි කියලා හුස්මක් කටක් ගන්නේ නැතුව වැඩ විතරක්ම කරන මිනිස්සු යෑ. එහෙම විවේක වෙලාවක ලියන්න ගත්තත් කම්මැලිකම ඉස්සර වෙන නිසා බ්ලොග් වලට එන්නේ නෑ.

ගිය අවුරුද්දේ අන්තිම දවස්වල ගියපු ට්‍රිප් එකකුත් තියෙනවා ලියන්න කියලා. ඒකත් ලියලා දාන්න ඕන වෙලාවක් හම්බ වෙච්ච හැටියෙම.

අද මම කියන්න යන්නේ ඒ ගැන නෙමේ. දැනට මාස කිහිපයකට උඩදි රිලීස් වෙච්ච චිත්‍රපටියක් ගන. චිත්‍රපටියේ නම තමයි Fall (2022) කියලා කියන්නේ.



මේකේ කතාව ටිකක් විතර අමුතුයි.

අමුතුයි කියලා කියන්නේ මුළු චිත්‍රපටියම වගේ දිවයන්නේ කුළුණක් උඩ හිර වෙච්ච තරුණ ගෑණු ළමයි දෙන්නෙක් ඒකෙන් බේරෙන්න දගලන දැඟලිල්ලකින්.

කතාව පොඩ්ඩක් මම කියන්නම්කෝ.

මේ කතාවේ ඉන්න ප්‍රධාන නිළියගේ පෙම්වතා කන්දකින් පහලට වැටිලා මැරෙනවා. එදා ඉඳලා මේ කෙල්ල ඉන්නේ හරිම හිතේ වේදනාවකින්. කොටින්ම ජීවිතය නැති කරගන්නම හිත හිතා ඉන්නවා. මෙහෙම ඉන්නැද්දි එයාගේ හොඳම යාළුවා යෝජනා කරන අතෑරලා දාපු සන්නිවේදන කුළුණක් උඩට නගිමුයි කියලා.

ඔන්න දෙන්නම කුළුණ උඩට නගිනවා.  උඩට ගියාට මොකද පහල තියෙන ඉනිමඟෙන් කොටසක් කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ දෙන්නටම කුළුණෙන් බැහැගන්න බැරිව හිරවෙනවා. ඒ දෙන්නා මෙතනින් බේරිලා එන විදිහ තමයි කතාවෙන් කියවෙන්නේ.

විවේක තියෙන වෙලාවක කතාව බලන්නකෝ.

එහෙනම් මම ගියාවේ.. සුබ නව වසරක් වේවා හැමෝටම !!!

2 comments:

  1. thriller එක තියෙන හොඳ film එකක්... ආපු කාලෙම වාගේ බැලුව.

    සුබ නව වසරක් වේවා ඔබටත්!

    ReplyDelete
  2. මාර ප්‍රශ්න තමයි වෙන්නෙ 😂

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.