16 November 2022

අනේ මුංගේ බිස්නස් කෙරුවාව !

 අපේ සිංහල මිනිස්සුන්ට බිස්නස් එකක් හරියට කරගෙන යන්න තේරෙන්නේ නෑ. කොටින්ම තේරුනත් ඒක ඒ විදිහට කරගෙන යන්න කමති නෑ. මොකද කළු සිංහලු කියන්නේ අවුරුදු 2500ක මෙව්වා එකක් තියෙන හරි ගාම්භීර මහ ජාතියක් නෙහ්. අනේ මුංගේ ... !

ඒකටත් එක්ක දෙමල මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි නියමෙටම බිස්නස් කරගෙන යනවා. කොටින්ම පානදුරේ ටවුමේ ගොඩක් කඩ තියෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ට. ඒ වගේම එයාලට බිස්නසුත් තියෙනවා.

කලින් පෝස්ට් එක ලිව්වේ කෑමක් ගැනනේ. මේකත් මේ කෑම සම්භන්ධ බෝස්ට් එකක්ම තමා.

මම ඉන්නේ හොරණ පානදුර පාරේ ඉදලා කිලෝමීටර් 2-3ක් විතර ඇතුලකට වෙන්න. මේ හරියේ ඉතින් කෑම කඩ ගොඩක් නෑ. තියෙන්නෙත් කඩ දෙක තුනක් විතරයි. ඒ නිසා හවසකට කඩෙන් කන්න හිතුනොත් ඉතින් නෑ බෑ නොකියා හන්දියටම දුවන්න වෙනවා. එහෙම නැත්නම් ලඟ පාත තියෙන කඩෙන් මොනාහරි ගන්න වෙනවා.

මේ කඩේ කරන්නේ සිංහල ජෝඩුවක්. මේ දෙන්නගෙ මනුස්සය කොත්තු, බිත්තර රොටි පරාට වගේ දේවල් හදනවා. ගෑනු මනුස්සයා ආප්ප හදනවා.


කෑම වල සල්ලි එහෙම ගන්නෙත් ගෑනු මනුස්සයම තමයි.

මම නම් මේ කඩේට යන්න වැඩි කැමැත්තක් නෑ. මේ කඩේ කස්ටමර් කෙයාර් අන්තිමයි. කඩේ කරගෙන යන උන් හිතන්නේ කස්ටමර්ලා කියන්නේ උන්ගේ ණය කාරයෝ කියලා. කෑමක් එහෙම ගන්න ආවොත් එයාලගේ වැඩේ ඉවර වෙනකන්ම අපට බලන් ඉන්ඩ සිද්ධ වෙනවා. ඒ බලාගෙන ඉදලා කෑම ඉල්ලනකොට ගනි නිකන් හෙන ලොකු ලයින් එකෙන් තමයි කෙයාර් කරන්නේ.හරියට නිකන් උන්ගේ .... නෑ එක්කෝ ඕන නෑ. !


මේ ලඟදි ආප්ප කඩයක් දැම්මා. කඩයක්ම කිව්වට ඒක පොඩි පෙට්ටි කඩයක්. ඒක කරගෙන යන්නේ කොල්ලෙක්. කොල්ලා ආප්ප හදනවා. උන්ගේ අක්කා කෙනෙක් ඉඳිආප්ප හදනවා. 

මුගේ කස්ටමර් කෙයාර් එක පුල් මාර්වලස් !

කොටින්ම හිනාවෙලා කතා කරලා බඩු දෙන්නේ ! සමහර වෙලාවට ආප්පයක් දෙකක් එහෙම නිකන් දෙන වෙලාවලුත් තියෙනවා. අනික කෑමත් මාර කොලිටි. ආප්ප ටික ලුණු මිරිස් නැතුව නිකන් උනත් කන්න පුලුවන්. හරි රසයි !

කොල්ලා දස්සයා !

ටික දවසකින් බිස්නස් එක අල්ල ගත්තා. ඒකටත් එක්ක උන්ගේ අක්කා ! ඒ ගෑනිත් අර මම කලින් කියාපු කඩේ ගෑනි වගේ. කිසිම හිනාවක් නෑ. බිස්නස් එකත් කරන්නේ ඕනෑවට එපාවට වගේ...!

කිසිම ලකයක් නෑ.

ඒක නිසයි මම කියන්නේ සිංහලුන්ට හරියට බිස්නස් එකක් කරගෙන යන්න බෑයි කියලා. බිස්නස් කරන අයගේ තියෙන ලොකුම වත්කම තමයි කස්ටමර් බේස් එක ! ඒක වැඩි වෙන්ඩ වැඩිවෙන්ඩ තමන් දියුණු වෙනවයි කියන එක හිතාගෙන කස්ටමර්ලට හොදට සලකන්න දැනගන්න ඕන.

කස්ටමර් කෙයාර් එක අඩුවෙනවයි කියන්නේ ඉතින් බිස්නස් එකට ළඟදිම ශොට් එක හම්බ වෙනවයි කියන එකනේ. ඒ නිසා කස්ටමර් කෙනෙක් තමන්ගේ කඩේට ගොඩ උනාම ඌට සුහදශීලීව සලකලා විකුණන දෙයක් විකුණන්න පුරුදු වෙන්න. 

3 comments:

  1. සිංහලයාගේ බිස්නස් නම් අන්තිමයි. ඕනේ නම් ගනින් නැතිනම් පලයං ලෙවල්..
    කොළොම්පුරයාත් කොළොම්පුරෙන් විතැන්වෙලා දැන් පානදුරේ ඔහේලගේ අසල පහල තමා.

    ReplyDelete
  2. සිංහලයගේ තියෙන තවත් බලු ගතියක් තමයි. සිංහල කඩයක වැරැද්දක් දැම්මාම. එහි වැරැද්ද එතනදි කඩේ කරන එකාගේ මූණට කියන්නේ නැතුව. බ්ලොග් වල කේලාම් ලිවීම.

    මම ඉන්නේ පස්යාලේ මෙහෙ ප්‍රධාන හෝටල් 3ක්ම තියෙනවා.
    1. නිහාල් (මිලත් වැඩි. තත්වයත් උසස් තැනක්. චීන, තායි, ඉන්ඩියන්, අරාබි ඕන කෑමක් තියෙනවා)
    2. සනංගනා ( සාමාන්‍ය මිලට රයිස් ඇන්ඩ් කරි කන්න පුළුවන්)
    3.බාර් එක ලඟ කඩේ අපේ නෑයෙක්ගේ කඩයක්
    (හරක්මස්, ඌරුමස්, එළුමස්, කුකුල්මස් සහ ඉඳහිට තවත් මස් වර්ග ලාබෙට කන්න පුළුවන්.
    තුනම හොඳයි
    පස්යාල පහුකරලා යනවනම් ඔය කඩ වලට ගිහින් බලන්න

    ReplyDelete
    Replies
    1. මිනී මස් ද දන්නේ නැහැ

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.