17 June 2018

පහ සමත්

පහුගිය ලිපි සැට් එකම ලිව්වේ මම සංචාරය කරපු එක එක ස්ථාන ගන නිසා මේ ලිපියෙන් වෙන දෙයක් ලියන්ඩ ඕන ය කියලා හිතුනා. අද ලියන්ඩ යන්නේ මම ලඟදි බලපු සිංහල චිත්‍රපටියක් ගැන. අවුරුද්දකට සිංහල චිත්‍රපටි පහ හයක් එලි දක්වනවා නෙව.

ඒවයිනුත් ගොඩක් චිත්‍රපටි, 'වාණිජ චිත්‍රපටි' ලේබලයෙන් එලි දක්වන එව්වා. ඒ ඇරෙන්න හොඳ කතා තේමාවක් ඔස්සේ එන චිත්‍රපටි එන්නේ කලාතුරකින්. යම්කිසි කතා බහකට ලක් කළ යුතු චිත්‍රපටියක් ලංකාවේ නිර්මාණය වෙන්නේ එහෙමත් කාලෙකින්.

මේ ලඟකදි ආපු පහ සමත් චිත්‍රපටිය මම බැලුවට පස්සේ පොඩි අදහසක් ඒ ගැන ලියන්න ඕන කියලා හිතුනා.

පහ සමත් චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ ඈත කැලෑ ගමක ජීවත් වෙන, පහ වසරේ ඉගෙන ගන්න සමත් කියලා කුඩා දරුවෙක් ගැනයි.


මේ ළමයා ඉගෙන ගන්න ගොඩක් දක්ෂ දරුවෙක්. ඒ වගේම සෑහෙන ආර්ථික අපහසුකම් ඇතුව ජීවත් වෙන පවුලක එකම පිරිමි දරුවා වෙන්නෙත් සමත් මයි.

සම්පූර්ණ කතාවම සාරාංශ ගත කලොත් මේ දරුවා පහ වසරේ ශිෂ්‍යත්වයෙන් ළන්කාවෙන්ම පළවෙනියා විදිහට සමත් වෙලා නගරේ ලොකු පාසලකට යනවා. ඊ පාසලේම තමයි ලංකාවෙන්ම දෙවෙනියා විදිහට විභාගය පාස් වෙච්ච ළමයත් ඉන්නේ. එයා සමත්ට වෛර කරනවා. ඉස්කෝලෙදි එක එක අඩන්තේට්ටම් කරනවා. අන්තිමේදි මේ ළමයා සමත්ගේ හොඳ යාළුවෙක් වෙනවා. සමත් ඉස්කෝලෙදි පොත් කියවලා ගමටම විදුලිය දෙන්න පොඩි බලාගාරයක් හදනවා.

මේ කතාව ළමා කතාවක් උනාට චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා මේ ළමයව තරුණයෙක් බවට පත් කරනවා. ඒ නිසා කතාවේදි ප්‍රේක්ෂකයාට ළමයෙක් පෙනුනට ඒ ළමයාව තරුණයෙක් විදිහට හිතාගෙන තමයි චිත්‍රපටිය බලන්න වෙන්නේ. ගමේ ළමයෙක්ගේ තියෙන දගකාර ගතිය සෙල්ලමට ආස කරන ගතිය එහෙම සමත් තුලින් දකින්න සෑහෙන්න අමාරුයි.

කොටින්ම මේ චිත්‍රපටිය පුරාම සමත් ජීවත් වෙන්නේ "සීරියස් මූඩ්" එකකින්. ඒ නිසා සමත් කරන කියන හැමදේම හරි සීරියස් දේවල්. එක වරකදි තාත්තට කිතුල් රා බාන්න බොලොක්කයක් හදලා දෙනවා.

තවත් අවස්ථාවක කුඹුරට වතුර දාන්න ගැජමැටික් එකක් එහෙම හදලා දෙනවා. කඩේ මුදලාලිගේ කැඩුනු ටෝච් එක මේ ළමයා හදලා දෙනවා.

ඔන්න ඔය වගේ නොයෙක් දේවල් මේ ළමයා කරනවා.

මේ ළමයා ශිෂ්‍යත්වය පාස් වෙලා නගරයේ ඉස්කෝලෙකට ගියහම කොම්පියුටර් ගැන ඉගෙන ගන්නවා. ඒ වගේම අහසින් පාත් උනා වගේ Hydro Power Systems ගැන ඉංග්‍රිසි පොත් එහෙම කියවනවා. එහෙම පොත් කියවලා වීඩියෝ එහෙම බලලා මේ ළමයා විදුලි බලාගාරයක ඩිසයින් එකක් අඳිනවා.

ඔය වගේ සිද්ධි සමුදායක් එකිනෙක පුරුද්දලා තමයි මේ කතාව ගොඩ නගලා තියෙන්නේ. සමහර සිදුවීම් නම් අහසින් පාත් උනා වගේ ගෙඩිය පිටින්ම චිත්‍රපටියට අත ඇරලා දාලා තියෙනවා. පැය දෙකක විතර ආසන්න ධාවන කාළයක මේ ළමයා ලොකු වැඩ කොටසක් මේ ළමයා ලව්වා කරවලා තියෙනවා.

ඒ හින්දම මට නම් මේ චිත්‍රපටිය නිකන් විහිළු කතාවක් වගේ. හොඳ කතා තේමාවක් මම මේ චිත්‍රපටිය තුළින් දැක්කේ නෑ. මීට කලින් ලංකාවේ තිරගත වෙච්ච සූරිය අරණ, හෝ ගානා පොකුණ, හීන හොයන සමනල්ලු වගේ චිත්‍රපටි වලදි මම දැක්ක හොඳ තිර පිටපතක් මේ චිත්‍රපටියේදි මම දැක්කේ නෑ. ඒ නිසාම යම් අසාර්ථක සිනමා නිර්මාණයක් විදිහටයි මම මේ චිත්‍රපටිය දකින්නේ.

ගොඩක් අයට මේකම හිතෙන්න ඇති. අවුරුදු දහයක ළමයෙක්ව තරුණයෙක් කරලා ලොකු බරක් කරට දීපු එක එක්තරා විදිහකට විහිලු සහගතයි.


මේ චිත්‍රපටියෙ සමත්ගේ අම්මයි තාත්තයි විදිහට රඟපාන්නේ උද්දික ප්‍රේමරත්නයි දිල්හානි අශෝකමාලායි. ඒ දෙන්නගේ රංගනයන් ගැන නම් කියන්න දෙයක් නෑ. විශිෂ්ඨ රංගනයක්. ඒ ඇරෙන්න මේ චිත්‍රපටියේ ලස්සන ගීත තුනක් විතර තියෙනවා. ලස්සන පසුතලයක රූගත් කිරීම් සිද්ධ කරලා තියෙනවා. මේ ටික ඇරෙන්න චිත්‍රපටියේ අනෙකුත් කිසිම දෙයක් මගේ සිත් ගත්තේ නෑ.

මේ චිත්‍රපටිය ඔයගොල්ලොත් බැලුවා නම් ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න.


3 comments:

  1. අවුරුද්දට පහ හයක්???

    ReplyDelete
  2. බජට් නැතුව ඇති බං...එක දවසට කෙලලා අරිනවා ඇති කථාවෙන් භාගයක් විතර...එතකොට ඔය වගේ අඩුපාඩු වෙනවා.

    ReplyDelete
  3. සිංහල ෆිල්ම් ගොඩක් ඒවා ගොන් පාර්ට් උනාට ඉඳලා හිටලා සිරා ඒවා එනවා. මොනවා උනත් ඉඩක් හම්බෙන වෙලාවට හෝල් එකකට ගිහිල්ලා ෆිල්ම් එකක් බලනවා හදපු එකාට කීයක් හරි ලැබෙන්න.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.