03 October 2017

වැසි දා රෑ

සඳමාලි කියන්නේ ගම්බද තරුණියක්. ඈගේ තනිනොතනියට සිටියේ තම මිත්තණිය පමණි. ඈට කොළඹ පාසලක ගුරු පදවියක් ලැබුනා ය. ඈ එක් පාසල් නිවාඩුවකදි සිය මිත්තණිය බැලීමට ගමට ආවා ය.

ඈ ගමට එන විට බොහෝ රෑ බෝ වී ය. එපමණක් ද නොවේ. ඈ එනවිට ගමට ලොකු වැස්සකටද හසු වීමට සිදු විය. වැස්සත් වැසි අඳුරත් බියකරු දර්ශනයක් ඈ ඉදිරියේ මැවී ය. එහෙත් ඈ අඩියෙන් අඩිය ඉදිරියටම ගම වෙත පියමැන්නා ය.

හදිසියේම ඈට තරුණියක් හමු වූවාය.

මේ තරුණිය සිටියෙ මරණාසන්නව ය. මේ තරුණියට කිසිවෙක් පහර දී ඇති බව සඳමාලි සිතීය. මේ නිසා ඈට උදව් කිරීමට සඳමාලි තීරණය කලා ය.

නමුත් සඳමාලිට සිදුවූයේ නොසිතූ විරූ ඇබැද්දියකට මුහුණ පාන්නට ය. එම තරුණිය සඳමාලිගෙන් පොරොන්දුවක් ගත්තා ය. ඒ පොරොන්දුවේ තිබුණේ ඈට මේ වින කළ සියල්ලන්ගෙන්ම පලිගැනීමට ඈට උදව් කළ යුතු බව ය.


ඉන්පසු ඈ මිය ගියා ය. එම තරුණිය නමින් නිසංසලා අත්තනායක විය.

මේ පොරොන්දුව නිසා සඳමාලිට නිසංසලාට උදවු කිරීමට සිදු විය. ඈ සඳමාලිව මෙහෙය වූයේ රූකඩයක් පරිද්දෙනි. ඈගේ සියළුම පළිගැනීම් සැලසුම් කරගැනීමට සඳමාලි අතකොළුවක් වූවා ය.

ඉන්පසු සඳමාලිට සිදුවන්නේ  කුමක්ද ? සඳමාලිට මහ රෑ හමු වූ මේ මල-නොමල ආත්මය කවුරුන් විය හැකි ද ? ඈට මිය යාමට හේතුව වූයේ කුමක් ද ?

මේ සියළු ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමට නම් ජයශංඛ කරුණාරත්න විසින් රචිත වැසි දා රෑ කෘතිය කියවිය යුතු ය. එක හුස්මටම කියවාගෙන යා හැකි කුඩා කෘතියකි. එසේම පිටුවෙන් පිටුව කුතුහලය නොඅඩුවම පිරී ඇත.

භද්‍රජී පරපුරේ නවතම සාමාජිකයා විදිහට මා ජයශංඛ හදුන්වා දීමට කැමැත්තෙමි. එසේම මොහුගේ අනෙකුත් භීෂණ නවකතා ද කුතුහලයෙන් යුතුව කියවාගෙන යා හැකි නවකතා වේ. මේ සියළුම කෘතීන් සංඛ ප්‍රකාශන වේ.

ඉඩක් ලද විගස කියවා බලන මෙන් මා පාඨක සියල්ලන්ගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිමි.

ඔබට ජය හා සතුට !!!

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.