03 October 2017

දඟකාර මහල්ලා

මේ දවස් ටිකේම පොත් ගැන කියපු නිසා මේ ලිපියත් පොත් ගැනම ලියලා තියන්න හිතුවා. මේ පොතත් මම කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයෙන් ගත්තු පොතක්.

පොතේ නම තමයි "දගකාර මහල්ලා". මේ පොතෙන් කියවෙන්නෙත් එක එක දගකාර වැඩ කරන වයසක මනුස්සයෙක් ගැන.

මේ පොත ඉන්දියන් පොතක පරිවර්තනයක්.


පොතේ කතාව කෙටියෙන් කියනවා නම් හරබංසයි එයගේ බිරිඳ අමෘතායි ජීවත් වෙන්නේ නගරයේ. ඒ දෙන්නට පුතෙක් ඉන්නවා ජොලී කියලා.

මේ අය නගරයේ සතුටින් ජීවත් වෙනවා. ටික කාලයකට පස්සේ හරබංසගේ තාත්තා චෞධරි තමාගේ පුතාව හොයාගෙන පුතාලෑ ගෙදරට එනවා.

 ඊට පස්සේ තමා කතාව හරියටම පටන් ගන්නේ. තමන්ගේ තාත්තා නිසා පුතාටයි පුතාගේ බිරිඳටයි විඳින්න වෙන කරදර ගැනයි මේ පොත ලියවිලා තියෙන්නේ. හිනා වෙවී කියවන්න පුලුවන් හොඳ පොතක් තමයි මේ කතාව.

ඩී. පී. සමරසිංහ මහත්තයා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. මේ පොත විදර්ශන ප්‍රකාශනයක්.

වෙලාවක් හම්බ උනොත් කියවලා බලන්න.

5 comments:

  1. මේ පොත හරි ලස්සනයි... මං කියෝලා තියේ...

    ReplyDelete
    Replies
    1. ඔවු. ලස්සන කතාවක්

      Delete
  2. මම මේක කියෙව්වෙ ඉස්කෝලේ පුස්තකාලෙන්. තාම මතකයි පන්තියේ මුල්ලකට වෙලා බඩ අල්ලන් හිනා උන හැකි මේක කියවලා. අවුරුදු ගානක් ගියත් මේකේ රසවත් සිදුවීම තාම මතකයි ��

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.