17 January 2017

නිමක් නැති ලොවක්

දනා, පල්ලෙහා තියෙන පින්තූරේ මූනු පොතේ පළ කලායින් පස්සේ මගේ ඉල්ලීමට ඒ පින්තූරෙට කවියක් ලියන්න කිව්වා. ඒ ලියපු කවිය තමයි අද ලිපියට මාතෘකාව උනේ.

කවිය රසවිඳලා හොඳ නරක කියන්න. :)
මේ පින්තූරේ පිළිබඳව ඔබේ කවි නිර්මාණ, අදහසක් උනත් පහලින් ලියා තබන්න කිසිම තහනමක් නෑ..


නිමක් නැති ලොවක් මත
මටත් තව හෙටක් ඇත
කටු පඳුරු ගොඩක් ලඟ

දහසකුත් වදන් ඇත
සවන් දෙක පිරෙන්නට
නිදහසක් කොහෙත් වෙද
මල් කැකුළකට පිපෙන්නට

සිහින නම් ගොඩක් ඇත
මටත් අද හිතක් නැත
ඉන්න ඇත්නම් එල්ලි එල්ලී
වැලක් මත මලක් ලෙස......


සුපුරුදු පරිදි කාව්‍ය සංකල්පනාව දනාගෙනි.
------------------------------------------------------------------
පහලින් තියෙන්නේ ඔහුගේ කවියට ලැබුණු පිළිතුරු කවියක්.

සිහින දකිනා හිතකට...
ගහක් වුව මලක් වුව...
ගහක එතෙනා වැලක් වුව...
සිහිල ගෙන එනු ඇත...
ක්ෂිතිජ ඉමව්වේ පා තබන්නට....

4 comments:

  1. කටු පඳුරු කරදර මත
    ජය සිහින සැගවී ඇත
    දුෂ්කරයි මේ ලොව මත
    ඇවිද යන්නට වී ඇත
    දිරිය ගෙන ඔය ළා හිත
    දුකට දෙනු නැවතුම් තිත
    වැටුණු විට නැගිටිනු පුත
    බිය නොවනු මම ළඟ ඇත.......

    ජයවේවා!!!

    ReplyDelete
  2. රිප්ලයි කවියක් දාන්න මූඩ් නැහැ මචං..

    ජය !

    ReplyDelete
  3. මල් පිපෙන දවස් තව
    කොයි තරම් දුර වේද
    ඇස් වලත් හිනාවක්
    රැදෙන දින තියේවිද
    හිස් අතින් ආපු මම
    හිස් අතින් යා යුතුද
    කටු කොහොල් බිඳ දමා
    ජීවිතය දිනිය යුතුමය.

    ReplyDelete
  4. නිමක් නැති ලොවක් මත
    අප හැමට තව හෙටක් ඇත
    කටු පඳුරු මත මල් පිපෙන

    දහසකුත් වදන් ඇත
    සවන් දෙක පිරෙන්නට
    දිනන්න නම් නිදහස
    සවන් අපේ හුරු කරමු

    ඇසෙනා වදනින් මවන්න සිහින
    හිතට අද මිස හෙට නොවේ
    පිපෙන්න දෙන්න වැලක් මත
    මලක් ලෙස පෙති සැලෙන......

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.