14 January 2017

මැත් ටයිප්

පන්ති කරන්න ආපු මුල්ම දවස්වල මට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි ටියුට් (නිබන්ධන ) ටික හදාගන්න එක. ඒ ඒ පාඩමට අදාල ඒ ඒ නිබන්ධනය අදාල සතියේම හදලා දෙන්න එපෑ..

නිබන්ධන හදන්න ගණන් ටික පොත් වලිනුයි අන්තර්ජාලය පීරලායි හොයාගත්තා කියමු. ඔය ගණන් වල තියෙන එක එක සමීකරණ භාග සංඛ්‍යා එහෙම ටයිප් කරන්න ලොකු ගේමක් දෙන්න උනා.

කොච්චර ලස්සනට ටයිප් කලත් අදාල සමීකරණ ටික ලස්සනට එන්නේ නෑ. ලිනක්ස් වල තියෙනවා LaTeX කියලා පැකේජ් එකක්. අන්න ඒකෙන් නම් ඔය ඕනම සමීකරණයක් ලස්සනට ගහන්ඩ පුලුවන්. ඒත් ඉතින් ඒක කරදර වැඩියි.


ඉතින් මම අන්තර්ජාලය පීරලා පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් හොයලා බැලුවා.  මට MathType කියලා සොෆ්ට්වෙයාර් එකක් හම්බ උනා.

මේකෙන් නම් සමීකරණ එහෙම ලස්සනට ටයිප් කරන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කලහම මයික්‍රෝසොෆ්ට් වර්ඩ් එකත් එක්ක කනෙක්ට් වෙනවා. එතකොට ඕනම වර්ඩ් ඩොකියුමන්ට් එකක සමීකරණ ටයිප් කරන්න පුලුවන්.

මේ සොෆ්ට්වෙයාර් එක ඕන කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා බාගන්න.

මට නම් මේක සෑහෙන්න වටින සොෆ්ට්වෙයාර් කෑල්ලක්.

4 comments:

  1. මම කාලයක් E-book හදන IT කම්පැනියක වැඩකලා. එතැන ඔය සිම්බල් එහෙම extract කරන්න පට්ට ගේමක් දෙන්න උනා. අපි මල පැනලා එපා වුනාම කරන්නේ ඔය සමීකරන ඔක්කොම image විදියට කැප්චර් කරන එක. ඒ E-book කියවන උන් දැන් අපිට සාප කරනවා ඇති.

    ReplyDelete
  2. ඇයි මධු ඕක ඔච්චර ප්‍රශ්නයක් නෙවිනේ. වර්ඩ්වලම insert වල බලන්න, Equation කියල එකක් තියෙනව දැකල තියෙද. (ෂෝර්ට්කට් එක Alt +) වර්ඩ් 2003 හෝ ඊට කලින් ඒවයෙ පොඩ්ඩක් වෙනස් උනාට 2007 ඉඳල කිසි ප්‍රශ්නයක් නෑ. අනුකල, සිග්මා, සීමාව වගේ ඒවයෙ පොඩ්ඩක් අවුල් වෙන තැන් අහුඋනාට ටිකක් කල්පනා කරාම පහසුවෙන් විසඳගන්න පුළුවන් කේස්. මමත් උසස් පෙළ ශුද්ධ ගණිතය පේපර්, marking scheme එහෙම ටයිප් කරල තියෙනව අම්බානකට වර්ඩ්වලින් විතරක්, කවදාවත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් කියන්න ආවෙ මේකයි.

      Delete
  3. අපි කොල්ලෝ (win 95) කාලෙත් ඕක තිබ්බා වර්ඩ්වලට ඇඩ් කරගන්න තියන ඔප්ෂන් එකක් විදිහට,

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.