අද මැයි පළවෙනිදා.... කම්කරු දිනය අදයි !
කම්කරු දිනය හන්දා මට අද නිවාඩු. ඒ නිසාවෙනදා වගේ උදෙන්ම ඇහැරුනේ නෑ. ටිකක් දවල් වෙන්න නිදිය ගන්න පුලුවන් වෙච්ච දවසක්. ටිකක් එලි වෙනකන් නිදියගෙන දත් මැදලා මූනකට හෝදගෙන උදේ කෑමත් කාලා මම අපේ තාත්තලෑ මහ ගෙදර ආවා.
අපේ ගෙදර ඉදන් ආච්චිලෑ ගෙදරට මහ දුරක් නෑ..
මම ආච්චිලෑ දිහෑ යනකොට අපේ ආච්චි අම්මා උදෙන්ම වැඩ පටන් අරගෙන. වැඩ කියලා කිව්වේ එයාගේ ස්වයං රැකියාව පටන් අරගෙන. එයාගේ ස්වයං රැකියාව තමා පහන්තිර අඹරන එක.
අපිත් ඒ දවස්වල පහන්තිර ඇඹරුවා. පස්සේ පස්සේ අපේ අම්මා මැසිමක් අරගෙන ඇදුම් මහන්න ගත්ත නිසා පහන්තිර අඹරන එකට තිත තියන්ඩ උනා. පහන්තිර අඹරන එක ටිකක් කම්මැලි වැඩක්. එක දිගට වාඩි වෙලා මැසිම කරකව කරකව ඉන්න එපෑ.
එහෙනම් පින්තූර බලලම ඉමු.
පහන්තිර වලට ඕන කරන්නේ වෙලෝනා හෝක්‍රොකඩයිල් වගේ රෙදි. ඒ රෙදි කෑලි ගේන තැනක් අපේ ගෙවල් ගාව තියෙනවා. එහෙන් තමා අපි රෙදි ගේන්නේ. ඒ රෙදි ගෙනල්ලා හීනි තීරු වලට කපන්ඩ ඕන. එහෙම කපපු රෙදි ටිකක් තමා පහලින් තියෙන්නේ.
ඒ රෙදි කෑලි ගොඩෙන් එකක් තෝරගෙන පහන්තිර මැසිමේ කොක්කට අමුණන්ඩ ඕන. පහල රූපේ ඊතලයෙන් පේන්නේ පහන්තිර මැසිමේ කොක්ක.
පහන්තිර රෙදි පටිය කොක්කට දවට ගත්තට පස්සේ මැසිමේ හැඩල් එක කරකවන්න ඕන. රෙදි පටිය හිනි වෙනකන් වගේ අඹරන්න ඕන.
රෙදි පටිය හීනි වෙනකන් ඇඹරුවාට පස්සේ ඇඹරිච්ච රෙදි පටිය පහන්තිර මැසිමේ කොක්කෙන් ගලවලා අරගෙන දෙපොට දාලා ආයෙම අඹරන්න ඕන.පලවෙනි වතාවේ වමට කරකැව්වා නම් මේ වතාවේ දකුණට කරකවන්න ඕන.
ඔය විදිහට දෙපොටක් ඇඹරුවාට පස්සේ තමයි පහන්තිරය ගානට එන්නේ. පහලින් තියෙන්නේ අපේ ආච්චි අම්මා අඹරපු පහන්තිර ටික. උදෙම්ම වැඩ පටන් ගත්ත නිසා ටිකයි අඹරලා තිබුනේ.
ඔය විදිහට අඹරපු පහන්තිර ටික ගානට කපලා පැකට් කරන්ඩ ඕන. පැකට් එකකට පහන්තිර කෑලි දහයක් තියෙන්ඩ ඕන.ඒ වගේම පහන්තිර පැකට් වැලකට පහන්තිර පැකට් දොලහක් වෙන විදිහට හදන්ඩ ඕන. පැකට් දොළහේ පහන්තිර වැලකට රුපියල් පහක් ගෙවනවා...
ඔය රුපියල් පහ ගන්ඩ තමයි අපි ඒ කාලේ හිටන් පහන්තිර ඇබරුවේ. තාමත් ඒ ගාන විතරයි ලැබෙන්නේ. වැඩිම උනොත් පහන්තිර පැකට් වැලකට රුපියල් හයක් ලැබෙයි.
ඔන්න ඔහොමයි අපි බුදුන්ට තියන පහන්තිර පැකට්ටුව හැදෙන්නේ.
අපේ ආච්චි අම්මගේ පහන්තිර ඇඹරීම අන්තර්ජාලයට ගෙනාපු නිසා එයා මේ පෝස්ට් එකට ගොඩක් ආස වෙයි.
මම ගිහින් එන්නම්... ජය වේවා ! සුබ දවසක් !
/ඔය රුපියල් පහ ගන්ඩ තමයි අපි ඒ කාලේ හිටන් පහන්තිර ඇබරුවේ. තාමත් ඒ ගාන විතරයි ලැබෙන්නේ./
ReplyDeleteකඩෙන් ගන්න ගියොත් එක පැකට් එකක් රුපියල් පහක් වෙනවා.. එතකොට අතරමැදි අයට යන ගාන...
ජය වේවා!!!
This comment has been removed by the author.
Delete5 ක් ද
Deleteද
50ක්ද
පොඩි කතාවක් වුනත් හරිම වැදගත්,මොකද මේ පහන්තිර අඹරන වැඩේ මම දැක්කමයි,ස්තූතියි මධු.
ReplyDeleteමමත් දැක්කමයි බං.බොහොම ස්තූතියි.
ReplyDeleteබලන් ගියාම හැම තැනකම සිද්ධ වෙන්නෙ එකම දේ… මහන්සි වෙන කෙනාගෙ දහඬිය බඳුවෙ වටිනාකම ගන්නෙ අතර මැදියො.
ReplyDeleteඅපිත් ඔහොම අයිස් පැකට් හැදුව කාලයක්... රුපියලේ අයිස් පැකට් එක සත 75 ගානේ කඩේට දානවා.. ඒ දවස් වල අපිට ඒක ජොලි වැඩක් වුණාට ඇත්තටම අම්මලට සල්ලි නැති නිසා අමතර ගානක් හොයා ගන්න කරපු දෙයක්... මේ වගේ ස්වයං රැකියා කරන හරි හොඳ දෙයක්.. වයසට ගියාම ගෙවල් වලට බරක් නොවී කියක් හරි හොයාගෙන සරලව ජිවත් වෙන්න මේ වගේ වැඩ ලොකු උදව්වක් වෙනවා අනිත් එක මානසිකව වැටෙන්නේ නෑ නේ.. අරමුණක් තියෙනවා හැමදාම..
ReplyDeleteආච්චිට තෙරුවන් සරණයි..
යකෝ පාංතිර පත්තු කළාට මෙහෙමයි ඒක හැදෙන්නෙ කියල මාත් අදයි දැනගත්තෙ.
ReplyDeleteගාන ගැන හිතනවට වඩා නිකං කල්පනා කර කර ඉඳල ලෙඩ වෙන්නෙ නැතුව ඔය වගේ වැඩක් කරන එක හොඳයි.
මමත් අදයි පහන්තිර අඹරන වැඩේ දැක්කේ..
ReplyDeleteආච්චිට මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා ...
maximumzzz dudeee!!!!
ReplyDeleteela ela rockssszzz ahh!!!!
බලන් ගියාම මහන්සි වෙන මනුස්සයට අවසානයේ ලැබෙන දෙයක් නැද්ද කියලා හිතෙනවා අයියේ.. නිකන් ඉන්න මිනිහට ඊට වඩා ලාබයි..
ReplyDeleteහෙණ ගහනවා අසාධාරණ ලාබ ලබන අතරමැදියන්ට.
ReplyDeleteකම්කරු දිනේදිවත් කම්කරු නායකයෝ මෙම ස්වයං රැකියා අය දිහා බලන්නේ නැහැ.උන්ට එන මුට්ටි කාසි ටික රැක ගන්න විතරයි බලන්නේ.කම්කරු පන්තිය මේ රැවටිල්ලෙන් මිදෙන්නේ කවදද?
ReplyDeleteකම්කරු දිනේදිවත් කම්කරු නායකයෝ මෙම ස්වයං රැකියා අය දිහා බලන්නේ නැහැ.උන්ට එන මුට්ටි කාසි ටික රැක ගන්න විතරයි බලන්නේ.කම්කරු පන්තිය මේ රැවටිල්ලෙන් මිදෙන්නේ කවදද?
ReplyDeleteමමත් අද යි දැන ගත්තේ පහන්තිර අඹරන හැටි! ඉස්සර පහන්තිර පැකට් එක ඉවර වුණා ම අපේ අම්මා පරණ කපු සාරියකින් හීනි තීරුවක් ඉරලා පහන්තිර හදනවා. ඉස්සර කිව්වාට දැනුත් එහෙම තමයි ^_^
ReplyDeleteඅද දවසේ දුටු වටිනාම පෝස්ටුව. ඒ අත්තම්මාට යෝධ ශක්තිය ලැබේවා.
ReplyDeleteඅපි ගොඩක් වෙලාවට කඩෙං ගන්න පහන්තිර, පත්තු වෙන්නෙ නැති එහෙම නැත්තං මහත වැඩි ( දැං තියෙන පියනකින් වහනන් පුලුවන් අලුත් පහන් වලට දාන්න පුළුවන් හීනී තිර විතරයි) කේස් නිසා මම කරන්නෙ එක්කො තිරේ ලෙහලා හීනී වෙන්න ආයිත් අඹරනවා... නැත්තං රෙදි කෑල්ලක් හොයා ගෙන පහන් තිර ටිකක් අඹරනවා... ඒ කොහොම කළත් පහන්තිර පැකට් එකක් දැං රැපියල් 10ටත් ගන්න තියෙන තැං තියෙනව...
ReplyDeleteමාත් අදමයි දන්නෙ පහන්තිර අඹරන්නත් මැෂින් එකක් හදාගෙන තියෙන බව... අපේ මිනිස්සු කම්මැලියි, දක්ෂ නෑ කියන්නෙ මොන ගොනාද කියල මං මේ කල්පනා කරන්නෙ... අත්තම්මාට හොඳයි වැඩේ... මං දැං නාකියි කිය කිය හිත හිත ඉඳලා ලෙඩ වෙනවට ඔය හොඳ බේතක් හොයා ගෙන තියෙන්නෙ... හි හි
හත් දෙයියනේ හදන දෑතට එච්චරද?
ReplyDeleteඅපේ අත්තම්ම ඉස්සර රේන්ද ගෙතුව,දැන් පෙනීම දුර්වලයි,මම නම් හිතුවේ පහන් තිර හදන්නේ අතින් කියල
ReplyDeleteකාටවත් යටත් නොවී කරන්න පුළුවන් අහිංසක දෑතෙ රස්සාවක්..
ReplyDeleteපහන් පත්තුකරන අයට පින්සිද්ද වෙන්නෙ ඔන්න ඔය නිසයි..
ReplyDeleteරුපියල් පහක්.....?????
ReplyDeleteශ්‍රමයට මිලක් දෙන්න බෑ.... පාන්තිර පැකට් එකක් ලොකු ගානකට කවුරුත් ගන්නෙත් නෑ, මේකට මැෂින් එකක් තියෙනවා කියලාදන්නෙත් අදමයි , ආච්චිට ශක්තිය දහිරිය ලැබේවා
ඔයවගේම දුෂ්කර කාර්‍යක් තමා බීඩි ඔතන එකත්. කෑගල්ල, වරකාපොල පැත්තෙ ගෙවල්වල අදටත් ස්වයං රැකියාවක් විදියට කරනවා.
ReplyDeleteඑතකොට වැලකටම 5යි. දෙයියනේ කඩෙන් වැලක් ගන්නකොට 50ක්වත් වෙනවා. වැඩිම ගාන ලැබෙන්නෝනි නිශ්පාදකයට ලැබෙන්නෙ මොනතරම් සොච්චමක්ද.
ආච්චි අම්මා ගැන දුක හිතුණා. ආඩම්බරයකුත් දැනුණා...එයාගෙන් පාන්තිර ගෝනියක් අරගෙන, වෙසක් දාට පන්සලක් අයිනේ වඳින්ට යන අයට නොමිලේ පාන්තිර පැකට් දෙන්ට අදහසකුත් පහල උණා...:)
ReplyDeleteනොදන්නා තොරතුරක් දැනගත්ත..
ReplyDeleteආච්චම්මට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන
අන්තර්ජාලෙන් බිසිනස් එකත් අල්ලල දියං...
ReplyDeleteමචන් පහන්තිර පැකට් ටිකක් මෙහෙට එවන්න බලපන් ඔය වගේ ප්‍රමාණයක් මෙහෙ රිංගිට් 2ක් වත් වෙනවා (රිංගිට් 1ක් = රු 39ක්)
ReplyDeleteමොකක්ද මචං රට
Deleteමොකක්ද මචං රට
Deleteසී.ජේ. විදානේ.:
ReplyDeleteඔවු.. අතරමැදියන්ට ලොකු ගානක් හම්බ වෙනවා. පොඩි ගානක් තමා අපට හම්බ වෙන්නේ.
Helapa kade :
නොදැකපු දෙයක් පෙන්වන්ඩ ලැබුනු එකත් සතුටක් මට !
පත්තර මල්ලි :
එල එල !
චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
ReplyDeleteඅපොයි ඔවු.. අතරමැදියෝ ගසා කනවා !
Pathum Herath :
අනික ඉතින් කල්පනා කර කර ඉන්න ඕන නෑ නේ. ඒ නිසා කරනවා. ලොකු ගානක් නම් හම්බ වෙන්නේ නෑ ඉතින්.
Praසන්ன :
ඒකනේ.. ආච්චිඅම්මත් කියන්නේ ඕකමයි.
තුශානි :
ReplyDeleteප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි තුශානි.
Anonymous :
හෑ.. :O
Dinesh :
අතරමැදියන්ට තමයි මල්ලි ලාභය යන්නේ !
Wicharaka Asami Dakimi Soyami :
ReplyDeleteඒකනේ.. සෑහෙන අපරාදයක් !
sudew :
ඒ කතාව සහතික ඇත්ත.
ධාරා :
ඒකත් ලේසි ක්‍රමයක් නෙ. අම්මෝ හැමෝම එහෙම කලොත් අපේ ආච්චිඅම්මට බිස්නස් නැති වෙයි. :)
Naleen Dilruksha :
ReplyDeleteප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි !
හිරු :
ඔවු. ලංකාවේ මිනිස්සු අපි හිතන තරම් කම්මැලි නෑ.. ඕනම දේකට මැෂින් හදාගන්ඩ දක්ශයි. මම ලඟදි දැක්කා රීලෝඩ් දාන්ඩ මැශින් එකකුත් හදලා තියෙනවා.
සිහින මදාරා :
හ්ම්.. එච්චරයි !
Dulanjalee Chandrasiri :
ReplyDeleteපහන්තිර අතින් හැදුවොත් සෑහෙන ගානකට විකුණන්ඩ වෙයි..
රජ වීදියේ උමේෂ් :
ඔවු. පාඩුවේ කරගෙන යන්ඩ පුලුවන් රස්සාවක් !
සරත් ලංකාප්‍රිය :
ඒකත් එක හේතුවක් වෙන්න ඇති !
ඉවාන් පවුලූශා :
ReplyDeleteඔවු.. පහයි හම්බ වෙන්නේ. මේක හොඳයි කියමු. කවර අලවන රස්සාව කලොත් කවර සීයයක් ඇලෙව්වොත් රුපියල් දහයයි හම්බ වෙන්නේ.
Manosh Sandaruwan :
සොච්චමයි නේන්නම්... !
Podi Kumarihami :
ආච්චි අම්මා ඔය වචන ටික ඇහුනොත් ගොඩක් සතුටු වෙයි. ඒත් පහන්තිර බෙදන්ඩ යන්නෙපා. පන්සල් ලඟ ඉන්න කඩකාරයන්ගෙන් ගුටි කන්ඩ වෙයි.
දේශක යා :
ReplyDeleteඑච්චර මහන්සි වෙන්ඩ අමාරුයි නෙහ්. :(
S. L. මැලේ රාළ :
ඒක නං මරු වැඩක් නෙහ්..
පහන්තිර හදන හැටි දන්නෙත් අදයි.. රුපියල් පහට වැලක් ගන්න එක නම් හරිම අසාධාරණයි. මම හිතන්නෙ තොගයට දෙනකොට වෙන්නැති ඒ ගාන.. ආච්චි අම්මට මුණුබුරෙක් අතේ කෙලින්ම කඩ වලට යවන්න පුළුවන් නම් වැඩි ගානක් ගන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නෙ..
ReplyDeleteපහන්තිර මැෂින් එකනං කලින් දැකලා තිබුනා අපේ ගෙවල් කිට්ටුව ඉස්සර ඔය බිස්නස් එක නැගලා ගියා.. එක මනුස්සයෙක් ඉන්නවා එහෙ කාලෙන් කාලෙට ය වගේ පොඩි පොඩි බිස්නස් ගමට ගේන.. එහෙම ගෙනල්ලා අහල පහල ගෙවල්වලට ඒවා කොටස් වශයෙන් දීලා එකතු කරං ගිහින් විකුණලා සල්ලි බේරනවා.. අන්තිමට මං ගෙවල් පැත්තේ යද්දි බිස්නස් එක වෙලා තිබුනේ තීරු කපපු හම් පටි වලින් සෙරෙප්පුවලට පටි වියන එක... ඒකත් නැගලා ගියා... හැබයි ඔය වගේම තමා බොහෝම පොඩි මුදලයි හම්බ වෙන්නේ.. ඒත් ඉතිං ගෙවල්වල පච හල හල ඉන්නවට වඩා ඒ සොච්චමත් ගෙදරටනේ...
ReplyDeleteආච්චිගේ බිස්නස් එක දියුණු වේවා කියලා මාරයා කියලා එකෙක් ප්‍රාර්ථනා කලා කියලා කිව්වොත් ටිකක් අප්සැට් හින්දා න්න එහේ නොකියා හිටිං.... :D
පත්තු කළාට මෙච්චර දේවල් ගැන හිතුවෙ නෑ නේ....
ReplyDeleteඇත්තටම අද තමා දැක්කේ පහන්තිර හදන විදිය , ගොඩක් ස්තූති
ReplyDeleteආච්චි අම්මට දීර්ඝායුෂ පතනවා බං...මගේ ආච්චිලා සීයලා සියලු දෙනාම ජීවිතයෙන් සමුගෙන නිසා මේ වගේ වයසක අයගෙ ලොකු වටිනාකමක් මට දැන් දැනෙනවා...වයසට ගියත් ආච්චි තමන්ටම කියලා කීයක් හරි හොයාගන්න කෙතරම් උත්සාහවන්තද...අත පය හතර තියාගෙන රැකියාවක් නොකර කාලා නිදා ගන්න උන්ටත් මේවා හොද ආදර්ශ...
ReplyDeleteමලේ, මම මේ වෙනකං හිතා හිටියෙ ඔය පාන් තිර ඉන්දියාවෙන් හරි කොහෙන් හරි ගෙනල්ලා විකුනනව කියලා. දැන්න්නේ දන්නෙ මේක අත් යන්ත්‍ර කර්මාන්තයක් කියලා.
ReplyDeleteඅදමයි මේ මැෂිම දැක්කේ. කොච්චර හොඳද..අපේ ආච්චිලා දෙන්නමත් මැරෙනකම්ම නිකා හිටියේ නැහැ .
ReplyDeleteඅපිට රුපියල් පහ පොඩි වුනාට ආච්චිලාට ඕක ලොකු ගාණක් . වාදක යෙදෙන එක ඇල්ෂයිමර් වගේ ලෙඩ වළක්වනවා කියනවනේ.
අත්තම්මා නිවන්දකින්න අපට පාර පේනවනවා. අත්තම්මේ ශය දැතට යෝධ විරිය යෝධ ශක්තිය ලැබේවා...
ReplyDeleteDakkamayie oka.. tnx
ReplyDeleteMama th asai
ReplyDeletekohomada hadaganne.
ReplyDeletekohomada hadaganne.
ReplyDeleteKiyala dennako.
ReplyDeletekohomada hadaganne Masima.
ReplyDeleteM....m.....m....
ReplyDeleteMama nikamek hadanna asai mamath.
ReplyDeletekohomada hadaganne Masima.
ReplyDeleteමමත් දැක්කමයි මේ
ReplyDeletePahan thira machine ganna thiyenne koheda
ReplyDeleteමේක ගන්නෙ කොහෙන්ද
ReplyDeleteමේ මැශින් එකක් හදාගන්න දන්න කෙනෙක් ඉන්නවද
ReplyDelete