අද මම පුරුදු විදිහට කන්තෝරුවට එන්ඩ නුගේගොඩ බස් එකට ආමර් වීදියෙන් ගොඩ උනා. සෙනග ගොඩක් පුරෝගෙන බස් එක මරදාන බොරැල්ල පහු කරගෙන රාජගිරිය ආයුර්වේදය කිට්ටුවට ආවා. ඔන්න එතනින් එහාට්ට බස් එක අඩියක්වත් යන්නේ නෑ.
සෑහෙන ට්‍රැෆික් එකක්... !
වෙනදා නැති තරම් ලොකු ට්‍රැෆික් එකක් ඇති වෙන්ඩ නං මොකක් නමුත් හේතුවක් තියෙන්ඩ ඕන කියලා මම පොඩ්ඩක් විපරම් කලා.ඒත් හේතුව හොයන්ඩ නෑ. පෑ කාලක් විතර යන්කොට රාජගිරිය බෝධිය පේන හරියට ආවා.
එතකොට තමා කාරණය තේරුනේ.
අද දුම්වැටි විරෝධී පාගමනක් ලෑස්ති කරලා.ඒ පාගමන හන්දයි මේ තරම් ලොකු ට්‍රැෆික් එකක් ඇතිවෙලා තියෙන්නේ. අන්තරායකර ඖෂධ
පාලක මණ්ඩලයත් මේ කිට්ටුවෙන් තියෙන නිසා ඒ ආයතනයෙන් සංවිධානය කරපු පාගමනක් වෙන්ඩ ඕන.
මේ පාගමන දැක්කහම මට හිතුනේ මේක බොරු වැඩක් කියලා.... !
පාරවලුත් බ්ලොක් කරගෙන මෙහෙම පාගමනක් ගිහින් දුම්වැටි විරෝධය ඇති කරන්ඩ බෑ.. ඒක දවල් හීනයක් විතරයි. ඒකට රජයේ ප්‍රතිපත්තියක් ගේන්ඩ ඕන. දුම්වැටි ගෙන්වන එක හරි නිශ්පාදනය කරන එක හරි සීමා කරන්ඩ ඕන. එහෙම නැත්නම් නවත්තලා දාන්ඩ ඕන.
දැනට තියෙන රජයට තුනෙන් දෙකක බලතල තියෙන එකේ ඒ වගේ ලොකු තීරණයකට යන්ඩ ලේසියෙන්ම පුලුවන්. දුම්වැටි වාරණයක් දැම්මා නම් ඉක්මනින්ම මේක නවත්ත ගත්තෑකි.
ඒ නැතුව මෙහෙම එක දවසක් පාගමන් ගිහින් දුම්වැටි වලට තිත තියන්ඩ අමාරුයි. අපි බලාගෙන ඉමු මේ පාගමන ගිහින් ඊලඟට ගන්න තීරණය මොකද්ද කියලා.
මේ මගේ අදහස... !
ඔයගොල්ලන්ගේ අදහසුත් ඇති. මම හරි හෝ වැරදි හෝ පහදලා පහලින් කමෙන්ට් කරන්ඩ. එකතු කරන්න තව අදහස් තියෙනවා නං පහලින් කමෙන්ට් කරන්ඩ.
දුම්වැටි වරනයක්නම් කොහොමත් වෙන්නේ නෑ.සිගරට් පෙට්ටියේ රූපමය අවවාද දාන්න ඕනේ කියලා නීති හදාගන්න බැරුව දගලපු ආණ්ඩුවකට ඔය වගේ දෙයක් කොහොමත් කරන්න බෑ.
ReplyDeleteඅපේ රටේ තිත් තියපු තැන අනුව තමා දුම්වැටි හා මත්පැන් භාවිතය වැඩි වෙලා තියෙන්නෙ ....
ReplyDeleteසිකරට් එකක් ගහන ගමන් මේ කරන උද්ගොෂණත් අර ගව ඝාතන නතර කරමු වගේ තමයි ,මොකක් හරි තියෙන්නත් එපැයි කතා කර කර ඉන්න ...
මතට තිත වගෙ තමයි ... ඔව්ව හදන අය තමයි ඉලැක්සොන් වලට සල්ලි වියදං කරන්නෙ.
ReplyDeleteදුම්වැටියට තිත තියන්නවත්, එහෙම නැතිව වෙනත් ඒ වගේ දෙයක් සමාජෙන් ඉවත් කරන්නවත් කවදාවත් මේ වගේ දේවල් වලින් බෑ. ආණ්ඩුවකට පුලුවන් "එක ෂොට් එකෙන්" මේව ඔක්කොම නවත්තල දාන්න. ඒ නිසා මේ වගේ දේවල් වලට පාරවල් බ්ලොක් කරගෙන වේලි වේලි අර පොඩි කාලෙ ඉස්කෝලෙදි බෝඩ් උස්සගෙන පෙලපාලි යන්න ඕනි නෑ. සැබෑ උවමනාවක් තියෙනවනම් කරන්න තියෙන ලේසිම හොඳම දේ ඒවගේ කෙලින් තීරණයක් ගන්න පුලුවන් කොන්ද පණ තියෙන හොඳ ආණ්ඩුවක් පිහිටවගන්නෙකයි. ඒකට හැමෝම එකතුවෙන එකයි.
ReplyDeleteමේවට එරෙහිව අධිකරණ නියෝග ගන්න කෙනෙක් නැතුව ඇති නේද?
ReplyDeleteතිත කියන වචනෙටත් මම කැමති නෑ...
ReplyDeleteලෝකෙ තිබුණු බලවත්ම ත්‍රස්තවාදය විනාශ කරන්ඩ පුළවන් වුණානම් මත්ද්‍රව්‍ය කියන ත්‍රස්තවාදය නැති කරන්ඩ බැහැයි කියනවනම් ඒක මහම මහ බොරුවක්.
ReplyDeleteදුම් වැටි මත් ද්‍රවය සදහටම ඉවර කරන්න නම් බැරි වෙයි හැබැයි පාලනය කරන්නනම් පුලුවන් වෙයි. ඒත් බොන අය බොනවාමයි කඩදාසි දුන්කොලයි ඔතලා හරි. වෙනස් වෙන්න ඔන මිණිසුන්ගෙ මනස. ඒත කොට ඔය කෝකටත් නිකම්ම තිත වැටෙයි. මානව ශිෂ්ඨාඡාරය අවුරුදු දහස් ගණනක් තිබිලත් අද වෙන කම් මොන රටේද ඔවට තිත තිබ්බේ.
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
ආන්ඩුව මේක කවදාවත් කරන්නේ නැහැ. මම දන්න විදිහට එක සිගරට් එකකින් කම්පැනි එකට එන ලාබයට වඩා ප්‍රමාණයක් බදු වලින් ආන්ඩුවට ලැබෙනවා. අරක්කු වුනත් එහෙම තමයි.
ReplyDeleteමතට තිත තිබ්බේ ඉතින් පොඩි පොඩි මිනිස්සුන්ගෙන් කරදරයක් නැති නිසානේ. අනික සිගරටුත් නවත්වන්න පුලුවන් ඔනෙනම්, එහෙම නැතිව කට්ටිය කරන්නේ තව එක එක එවා ගෙන එකනේ. නිකමට බලන්න සිකරට් නිසා කොච්චර සල්ලියක් නස්ති වෙනවද කියල.
ReplyDeleteඅයියෝ ධුම දන මකරෝ නං ඕනෑම නෑ :P
ReplyDeleteසිගරට් මොකද බලෙන් නවත්තන්නේ , එක නීති දාලා නවත්තන්න ඕනේ නෑ. ඉක්මනට මැරෙන්න කැමති අය බොයි ,අනිත් අය නොබී ඉඳියි, මිනිස්සු පෞද්ගලිකව ගන්න ඕන තීරණ ඒවා ,මං හිතන හැටියට
ReplyDeleteහ්ම්ම් මෙහෙමයි ඔය ගැන දැන් මගේ අදහස…
ReplyDelete1. මම මත් වෙන කිසිම දෙයක් බාවිත කරන්නෑ
2. ඒත් බාවිත කරන කිසිම එකෙක්ට එපා කියලා උපදෙස් දෙන්නෙත් නෑ. (මගෙ බාල සහෝදරයෙකුට හෝ කවදාහෝ මගෙ දරුවෙකුට හැර)
දැන් හිතෙනවා ඇති මම මහ කුහක ආත්මාර්ථකාමියෙක් කියලා. ඒත් අපි උපදෙස් දෙන්න ගියොත් වෙන්නෙ 'ලොකු ඔළුව තියෙන එකෙක්' 'ඌ ෆන් ගන්නැතිව අනිත් උන් ෆන් ගන්නවට ඉරිසියා කාරයෙක්' ආදී ලෙස හංවඩු ගැසීමයි. මගේ හිතවතුන්ට කියන එකම දේ "බොනවා නම් උඹලට දරාගන්න පුළුවන් තරමට බීපන්."
පුළුවන් නම්… ඔය බොන උන්ට නොබොන උන්ගෙන් ආදර්ශයක් ගත්තා නම් නොබී ඉන්න පුළුවන්. මොකද ඇඟිල්ලෙන් ඇන ඇන හොද නරක කියලා දෙන්න බොන්නෙ බබ්බු නෙමේනෙ (21+ නීතියට අනුව)
ඒ වගේම තවත් එකක් මම මත්පැන් වේවා, මත්වැටි වේවා බොන උන් ඔක්කොම එක කුලකයකට දාන්නෙ නෑ.
හැබැයි ඔය දෙවනි කරුණ සම්බන්ධයෙන් මීට අවුරුද්දකට කලින් මට තිබුනෙ මීට හාත් පසින් විරුද්ධ ප්‍රතිපත්තියක්.
මධූ අය්ය මේම කියන්න මං කැමති නෑ...ඒත් ඔයහ වගේදෙකට විරෝධතා දක්වන අය කරන්නෙ ටයිම් පාස් කරගැනිල්ලක්...
ReplyDeleteඕ වගේ දෙයක් කරන්න වාරණ දාල බෑ... මොකද එහෙමබ වුණාම ඕවටත් ගිංජ වලට වගේ බ්ලැක් මාකට් එකක් හැදෙනව....
කරනව නං සහ කරන්න පුලුවං නං මට දැනෙන එකම වැඩේ මුං ඔක්කගෙම ඔළු හෝදන එක
//පාරවලුත් බ්ලොක් කරගෙන මෙහෙම පාගමනක් ගිහින් දුම්වැටි විරෝධය ඇති කරන්ඩ බෑ.. // දැන් හැම දෙයක් ම කරන්න හදන්නෙ මෙහෙමනේ!
ReplyDeleteසිගරට් බොන එක නම් තමුන්මයි නැතිකරගන්න ඕනෙ. නීති දැම්මට බොන එකා කොහොමත් හොරෙන් බොනවනෙ. සිගරට් බීම කියන්නෙ ලොකුදෙයක් නොවෙන බව සමාජගත කරන්නෝනා.. එතකොට යම් පිරිසක්වත් එතනින් හැලෙයි.. උදාහරණයකට කිව්වොත් කසිප්පු බීම පහත්කමක් වෙලානෙ තියෙන්නෙ.
ReplyDelete//මෙහෙම එක දවසක් පාගමන් ගිහින් දුම්වැටි වලට තිත තියන්ඩ අමාරුයි.// කියන එකට මාත් එකඟයි..
ReplyDeleteපා ගමනින් ගිහින් දුම් වැටි නවත්තන්න හිතනවාට වඞා හොදයි අල්ලපු ගෙදර බල්ලාට සිංහල උගන්නනවා
ReplyDeleteදුම්වැටි විරෝධී පා ගමනේ ආර් දුමින්ද සිල්වා ගොයියත් හිටියා කියලා මම දැක්කා මාධ්‍ය වාර්තා වල...
ReplyDeleteඅපෝ දැනට පවතින රජයද? කොරයි කියලා තමා බය
ReplyDeleteමමනම් එකගයි.මොකද දුම්වැටි නවත්තල එ වෙනුවට කුඩු ප්‍රමොට් කරන්නනේ හදන්නෙ
ReplyDeleteඈස්චරිය කියන්නෙ ඔන්න ඕකට තමයි බං.
ReplyDeleteවැඩක් නෑ.. රජයෙ ඇමැට්ටන්ට බලය තියෙන්නෙ කොමිස් ගහන්නයි කුඩු ගෙන්නන්නයි මිනී මරන්නයි විතරයි..
ReplyDeleteරටට වැඩක් ඇති දෙයක් කරන්න ගියාම බලේ නෑ, මරණ තර්ජන..
දුම්වැටි විරෝධී පාගමන නිසා ඇතිවුනු තදබදය අස්සෙ නිකං නවත්තන් ඉන්න අතරෙ පිටවුනු වාහන වල දුම් තොගයෙන් මොන තරම් හානියක් වෙනව ඇද්ද..
මේව ලෙඩා මළත් බඩසුද්දයි තාලයේ කෝලම් විතරයි..
බාණ්ඩාගාරයට වැඩියෙන්ම සල්ලි එන්නේ දුම්කොල හන්දා වෙච්ච එකේ ඕක වාරණය කරලා කොහොමද?
ReplyDeleteවැඩක් නෑ අනේ .... ඕනිම දෙයක් පටන් ගන්ට හරි නවත්තන්ට හරි පුලුවන් තමන්ටම විතරයි.
ReplyDelete