අද මට උදේ බස් එකේ එද්දි හිතුන දෙයක් තමයි අපේ ජීවිතේ සමහර හමුවීම් හරිම පුදුමාකාරයි නේද කියන එක. ඒකට මූලිකවම හේතුව උනේ අපේ පංතියේ මට එහා පැත්ත ඩෙස්ක් එකේ අවුරුදු ගානක් මගෙත්තෙක්ක උන්නු යාළුවෙක්ගේ හමුවීම.
ඒ හමුවීම මෙහෙමයි සිද්ධ උනේ...
දිනය හරියටම කියනවා නං මාර්තු 29 වෙනිදා. එදා තමයි මමයි අපේ කන්තෝරුවේ කිහිපදෙනෙකුයි එකතු වෙලා ආදර කන්ද නගින්ඩ ගියේත්.
එදා අපි කට්ටියම පාන්දර හතරට විතර නුගේගොඩින් 99 බදුල්ල- කොළඹ බස් එහෙක එල්ලුනා. කොහොමහරි ඔය බස් එක හය හයහාමාර වෙනකොට රත්නපුරේ ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොලට ආවා.
මම හිටියේ බස් එකේ පිටිපස්සේ සීට් එකේ දොර පැත්තට වෙන්ඩ ජනේලය ගාව. මම ජනේලයෙන් ගුඩ් ෂෙඩ් නැවතුම්පොල දිහෑව බලාගෙන කල්පනාවක් දාගෙන උන්නා. එතකොටම ත්‍රී වීල් එකක් ඇවිත් ඒ හරියෙන් නැවැත්තුවා.
ඒ ත්‍රීවීල් එකෙන් කොල්ලෙක් බැස්සා !
මම ඒ කොල්ලා දිහෑ ටිකක් බලාගෙන උන්නා. ගොඩක් හුරු පුරුදු පෙනුමක් තිබුනා.. ඒත් හරියටම නිච්චි නෑ කොහේදිද මූව දැකලා තිබුනේ කියලා.
ඒකා ත්‍රීවිල් එකෙන් බැහැලා බස් එක නවත්තලා තිබුන අයින දිගේ යන්න හදනකොටම,
"මචං උබ රුෂාන් නේද ?" කියලා මම ඇහුවා.
එතකොට තමා ඌටත් ක්ලික් උනේ.. මගේ අතීජාත මිත්‍රයා !
අවුරුදු පහලොවකට විතර පස්සේ ඌව මට හම්බ උනේ. සෑහෙන්න වෙනස් වෙලා. ඒ දවස්වල ඉස්කෝලෙන් අස්වෙලා ගියාට පස්සේ මට එකම එක සැරයක්කත් දකින්ඩ හම්බ උනේ නෑ.. ඒ නිසයි අදුනගන්ඩ අමාරු උනේ.
බස් එක නවත්තලා තිබ්බ විනාඩි ගානට මම ඌත්තෙක්ක කතාවක් දාගෙන උන්නා.
ඒකා රජයේ රස්සා වලට ගන්න කඩයිම් විභාග වලට ක්ලාස් කරනවාලු. ඒ වගේම තමා උතුරු නැගෙනහිර ඇරුනහම දිස්ත්‍රික්ක 18ක ක්ලාස් කරනවයි කියලා තමා කිව්වේ.
ඇඹිලිපිටියේ ක්ලාස් එකකට යන ගමන් උගේ වාහනේ රත්නපුර ටවුම කිට්ටුවේදි කැඩුන නිසාලු එදා ත්‍රීවිල් එකෙන් ටවුමට ඇවිත් තියෙන්න. කැබ් සර්විස් එකකට කතා කරලා වෑන් එකක් අරගෙන යනවයි කියලා හිතලාලු එහෙම ආවේ.
අහඹු හමුවීමක් !
ඔහොම ටික වෙලාවක් කතා කරගෙන ඉදලා මම උගේ නම්බරේ ඉල්ල ගත්තා... ඒ වගේම කාලෙකට පස්සේ මගේ යාළුවා හම්බ වෙච්ච නිසා මට පුදුම සතුටක් තිබ්බේ.
හීනෙකින්වත් නොහිතන විදිහේ හමුවීමක් තමයි එදා සිද්ධ උනේ. ඔය හමුවීම නිසාම තමයි මම කියන්නේ සමහර හමුවීම් හරිම පුදුමාකාරයි කියලා !
බොට කියන්න මටත් එකෙක් හමු උනා මේ ළගදි බස් එකේදී. පැයක්ම ඌ හිටගෙන මං වාඩි වෙලා හිනා වෙවි පරණ මතක පොත් ඇවිස්සුවේ. ඌ බහිනකම්ම මතක් උනේ නැහැනේ බං ඌ හිටගෙන කතා කරේ කියලා..
ReplyDeleteඔහොම තමා ඉතින්. මටත් ඔහොම අද්දැකීම් අනන්ත වත් තියනවා. සමහර වෙලාවට කතා කරන්නත් බය යි නේ වෙන කවුරු හරි ද කියලා!
ReplyDeleteමගේ නිගමනය
ReplyDeleteඅහඹු හමුවීම් සුන්දර මතකයන් අවුස්සයි
හැක්
මුළු ජීවිතේම අහඹුවක් කියලයි මට නං හිතෙන්නේ.
ReplyDeleteසිරා බ්ලොග් එකක් .... අහඹු සිදුවී ම් නම් කියල වැඩක් නෑ .....
ReplyDeleteඅතීතය අලුත් කිරීමක්
www.onlinead.lk
හ්ම් ... හ්ම් ... අපේ ජීවිතෙත් බස් එකක් වගේ තමා බං. සමහරු මගදි බැහැල යනව, තව සමහරු මගදි ඇතුළට එනව. බැහැල ගිහිපු සමහරු ආයෙ කාලෙකදි මග ඉඳන් බස් එකට අතදානව. ඕවා ඔහොම තමා.
ReplyDeleteදේශක යා :
ReplyDeleteඒකනේ.. ඔය වගේ අවස්ථා වලදි කතා කරන්න සෑහෙන දේවල් ගොඩක් එකතු වෙනවා..
කුරුටු ගෑ ගී පොත :
අපට නම් එහෙම අවුලක් නෑනේ සුදා..
Mahesh Rathnayaka :
සහතික ඇත්ත... !!
මම ඔහොම කතා කරලා මේ ළඟ දි රවල බැලුවනේ එක නංගි කෙනෙක් :-))) එදයින් පස්සෙ බයේ බෑ!
DeleteNaleen Dilruksha samakayawate :
ReplyDeleteඔවු.. එහෙම හිතන එකත් එක අතකට හරි !
Anonymous :
ඇඩ් එකකුත් දාලා... :)
DDT :
ඒකත් හොඳ නිර්වචනයක් තමා. අපිටත් කවදා හරි දවසක DDT ව හම්බ වෙන්නේ නැතෑ.
ඔන්න ඔහොම තමයි බ්ලොග් ලෝකේ කට්ටිය හම්බුනත් නෙහ්..
ReplyDeleteඅපිත් එක්ක හිටපු අපේ එවුන් අද ලංකාවෙත් නෑ. එදා එක බත් එක පොරකකා කෑව, උරෙනුර ගැටී අපි ළඟින්ම හිටපු උන් අද කොහෙද. එදා එහෙම ළඟින් ඉන්නකොට හීනෙකින්වර්හ් හිතුවෙ නෑ තව අවුරුදු කීපයකින් හුළඟවත් වදින්නැති ඈතකට අපි ඈත්වෙලා ඉඳී කියල.
ReplyDeleteමගේ 2 - 3 වසරවල් වල හොඳම යාලුවා ...එක පාරට අතුරුදහන් උනා... බලන්ගොඩ ගියා කියල ආරංචිඅ ආවේ... පස්සේ උව බුකියෙන් හම්බුනා.. මාර සතුටුයි :D
ReplyDeleteනවම් මාවතත් අද මේ වගේම කතාවක් ලියලා!
ReplyDeleteඑහෙම හමුවුනාම මාර සතුටක්, සමහර වෙලාවට ඔහොම හමුවෙලා අන්දුන් ගන්න බැරුව කීදෙනක් මග ඇරෙනවා ඇතිද?
ReplyDeleteඇත්තටම ඔහොම දැකලත් 'මේ එයා නෙමේ වෙන්න ඇති' කියලා මඟහැරුනොත් මොන තරම් අපරාදයක්ද?
ReplyDeleteපුදුමයි වගේම එහෙම හමුවීම් හරිම සුන්දරයි.........
ReplyDeleteඅහඹු හමුවීම් පට්ට වගේම සමහර වෙලාවට කට්ටත් සෙට් කරනවා, ඒ වගේම වෙලාවකට දුකත් හිතෙන හමුවීමුත් තියෙනවා, ඒ වෙලාවටනම් ඉතින් අර කව්ද කියන්න වගේ "ඔබේ හමුවීමත් මට හීනයක් වගේ"ම තමා, හෙක්. :D
ReplyDeleteමටත් ඔහොම කෙනෙක් හම්බ උනා ටික කාලෙකට් කලින්, ඒ මම ඉස්කොලේ කාලේ මැරීගෙන ආදරය කරපු ඒත් නොලබපු ආදරයක්, එයාටත් මට කියන්න ගොඩක් දේවල් තිබ්බා. ඒත් අපි දෙන්නාම පරක්කු වැඩී
ReplyDeleteඔය වගේ සිදුවීමකින් පසුව හිතට එන සැනසීම ගැන කියන්න වචන නෑ.....
ReplyDeleteඔය වගේ හමුවක් උනාම ඒ අයව අඳුරගන්න පුලුවං වීමත් ලොකු දෙයක්.
ReplyDelete:D
ReplyDeleteවැඩේ කියන්නේ ඔහොම හදිස්සියේ හම්බ වෙලා ෆෝන් නම්බරේ ඉල්ලගත්තට කතා කොරන්නෙනං නෑ ඕං.
ReplyDeleteඔය හමුවීම පමණක් නෙමෙයි මිත්‍රයා සමස්ත ජීවිතයම අහඹුවක්...
ReplyDelete//අපේ ජීවිතේ සමහර හමුවීම් හරිම පුදුමාකාරයි නේද කියන එක. //
ReplyDeleteසම්පූර්ණ ඇත්ත. නිකමට හිතන්ට අපි හදිසියේ හම්බවෙනවා කියලා ලෝකේ කොහෙදි හරි....:)
සී.ජේ. විදානේ. :
ReplyDeleteඔවු.ඒක ඇත්ත... දැන් මම ඕවයින් ඈත් වෙලා ඉන්නේ.
Manosh Sandaruwan :
අර කට්ටිය කියන්නා වගේ හැම දෙයක්ම අහම්බයක්.
සුදු මහත්තයා :
ඌ ඒ පාර බලංගොඩට ගිහින් ද ?
කතන්දර කාරයා :
ReplyDeleteකියවන්න බැරි උනා..
ඉවාන් පවුලූශා :
ඒක ඇත්ත.. යාන්තන් හරි මීටර් උනොත් හොඳයි..
චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
ඔවු.. සැකේට වගේ අහලා බලන්ඩ තියෙන්නේ...
කුරුටු ගෑ ගී පොත :
ReplyDeleteපුදුම කෙල්ලෙක්නේ එයා.. !
Amila Prabath Samarakkodi :
සුන්දර හමුවීමක් !
සොමි යා :
සුරේන්ද්‍ර පෙරේරාද කොහෙද එහෙම කියන්නේ.. නේද ?
වෙද සිතක සිත්තම :
ReplyDeleteඒක නං සෑහෙන දුක හිතෙන හමුවීමක් වගේ !
Chandana Gunasekera :
අනික පුදුම සතුටක්නේ ඒ වෙලාවල් වලදි තියෙන්නේ..
Praසන්ன :
අදුනගන්න බැරි උනහමත් ඒ හමුවීමෙන් වැඩක් නෑ නෙව
මොණරි :
ReplyDeleteමොනරිට නං හිනා !
දිනුක :
ඕක මටත් උනා...
සිරාගෙ කාමරේ :
දැන් නං මටත් ඒක හිතෙනවා.. !
Podi Kumarihami :
ReplyDeleteඑදා රෑට නං මට නින්ද යන එකකුත් නෑ.. ඇයි ඉතින් ඔයාව දැක්ක සතුටට.. :)