01 May 2014

පහන්තිර

අද මැයි පළවෙනිදා.... කම්කරු දිනය අදයි !

කම්කරු දිනය හන්දා මට අද නිවාඩු. ඒ නිසාවෙනදා වගේ උදෙන්ම ඇහැරුනේ නෑ. ටිකක් දවල් වෙන්න නිදිය ගන්න පුලුවන් වෙච්ච දවසක්. ටිකක් එලි වෙනකන් නිදියගෙන දත් මැදලා මූනකට හෝදගෙන උදේ කෑමත් කාලා මම අපේ තාත්තලෑ මහ ගෙදර ආවා.

අපේ ගෙදර ඉදන් ආච්චිලෑ ගෙදරට මහ දුරක් නෑ.. 

මම ආච්චිලෑ දිහෑ යනකොට අපේ ආච්චි අම්මා උදෙන්ම වැඩ පටන් අරගෙන. වැඩ කියලා කිව්වේ එයාගේ ස්වයං රැකියාව පටන් අරගෙන. එයාගේ ස්වයං රැකියාව තමා පහන්තිර අඹරන එක.

අපිත් ඒ දවස්වල පහන්තිර ඇඹරුවා. පස්සේ පස්සේ අපේ අම්මා මැසිමක් අරගෙන ඇදුම් මහන්න ගත්ත නිසා පහන්තිර අඹරන එකට තිත තියන්ඩ උනා. පහන්තිර අඹරන එක ටිකක් කම්මැලි වැඩක්. එක දිගට වාඩි වෙලා මැසිම කරකව කරකව ඉන්න එපෑ.

එහෙනම් පින්තූර බලලම ඉමු.

පහන්තිර වලට ඕන කරන්නේ වෙලෝනා හෝක්‍රොකඩයිල් වගේ රෙදි. ඒ රෙදි කෑලි ගේන තැනක් අපේ ගෙවල් ගාව තියෙනවා. එහෙන් තමා අපි රෙදි ගේන්නේ. ඒ රෙදි ගෙනල්ලා හීනි තීරු වලට කපන්ඩ ඕන. එහෙම කපපු රෙදි ටිකක් තමා පහලින් තියෙන්නේ.

ඒ රෙදි කෑලි ගොඩෙන් එකක් තෝරගෙන පහන්තිර මැසිමේ කොක්කට අමුණන්ඩ ඕන. පහල රූපේ ඊතලයෙන් පේන්නේ පහන්තිර මැසිමේ කොක්ක.

පහන්තිර රෙදි පටිය කොක්කට දවට ගත්තට පස්සේ මැසිමේ හැඩල් එක කරකවන්න ඕන. රෙදි පටිය හිනි වෙනකන් වගේ අඹරන්න ඕන.
රෙදි පටිය හීනි වෙනකන් ඇඹරුවාට පස්සේ ඇඹරිච්ච රෙදි පටිය පහන්තිර මැසිමේ කොක්කෙන් ගලවලා අරගෙන දෙපොට දාලා ආයෙම අඹරන්න ඕන.පලවෙනි වතාවේ වමට කරකැව්වා නම් මේ වතාවේ දකුණට කරකවන්න ඕන.
ඔය විදිහට දෙපොටක් ඇඹරුවාට පස්සේ තමයි පහන්තිරය ගානට එන්නේ. පහලින් තියෙන්නේ අපේ ආච්චි අම්මා අඹරපු පහන්තිර ටික. උදෙම්ම වැඩ පටන් ගත්ත නිසා ටිකයි අඹරලා තිබුනේ.

ඔය විදිහට අඹරපු පහන්තිර ටික ගානට කපලා පැකට් කරන්ඩ ඕන. පැකට් එකකට පහන්තිර කෑලි දහයක් තියෙන්ඩ ඕන.ඒ වගේම පහන්තිර පැකට් වැලකට පහන්තිර පැකට් දොලහක් වෙන විදිහට හදන්ඩ ඕන. පැකට් දොළහේ පහන්තිර වැලකට රුපියල් පහක් ගෙවනවා...

ඔය රුපියල් පහ ගන්ඩ තමයි අපි ඒ කාලේ හිටන් පහන්තිර ඇබරුවේ. තාමත් ඒ ගාන විතරයි ලැබෙන්නේ. වැඩිම උනොත් පහන්තිර පැකට් වැලකට රුපියල් හයක් ලැබෙයි.

ඔන්න ඔහොමයි අපි බුදුන්ට තියන පහන්තිර පැකට්ටුව හැදෙන්නේ.

අපේ ආච්චි අම්මගේ පහන්තිර ඇඹරීම අන්තර්ජාලයට ගෙනාපු නිසා එයා මේ පෝස්ට් එකට ගොඩක් ආස වෙයි.

මම ගිහින් එන්නම්... ජය වේවා ! සුබ දවසක් !

58 comments:

  1. /ඔය රුපියල් පහ ගන්ඩ තමයි අපි ඒ කාලේ හිටන් පහන්තිර ඇබරුවේ. තාමත් ඒ ගාන විතරයි ලැබෙන්නේ./
    කඩෙන් ගන්න ගියොත් එක පැකට් එකක් රුපියල් පහක් වෙනවා.. එතකොට අතරමැදි අයට යන ගාන...

    ජය වේවා!!!

    ReplyDelete
  2. පොඩි කතාවක් වුනත් හරිම වැදගත්,මොකද මේ පහන්තිර අඹරන වැඩේ මම දැක්කමයි,ස්තූතියි මධු.

    ReplyDelete
  3. මමත් දැක්කමයි බං.බොහොම ස්තූතියි.

    ReplyDelete
  4. බලන් ගියාම හැම තැනකම සිද්ධ වෙන්නෙ එකම දේ… මහන්සි වෙන කෙනාගෙ දහඬිය බඳුවෙ වටිනාකම ගන්නෙ අතර මැදියො.

    ReplyDelete
  5. අපිත් ඔහොම අයිස් පැකට් හැදුව කාලයක්... රුපියලේ අයිස් පැකට් එක සත 75 ගානේ කඩේට දානවා.. ඒ දවස් වල අපිට ඒක ජොලි වැඩක් වුණාට ඇත්තටම අම්මලට සල්ලි නැති නිසා අමතර ගානක් හොයා ගන්න කරපු දෙයක්... මේ වගේ ස්වයං රැකියා කරන හරි හොඳ දෙයක්.. වයසට ගියාම ගෙවල් වලට බරක් නොවී කියක් හරි හොයාගෙන සරලව ජිවත් වෙන්න මේ වගේ වැඩ ලොකු උදව්වක් වෙනවා අනිත් එක මානසිකව වැටෙන්නේ නෑ නේ.. අරමුණක් තියෙනවා හැමදාම..

    ආච්චිට තෙරුවන් සරණයි..

    ReplyDelete
  6. යකෝ පාංතිර පත්තු කළාට මෙහෙමයි ඒක හැදෙන්නෙ කියල මාත් අදයි දැනගත්තෙ.
    ගාන ගැන හිතනවට වඩා නිකං කල්පනා කර කර ඉඳල ලෙඩ වෙන්නෙ නැතුව ඔය වගේ වැඩක් කරන එක හොඳයි.

    ReplyDelete
  7. මමත් අදයි පහන්තිර අඹරන වැඩේ දැක්කේ..
    ආච්චිට මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා ...

    ReplyDelete
  8. maximumzzz dudeee!!!!
    ela ela rockssszzz ahh!!!!

    ReplyDelete
  9. බලන් ගියාම මහන්සි වෙන මනුස්සයට අවසානයේ ලැබෙන දෙයක් නැද්ද කියලා හිතෙනවා අයියේ.. නිකන් ඉන්න මිනිහට ඊට වඩා ලාබයි..

    ReplyDelete
  10. හෙණ ගහනවා අසාධාරණ ලාබ ලබන අතරමැදියන්ට.

    ReplyDelete
  11. කම්කරු දිනේදිවත් කම්කරු නායකයෝ මෙම ස්වයං රැකියා අය දිහා බලන්නේ නැහැ.උන්ට එන මුට්ටි කාසි ටික රැක ගන්න විතරයි බලන්නේ.කම්කරු පන්තිය මේ රැවටිල්ලෙන් මිදෙන්නේ කවදද?

    ReplyDelete
  12. කම්කරු දිනේදිවත් කම්කරු නායකයෝ මෙම ස්වයං රැකියා අය දිහා බලන්නේ නැහැ.උන්ට එන මුට්ටි කාසි ටික රැක ගන්න විතරයි බලන්නේ.කම්කරු පන්තිය මේ රැවටිල්ලෙන් මිදෙන්නේ කවදද?

    ReplyDelete
  13. මමත් අද යි දැන ගත්තේ පහන්තිර අඹරන හැටි! ඉස්සර පහන්තිර පැකට් එක ඉවර වුණා ම අපේ අම්මා පරණ කපු සාරියකින් හීනි තීරුවක් ඉරලා පහන්තිර හදනවා. ඉස්සර කිව්වාට දැනුත් එහෙම තමයි ^_^

    ReplyDelete
  14. අද දවසේ දුටු වටිනාම පෝස්ටුව. ඒ අත්තම්මාට යෝධ ශක්තිය ලැබේවා.

    ReplyDelete
  15. අපි ‌ගොඩක් වෙලාවට කඩෙං ගන්න පහන්තිර, පත්තු වෙන්නෙ නැති එහෙම නැත්තං මහත වැඩි ( දැං තියෙන පියනකින් වහනන් පුලුවන් අලුත් පහන් වලට දාන්න පුළුවන් හීනී තිර විතරයි) කේස් නිසා මම කරන්නෙ එක්කො තිරේ ලෙහලා හීනී වෙන්න ආයිත් අඹරනවා... නැත්තං රෙදි කෑල්ලක් හොයා ගෙන පහන් තිර ටිකක් අඹරනවා... ඒ කොහොම කළත් පහන්තිර පැකට් එකක් දැං රැපියල් 10ටත් ගන්න තියෙන තැං තියෙනව...

    මාත් අදමයි දන්නෙ පහන්තිර අඹරන්නත් මැෂින් එකක් හදාගෙන තියෙන බව... අපේ මිනිස්සු කම්මැලියි, දක්ෂ නෑ කියන්නෙ මොන ගොනාද කියල මං මේ කල්පනා කරන්නෙ... අත්තම්මාට හොඳයි වැඩේ... මං දැං නාකියි කිය කිය හිත හිත ඉඳලා ලෙඩ වෙනවට ඔය හොඳ බේතක් හොයා ගෙන තියෙන්නෙ... හි හි

    ReplyDelete
  16. හත් දෙයියනේ හදන දෑතට එච්චරද?

    ReplyDelete
  17. අපේ අත්තම්ම ඉස්සර රේන්ද ගෙතුව,දැන් පෙනීම දුර්වලයි,මම නම් හිතුවේ පහන් තිර හදන්නේ අතින් කියල

    ReplyDelete
  18. කාටවත් යටත් නොවී කරන්න පුළුවන් අහිංසක දෑතෙ රස්සාවක්..

    ReplyDelete
  19. පහන් පත්තුකරන අයට පින්සිද්ද වෙන්නෙ ඔන්න ඔය නිසයි..

    ReplyDelete
  20. රුපියල් පහක්.....?????
    ශ්‍රමයට මිලක් දෙන්න බෑ.... පාන්තිර පැකට් එකක් ලොකු ගානකට කවුරුත් ගන්නෙත් නෑ, මේකට මැෂින් එකක් තියෙනවා කියලාදන්නෙත් අදමයි , ආච්චිට ශක්තිය දහිරිය ලැබේවා

    ReplyDelete
  21. ඔයවගේම දුෂ්කර කාර්‍යක් තමා බීඩි ඔතන එකත්. කෑගල්ල, වරකාපොල පැත්තෙ ගෙවල්වල අදටත් ස්වයං රැකියාවක් විදියට කරනවා.

    එතකොට වැලකටම 5යි. දෙයියනේ කඩෙන් වැලක් ගන්නකොට 50ක්වත් වෙනවා. වැඩිම ගාන ලැබෙන්නෝනි නිශ්පාදකයට ලැබෙන්නෙ මොනතරම් සොච්චමක්ද.

    ReplyDelete
  22. ආච්චි අම්මා ගැන දුක හිතුණා. ආඩම්බරයකුත් දැනුණා...එයාගෙන් පාන්තිර ගෝනියක් අරගෙන, වෙසක් දාට පන්සලක් අයිනේ වඳින්ට යන අයට නොමිලේ පාන්තිර පැකට් දෙන්ට අදහසකුත් පහල උණා...:)

    ReplyDelete
  23. නොදන්නා තොරතුරක් දැනගත්ත..
    ආච්චම්මට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන

    ReplyDelete
  24. අන්තර්ජාලෙන් බිසිනස් එකත් අල්ලල දියං...

    ReplyDelete
  25. මචන් පහන්තිර පැකට් ටිකක් මෙහෙට එවන්න බලපන් ඔය වගේ ප්‍රමාණයක් මෙහෙ රිංගිට් 2ක් වත් වෙනවා (රිංගිට් 1ක් = රු 39ක්)

    ReplyDelete
  26. සී.ජේ. විදානේ.:
    ඔවු.. අතරමැදියන්ට ලොකු ගානක් හම්බ වෙනවා. පොඩි ගානක් තමා අපට හම්බ වෙන්නේ.

    Helapa kade :
    නොදැකපු දෙයක් පෙන්වන්ඩ ලැබුනු එකත් සතුටක් මට !

    පත්තර මල්ලි :
    එල එල !

    ReplyDelete
  27. චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    අපොයි ඔවු.. අතරමැදියෝ ගසා කනවා !

    Pathum Herath :
    අනික ඉතින් කල්පනා කර කර ඉන්න ඕන නෑ නේ. ඒ නිසා කරනවා. ලොකු ගානක් නම් හම්බ වෙන්නේ නෑ ඉතින්.

    Praසන්ன :
    ඒකනේ.. ආච්චිඅම්මත් කියන්නේ ඕකමයි.

    ReplyDelete
  28. තුශානි :
    ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි තුශානි.

    Anonymous :
    හෑ.. :O

    Dinesh :
    අතරමැදියන්ට තමයි මල්ලි ලාභය යන්නේ !

    ReplyDelete
  29. Wicharaka Asami Dakimi Soyami :
    ඒකනේ.. සෑහෙන අපරාදයක් !

    sudew :
    ඒ කතාව සහතික ඇත්ත.

    ධාරා :
    ඒකත් ලේසි ක්‍රමයක් නෙ. අම්මෝ හැමෝම එහෙම කලොත් අපේ ආච්චිඅම්මට බිස්නස් නැති වෙයි. :)

    ReplyDelete
  30. Naleen Dilruksha :
    ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි !

    හිරු :
    ඔවු. ලංකාවේ මිනිස්සු අපි හිතන තරම් කම්මැලි නෑ.. ඕනම දේකට මැෂින් හදාගන්ඩ දක්ශයි. මම ලඟදි දැක්කා රීලෝඩ් දාන්ඩ මැශින් එකකුත් හදලා තියෙනවා.

    සිහින මදාරා :
    හ්ම්.. එච්චරයි !

    ReplyDelete
  31. Dulanjalee Chandrasiri :
    පහන්තිර අතින් හැදුවොත් සෑහෙන ගානකට විකුණන්ඩ වෙයි..

    රජ වීදියේ උමේෂ් :
    ඔවු. පාඩුවේ කරගෙන යන්ඩ පුලුවන් රස්සාවක් !

    සරත් ලංකාප්‍රිය :
    ඒකත් එක හේතුවක් වෙන්න ඇති !

    ReplyDelete
  32. ඉවාන් පවුලූශා :
    ඔවු.. පහයි හම්බ වෙන්නේ. මේක හොඳයි කියමු. කවර අලවන රස්සාව කලොත් කවර සීයයක් ඇලෙව්වොත් රුපියල් දහයයි හම්බ වෙන්නේ.

    Manosh Sandaruwan :
    සොච්චමයි නේන්නම්... !

    Podi Kumarihami :
    ආච්චි අම්මා ඔය වචන ටික ඇහුනොත් ගොඩක් සතුටු වෙයි. ඒත් පහන්තිර බෙදන්ඩ යන්නෙපා. පන්සල් ලඟ ඉන්න කඩකාරයන්ගෙන් ගුටි කන්ඩ වෙයි.

    ReplyDelete
  33. දේශක යා :
    එච්චර මහන්සි වෙන්ඩ අමාරුයි නෙහ්. :(

    S. L. මැලේ රාළ :
    ඒක නං මරු වැඩක් නෙහ්..

    ReplyDelete
  34. පහන්තිර හදන හැටි දන්නෙත් අදයි.. රුපියල් පහට වැලක් ගන්න එක නම් හරිම අසාධාරණයි. මම හිතන්නෙ තොගයට දෙනකොට වෙන්නැති ඒ ගාන.. ආච්චි අම්මට මුණුබුරෙක් අතේ කෙලින්ම කඩ වලට යවන්න පුළුවන් නම් වැඩි ගානක් ගන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නෙ..

    ReplyDelete
  35. පහන්තිර මැෂින් එකනං කලින් දැකලා තිබුනා අපේ ගෙවල් කිට්ටුව ඉස්සර ඔය බිස්නස් එක නැගලා ගියා.. එක මනුස්සයෙක් ඉන්නවා එහෙ කාලෙන් කාලෙට ය වගේ පොඩි පොඩි බිස්නස් ගමට ගේන.. එහෙම ගෙනල්ලා අහල පහල ගෙවල්වලට ඒවා කොටස් වශයෙන් දීලා එකතු කරං ගිහින් විකුණලා සල්ලි බේරනවා.. අන්තිමට මං ගෙවල් පැත්තේ යද්දි බිස්නස් එක වෙලා තිබුනේ තීරු කපපු හම් පටි වලින් සෙරෙප්පුවලට පටි වියන එක... ඒකත් නැගලා ගියා... හැබයි ඔය වගේම තමා බොහෝම පොඩි මුදලයි හම්බ වෙන්නේ.. ඒත් ඉතිං ගෙවල්වල පච හල හල ඉන්නවට වඩා ඒ සොච්චමත් ගෙදරටනේ...

    ආච්චිගේ බිස්නස් එක දියුණු වේවා කියලා මාරයා කියලා එකෙක් ප්‍රාර්ථනා කලා කියලා කිව්වොත් ටිකක් අප්සැට් හින්දා න්න එහේ නොකියා හිටිං.... :D

    ReplyDelete
  36. පත්තු කළාට මෙච්චර දේවල් ගැන හිතුවෙ නෑ නේ....

    ReplyDelete
  37. ඇත්තටම අද තමා දැක්කේ පහන්තිර හදන විදිය , ගොඩක් ස්තූති

    ReplyDelete
  38. ආච්චි අම්මට දීර්ඝායුෂ පතනවා බං...මගේ ආච්චිලා සීයලා සියලු දෙනාම ජීවිතයෙන් සමුගෙන නිසා මේ වගේ වයසක අයගෙ ලොකු වටිනාකමක් මට දැන් දැනෙනවා...වයසට ගියත් ආච්චි තමන්ටම කියලා කීයක් හරි හොයාගන්න කෙතරම් උත්සාහවන්තද...අත පය හතර තියාගෙන රැකියාවක් නොකර කාලා නිදා ගන්න උන්ටත් මේවා හොද ආදර්ශ...

    ReplyDelete
  39. මලේ, මම මේ වෙනකං හිතා හිටියෙ ඔය පාන් තිර ඉන්දියාවෙන් හරි කොහෙන් හරි ගෙනල්ලා විකුනනව කියලා. දැන්න්නේ දන්නෙ මේක අත් යන්ත්‍ර කර්මාන්තයක් කියලා.

    ReplyDelete
  40. අදමයි මේ මැෂිම දැක්කේ. කොච්චර හොඳද..අපේ ආච්චිලා දෙන්නමත් මැරෙනකම්ම නිකා හිටියේ නැහැ .
    අපිට රුපියල් පහ පොඩි වුනාට ආච්චිලාට ඕක ලොකු ගාණක් . වාදක යෙදෙන එක ඇල්ෂයිමර් වගේ ලෙඩ වළක්වනවා කියනවනේ.

    ReplyDelete
  41. අත්තම්මා නිවන්දකින්න අපට පාර පේනවනවා. අත්තම්මේ ශය දැතට යෝධ විරිය යෝධ ශක්තිය ලැබේවා...

    ReplyDelete
  42. Mama nikamek hadanna asai mamath.

    ReplyDelete
  43. මමත් දැක්කමයි මේ

    ReplyDelete
  44. Pahan thira machine ganna thiyenne koheda

    ReplyDelete
  45. මේක ගන්නෙ කොහෙන්ද

    ReplyDelete
  46. මේ මැශින් එකක් හදාගන්න දන්න කෙනෙක් ඉන්නවද

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.