අදත් සුපුරුදු විදිහට හවස වැඩ ඇරිලා බස් එකේ පෑ දෙකහමාරක් ගත කරලා ගෙදරට ඒ ගත්තා. ගෙදර ඇවිත් ඇඟපත සෝදගෙන ප්ලේන්ටියකුත් හදාගත්තා. මගදි ගත්තු රටකජු මුල කන ගමන් ප්ලේන්ටිය බිබී ජොලියේ ඉන්නකොට අපේ වත්තේ කඩුල්ලත් පැනගෙන කවුදෝ කට්ටියක් අපේ ගේ දිහෑවට එනවා දැක්කා.
මම තේක පැත්තකින් තියලා ඒ දිහෑ බලාගෙන හිටියා.
ඒ කට්ටිය ඉස්තෝප්පුවේ ලයිට් එලිය වැටෙන සීමාවට එනකොට තමා මම දැක්කේ ඒ අයගේ අතේ ටිකට් පොත් කීපයක් තියෙනවයි කියලා.
මලා... ! මාසේ අන්තිමට අතේ සතේ නැති වෙලාවේ ආධාරකාරයෝ වගේකුත් එනවා... !
මාව දැක්ක හන්දා ශේප් න්‍යාය දාන්න විදිහකුත් නෑ... කොයිකටත් කමන් නෑ කියලා මම ඒ අයත්තෙක්ක කතා කරන්ඩ ලෑස්ති උනා.
එතකොටම,
"පුතා අපි අහවල් අපේක්ෂකතුමාගේ ආධාරකාරයෝ...! " ඒ අය කතාව පටං ගත්තා. මම ඒ අයගේ මූනු දිහෑ බලන් හිටියා මිසක් මුකුත් කීවේ නෑ... ඒ අය ආයෙම කතා කලා
"අපි ටිකට් පොතක් ගෙනාවා..."
මං හිතුවා හරි. ඒ ගොල්ලෝ ටිකට් එකක් ගෙනල්ලා.
"කීයද ගාන..? " මං කතා කලා.
"මේ ටිකට් එකට සල්ලි ඕන්නෑ... නමයි ඇඩ්‍රස් එකයි ටැලිෆෝන් නොම්මරේයි අයිඩෙන්ටි කාඩ් නොම්මරේයි ලියලා දෙන්න. ඒත්තෙක්කම ඔයාලගේ මනාපෙත් එක්ක අපේ අපේක්ෂකතුමා මේ ඡන්දෙන් ගනියි කියලා හිතන සම්පූර්ණ මනාප ගානත් ඉලක්කමෙන් ලියලා දෙන්ඩ !"
"ගෙදර අනිත් අයටත් කියලා ඒ අයගේත් විස්තර මේ ටිකට් එකේ ලියලා දෙන්ඩ... " ඒ අයගෙන් තව එක්කෙනෙක් කටහඬ අවදි කළා.
"ඔයගොල්ලෝ සදහන් කරන මනාප ගාන අපේ අපේක්ෂකතුමා මෙදා ඡන්දෙන් ගත්තොත් ඔයාලට ලක්ෂයක් ලැබෙනවා.. ඒ වගේම ඔයාලා ලියන මනාප ගාන ආසන්න දාහ ඇතුලේ තිබ්බොත් එක්කෙනෙක්ට දහ දාහ ගානේ සැනසිලි තෑගි දහයකුත් දෙනවා.... !!!! "
කොහොමද වැඩේ... ඒ මනුස්සයා ගන්න මනාප ගාන ලියලා දීලා ඒ මනාප ගාන ඡන්දෙන් ගත්තොත් නිකන්ම ලක්ෂයක් අතේ.... ඒ විතරක් යෑ... අපේ ගාන උන්දෑ මනාප ගානට කිට්ටු වෙලා තිබ්බොත් දහ දාහකුත් ලැබෙනවා.. !
අනේ කාලේ... අපේ මනාපෙටත් ගිය කලක්... !!!
ඒ ලක්ෂෙ චන්ද දායකයා දිනා ගන්න එක කෙසේ වෙතත් අපේක්ෂකයා චන්දෙනම් දිනාගනියි වගේ
ReplyDeleteහොඳ බිස්නස් ඔලුවක් තියෙන අපේක්ෂකයෙක් වගේ... එහෙම එකෙක් දිනන එක හොඳයි හොරෙක් දිනනවට වඩා.. හෙහ් හෙහ්
ReplyDeleteපට්ට මාකටින් අයිටම් එක...
ReplyDeleteමට නං හිතෙන්නෙ බුවා ඩෙෆ් දිනනව
අන්න මචං නියම කළමනාකරණ මනසක් තියෙන අපේක්ෂකයෙක්...කළමනාකරුවා යනු අනාගත පුරෝකථනයන් සාර්ථකව කල හැකි තැනැත්තෙක් කියලයි ආර්ථික විද්‍යා න්‍යාය වල තියෙන්නෙ. මේ වැඩේ සාර්ථක උනොත් බලහං බොරු නම් ඊලග ඡන්දෙදි හැමෝම මේ පොත ගහගෙන ගෙවල් ගානෙ එනවා...ඉතිං බොලා මේක පිරෙව්වෙ නෑද ?
ReplyDeleteහි.. හි... අපේ පැත්තටත් එයිද දන්නේ නෑ...
ReplyDeleteශා නියම වැඩේ..
ReplyDeleteතාම නම් මෙහාට ආවෙ නෑ!!!
ReplyDeleteමට හිතෙන්නේ එයා අනිවා දිනයි :ඩී
ReplyDeleteමට හිතෙන්නේ එයා අනිවා දිනයි :ඩී
ReplyDeleteඉතින් විස්තර ලියලා දුන්නද? :D
ReplyDeleteනමයි
ReplyDeleteඇඩ්‍රස් එකයි
ටැලිෆෝන් නොම්මරේයි
අයිඩෙන්ටි කාඩ් නොම්මරේයි
විතරක් නොවෙයි ඡන්ද කාඩ් එකත් දීලා දාන්න.
එපාර අළුත් එකක් වගේ... කොහොමද මොලේ... අර කකා කිව්ව වගේ ඡන්ද කාඩ් එකත් දුන්න නම් වැඩේ උඩින්ම ගොඩ... :D
ReplyDeleteඉතිං මධූ කීයක් ලිවුවද? :)
ReplyDelete30 වෙනිදා අවසන් දිනේ නං මාත් ලස්සයක් දිනනවා...
ReplyDeleteඕක නම් ජන්ද ගුන්ඩුවක්
ReplyDeleteවැඩේ හරියටම කෙරෙයිද?
ReplyDeleteS. L. මැලේ රාළ :
ReplyDeleteඒකනේ.. කොහොමද අපේක්ෂකයගේ ක්රමේ :)
Pathum Herath :
අනේද කියන්නේ.. නැත්නම් ඉතින් දේශපාලනේට එයි යෑ.. හොයන්න පුලුවන් උපරිමේ තියෙන්නේ දේශපාලනයේ නෙහ්. :)
Mahesh Rathnayaka :
ගියපාරත් දිනපු එකේ මේ පාරත් දිනයි වගේ.. :)
සිරාගෙ කාමරේ :
ReplyDeleteඇයි නැත්තේ.. අපේ ගෙදර හතර දෙනාම පිරෙව්වා.. !
තුශානි :
ඔයත් ගම්පහ දිස්ත්‍රික්කයේ ද ?
අපූර්වී :
ඒකනේ නංගි.. නියම වැඩක් !
කුරුටු ගෑ ගී පොත :
ReplyDeleteමෙහාට්ට කිව්වේ කොහාට්ට ද ?
සිහින මදාරා :
බලමුකෝ ඡන්දෙන් පස්සේ... !
Podi Kumarihami :
දුන්නා දුන්නා... හතර දෙනාම ලියලා දුන්නා.
කතන්දර කාරයා :
ReplyDeleteකකා විහිලු කරනවද මන්දා.. හික්ස් :)
Miyuru :
ඒක නේන්නම්. අළුත්ම ට්‍රික් එකක් !
චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
අපේ අම්මා තමා ලීවේ.. මගේ එකත් එක්ක 58,601 ක් ලිව්වලු. මම නම් ඡන්දේ දාන්ඩ යන්නේ නෑ.. එදාට ගමනක් යන්ඩ ඉන්නේ.
දේශක යා :
ReplyDeleteමොකද්ද දේශකයෝ ඒ කතාව ??
කෝරලේ මහත්තයා :
ගුණ්ඩුවක් නේන්නම්....
Praසන්ன :
මනාප ගාන ගනන් කළාට පස්සේ ඔය තෑගි ලැබෙන වැඩේ නං ෂුවර් නෑ.. මේ ක්‍රමය හන්දා අපේක්ෂකයා දිනන එක නං ෂුවර් !
ලක්ෂෙ කෙසේ වෙතත් ඡන්දෙන් පස්සෙ මුන් කියාවි ඔයා ඡන්දෙ දුන්නා කියලා අපි දන් නෑ කියලා..
ReplyDeleteඑකත් ෂෝක් වැඩේ.. :D මන් වුනා නම් එකක්වත් නෑ කියලා ලියනවා.. :D
ReplyDeleteඒ කියන්නෙ කොම්පනියෙනුත් බෝනස් එකක් නැති එකේ අපිට බෝනස් දෙන්නත් ඒ සමහරක් සැදී පැහැදී ඉන්නව..මරේ මරු
ReplyDeleteඔහොම් එකක් කරන්නත් සෑහෙන්න හිතන්න ඕනේ ...ඇත්තටම මිනිහා දිනයි මම හිතන්නේ
ReplyDeleteෂෙක් ....ලංකාවෙ හිටිය නම්...පුහ් ....
ReplyDeleteඅද රේඩියො එකේ ලග්න පලාපල වලට කිව්ව ධනු ලග්න හිමියන්ට මේ සතිය තුල ලොතරැයි ජය බුධු ෂුවර් කියල අප්පා...අපරාදෙ ..
ඕක පරදින්නම ඕන .......
මධූ අයියා පැනලා විස්තර ලියන්න ඇති :) මනාපෙත් දෙයි ද මන්දා! දුන්නත් මොකද ඉතින් එක කතිරෙකට ලක්ෂයක් ලැබෙනවානේ.
ReplyDeleteඔන්න ඕවට තමා ඉතින් මාකටින් කියන්නේ.. ඡන්දෙන් පස්සේ අපිට කියන්න අයියා දින්නේ ලක්ෂයක්ද දහ දාහක්ද කියලා..
ReplyDeleteඇත්ත සීන් එකක්ද බං??
ReplyDeleteචන්ද ගුණ්ඩු. අඩේ අයිඩෙන්ටි නොම්මරේ ඇතුළු සියලු විස්තර එකතු කර ගන්න උගුලක්ද දන්නේ නෑ. ලක්ෂෙ කෙසේ වෙතත් චන්දෙ දවසේ යද්දී මදුරංග ගේ චන්දෙටත් කෙලල තියෙයිද දන්නේ නෑ .
ReplyDeleteනියම පොරක් නේ.මිනිහවනම් යැව්වට වරදක් නැ වගෙ
ReplyDeleteඡන්දෙ තිබ්බට පස්සෙ බලන්න පුළුවන් වෙනදේ. සාත්තරේ කියන්න වගේ මං කියන්නම්.එකෙකුටවත් තඹ සතයක් හම්බෙන්නෑ. අපි දන්නැතැයි ඕකුන්ගෙ විජ්ජා.ඒකට තමා මොලේ කියන්නෙ.ඒ වගේම තමා ඕකුන් හෙට ගැන හිතන්නෑ...බලමු බලමු අපිත් බලාගෙනනෙ ඉන්නෙ
ReplyDeleteRoshan Herath :
ReplyDeleteඅනිවාර්යෙන්ම ඒක නං කියාවි... !
මොණරි :
එතකොට ඔයාට ලක්ෂකය හම්බවෙන්නේ නෑ නේ අරුණි... !
රජ වීදියේ උමේෂ් :
අනේද කියන්නේ... බෝනස් නේන්නම්...
ඉවාන් පවුලූශා :
ReplyDeleteබලමුකෝ මොකද වෙන්නේ කියලා...
Kenji @ Japan :
ධනු ලග්නෙද ? එහෙනං මටත් සුබ වෙයි නෙහ්.. මාත් ධනුවෙක් !
ධාරා :
මම ලිව්වේ නෑ... අනික මට ඡන්දෙට ගෙදර ඉන්න වෙන්නේ නෑ.. මම ගමනක් යනවා.
Dinesh :
ReplyDeleteහා හා හා මම කියන්නම් එහෙනං.. !
sAm (සෑම්) :
නැතුව නැතුව.. අහවල් ප්‍රදීප් කියලා අපේක්ෂකයෙක් ඉන්නේ.. අන්න උගේ මෙව්වා එකක් මේක..
වීරේ :
මුං ඒකට ගේම දෙන්ඩ සිට්ටම් එකක් දාලා ද දන්නේ නෑ... අපරාදේ අපේ ඡන්දේ... !
Damith Gunawaredane :
ReplyDeleteමිනිහව යවයි... !
වැව් ඉස්මත්ත :
හම්බ උනොත් ඒක ලෝක පුදුමයක් වෙයි !