25 March 2014

මනාපෙට ලක්ෂයක් !

අදත් සුපුරුදු විදිහට හවස වැඩ ඇරිලා බස් එකේ පෑ දෙකහමාරක් ගත කරලා ගෙදරට ඒ ගත්තා. ගෙදර ඇවිත් ඇඟපත සෝදගෙන ප්ලේන්ටියකුත් හදාගත්තා. මගදි ගත්තු රටකජු මුල කන ගමන් ප්ලේන්ටිය බිබී ජොලියේ ඉන්නකොට අපේ වත්තේ කඩුල්ලත් පැනගෙන කවුදෝ කට්ටියක් අපේ ගේ දිහෑවට එනවා දැක්කා.

මම තේක පැත්තකින් තියලා ඒ දිහෑ බලාගෙන හිටියා.

ඒ කට්ටිය ඉස්තෝප්පුවේ ලයිට් එලිය වැටෙන සීමාවට එනකොට තමා මම දැක්කේ ඒ අයගේ අතේ ටිකට් පොත් කීපයක් තියෙනවයි කියලා.

මලා... ! මාසේ අන්තිමට අතේ සතේ නැති වෙලාවේ ආධාරකාරයෝ වගේකුත් එනවා... !

මාව දැක්ක හන්දා ශේප් න්‍යාය දාන්න විදිහකුත් නෑ... කොයිකටත් කමන් නෑ කියලා මම ඒ අයත්තෙක්ක කතා කරන්ඩ ලෑස්ති උනා.

එතකොටම,

"පුතා අපි අහවල් අපේක්ෂකතුමාගේ ආධාරකාරයෝ...! " ඒ අය කතාව පටං ගත්තා. මම ඒ අයගේ මූනු දිහෑ බලන් හිටියා මිසක් මුකුත් කීවේ නෑ... ඒ අය ආයෙම කතා කලා

"අපි ටිකට් පොතක් ගෙනාවා..."

මං හිතුවා හරි. ඒ ගොල්ලෝ ටිකට් එකක් ගෙනල්ලා.

"කීයද ගාන..? " මං කතා කලා.

"මේ ටිකට් එකට සල්ලි ඕන්නෑ... නමයි ඇඩ්‍රස් එකයි ටැලිෆෝන් නොම්මරේයි අයිඩෙන්ටි කාඩ් නොම්මරේයි ලියලා දෙන්න. ඒත්තෙක්කම ඔයාලගේ මනාපෙත් එක්ක අපේ අපේක්ෂකතුමා මේ ඡන්දෙන් ගනියි කියලා හිතන සම්පූර්ණ මනාප ගානත් ඉලක්කමෙන් ලියලා දෙන්ඩ !"

"ගෙදර අනිත් අයටත් කියලා ඒ අයගේත් විස්තර මේ ටිකට් එකේ ලියලා දෙන්ඩ... " ඒ අයගෙන් තව එක්කෙනෙක් කටහඬ අවදි කළා.

"ඔයගොල්ලෝ සදහන් කරන මනාප ගාන අපේ අපේක්ෂකතුමා මෙදා ඡන්දෙන් ගත්තොත් ඔයාලට ලක්ෂයක් ලැබෙනවා.. ඒ වගේම ඔයාලා ලියන මනාප ගාන ආසන්න දාහ ඇතුලේ තිබ්බොත් එක්කෙනෙක්ට දහ දාහ ගානේ සැනසිලි තෑගි දහයකුත් දෙනවා.... !!!! "

කොහොමද වැඩේ... ඒ මනුස්සයා ගන්න මනාප ගාන ලියලා දීලා ඒ මනාප ගාන ඡන්දෙන් ගත්තොත් නිකන්ම ලක්ෂයක් අතේ....  ඒ විතරක් යෑ... අපේ ගාන උන්දෑ මනාප ගානට කිට්ටු වෙලා තිබ්බොත් දහ දාහකුත් ලැබෙනවා.. !

අනේ කාලේ... අපේ මනාපෙටත් ගිය කලක්... !!!

36 comments:

  1. ඒ ලක්ෂෙ චන්ද දායකයා දිනා ගන්න එක කෙසේ වෙතත් අපේක්ෂකයා චන්දෙනම් දිනාගනියි වගේ

    ReplyDelete
  2. හොඳ බිස්නස් ඔලුවක් තියෙන අපේක්ෂකයෙක් වගේ... එහෙම එකෙක් දිනන එක හොඳයි හොරෙක් දිනනවට වඩා.. හෙහ් හෙහ්

    ReplyDelete
  3. පට්ට මාකටින් අයිටම් එක...
    මට නං හිතෙන්නෙ බුවා ඩෙෆ් දිනනව

    ReplyDelete
  4. අන්න මචං නියම කළමනාකරණ මනසක් තියෙන අපේක්ෂකයෙක්...කළමනාකරුවා යනු අනාගත පුරෝකථනයන් සාර්ථකව කල හැකි තැනැත්තෙක් කියලයි ආර්ථික විද්‍යා න්‍යාය වල තියෙන්නෙ. මේ වැඩේ සාර්ථක උනොත් බලහං බොරු නම් ඊලග ඡන්දෙදි හැමෝම මේ පොත ගහගෙන ගෙවල් ගානෙ එනවා...ඉතිං බොලා මේක පිරෙව්වෙ නෑද ?

    ReplyDelete
  5. හි.. හි... අපේ පැත්තටත් එයිද දන්නේ නෑ...

    ReplyDelete
  6. ශා නියම වැඩේ..

    ReplyDelete
  7. තාම නම් මෙහාට ආවෙ නෑ!!!

    ReplyDelete
  8. මට හිතෙන්නේ එයා අනිවා දිනයි :ඩී

    ReplyDelete
  9. මට හිතෙන්නේ එයා අනිවා දිනයි :ඩී

    ReplyDelete
  10. ඉතින් විස්තර ලියලා දුන්නද? :D

    ReplyDelete
  11. නමයි
    ඇඩ්‍රස් එකයි
    ටැලිෆෝන් නොම්මරේයි
    අයිඩෙන්ටි කාඩ් නොම්මරේයි
    විතරක් නොවෙයි ඡන්ද කාඩ් එකත් දීලා දාන්න.

    ReplyDelete
  12. එපාර අළුත් එකක් වගේ... කොහොමද මොලේ... අර කකා කිව්ව වගේ ඡන්ද කාඩ් එකත් දුන්න නම් වැඩේ උඩින්ම ගොඩ... :D

    ReplyDelete
  13. 30 වෙනිදා අවසන් දිනේ නං මාත් ලස්සයක් දිනනවා...

    ReplyDelete
  14. ඕක නම් ජන්ද ගුන්ඩුවක්

    ReplyDelete
  15. වැඩේ හරියටම කෙරෙයිද?

    ReplyDelete
  16. S. L. මැලේ රාළ :
    ඒකනේ.. කොහොමද අපේක්ෂකයගේ ක්රමේ :)

    Pathum Herath :
    අනේද කියන්නේ.. නැත්නම් ඉතින් දේශපාලනේට එයි යෑ.. හොයන්න පුලුවන් උපරිමේ තියෙන්නේ දේශපාලනයේ නෙහ්. :)

    Mahesh Rathnayaka :
    ගියපාරත් දිනපු එකේ මේ පාරත් දිනයි වගේ.. :)

    ReplyDelete
  17. සිරාගෙ කාමරේ :
    ඇයි නැත්තේ.. අපේ ගෙදර හතර දෙනාම පිරෙව්වා.. !

    තුශානි :
    ඔයත් ගම්පහ දිස්ත්‍රික්කයේ ද ?

    අපූර්වී :
    ඒකනේ නංගි.. නියම වැඩක් !

    ReplyDelete
  18. කුරුටු ගෑ ගී පොත :
    මෙහාට්ට කිව්වේ කොහාට්ට ද ?

    සිහින මදාරා :
    බලමුකෝ ඡන්දෙන් පස්සේ... !

    Podi Kumarihami :
    දුන්නා දුන්නා... හතර දෙනාම ලියලා දුන්නා.

    ReplyDelete
  19. කතන්දර කාරයා :
    කකා විහිලු කරනවද මන්දා.. හික්ස් :)

    Miyuru :
    ඒක නේන්නම්. අළුත්ම ට්‍රික් එකක් !

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    අපේ අම්මා තමා ලීවේ.. මගේ එකත් එක්ක 58,601 ක් ලිව්වලු. මම නම් ඡන්දේ දාන්ඩ යන්නේ නෑ.. එදාට ගමනක් යන්ඩ ඉන්නේ.

    ReplyDelete
  20. දේශක යා :
    මොකද්ද දේශකයෝ ඒ කතාව ??

    කෝරලේ මහත්තයා :
    ගුණ්ඩුවක් නේන්නම්....

    Praසන්ன :
    මනාප ගාන ගනන් කළාට පස්සේ ඔය තෑගි ලැබෙන වැඩේ නං ෂුවර් නෑ.. මේ ක්‍රමය හන්දා අපේක්ෂකයා දිනන එක නං ෂුවර් !

    ReplyDelete
  21. ලක්ෂෙ කෙසේ වෙතත් ඡන්දෙන් පස්සෙ මුන් කියාවි ඔයා ඡන්දෙ දුන්නා කියලා අපි දන් නෑ කියලා..

    ReplyDelete
  22. එකත් ෂෝක් වැඩේ.. :D මන් වුනා නම් එකක්වත් නෑ කියලා ලියනවා.. :D

    ReplyDelete
  23. ඒ කියන්නෙ කොම්පනියෙනුත් බෝනස් එකක් නැති එකේ අපිට බෝනස් දෙන්නත් ඒ සමහරක් සැදී පැහැදී ඉන්නව..මරේ මරු

    ReplyDelete
  24. ඔහොම් එකක් කරන්නත් සෑහෙන්න හිතන්න ඕනේ ...ඇත්තටම මිනිහා දිනයි මම හිතන්නේ

    ReplyDelete
  25. ෂෙක් ....ලංකාවෙ හිටිය නම්...පුහ් ....
    අද රේඩියො එකේ ලග්න පලාපල වලට කිව්ව ධනු ලග්න හිමියන්ට මේ සතිය තුල ලොතරැයි ජය බුධු ෂුවර් කියල අප්පා...අපරාදෙ ..
    ඕක පරදින්නම ඕන .......

    ReplyDelete
  26. මධූ අයියා පැනලා විස්තර ලියන්න ඇති :) මනාපෙත් දෙයි ද මන්දා! දුන්නත් මොකද ඉතින් එක කතිරෙකට ලක්ෂයක් ලැබෙනවානේ.

    ReplyDelete
  27. ඔන්න ඕවට තමා ඉතින් මාකටින් කියන්නේ.. ඡන්දෙන් පස්සේ අපිට කියන්න අයියා දින්නේ ලක්ෂයක්ද දහ දාහක්ද කියලා..

    ReplyDelete
  28. ඇත්ත සීන් එකක්ද බං??

    ReplyDelete
  29. චන්ද ගුණ්ඩු. අඩේ අයිඩෙන්ටි නොම්මරේ ඇතුළු සියලු විස්තර එකතු කර ගන්න උගුලක්ද දන්නේ නෑ. ලක්ෂෙ කෙසේ වෙතත් චන්දෙ දවසේ යද්දී මදුරංග ගේ චන්දෙටත් කෙලල තියෙයිද දන්නේ නෑ .

    ReplyDelete
  30. නියම පොරක් නේ.මිනිහවනම් යැව්වට වරදක් නැ වගෙ

    ReplyDelete
  31. ඡන්දෙ තිබ්බට පස්සෙ බලන්න පුළුවන් වෙනදේ. සාත්තරේ කියන්න වගේ මං කියන්නම්.එකෙකුටවත් තඹ සතයක් හම්බෙන්නෑ. අපි දන්නැතැයි ඕකුන්ගෙ විජ්ජා.ඒකට තමා මොලේ කියන්නෙ.ඒ වගේම තමා ඕකුන් හෙට ගැන හිතන්නෑ...බලමු බලමු අපිත් බලාගෙනනෙ ඉන්නෙ

    ReplyDelete
  32. Roshan Herath :
    අනිවාර්යෙන්ම ඒක නං කියාවි... !

    මොණරි :
    එතකොට ඔයාට ලක්ෂකය හම්බවෙන්නේ නෑ නේ අරුණි... !

    රජ වීදියේ උමේෂ් :
    අනේද කියන්නේ... බෝනස් නේන්නම්...

    ReplyDelete
  33. ඉවාන් පවුලූශා :
    බලමුකෝ මොකද වෙන්නේ කියලා...

    Kenji @ Japan :
    ධනු ලග්නෙද ? එහෙනං මටත් සුබ වෙයි නෙහ්.. මාත් ධනුවෙක් !


    ධාරා :
    මම ලිව්වේ නෑ... අනික මට ඡන්දෙට ගෙදර ඉන්න වෙන්නේ නෑ.. මම ගමනක් යනවා.

    ReplyDelete
  34. Dinesh :
    හා හා හා මම කියන්නම් එහෙනං.. !

    sAm (සෑම්) :
    නැතුව නැතුව.. අහවල් ප්‍රදීප් කියලා අපේක්ෂකයෙක් ඉන්නේ.. අන්න උගේ මෙව්වා එකක් මේක..

    වීරේ :
    මුං ඒකට ගේම දෙන්ඩ සිට්ටම් එකක් දාලා ද දන්නේ නෑ... අපරාදේ අපේ ඡන්දේ... !

    ReplyDelete
  35. Damith Gunawaredane :
    මිනිහව යවයි... !

    වැව් ඉස්මත්ත :
    හම්බ උනොත් ඒක ලෝක පුදුමයක් වෙයි !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.