අපි ඉතරක්ම නෙමේ අපේ අම්මාගේ සහෝදර සහෝදරියෝ සේරම ඇවිත් හිටියා. ඒ නිසාම සෑහෙන සතුටින් ගෙවුන සති අන්තයක්.
සතුටු සාමිචියේ යෙදුනා විතරක් නෙමේ. අපි බොංගෝ ගගහා සිංදුත් කිව්වා ! කොහොමහරි පෙරැත්ත කරලා ආච්චි අම්මට කියලා සිංදු තුනක් කියෝ ගත්තා. උන්දෑ නම් කිව්වේ ඒ දවස්වල හිට් වෙලා තිබ්බ සිංදු තුනක් ! :)
සිංදු කියලා මහන්සි උනහම අපි වෙලේ නාන ලිඳට නාගන්ඩත් ගියා . නාගෙන එනකොට වෙලේ එක පැත්තක රතු ඕලු පිපිලා තියෙනවා දැකලා මම ඒවෑ පින්තූරත් ගත්තා.
පහලින් තියෙන්නේ ඒ පින්තූරු !
ඔය තිබ්බ වෙලේ තමා රතු ඕලු මල් පිපිලා තිබ්බේ. :)
මේ පින්තූරේ නම් සූම් උනා වැඩියි.. ඒ නිසා බොඳ වෙලා :(
තවත් මල් ටිකක් !
මේ තියෙන්නේ අන්තිම පින්තූරේ.. මේක ඉතරයි ලස්සනටම ආවේ. :)
ආච්චි අම්මව සතුටු කරන්ඩ ගමේ ගියාට මොකෝ ගෙදර එනකොට හොඳටෝම වැස්ස. දැන් හෙම්බිරිස්සාවකුත් හැදීගෙන ඇවිත්. හවස ගණන් පංතියත් කලේ හරි අමාරුවෙන්...
මලේ.... මලේ....මේවා නෙලුම් නෙවෙයි රතු ඕලු..... අැඬෙනවා තනි ඇහැට ... ආච්චි අම්මා ඉන්නේ වයඹ පළාතෙද රජරට පැත්තෙද?
ReplyDeleteලස්සනයි අන්තිම ෆොටෝ එක. මටත් මගේ ආච්චි අම්මව මතක් වුණා. කාලෙකින් බලන්න ගියෙත් නැහැ.
ReplyDeleteසති අන්තය ඉවර වෙලා හෙට වැඩ ගැන මතක් වෙනකොට හිතට මොකක්ද මූසල හැඟීමක් එනවා. ඒත් ඉතිං ජීවත් වෙන්න දරැ පවුල රකින්න වැඩ කරන්න එපෑයැ. ඔයාලට නම් හොඳයි. ළඟපාත නෑදෑයෝ ඉන්නවනේ. අපි මේ රටවල තනියම. ඒත් ඉතිං තියෙන වගකීම් බැදීම් එක්ක දැම්ම ලංකාවට එන එක හීනයක් පමනයි. ඒක නෙමේ මලේ හෙම්බිරිස්සාව ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා.
ReplyDeleteආච්චි අම්ම සින්දුත් කියනවද... :) අපේ නම් ආච්චිලා දෙන්නම නෑ.. :(
ReplyDeleteඅපිට ඉතින් බලන්න යන්න කවුරුවත් ඉන්නවයි කියලයි..
ReplyDelete//සතුටු සාමිචියේ යෙදුනා විතරක් නෙමේ. අපි බොංගෝ ගගහා සිංදුත් කිව්වා ! //
ReplyDeleteඅනේ පව් ආච්චි අම්මා...:D
ෆොටෝ ටික ලස්සණයි මධූ...කරලා තියෙන්නේ හොඳ වැඩක්. හැමෝම මේ වගේ හිතනවා නම් කොච්චර හොඳද?
//උන්දෑ නම් කිව්වේ ඒ දවස්වල හිට් වෙලා තිබ්බ සිංදු තුනක් ! :)//
ReplyDeleteමට අහන්ට බැරි උණානේ. කීවේ 'ඕ..ඕ...තුෂාරා' ද? :D:D
මචෝ මේ නෙලුම් නෙවෙයි ඕලු නේද? දු හිතෙන්නේ අපේ ආච්චිලා දෙන්නම දැන් නැති නිසා, මාම්නම් ඉස්සර ගමේ යන්නේම ආච්චි හදන වන්ඩු කන්න .
ReplyDeleteඅපේ ලොකු අම්ම ( ආච්චි අම්මා ) සින්දු කියනවා ලස්සනට.. වැඩියෙන්ම රුක්මනීදේවිගෙ සින්දු.. ලතින් ගීතිකාත් කියනවා..
ReplyDeleteආච්චි අම්මල ගැන කතන්දර නම් බොහොමයි තමයි... මේ කාලදෙි එයාල ළග ඉන්න එක හරිම වටිනව තමයි..
කට්ටිය නෑදෑයෝ බලන්න ගිහින දාන පොස්ටු දැක්කම තමයි මගේ mood වෙනස් වෙන්නේ...... මොන සැප සම්පත් තිබුනත් වැඩක් නෑ තනියම තනි වෙලා ඉන්නකොටනම්
ReplyDeleteආච්චි අම්ම කියන්නේ මගේ ජීවිතෙත් විශේෂ කෙනෙක්
ReplyDeleteඅපේ ආච්චි අම්ම මතක් වුණා මට. ආච්චි අම්මා හිටපු කාලේ එයා ගෙ සතුට වුණෙත් අපි හැමෝම එයා ළඟ ඉන්න එක. අසනීප වුණහමත් එහෙම යි.
ReplyDeleteදයානන්ද රත්නායක :
ReplyDeleteඅපොයි නෑ... මේ ගම්පහ දිස්තිරික්කයේම එක පැත්තක ඉන්නේ :)
සිතුවිලි සිතූ :
යං යං... වයසක අය ආසයි නෙව කතා කරන්ඩ කවුරු හරි ඉන්නවා නං... ඒ නිසා ගිහින් එන්ඩ චූටි නෝනේ !
sandunsevana.blogspot.com :
හෑ... අයියා ඉන්නේ රටද ?
මම හිතුවේ මේ සිරිලක කොහේ හරි ඉන්නවයි කියලා..
රවින් :
ඕ.. ඒ කාලේ ගායිකාවක් ලූ. අපේ අම්මා කිව්වේ උන්දෑ කියන සින්දු ලස්සනයි කියලා :)
Dinesh :
ReplyDeleteඇයි අප්පේ ඔය ඉන්නේ අළුත් නෑයොත් රොත්තක්ම... ටිකක් ඉවසලා ඉදින් මලේ.. ඒ අයත් බලන් ඉන්නේ මලයා එනකන් නෙහ්.. :)
Podi Kumarihami :
ඇයි ඒ ආච්චි අම්මා පවු :O
මම ලස්සනට සිංදුත් කියනවා නෙහ්... ඕං නං ඔයාට ඇහෙන්ඩ එකක් කියන්ඩ ද :)
තුෂාරා එක නෙමේ.. සුනිල් ශාන්තයන්ගේ සිංදු තුනක් !
ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
ඒ දවස්වල නං අපට එක එක කෑම ජාති හදලා දුන්නා. දැන් ඉතින් යාගන්ඩවත් හයි හත්තිය නැති නිසා පුටුවකට වෙලාම ඉන්නවා :(
ඔන්න වැරැද්ද හැදුවා !
තරුරසී :
මෙයත් ලස්සනට ගීතිකා කියන්ඩ දන්නවා. ඒ කාලේ කන්තාරු කණ්ඩායමෙත් හිටියා ලූ !
මැලේ රාළ :
ReplyDeleteඒකනේ බුදු බණෙත් කියන්නේ "ප්‍රියයෙහි විප්පයෝගෝ දුඛ්කෝ" කියලා.
කෝරලේ මහත්තයා :
මං නං පොඩි කාලේ ඉදන් අවුරුදු 15ක් වෙනකන්ම හිටියේ ආච්චි අම්මලෑ දිහෑ :)
දිලිනි :
මෙයාගෙත් සතුට ඒකමයි..
අපි වට වෙලා කතා කර කර ඉන්නවා නං ඊට වඩා සතුටක් නෑ. ඒක ඉහටත් උඩින් !
මටත් අපේ ගම මතක් වුණා,,
ReplyDeleteමටත් අපේ ආච්චිව මතක් උනා. එයා නැතිවෙලා දැන් මාස තුනාමාරයි.
ReplyDeleteඅපූර්වී :
ReplyDeleteමාර්ටීන් වික්‍රමසිංහ මහත්තයාගේ පොත ගැනද කිව්වේ ? :P
මේ පෝස්ට් එකේ කතන්දරයගේ හුරුව තියෙනවා... මධු අර ගණන් පන්තිය කීය වසර එකක්ද ...............?
ReplyDelete@මධු හි හි
ReplyDeleteමල් ටික නං ලස්සනයි. සති අන්තය ගත කරපු හැටිත් හරිම අගෙයි නෙව.
ReplyDeleteමමත් ඔය රතු ඕලු වල ලස්සනට හරිම කැමතියි...අපේ ගේ වට පිටාවෙ ටිකක් හිටවන්න පැළයක් දෙකක් ගන්න හැකිද ඔය ඉසව්වට ආව දවසක....අපේ පැත්ත පළාතක ඔය වර්ගය නෑ...ඉස්සර රේල්ලුවෙ කොළඹ යද්දි වනවාසල පහුඋනාට පස්සෙ රේල් පාර අයිනෙ තියෙනවා නම් දැකලා තියෙනවා.
ReplyDeleteආච්චි ගැන ඒ සෙනෙහස ගැන කියන්න වචන නෑ බන්...අපේ අම්මගෙ අම්මා (කිරි අම්මා) මියගිහිල්ලා අවුරුද්දකට වඩා වැඩි උනත් අගේ සෙනෙහසින් ශක්තිමත් වෙච්ච මගේ අත පය දකින හැම වෙලේම මට එතුමිය මතක් වෙනවා...කදුලක් දෙකක් හීනියට ඇස් අග නලියනවා...කියවලා නැත්නම් එයා ගැන මම ලියපු පෝස්ටු දෙකේම ලින්කු මෙන්න. ඔබේ මිත්තනියට දීර්ඝායුෂ පතමි.
සිරා සහ කිරි අම්මා
කිරි අම්මා නික්ම ගියාය
හරිම ලස්සනයි අර රතු ඕලු පිපිච්ච වෙල.මට නම් ඉරිසියත් හිතුනා. ඔයා හරිම වාසනාවන්තයි.
ReplyDeleteආච්චි අමමලාගේ ආදරේ දෙවෙනි අම්මගේ ආදරේට විතරද මංදා. ඇත්තෙන්ම ඒක හරිම පුදුම සෙනෙහසක්. මටත් මගෙ ආච්චි අම්මා මතක් වුනා ඔයාගේ මේ පෝස්ට් එක කියපුවම.
ඉස්සර අපේ ආච්චිඅම්මා අපි ගමේ එනකන් වත්තේ තියෙන පලතුරු ගස් කිසිකෙනෙක්ට කඩන්න දෙන්නේ නෑ. එයා අපි එනකන් කියලා එකතු කරන කජු අපි එනකොට පුස් කාලා. මතක් කරනකොටත් ආසයි ඒ අතිතේ..
ලස්සන පැත්තක්.. අපේ අත්තම්මත් අපිව වට කරගෙන කථා කිය කිය බත් කවපු හැටි මතක් වුනා..
ReplyDeleteඅද තමයි මේ පැත්තට ගොඩ වුනේ..
anthima pinthure mara lassanai
ReplyDeleteChathuranga Priyashad :
ReplyDeleteමේ ලඟකදි නැති වෙලා තියෙන්නේ... ආච්චි අම්මට නිවන් සුව අත්වේවා !
SilentSahan :
උසස් පෙළ එකක්... කකාත් මේ ජාතියේම පෝස්ට් ලියනවා නෙහ් :)
අපූර්වී :
අපූර්වී හිනා වෙන්නෙත් හිරු හිනාවෙන විදිහටමනේ :)
සිඟිති :
අගෙයි අගෙයි :)
සිරාගෙ කාමරේ :
ReplyDeleteමාත් දැක්කා ඔය පෝස්ට් දෙක... ඒ ටික කියවගෙන යනකොට සෑහෙන දුකක් හිතෙනවා.
පුංචි කුමාරිහාමි :
ඉතින් වෙලාවක ඒ අතීතයේ මතක් කරමුකෝ. ආස නැද්ද අතීත කාමයේ වෙලිලා ඉන්ඩ.. :)
තුශානි :
ඔයාව සාදරයෙන් පිලිගන්නවා මගේ අඩවියට.
මම නම් ජීවිතේ සෑහෙන කාලයක් උන්නේ ආච්චි අම්මා එක්ක. ටික කාලයයි ගෙදර ඉන්ඩ පුරුදු උනේ :)
සයුරි :
ස්තූතියි සයුරි අක්කා !
ආච්චි අම්මා බොහොම සතුටුවෙයි තුන්වෙනි පරම්පරාවෙ එක්කෙනෙකුත් එක්ක ගියාම !
ReplyDeleteඅන්තිම පික් එක ලස්සනයි
ReplyDelete