22 March 2012

කාළය හරහා ගියෙමි

වැඩ ඇරිලා ගෙදර එන ගමන් අහම්බෙන් වගේ බෞද්ධයා ගුවන් විදුලිය සුසර කළාම වෙනදා වගේ යන ධර්ම දේශනාවක් විකාශනය උනා. ඒක ඉවර උනාම ඊලඟ වැඩසටහන පටන් ගන්න කලින් සිංදුවක් විකාශනය උනා.

සිංදුව තමයි,

සෙංකඩගලපුර දළදා බුදු රැස්
විහිදෙන තුරු නෑ වරදින්නේ
සිංහලයන් හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්ගේ

මේ සිංදුව අහනකොට මම් නොදැනුවත්ම වගේ අතීතයට ගියා. ඉස්සර හැම ගුවන් විදුලි නාළිකාවකම වගේ උදේට විකාශනය වෙන්නේ දේශාභිමානී ගීත ! ඒ දේශාභිමානී ගීත අතර ඔය සිංදුව හැමදාම වගේ යනවා. ඉතින් ඒ දවස්වල මට ඔය සිංදුව සෑහෙන වාර ගණනක් අහලා කට පාඩම් !

දේශාභිමානී ගීත වගේ තමා වෙළඳ සේවයේ ප්‍රවෘත්ති පටන් ගන්න කලින් යන පසුබිම් වාදනයත් මම් සෑහෙන වාර ගණනක් අහලා තියෙනවා.

ඒ දවස්වල අපේ අම්මා උයන්න නැගිට්ටාම ගෙදර තිබ්බ කෑලි හතරේ රේඩියෝ එක අනිවාර්යෙන්ම දානවා. එතකොටම මගේ නින්ද කැඩෙනවා. ඒ උනාට කම්මැලිකමට ඇඳෙන් නැගිටින්නේ නම් නෑ. ඇඳේ ඉදන්ම අකමැත්තෙන් උනත් ඒ සිංදු අහන්ඩ වෙනවා.

ඔය සිංදු ඇහිල්ල නතර උනේ මායි අපේ මලයයි
දවල් වෙලාවක ගෙදර තිබ්බ එකම රේඩියෝව මස් කලාට පස්සේ !

මේ සිංදු ඇහිල්ල නම් කමක් නෑ කියලා කියමුකෝ. අපේ අප්පච්චි කන ලඟට කරලා "සා දුකින් පෙළෙන උන් දැන් ඉතින් නැඟිටියවු !" කියලා කියන එක තමා අහන් ඉන් අමාරුම !

ඔය එක එක සද්ද අතර තව එකම එක සද්දයක්
මතකයි.ඒ තමා අපේ ගේ ඉස්සරහා තියෙන ජම්බෝල ගහට හැමදාම එන කවුඩා කෑ ගහන සද්දේ ! ඌ හැමදාම කෑ ගහන්නේ "ඩොටී ඩොටී රොටී කොපී !!!" කියලා.

දැන් කාලේ වෙනස් වෙලා. ගේ ඉස්සරහා ජම්බෝල ගහට එන කවුඩත් නෑ ! උදේට දේශාභිමානී ගීත ඇහෙන්නෙත් නෑ ! අපේ අප්පච්චි සා දුකින් කිය කියා අපිව ඇහැරවන්නෙත් නෑ !

කොහොමින් කොහොම හරි සිංදුව ඉවර උනාට පස්සේ තමා ආයෙම පියවි ලෝකයට ආවේ.

එහෙම කාළයක් ආයෙම එනවා නම්......

--------------------------------------------------------
ප.ලි. - ගීතය බාගන්නවා නම් මෙතන ක්ලික් කරන්ඩ.

45 දෙනෙක් අදහස් පලකලා .:

Bindi said...

අතීත කාමය කියන්නේ ඕකට වෙන්න ඇති . ගෙවුණු කාලය සුන්දරයි කියල හිතන එක . මටත් සැහෙන්න තියෙන ලෙඩක් .ඒත් ඒ දවස් ආයේ එන්නේ නැහැ

sAm (සෑම්) said...

//ඒ දවස්වල අපේ අම්මා උයන්න නැගිට්ටාම ගෙදර තිබ්බ කෑලි හතරේ රේඩියෝ එක අනිවාර්යෙන්ම දානවා. එතකොටම මගේ නින්ද කැඩෙනවා.//

අපේ අම්මා තවමත් උදේට නැගිට්ට හැටියේ ටීවි එකේ පිරිත් දානවා. මටත් ඔය කෙං ගෙඩියම තමා..

සුන්දර අතීතයට නිදහසේ යන්න ඕනේ වෙලාවක..

ChammA said...

කාලය මැවූ වෙනසක අරුමේ...!!!

ප්‍රාර්ථනා said...

අපේ අම්මත් තාමත් උදේ නැගිට්ට ගමන් රේඩියෝ එක දානවා අයියේ.. සැමා අයියට වගේම තමා ඉතින් මටත්.. හී හී.. ලක්හඬේ එහෙම තාමත් ඔය වගේ සිංදු එකක් දෙකක් තාමත් අහන්න පුළුවන්..

හිතුවක්කාරි said...

ම්ම්.. කාලය හුඟාක් දේවල් වෙනස් කරනවානෙ අයියා..:) අපේ අම්මත් තාමත් රේඩියෝ එකේ පිරිත් දානවා උදේම.. :)

නාකියා said...

දැන් නම් ඇත්තටම ඔය සිංදුව මුමුණන්න වෙලාව හරි මයෙ හිතේ. :(

අග්නි ධාරා... said...

හ්ම්....ඉස්සර මං ඇහැරෙන්නෙත් සුනිල් එදිරිසිංහගෙ “ලක්වැසියන් කෙරෙහි නැමී“ කියන කවිටික අහන ගමන්...
ඇත්තටම දැන්නම් ඒව යනවද දන්නෙත් නෑ....

Sahan Maldeniya said...

http://www.mediafire.com/?5juphwn4p3w08tf

මචන් මෙන්න පරණ version එකක් ඔය සින්දුවේම

Dinesh said...

අපේ ගෙදර එලාම් එක සෙට් කරලා තියෙන්නෙ රේඩියෝ එකට.. කෙලින්ම පටන් ගන්නේ පිරිත්.. පාන්දර 5ටද කොහේද.. ඒ උනාට මටනම් ඕවා ඇහෙන්නේ නෑ..

දිනිති දීපිකා said...

කාලයේ යන්ත්‍රයට හසුවී විනාශ වී ලගිය අතීතයක මතක...

සයුරි said...

අතීතයේම එල්ලිලා ඉන්න එක මටත් තියන පුරුද්දක්...අතීතෙට අපි හැමෝම ආදරෙයි.

වින්චැට්කිරිල්ලි. said...

මටත් මතකයි ඉස්සර පාන්දරම ඇහෙන පිරිත්....ඊට පස්සෙ කම්මැළි කම නැතිවෙන සින්දු..දැන් නම් ඒව මොකුත් ඇහෙන්නෙ නැහැ.......

Praveena Palipana said...

//අපේ අප්පච්චි කන ලඟට කරලා "සා දුකින් පෙළෙන උන් දැන් ඉතින් නැඟිටියවු !" කියලා කියන එක තමා අහන් ඉන්ඩ අමාරුම !//

නියම අප්පච්චි කෙනෙක්...:D

hansakinkini said...

අර බින්දි අක්ක කිව්ව වගේ අතීතකාමය කියන්නෙ අපි කාටවත්ම මිදෙන්ඩ බැරි දෙයක් නෙ මලයො...ඉස්සර කොච්චර නං වැඩසටහන් තිබුණද උදේට හවසට අපිට අහන්ඩ... දැන් මේ හිතාගන්ඩවත් බැරිතරම් ගාක් තියෙන චැනල් සේරගෙම උදේට යන්නෙ කිචි කවාගෙන හිනාවෙන්ඩ ඕනෙ ගොංම ගොං කුණු කතා....එක්කො නැත්තං නිවේදකය නිවේදිකාව සවුත්තු කරල හිනාවෙන එව්ව.... හැන්දෑවට යන්නෙ කොහෙ හරි සිද්ධ වෙච්ච මිනී මැරුමක් දූෂණයක් රගපාල පෙන්නන කතන්දරනෙ.. කොයි වෙලේවත් නෑ ලේ කෝප නොවී අහන්ඩ පුලුවං එකක්... බොහොම සීමිත ප්‍රමාණයක් නාලිකා ඇරුණම... මම නම් රෑපවාහිනී ගුවන්විදුලි කියන මාධ්‍යයන්ගෙන් ඈත්වෙලා දැන් අවුරුදු හය හතක් වෙනව... ප්‍රවෘත්තිවත් බලන්නෙ නෑ... අපේ ගෙදර ඒව ඔන් කරන්නෙවත් නෑ ඇත්තම කිව්වොත්...

අකීකරු හිත said...

අපේ අම්මත් නැගිට්ට ගමන් කරන්නේ පිරිත් දාන එක...... නින්ද එතනින්ම ඉවරයි......
සා දුකින් පෙළෙන උන් සින්දුව ඒ කාලේ අපේ ඉංග්‍රිසි සර්ගේ කටේ නිතරම තිබුන එකක්.. පොත උඩ නිදි කිරා වැටෙද්දි ඕක නිතරම කිව්වා.....
අම්මේ....ඒ කාලේ මතක් වුනා අයියාගේ මේ වචන වලින්..

Nilanga Sanjeewa said...

ඒ කාලේ හරිම ලස්සයි..

නිසුපා said...

මටත් හිතුනා මලයා බෞද්ධයා ගුවන් විදුලිය අහනවා ඇති කියලා ඉස්සෙල්ලා ලියපු කතාවත් එක්ක.මාත් ඊයෙ ඔය සින්දුව ඇහුවා.මට හිතුනෙ ඇත්තටම දැන් දළදා සමිඳුන්ගේ පිහිට තමා නේද කියලා.

අපේ ගෙදරත් උදෙන්ම දාන්නෙ පිරිත්.වෙලාවට මගෙ කාමරේට ඇහෙන්නෙ නෑ.ඇහුනත් මට ඇහැරිලා ආයෙ අනික් අතට නින්ද යයි.

දැන් කාලෙ ගැන කවර කතාද දුක තමා

නවම් said...

මොන එකකටද මංද මට ඉස්සර දවස්වලට යන්නම හිතෙන්නෙ නෑනෙ. සමහර අය ඉස්කෝලෙ කාලෙ කොච්චර ලස්සනයිද අප්පා, ආයෙම යන්න ඇත්නම් කියල කියනව ඇහුනම මටනං මතක් වෙන්නෙ කට්ට කාගෙන පාඩම් කරපු හැටි, ගිණි අවුවෙ ‍රැස්වීම් වල හිටගෙන හිටපු හැටි, සර්ලගෙන් ගුටි කාපු හැටි, ටියුෂන් පන්තියෙ ඉරෙට්ටෙ වාඩිවෙලා නූලෙ ලියාප්ය් හැටි, කෙල්ලං පස්සෙ ගිහිල්ල චාටර් වෙච්ච හැටි. පොඩි කාලෙට යෑම ගැන උනත් හෙම්මමයි. මොන තරං කරදර, වදකාර කාලයක්ද දෙයියනේ ඒක.

කිරිපුතා said...

මටත් මතකයි ඉස්සර අපේ අම්මත් උදේ පාන්දරම ස්වදේශීය සේවය දානවා. ඒකෙ 5.30ට දේශාභිමානී ගීත යන්න පටන් ගන්නෙ.

ක්සැන්ඩර් | Xander said...

මමත් ගිය සැහෙන අතීතයකට.. රේඩියෝව අල්ලං.. මේ ඩිංගට මම මුවන් පැලැස්ස රෑ අටට අහලයි ආවේ ඔන්න,.

Observer said...

// කෑලි හතරේ රේඩියෝ //

4 ඉන් 1 එකක්ද ? :-)

රූ.... said...

වාසනාවකට වගේ මගේ කන ළඟින් කෝච්චියක් ගියත් මට ඇහැරෙන්නෙ නෑ නෙව..
ඉස්සර උසස්පෙළ පන්ති යන්න උදේ පාන්දර බස් එකෙ යද්දි මේ වගේ ලස්සන සින්දු අහන්න ලැබුනා මතකයි..

Mad terminal said...

කාලයේ හොර රහසේ යනවා

පැතුම් [සිතුම් පැතුම්] said...

ඉස්සර කාලෙට යන්න තියනම් කියල හිතෙන වාර නම් අනන්තයි. කොහොම නම් අමතක කරන්නද ඒ කාලේ

මඩිස්සලේ නිශාන් said...

හැමදේම මොඩන් වෙන මේ කාලේ දැනට තියෙන දේවලුත් ඉස්සරහට නැතිවෙයි.අපි කව්රුත් කැමති අපෙන් නැති වෙන දේවල් වලට තමා.

prasanna86k said...

තව ඔය වගේ සිංදු ලිස්ට් එකක් තියෙනවා... අප්පා ඒවා අහද්දි... ඇත්තටම ඉස්සර කාලෙට යැවෙනවා...

දයානන්ද රත්නායක said...

පහුගිය දවසක අමිතා වැදිසිංහ කොම්පඤ්ඤ විදිය පැත්තේ ඉඳන් යුනියන් ප්ලේස් එකේ මහ ගිනි මද්දහනේ පාරදිගේ පයින්ම එනවා දැක්කා. මම ටික වෙලාවක් බලා හිටියා. ඇය මා පසු කරන විට මමත් එක්ක බොහොම අහිංසක විදියට සිනාසුනා.ටිකක් දුර ගිහින් ඇය ආපසු හැරී මා දිහා බැලුවා.අයට තේරුණා මම ඇයව අදුනාගත් බව.

අයෙ වසර ගනනාවකට කලින් බම්බලපිටියෙ පාස්පෝට් ඔෆිස්එක තිබ්බ දවස්වල ඇය පාස්පෝට් එකක් ගන්න ඇවිත් සෙනග අතරෙ රස්තියාදු වෙනවා දැකලා මම එතන වැඩකරන නිලධාරියෙකුට කීවා මේ තමයි අමිතා වැදිසිංහ කියන්නෙ. මෙයාගෙ සිංදු මේවා කියලා.

මං ඒක කිව්වා විතරයි. වහා ඇය කැඳවලා ඇගේ ගමන් බලපත්‍රය ඉක්මනින් හදල දුන්නා. මගේ වැඩේ කෙරුණෙ බොහෝ වෙලාවකට පස්සෙ. එදත් ඇය ස්තුතියි මල්ලි අපි ජනප්‍රිය නෑනෙ කියලා ගියා.

වර්ණා said...

ඉස්සර මම නතර වෙලා හිටපු ගෙදරත් පාන්දර තුනට බන දානවා :)

අසරණයා said...

මටත් මතකයි අම්මා අහන ගුවන් විදිලි සංස්ථාවේ චැනල්.දැනටත් එහෙම තමයි.එත් අපේ කාලේ වෙද්දී අපි එහෙම කරනකක් නැති වෙයි.

සාතන් said...

ඇයි බන් දැනුත් උදේට යන‍්නෙ දේශාභිමානී ගීත... සද්දෙ ටිකක් වැඩී, කොත්තු ගහනව වගේ වුනාට ගනන් ගන්න එපා :)

මධුරංග said...

@Bindi :
අතීත කාමය ? ඔය වචනේ මම් ඇහුවේ අදමයි. ඇත්තමයි අක්කා.

@sAm (සෑම්) :
බොලා ගියොත් මොන මොනා එළියට ඒවිද දන්නේ නෑ

@ChammA :
සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා !

මධුරංග said...

@ප්‍රාර්ථනා :
එහෙනම් මාත් අද ඉදන් උදෙන්ම ලක්හඩ අහන්න ඕනා.

@හිතුවක්කාරි :
අනේ වාසනාවන් !
අපට නම් පිරිත් දාන්න ඕන නෑ. එහා ගෙදර ඈයෝ අපටත් එක්කම පිරිත් දානවා

@නාකියා :
නාකියාට විතරයි ඒක තේරුනේ !

මධුරංග said...

@අග්නි ධාරා... :
ඒකත් මරු සිංදුව !
සිංදු අහගෙන ඇහැරෙනවා ??? අම්මෝ මට නම් එපාම කරපු වැඩක් ඕක !

@Sahan Maldeniya :
ටැංකූ ටැංකූ !!

@Dinesh :
අන්න නියම කොල්ලෝ. මට නම් නින්ද යන්නෙම නෑ.

මධුරංග said...

@දිනිති දීපිකා :
අම්මා පල්ල කතාව නම් සහතික ඇත්ත !

@සයුරි :
අතීතය තරම් වර්ථමානේ සුන්දර නෑ නේද අක්කේ ?

@වින්චැට්කිරිල්ලි.:
දැන් ඉතින් කොහෙද සිංදු දාන්නේ !

මධුරංග said...

@Praveena Palipana :
අපොයි පොඩ්ඩි ! මොක එහෙම කියන්නේ ?

@hansakinkini :
හරියට හරි අක්කේ. දැන් ටීවි එකක් දැම්මොත් එකම තාලේ වැඩසටහන් !
රේඩියෝ එකක් දැම්මොත් මෙලෝ හසරක් නැතුව හිනා වෙවී චාටර් කරගන්න වැඩසටහන් ! මෙලෝ රහක් නෑ !

@අකීකරු හිත :
ආහ්.... ඒක නෙමේ.. නංගි පන්ති ගියේ කොහාට්ටද ? නුවරට ද ?

මධුරංග said...

@Nilanga Sanjeewa :
ටක්කෙටම හරි !

@නිසුපා :
එතකොට අක්කයි මායි දෙන්නම බණ අහනවා !! සතුටුයි සතුටුයි !

@නවම් :
මං ටක්කෙටම කියන්නම් අයියා යන්ඩ කැමති කොයි කාලෙටද කියලා. අයියා යන්ඩ කැමති කටුනායක වැඩ කරපු කාලෙට නේ ??

මධුරංග said...

@කිරිපුතා :
වෙලාව හරි වෙන්ඩ ඕන. හික්ස් :)

@ක්සැන්ඩර් | Xander :
මාත් ටික කාලයක් ඕක ඇහුවා පොකට් රේඩියෝ එකකින්.

@Observer :
ඒ කිව්වේ ?? කෑලි 4ක් කියලා කිව්වේ බැට්ටි කෑලි !!!

මධුරංග said...

@මඩිස්සලේ නිශාන් :
හ්ම්... හ්ම්.. ඒවත් නැති වෙලා යයි !

@prasanna86k :
ලිස්ට් එකක් තියෙනවා කිය කිය ඉන්නේ නැතුව පොඩි මේල් එකක් දෙකක් එවුවා නම් නරකද ??

@රූ.... :
අපි නම් බස් එකේ පන්ති ගියේ නෑ. රේල්ලුවේ නේ පන්ති ගියේ.

මධුරංග said...

@Mad terminal :
යනවා නේන්නම් !
මෑඩ් ටර්මිනල්ව මගේ අඩවියට සාදරයෙන් පිලිගනිමි !

@පැතුම් [සිතුම් පැතුම්] :
අමතක කරන්නම අමාරුයි !

@දයානන්ද රත්නායක :
දුක තමයි !
එක රැයකින් ජනප්‍රිය වෙන ගායක ගායිකාවෝ පාරක යනවා දැක්කා නම් අපේ කට්ටිය දුවගෙන ගිහින් වඩාගනියි. ඒත් රටක් ජාතියක් අවදි පරවපු මේ වගේ ගායක ගායිකාවෝ මලත් කවුරුවත දන්නේ නෑ.

ජාතියකට ගිය කලක් !

මධුරංග said...

@වර්ණා :
ඉතින් ඔයා අහනවද ?

@අසරණයා :
හ්ම්... අසරණයත් රේඩියෝ අහන්න පුරුදු වෙන්න. කොටින්ම වෙලඳ සේවය බෞද්ධයා වගේ චැනල් !

@සාතන් :
ඒවගේ ගීත යන්ඩ ඕන හවස නේ. ඒ වෙලාවටනේ කොත්තු උනත් කන්න හිතෙන්නේ.

ලහිරු said...

ඔය සින්දුව මම හරි නම් අමිතා වැදිසිංහ මහත්මියගේ එකක්. පුදුමාකාර හැඟීමක් හිතට දැනෙනවා ඇහුවම. ඒත් රට යන විදිය ඔය සින්දුත් දැන් කුණු කූඩේ වගේ!

දිනුක said...

අපරාදේ කියන්ඩ බෑ දැන්නං මාව උදේට ඇහැරවන්නෙ අපේ බෝඩිමේ උන්.උංට හරි ඉරිසියයි මම ටිකක් වැඩි පුර නිදා ගන්නවට.

න දී said...

කෑලි හතරේ රේඩියෝ??ඔයාලගෙ ගෙදර රේඩියෝ ඒකට කෑලි 4ක් තිබ්බද ?

න දී said...

සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්!!!
අන්තිම සටනට සැරසියව්!!!

ඔන්න ඔහොමයි අපි නම් කියන්නෙ.:)

Hasitha said...

ඉස්සර ස්වදේශීය සේවේ පිරිත් ගිහින් ධර්ම දේශනා එහෙමත් ගියාට පස්සේ 5.30 ඉදන් 6 වෙනකම් දේශාභිමානී ගීත ගියේ. දැන් නම් කොහොමද දන්නේ නැහැ

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.