ඔන්න එකෝමත් එක කාලෙක රජ කෙනෙක් ජීවත් උනා ලූ. මේ රජතුමාට පුත්තු දෙන්නෙක් හිටියාලු. ඉතින් මේ රජතුමා වයසට යනකොට තමන්ගේ රාජ්‍යයේ පාලනය වැඩිමහල් පුත් කුමාරයාට භාර දුන්නලු. මෙන්න මේ අයියා කුමාරයාත් දැහැමින් රට පාලනය කරගෙන ජීවත් උනා ලූ.
ඔහොම කාලයක් ගත වෙනකොට මේ අයිය කුමාරයා, රාජ කුමාරිකාවක් සරණ පාවාගත්තාලු. මේ අයියා කුමාරයයි එයා සරණ පාවාගත්ත රාජකුමාරියයි මල්ලි කුමාරයයි සතුටින් මාලිගාවේ ජීවත් උනාලු.
ඔහොම ජීවත් වෙනකොට අයියා කුමාරයාගේ බිසවට මල්ලි කුමාරයා ගැන ආසාවක් ඇති උනා ලු.ඉතින් මේ බිසව තමන්ගේ හිතේ තියෙන අදහස අර අහිංසක මල්ලි කුමාරයාත් එක්ක කියලා එයත් එක්ක යාළු වෙන්න හදනවලු. මල්ලි කුමාරයා ඕකට කැමති නෑ ලූ.
අර බිසවත් බැරිම අයියා කුමාරයා ගාවට ගිහින් බොරුවක් කිව්වා "මල්ලි කුමාරයා තමන් එක්ක යාළු වෙන්න හදනවා !!" කියලා
ඉතින් මේ අයියා කුමාරයාට කේන්ති ගිය පාර මල්ලි කියලවත් බලන්නේ නැතුව තමන්ගේ මලයගේ අත් දෙක වැලමිට හරියෙනුයි කකුල් දෙක දනහිස් ගාවිනුයි කපා දැම්මලූ.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මල්ලි කුමාරයාට ලස්සනට සිංදු කියන්ඩ පුලුවන් ලූ.මල්ලි කුමාරයා සිංදු කියනකොට අහල පහල කඳු පන්තිවලත් ඒ සිංදු ලස්සනට දෝංකාර දෙනවලු. දවසක් මෙහෙම සිංදු කිය කිය ඉන්නකොට දිව්‍යලෝකේ ඉදලා ආපු දිව්‍යංගනාවෝ වගයකට ආස හිතුනලු මෙච්චර ලස්සනට සිංදු කියන කෙනා කවුද කියලා බලන්ඩ.
ඉතින් එයාලා යන්ඩ ගිය ගමන අතරමග නවත්තලා මේ කුමාරයා ඉන්න දිහාවට ආවලු.
"අපි ආවේ මෙච්චර ලස්සනට සිංදු කියන්නේ කවුද කියලා බලන්න !" කියලා එක දිව්‍යංගනාවක් කිව්වා.
"ඔයාලා කවුද ? මට ඔයාලව පේන්නේ නෑනේ !" මල්ලි කුමරයා කිව්වා.
"අපි දිව්‍යලෝකේ ඉදලා ආපු දිව්‍යංගනාවෝ. ඒකයි ඔයාට අපිව පේන්නේ නැත්තේ !" කියලා තවත් දිව්‍යංගනාවක් කිව්වා.
"මට ඔයාලව බලන්ඩ ඕනා !" මල්ලි කුමාරයා පෙරැත්ත කලා.
ඉතින් මේ මල්ලි කුමාරයා පෙරැත්ත කරපු නිසාම අර දිව්‍යංගනාවෝ, තමන් ඇඳන් හිටපු උතුරු සළුව ගලවලා බිමට දැම්මා ලූ. (නෑ නෑ මල්ලි කුමාරයා ඇස් වහ ගත්තේ නෑ. !)
ඉතින් මේ කුමාරයා විජහට අර දිව්‍යංගනාවන්ගේ උතුරු සළු ටික එකතු කරගත්තාලු. එහෙම එකතු කරගත්තට පස්සේ දිව්‍යංගනාවෝ අර මල්ලි කුමාරයා ඉදිරියේ වැඳ වැටෙනවලු තමන්ගේ උතුරු සළුව දෙන්න කියලා. මොකද එයාලට ඒක නැතුව දිව්‍යලෝකයට ආපහු යන්ඩ බෑ ලූ.
ඉතින් මේ මල්ලි කුමාරයා කියනවලු "ඔයගොල්ලෝ යන්නේ කොහාටද කියලා කියනකන් මේ සළු ටීක දෙන්නේ නෑ !" කියලා.
"අපි මේ මල් කඩාගෙන සිරිපාදේ වඳින්න යනවා !" මේ දිව්‍යංගනාවෝ කිව්වා.
මල්ලි කුමාරයාටත් ආසාවක් හිතුනලු සිරිපදේ වඳින්න යන්න.
"අපි මේ මල් එකින් එක සිරිපාදෙට යන පාර දිගේ හලාගෙන යන්නම්. එතකොට ඔයාට ඒ මල් පාර දිගේ සිරිපාදේ වඳින්න එන්න පුලුවන් !" දිව්‍යංගනාවෝ ආයෙමත් කිව්වා.
ඔන්න ඔහොමලු කාලයක් කැලෑවෙන් වැහිලා තිබුන සිරිපාදෙට යන පාර හොයාගත්තේ.
-----------------------------------------------------------------
ප.ලි. - අපේ අම්මා අපට පොඩි කාලේ කියලා දීපු කතාවක්. පත්තරේක සිරිපාදේ ගැන තිබ්බ ලිපියක් දැකලා ආයෙම ඒ කතාව මතක් උනා. මේ කතාව කලින් අහලා තියෙන අය ඉන්නවනම් සමා වෙන සේක්වා !
ප.ලි. - කතාව දිග වැඩි නම් සොරි ඈ. දෙකට කඩලා ලිව්වම කට්ටිය මගේ බෙල්ල මිරිකන්න හදනවනේ කතාව කැඩුවා කියලා !!!
සිරිපාදේ යන කාලේදී අපේ ඉස්කෝලේ හරහා සමනල්ලු යනවා එක දිගට දව 3-4 ක වගේ ඒ යන්නේ සිරිපාදේ පැත්තට.එත සිරි පාදෙටම යනවද කියලනම් දන්නේ නැහැ.
ReplyDeleteයකඩෝ දැං ඉතිං ඔය අත පය නැති මල්ලි කුමාරයාද එතකොට ඉස් ඉස්සෙල්ලම සිරී පාදෙ ගියේ????
ReplyDelete🤣
Deleteමම හිතුවේ කට්ටියම සමනලයෝ වෙලා ඉගිල්ලිලා යයි කියලා.
ReplyDeleteතව ප්‍රශ්නයක් ආවා. අර අත කපපු කෙනා කොහොමද සලු එකතු කරගත්තේ. අම්මාගෙන් අහන්ටකෝ. :D
කොහොමද මල්ලී කුමාරයා කකුල් නැතුව සිරිපාදේ ගියේ...?
ReplyDelete- ඊලඟ පෝස්ටුව ඒ ගැනලු හරිය-
මාත් මේ වගේ කතාවක් අහලා තියනවා..සිරිපාදෙ කියන්නෙ කතා සංස්කෘතියක්නෙ ඉතින්..
ReplyDeleteමම් අහල තිබ්බෙ නෑ මේ කතාව.ඔයාලගෙ අම්ම ශෝයි කතන්දර කියල දෙනව.
ReplyDeleteසිරිපතුල කියන පරණ චිත්‍රපටියෙ තිබුණෙත් මේ කතාවමයි කියල මතකයක් තියෙනවා...... පරණ මතකයක් බෙදාගත්තට ස්තුතියි....
ReplyDeleteමට ඉතිං වෙන අයියලා මල්ලිලාවත් මතක් වෙනවා අප්පා... :D
ReplyDeleteමේ අවුරැද්දෙ නිදහස් දවසෙ සිරිපාදෙ ගිහින් පොලිමේ හිටියා පැය 16ක්
ReplyDeleteසෙනග ලක්ෂ 10 ක් විතර ඇවිත්
අපෝ මොන දිග වැඩියක්ද...කතාව සෝයි..ඉතින් මල්ලි කොහොමද කකුල් නැතුව සිරිපාදේ යන්නේ..
ReplyDeleteමමත් මේ කතාව අහල තියනවා මේ විදියටම. ඔය සිරිපා අඩවියේ කැලෑබදව පිපෙනවා තද රතුපාට ඝනකම් පෙති ඇති මලක්. ඒපැත්තෙ අයනම් කියන්නෙ "රාජකුමාර" මල් කියලා. සමහර විට අර සුරංගනාවන් හලා ගිය මල් වෙන්න ඇති.
ReplyDeleteඅනේ ශෝක් කතාව :)
ReplyDelete@අසරණයා :
ReplyDeleteඅසරණයත් හැටන් පැත්තෙද. සමනල්ලු පස්සෙන් ගියා නම් සිරිපාදේ හොයාගන්ඩ තිබ්බා.
@දිනුක :
ඒක නම් දන්නේ නෑ මල්ලි. මොකද ඔය ප්‍රශ්නේ අහන්ඩ ඒ කාලේ අපට ඕ තරම් නුවණක් තිබ්බේ නෑනේ. :)
@Praveena Palipana :
අක්කට වගේ නුවණක් ඒ කාලේ අපට තිබ්බේ නෑ නේ. තිබ්බා නම් ඔය ප්‍රශ්නේ අහනවා. :)
@රූ.... :
ReplyDeleteහ්ම්.. ඒක හරි. ඕ වගේ කතා ගොඩක් ඇති සිරිපාදේ ගැනම.
@න දී :
ඔන්න ඔයාත් මේ කතා මතක තියාගන්නවා හොදයි. මොකද ඉතින් අනාගතේට ඔවුවා ඕන වෙනව නේ.
@Miyuru :
මම නම් ඒ කතාව බලලා නෑ අක්කා.
@Beta bawa :
ReplyDeleteඊලඟ පෝස්ට් එක ? මම මේ කතාවට තව පෝස්ට් එකක් දාන්න ඕනද ? අම්බෝ !!
@prasanna86k :
ආහ්... තමන්ගේ මල්ලිව මතක් වෙලා වගේ මාළු අයියට !
@සොඳුරු මිනිසා :
අම්බෝ පැය 16ක් පෝලිමේ ඉන්නවා කියලා කිව්වම සුළු පටු යෑ.
@සයුරි :
ReplyDeleteපුටුවක බැඳන් උස්සන් ගියාද කියලා කවුද දන්නේ. මාත් ඕ ගැන හොයලා කියන්නම්. :)
@දයානන්ද රත්නායක :
ආහ්... ඒවද කියලා දන්නේ නෑ. අපේ පැත්තේ නම් ඔය මල් වලට කියන්නේ රාජ පොහොට්ටු කියලා. :)
@වර්ණා :
ඇයි ඔයා මේ කතාවට ආසයි ද ? :)
@අසරණයා - ඒ කතාව ඇත්ත බොල. සිරීපාදෙ යනව තමයි උන්.
ReplyDelete@මධුරංග - රිප්ලයි බට්න් එක ගිල්ලද බොල???
දැන් රජකුමාරයො ගැනම ලියන්නේ නේද.. එල එල !
ඔය කතාව මමත් වටින් ගොඩින් අහල තියනවා. මෙච්චර විස්තර ඇතුව අහල තිබුනේ නෑ හැබැයි. මටත් තියන ප්‍රශ්නේ අත් කකුල් නැතුව උතුරු සළු ටික එකතු කරගත්තේ කියල.....(ශ්‍රී පාදේ ගොඩක් හාස්කම් තියන තැනක්. කට වරද්ද ගැනීම තමයි හොඳම නැත්තේ) සොඳුරු මිනිසා වගේ මමත් පෝය දවසක ගිහින් පැය 12 ක් පෝලිමේ හිටිය. පාරවල් දිගේ යන්නේ නැතුව කැලේ මැද්දෙන් ගල් උඩින් හෙම ගිහින් ගියත් සිරිපතුල ගාවට යාගන්න බැරි වුනා. හැබැයි ඒ මාසෙම සතියේ දවසක ගියා, නිදහසේ කරුණා කරලා ආවා සමන් දෙයියන්ගේ පිහිටෙන්.
ReplyDeleteමට ආත්තම්මව මතක් උනා..එයත් ඔය වගේම කතා කියල දුන්න ඉස්සර....මේ කතාව කියවගනෙ යද්දිම ඔලුවට ආවෙ පොඩ්ඩි අහල තියන ප්‍රශ්නෙමයි..කෝම උනත් ලස්සනයි කතාව........
ReplyDeleteආනේ... ශෝයි කතාව.. ඇත්තටම හරිම ශෝක්...
ReplyDeleteඒත් මේ කතාවෙ කිසිම දිග වැඩි බවක් මට පේන්නෙ නෑනෙ..:O
හිහි..නියමයිනෙ මධුරංග කතාව...
ReplyDeleteමං හිතුවෙත් අර සුරංගනාවියෝ ටික මල්ලි කුමාරයව අරගෙන පියාඹල යයි කියලා...:)
ReplyDelete@sAm (සෑම්):
ReplyDeleteසෑමා වගේ ධනවාදීන්ට වගේ නෙමේ අපි වගේ පීඩිත පන්තියේ ජනතාවට ගිලින්නවත් රිප්ලයි බටන් එකක් නෑ බොල !
බ්ලොගර් උනත් සාක්කුව බලලයි සලකන්නේ. හික්ස් :)
@පැතුම් [සිතුම් පැතුම්] :
ගොඩක් කට්ටියට මේ ප්‍රශ්නේ තියෙනවා. මම් හොයලා කියන්නම් :)
අර කිව්වත් වගේ කට වරද්දගන්න එහෙම හොද නෑ ලු.
@වින්චැට්කිරිල්ලි. :
මේ කෙල්ලෝ ඔක්කොම එකයි ! කොටින්ම කුරුණෑගල කෙල්ලන්ගෙන් තමා බේරිලා ඉන්ට බැරි. හික්ස් :)
@හිතුවක්කාරි :
ReplyDeleteහම්මේ.... !!! ඇති යාන්තන් එක්කෙනෙක් හරි කිව්වා කතාව දිග වැඩි නෑ කියලා.
@දිනිති දීපිකා :
ටැංකූ දිනිති !!
@Ice (අයේෂා කුලතුංග) :
එහෙම උනා නම් මරු නේ. ඒත් එහෙම වසනාවක් මල්ලි කුමාරයාට කොයි ?
අත් නැතිව කොහොම ද උතුරු සළු ටික එකතු කළේ.?
ReplyDeleteකකුල් නැතිව නොහොම ද සීරිපා දේ ගියේ ?
කියන ප්‍රශ්ණ මටත් ආවා....
මේ.....ප්‍රශ්ණයක්.....අත පය නති කුමාරයා කොහොමද දැන් ඔය උතුරු සළු ටික එකතු කර ගත්තේ...
ReplyDeleteහරි ශෝක් මධුරංග අයියේ....මම මේ කතාව අහල තියෙනවා හැබැයි වෙනස් විදියකට....ආයෙත් දැක්ක එක ගැන සතුටුයි....
ReplyDeleteමං නම් ඔය කතාව අහල තියනවා ඕන්.. එත් එදා ඉඳල මගේ මොලේ තිබ්බා පුරස්නේ තමා කොහොමද මු අතපය නැතිව මේ සළු එකතුකිරිල්ල කලේ කියන එකයි ඊට පස්සේ කොහොමද සිරිපාදේ නැග්ගේ කියන එකයි..
ReplyDeleteමමනම් ඔය කතාව අහලා තිබ්බේ වෙනස් විදිහකට.. කොහොම් උනත් සොදුරු අක්කා අහපු ප්‍රශ්ණෙමයි මටත් තියෙන්නේ..
ReplyDeleteමං නම් හිතුවේ දිව්‍යාංගනාවෝ මල්ලි කුමාරයට අත්පා ලබාදෙයි කියලා :(
ReplyDelete"බිසවට මල්ලි කුමාරයා ගැන ආසාවක් ඇති උනා ලු." මේ ටික තේරුනේ නෑනෙ..
ReplyDelete"මලයගේ අත් දෙක වැලමිට හරියෙනුයි කකුල් දෙක දනහිස් ගාවිනුයි කපා දැම්මලූ." වැරදි එව්වනෙ කපලා තියෙන්නෙ..බිසවට රජ මඟුල්නෙ ඇයි අරූට බේරෙන්න බෑනෙ දැන්..
උතුරු සළු ඇඟේ තියෙද්දි නොපේන්නයි..ගළෝපුවම පේන්නෙයි මොකෝ?
මට නං පෙන විදිහට මෙතන කතා දෙකක් එකතුවෙලා. කතාවේ මුල හරිය "ලෝම හංස" ජාතකය. ජාතක කතාවේ එන්නේ අයියයි මල්ලියි නෙමෙයි, රජතුමයි - ඔහුගේ පුත් කුමාරයයි - රජ්ජුරුවන්ගේ දෙවෙනි කසාදෙ තරුණ බිරිඳයි. ඒකෙදි නං පුතාගේ හිස ගසා දමනවා.
ReplyDeleteදෙවෙනි කොටස මමත් අහල තියෙන සිරීපාද කතාව. හැබැයි මම අහපු කතාවේ නං ඉන්නේ කොරෙක්, එයාගේ අත් හොඳට තිබ්බ.
ඒ කතාව මෙහෙමයි; රජ්ජුරුවන්ගේ මගුල් උයනේ මල් අඩුවෙන්ඩ ගත්ත. මේකට හේතුව කාටවත් හොයා ගන්න බැරි උනා. රට පුරා අණ බෙරයක් යැව්වහම මල් හොරා අල්ලලා දෙන්න ඉදිරිපත් වෙන්නේ මේ කියන කොරා. කොරා හැංගිලා ඉඳල සුරංගනාවියන් කිහිප දෙනෙක් ගේ උතුරු සළු හොරකම් කරනවා. ඉතුරු ටික කියල තියෙන විදිහට තමයි. හැබැයි මල් මග ඔස්සේ සිරීපාදේ යන්නේ කොරා නෙමෙයි, රජ්ජුරුවෝ ඇතුළු පිරිසයි. ඒ රජු තමා නිස්සංක මල්ල රජ තුමා. එතුමගේ ගල් පොත සෙල් ලිපියෙත් මයේ හිතේ සිරීපාද නැඟි බව සඳහන් වෙනවා. කතන්දරේ නං ජන කතාවක් තමයි.
මේ කතන්දරේට නැවත පන දීම ගැන මදුරංග මල්ලිට ස්තුතියි.
දිග වැඩි නෑ හයියෝ හයියෝ හලීම සෝයි... මටත් සිරීපාදේ ගැන කතාවක් මතක් උනෝ... :))
ReplyDeleteඅලෙ මාත් අහලා තියෙනවා කතාව..ඕකේ ටිකක් වෙනස් වර්ෂන එකක් තියෙනවා ආතර් සි.ක්ලාර්ක් මහත්තාගේ පොතක..
ReplyDeleteචිත්‍රපටි කතාවෙ හැටියට සුරංගනාවියො කොරාට අත පය ලබාදෙනවා ආපහු උතුරු සළුව ලබාගන්න.... හැබැයි කොරා උතුරු සළුව ගත්තෙ කොහොමද කියන එක නම් මට හරියටම මතක නෑ.... ඒ උතුරු සළුව නැතුව ආපහු සුරංගනාවන්ට දිව්‍ය ලෝකෙට යන්නත් බැරිකමක් තිබ්බද කොහෙද.... ඒ අළුතෙන් ලබා දීපු අත පය හතරෙ පිහිටෙන් කොරාත් යනව සිරිපතුල වඳින්න... චිත්‍රපටියෙ කොරාගෙ චරිතෙ රඟපෑවෙ විජය නන්දසිරි.... ජෝයි, සුවිනීතායි රඟපෑව බවකුත් යාන්තමට මතකයි....
ReplyDeleteඅප්පච්චියේ..... මෙයත් දන්න කතා...
ReplyDeleteමටත් ආපු ප්‍රශ්නෙ අත් නැත්නම් සලු අල්ල ගත්තෙ කොහොමද කියලා...???
මම නම් අහලා තියෙන්නේ අර කොරා ගේ කතාව තමයි. නිශ්ශංකමල්ල රජතුමා ද මන්දා ජජතුමා ඒ කාලේ හිටිය, ඔය කතාව අදයි ඇහුවේ මමත්!
ReplyDeleteනිශ්ශංකමල්ල රජතුමාගෙ කාලෙදි නේද ඔය කතාව උනේ. මම නං අහල තියෙන්නෙ අර මල් උයනෙ මල් අඩුවුන කතාව.
ReplyDeleteකතාව පොඩිකාලේ අහල තියෙනවා වගේ යාන්තමට මතකයි
ReplyDeleteවටින් ගොඩින් අහල තියෙන මේ කතාව
ReplyDeleteඅත් පා නැති පුද්ගලයෙක් දිව්‍යාංගනාවෝ එක්ක සිරීපාදේ ගියා කියලනම් අහලා තියෙනවා හැබැයි මට මතක විදියට ඒ අත් පා නැති එකා රජතුමාගේ මල් උයනේ භාරකරු....මේ කතාව අදමයි ඇහුවේ ෂහ් මාරයිනේ
ReplyDeleteමාත් අහලනම් තියේ කථාව.හැබැයි රජ කුමාරයෙක්නම් නෙවී මම අහපු වර්ශන් එකේ උන්නෙ.
ReplyDeleteකොහෙද බං දිග වැඩි. කැඩුව නම් ඇත්තටම බෙල්ල මිරිකන්න ඕන.:)
ReplyDeleteඋඹත් දන්න කතා.
තොප්පිය දාගත්තා කියලා පත්තරේ තිවුනා..
ReplyDeleteසුභ පැතුම් මලේ..
මදුර මම හැටන් නෙවෙයි ගාල්ලේ.ඒත් අපේ ඉස්කෝලේ හරහා හැම අවුරුද්දක්ම එක කාලයක් ගියා.
ReplyDeleteඒ කාලෙ අහල තිබුනු කතාව ආයිමත් මතක් උනා.. ඒ කෙනාගෙ අත පය නැති උනේ කොහොමද කියන විස්තරේ නම් මතක නෑ..
ReplyDeleteමං මේ කතාව අදමයි ඇහුවේ. සුරංගනා කතාවක් වගේ......
ReplyDelete~~~**දඟ මල්ල**~~~
ක්ට්ත්ක්ස්ක්ට්ත්ා ඩ්ෙඩ්ද්ෙක්ක් ප්ට්ල්ව්ග්ෙන් න්ෙේඩ්ද්? ම්ම් අහ්ල් ට්ත්ිය්න් හ්ැට්ිය්ට් න්ම් , අට්ත් ප්ය් න්ැට්ත්ි ම්න්ුස්ස්ය්ෙක් න්ෙම්ෙය්ි, න්ිස්ස්න්ක් ම්ල්ල් ර්ජ්ජ්ුර්ුව්න්ග්ෙ ම්ල් ව්ට්ට්ත්ිට්ත්ථ්ෙට්ත්ව්ට්ත්ට්ත්‍ර්ට්ත්ෙ ම්ුර්ක්ර්ල්ිල්ිල්ල්ල් උය්න්ෙ ම්ල් ක්ඩ්ප්ු ස්ුර්න්ග්න්ා ව්ිය්න් අල්ල්න්න් හ්ිට්ප්ු ක්ොට්ා ට්ත්ම්ෛය්ි , ස්ුර්න්ග්න්ාව්ිය්න්න්ග්ෙ අඩ්ිව්ල් ම්ල් ව්ට්ට්ප්ු අඩ්ි ප්ාර් ඩ්ද්ිග්ෙේ ග්ිහ්ින් ස්ිර්ිීප්ාඩ්ෙප්ප්ඩ්ද්ෙ න්ග්ින් ර්ජ් ම්ාව්ට්ත් හ්ොය්ග්ට්ය්ාග්ට්ත්ට්ත්ෙ .
ReplyDeleteමේ "ලෝම හන්ස ජාතකයයි","සිරිපාදෙ යන රජ මාවත" හොයා ගත්තයි කියන ජනප්‍රවාදෙයි කලවම් කරගෙන නේද?
ReplyDelete