වැඩ ඇරිලා ගෙදර එන ගමන් අහම්බෙන් වගේ බෞද්ධයා ගුවන් විදුලිය සුසර කළාම වෙනදා වගේ යන ධර්ම දේශනාවක් විකාශනය උනා. ඒක ඉවර උනාම ඊලඟ වැඩසටහන පටන් ගන්න කලින් සිංදුවක් විකාශනය උනා.
සිංදුව තමයි,
සෙංකඩගලපුර දළදා බුදු රැස්
විහිදෙන තුරු නෑ වරදින්නේ
සිංහලයන් හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්ගේ
මේ සිංදුව අහනකොට මම් නොදැනුවත්ම වගේ අතීතයට ගියා. ඉස්සර හැම ගුවන් විදුලි නාළිකාවකම වගේ උදේට විකාශනය වෙන්නේ දේශාභිමානී ගීත ! ඒ දේශාභිමානී ගීත අතර ඔය සිංදුව හැමදාම වගේ යනවා. ඉතින් ඒ දවස්වල මට ඔය සිංදුව සෑහෙන වාර ගණනක් අහලා කට පාඩම් !
දේශාභිමානී ගීත වගේ තමා වෙළඳ සේවයේ ප්‍රවෘත්ති පටන් ගන්න කලින් යන පසුබිම් වාදනයත් මම් සෑහෙන වාර ගණනක් අහලා තියෙනවා.
ඒ දවස්වල අපේ අම්මා උයන්න නැගිට්ටාම ගෙදර තිබ්බ කෑලි හතරේ රේඩියෝ එක අනිවාර්යෙන්ම දානවා. එතකොටම මගේ නින්ද කැඩෙනවා. ඒ උනාට කම්මැලිකමට ඇඳෙන් නැගිටින්නේ නම් නෑ. ඇඳේ ඉදන්ම අකමැත්තෙන් උනත් ඒ සිංදු අහන්ඩ වෙනවා.
ඔය සිංදු ඇහිල්ල නතර උනේ මායි අපේ මලයයි දවල් වෙලාවක ගෙදර තිබ්බ එකම රේඩියෝව මස් කලාට පස්සේ !
මේ සිංදු ඇහිල්ල නම් කමක් නෑ කියලා කියමුකෝ. අපේ අප්පච්චි කන ලඟට කරලා "සා දුකින් පෙළෙන උන් දැන් ඉතින් නැඟිටියවු !" කියලා කියන එක තමා අහන් ඉන්ඩ අමාරුම !
ඔය එක එක සද්ද අතර තව එකම එක සද්දයක් මතකයි.ඒ තමා අපේ ගේ ඉස්සරහා තියෙන ජම්බෝල ගහට හැමදාම එන කවුඩා කෑ ගහන සද්දේ ! ඌ හැමදාම කෑ ගහන්නේ "ඩොටී ඩොටී රොටී කොපී !!!" කියලා.
දැන් කාලේ වෙනස් වෙලා. ගේ ඉස්සරහා ජම්බෝල ගහට එන කවුඩත් නෑ ! උදේට දේශාභිමානී ගීත ඇහෙන්නෙත් නෑ ! අපේ අප්පච්චි සා දුකින් කිය කියා අපිව ඇහැරවන්නෙත් නෑ !
කොහොමින් කොහොම හරි සිංදුව ඉවර උනාට පස්සේ තමා ආයෙම පියවි ලෝකයට ආවේ.
එහෙම කාළයක් ආයෙම එනවා නම්......
--------------------------------------------------------
ප.ලි. - ගීතය බාගන්නවා නම් මෙතන ක්ලික් කරන්ඩ.
අතීත කාමය කියන්නේ ඕකට වෙන්න ඇති . ගෙවුණු කාලය සුන්දරයි කියල හිතන එක . මටත් සැහෙන්න තියෙන ලෙඩක් .ඒත් ඒ දවස් ආයේ එන්නේ නැහැ
ReplyDelete//ඒ දවස්වල අපේ අම්මා උයන්න නැගිට්ටාම ගෙදර තිබ්බ කෑලි හතරේ රේඩියෝ එක අනිවාර්යෙන්ම දානවා. එතකොටම මගේ නින්ද කැඩෙනවා.//
ReplyDeleteඅපේ අම්මා තවමත් උදේට නැගිට්ට හැටියේ ටීවි එකේ පිරිත් දානවා. මටත් ඔය කෙං ගෙඩියම තමා..
සුන්දර අතීතයට නිදහසේ යන්න ඕනේ වෙලාවක..
කාලය මැවූ වෙනසක අරුමේ...!!!
ReplyDeleteඅපේ අම්මත් තාමත් උදේ නැගිට්ට ගමන් රේඩියෝ එක දානවා අයියේ.. සැමා අයියට වගේම තමා ඉතින් මටත්.. හී හී.. ලක්හඬේ එහෙම තාමත් ඔය වගේ සිංදු එකක් දෙකක් තාමත් අහන්න පුළුවන්..
ReplyDeleteම්ම්.. කාලය හුඟාක් දේවල් වෙනස් කරනවානෙ අයියා..:) අපේ අම්මත් තාමත් රේඩියෝ එකේ පිරිත් දානවා උදේම.. :)
ReplyDeleteදැන් නම් ඇත්තටම ඔය සිංදුව මුමුණන්න වෙලාව හරි මයෙ හිතේ. :(
ReplyDeleteහ්ම්....ඉස්සර මං ඇහැරෙන්නෙත් සුනිල් එදිරිසිංහගෙ “ලක්වැසියන් කෙරෙහි නැමී“ කියන කවිටික අහන ගමන්...
ReplyDeleteඇත්තටම දැන්නම් ඒව යනවද දන්නෙත් නෑ....
http://www.mediafire.com/?5juphwn4p3w08tf
ReplyDeleteමචන් මෙන්න පරණ version එකක් ඔය සින්දුවේම
අපේ ගෙදර එලාම් එක සෙට් කරලා තියෙන්නෙ රේඩියෝ එකට.. කෙලින්ම පටන් ගන්නේ පිරිත්.. පාන්දර 5ටද කොහේද.. ඒ උනාට මටනම් ඕවා ඇහෙන්නේ නෑ..
ReplyDeleteකාලයේ යන්ත්‍රයට හසුවී විනාශ වී ලගිය අතීතයක මතක...
ReplyDeleteඅතීතයේම එල්ලිලා ඉන්න එක මටත් තියන පුරුද්දක්...අතීතෙට අපි හැමෝම ආදරෙයි.
ReplyDeleteමටත් මතකයි ඉස්සර පාන්දරම ඇහෙන පිරිත්....ඊට පස්සෙ කම්මැළි කම නැතිවෙන සින්දු..දැන් නම් ඒව මොකුත් ඇහෙන්නෙ නැහැ.......
ReplyDelete//අපේ අප්පච්චි කන ලඟට කරලා "සා දුකින් පෙළෙන උන් දැන් ඉතින් නැඟිටියවු !" කියලා කියන එක තමා අහන් ඉන්ඩ අමාරුම !//
ReplyDeleteනියම අප්පච්චි කෙනෙක්...:D
අර බින්දි අක්ක කිව්ව වගේ අතීතකාමය කියන්නෙ අපි කාටවත්ම මිදෙන්ඩ බැරි දෙයක් නෙ මලයො...ඉස්සර කොච්චර නං වැඩසටහන් තිබුණද උදේට හවසට අපිට අහන්ඩ... දැන් මේ හිතාගන්ඩවත් බැරිතරම් ගාක් තියෙන චැනල් සේරගෙම උදේට යන්නෙ කිචි කවාගෙන හිනාවෙන්ඩ ඕනෙ ගොංම ගොං කුණු කතා....එක්කො නැත්තං නිවේදකය නිවේදිකාව සවුත්තු කරල හිනාවෙන එව්ව.... හැන්දෑවට යන්නෙ කොහෙ හරි සිද්ධ වෙච්ච මිනී මැරුමක් දූෂණයක් රගපාල පෙන්නන කතන්දරනෙ.. කොයි වෙලේවත් නෑ ලේ කෝප නොවී අහන්ඩ පුලුවං එකක්... බොහොම සීමිත ප්‍රමාණයක් නාලිකා ඇරුණම... මම නම් රෑපවාහිනී ගුවන්විදුලි කියන මාධ්‍යයන්ගෙන් ඈත්වෙලා දැන් අවුරුදු හය හතක් වෙනව... ප්‍රවෘත්තිවත් බලන්නෙ නෑ... අපේ ගෙදර ඒව ඔන් කරන්නෙවත් නෑ ඇත්තම කිව්වොත්...
ReplyDeleteඅපේ අම්මත් නැගිට්ට ගමන් කරන්නේ පිරිත් දාන එක...... නින්ද එතනින්ම ඉවරයි......
ReplyDeleteසා දුකින් පෙළෙන උන් සින්දුව ඒ කාලේ අපේ ඉංග්‍රිසි සර්ගේ කටේ නිතරම තිබුන එකක්.. පොත උඩ නිදි කිරා වැටෙද්දි ඕක නිතරම කිව්වා.....
අම්මේ....ඒ කාලේ මතක් වුනා අයියාගේ මේ වචන වලින්..
ඒ කාලේ හරිම ලස්සයි..
ReplyDeleteමටත් හිතුනා මලයා බෞද්ධයා ගුවන් විදුලිය අහනවා ඇති කියලා ඉස්සෙල්ලා ලියපු කතාවත් එක්ක.මාත් ඊයෙ ඔය සින්දුව ඇහුවා.මට හිතුනෙ ඇත්තටම දැන් දළදා සමිඳුන්ගේ පිහිට තමා නේද කියලා.
ReplyDeleteඅපේ ගෙදරත් උදෙන්ම දාන්නෙ පිරිත්.වෙලාවට මගෙ කාමරේට ඇහෙන්නෙ නෑ.ඇහුනත් මට ඇහැරිලා ආයෙ අනික් අතට නින්ද යයි.
දැන් කාලෙ ගැන කවර කතාද දුක තමා
මොන එකකටද මංද මට ඉස්සර දවස්වලට යන්නම හිතෙන්නෙ නෑනෙ. සමහර අය ඉස්කෝලෙ කාලෙ කොච්චර ලස්සනයිද අප්පා, ආයෙම යන්න ඇත්නම් කියල කියනව ඇහුනම මටනං මතක් වෙන්නෙ කට්ට කාගෙන පාඩම් කරපු හැටි, ගිණි අවුවෙ රැස්වීම් වල හිටගෙන හිටපු හැටි, සර්ලගෙන් ගුටි කාපු හැටි, ටියුෂන් පන්තියෙ ඉරෙට්ටෙ වාඩිවෙලා නූලෙ ලියාප්ය් හැටි, කෙල්ලං පස්සෙ ගිහිල්ල චාටර් වෙච්ච හැටි. පොඩි කාලෙට යෑම ගැන උනත් හෙම්මමයි. මොන තරං කරදර, වදකාර කාලයක්ද දෙයියනේ ඒක.
ReplyDeleteමටත් මතකයි ඉස්සර අපේ අම්මත් උදේ පාන්දරම ස්වදේශීය සේවය දානවා. ඒකෙ 5.30ට දේශාභිමානී ගීත යන්න පටන් ගන්නෙ.
ReplyDeleteමමත් ගිය සැහෙන අතීතයකට.. රේඩියෝව අල්ලං.. මේ ඩිංගට මම මුවන් පැලැස්ස රෑ අටට අහලයි ආවේ ඔන්න,.
ReplyDelete// කෑලි හතරේ රේඩියෝ //
ReplyDelete4 ඉන් 1 එකක්ද ? :-)
වාසනාවකට වගේ මගේ කන ළඟින් කෝච්චියක් ගියත් මට ඇහැරෙන්නෙ නෑ නෙව..
ReplyDeleteඉස්සර උසස්පෙළ පන්ති යන්න උදේ පාන්දර බස් එකෙ යද්දි මේ වගේ ලස්සන සින්දු අහන්න ලැබුනා මතකයි..
කාලයේ හොර රහසේ යනවා
ReplyDeleteඉස්සර කාලෙට යන්න තියනම් කියල හිතෙන වාර නම් අනන්තයි. කොහොම නම් අමතක කරන්නද ඒ කාලේ
ReplyDeleteහැමදේම මොඩන් වෙන මේ කාලේ දැනට තියෙන දේවලුත් ඉස්සරහට නැතිවෙයි.අපි කව්රුත් කැමති අපෙන් නැති වෙන දේවල් වලට තමා.
ReplyDeleteතව ඔය වගේ සිංදු ලිස්ට් එකක් තියෙනවා... අප්පා ඒවා අහද්දි... ඇත්තටම ඉස්සර කාලෙට යැවෙනවා...
ReplyDeleteපහුගිය දවසක අමිතා වැදිසිංහ කොම්පඤ්ඤ විදිය පැත්තේ ඉඳන් යුනියන් ප්ලේස් එකේ මහ ගිනි මද්දහනේ පාරදිගේ පයින්ම එනවා දැක්කා. මම ටික වෙලාවක් බලා හිටියා. ඇය මා පසු කරන විට මමත් එක්ක බොහොම අහිංසක විදියට සිනාසුනා.ටිකක් දුර ගිහින් ඇය ආපසු හැරී මා දිහා බැලුවා.අයට තේරුණා මම ඇයව අදුනාගත් බව.
ReplyDeleteඅයෙ වසර ගනනාවකට කලින් බම්බලපිටියෙ පාස්පෝට් ඔෆිස්එක තිබ්බ දවස්වල ඇය පාස්පෝට් එකක් ගන්න ඇවිත් සෙනග අතරෙ රස්තියාදු වෙනවා දැකලා මම එතන වැඩකරන නිලධාරියෙකුට කීවා මේ තමයි අමිතා වැදිසිංහ කියන්නෙ. මෙයාගෙ සිංදු මේවා කියලා.
මං ඒක කිව්වා විතරයි. වහා ඇය කැඳවලා ඇගේ ගමන් බලපත්‍රය ඉක්මනින් හදල දුන්නා. මගේ වැඩේ කෙරුණෙ බොහෝ වෙලාවකට පස්සෙ. එදත් ඇය ස්තුතියි මල්ලි අපි ජනප්‍රිය නෑනෙ කියලා ගියා.
ඉස්සර මම නතර වෙලා හිටපු ගෙදරත් පාන්දර තුනට බන දානවා :)
ReplyDeleteමටත් මතකයි අම්මා අහන ගුවන් විදිලි සංස්ථාවේ චැනල්.දැනටත් එහෙම තමයි.එත් අපේ කාලේ වෙද්දී අපි එහෙම කරනකක් නැති වෙයි.
ReplyDeleteඇයි බන් දැනුත් උදේට යන‍්නෙ දේශාභිමානී ගීත... සද්දෙ ටිකක් වැඩී, කොත්තු ගහනව වගේ වුනාට ගනන් ගන්න එපා :)
ReplyDelete@Bindi :
ReplyDeleteඅතීත කාමය ? ඔය වචනේ මම් ඇහුවේ අදමයි. ඇත්තමයි අක්කා.
@sAm (සෑම්) :
බොලා ගියොත් මොන මොනා එළියට ඒවිද දන්නේ නෑ
@ChammA :
සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා !
@ප්‍රාර්ථනා :
ReplyDeleteඑහෙනම් මාත් අද ඉදන් උදෙන්ම ලක්හඩ අහන්න ඕනා.
@හිතුවක්කාරි :
අනේ වාසනාවන් !
අපට නම් පිරිත් දාන්න ඕන නෑ. එහා ගෙදර ඈයෝ අපටත් එක්කම පිරිත් දානවා
@නාකියා :
නාකියාට විතරයි ඒක තේරුනේ !
@අග්නි ධාරා... :
ReplyDeleteඒකත් මරු සිංදුව !
සිංදු අහගෙන ඇහැරෙනවා ??? අම්මෝ මට නම් එපාම කරපු වැඩක් ඕක !
@Sahan Maldeniya :
ටැංකූ ටැංකූ !!
@Dinesh :
අන්න නියම කොල්ලෝ. මට නම් නින්ද යන්නෙම නෑ.
@දිනිති දීපිකා :
ReplyDeleteඅම්මා පල්ල කතාව නම් සහතික ඇත්ත !
@සයුරි :
අතීතය තරම් වර්ථමානේ සුන්දර නෑ නේද අක්කේ ?
@වින්චැට්කිරිල්ලි.:
දැන් ඉතින් කොහෙද සිංදු දාන්නේ !
@Praveena Palipana :
ReplyDeleteඅපොයි පොඩ්ඩි ! මොක එහෙම කියන්නේ ?
@hansakinkini :
හරියට හරි අක්කේ. දැන් ටීවි එකක් දැම්මොත් එකම තාලේ වැඩසටහන් !
රේඩියෝ එකක් දැම්මොත් මෙලෝ හසරක් නැතුව හිනා වෙවී චාටර් කරගන්න වැඩසටහන් ! මෙලෝ රහක් නෑ !
@අකීකරු හිත :
ආහ්.... ඒක නෙමේ.. නංගි පන්ති ගියේ කොහාට්ටද ? නුවරට ද ?
@Nilanga Sanjeewa :
ReplyDeleteටක්කෙටම හරි !
@නිසුපා :
එතකොට අක්කයි මායි දෙන්නම බණ අහනවා !! සතුටුයි සතුටුයි !
@නවම් :
මං ටක්කෙටම කියන්නම් අයියා යන්ඩ කැමති කොයි කාලෙටද කියලා. අයියා යන්ඩ කැමති කටුනායක වැඩ කරපු කාලෙට නේ ??
@කිරිපුතා :
ReplyDeleteවෙලාව හරි වෙන්ඩ ඕන. හික්ස් :)
@ක්සැන්ඩර් | Xander :
මාත් ටික කාලයක් ඕක ඇහුවා පොකට් රේඩියෝ එකකින්.
@Observer :
ඒ කිව්වේ ?? කෑලි 4ක් කියලා කිව්වේ බැට්ටි කෑලි !!!
@මඩිස්සලේ නිශාන් :
ReplyDeleteහ්ම්... හ්ම්.. ඒවත් නැති වෙලා යයි !
@prasanna86k :
ලිස්ට් එකක් තියෙනවා කිය කිය ඉන්නේ නැතුව පොඩි මේල් එකක් දෙකක් එවුවා නම් නරකද ??
@රූ.... :
අපි නම් බස් එකේ පන්ති ගියේ නෑ. රේල්ලුවේ නේ පන්ති ගියේ.
@Mad terminal :
ReplyDeleteයනවා නේන්නම් !
මෑඩ් ටර්මිනල්ව මගේ අඩවියට සාදරයෙන් පිලිගනිමි !
@පැතුම් [සිතුම් පැතුම්] :
අමතක කරන්නම අමාරුයි !
@දයානන්ද රත්නායක :
දුක තමයි !
එක රැයකින් ජනප්‍රිය වෙන ගායක ගායිකාවෝ පාරක යනවා දැක්කා නම් අපේ කට්ටිය දුවගෙන ගිහින් වඩාගනියි. ඒත් රටක් ජාතියක් අවදි පරවපු මේ වගේ ගායක ගායිකාවෝ මලත් කවුරුවත දන්නේ නෑ.
ජාතියකට ගිය කලක් !
@වර්ණා :
ReplyDeleteඉතින් ඔයා අහනවද ?
@අසරණයා :
හ්ම්... අසරණයත් රේඩියෝ අහන්න පුරුදු වෙන්න. කොටින්ම වෙලඳ සේවය බෞද්ධයා වගේ චැනල් !
@සාතන් :
ඒවගේ ගීත යන්ඩ ඕන හවස නේ. ඒ වෙලාවටනේ කොත්තු උනත් කන්න හිතෙන්නේ.
ඔය සින්දුව මම හරි නම් අමිතා වැදිසිංහ මහත්මියගේ එකක්. පුදුමාකාර හැඟීමක් හිතට දැනෙනවා ඇහුවම. ඒත් රට යන විදිය ඔය සින්දුත් දැන් කුණු කූඩේ වගේ!
ReplyDeleteඅපරාදේ කියන්ඩ බෑ දැන්නං මාව උදේට ඇහැරවන්නෙ අපේ බෝඩිමේ උන්.උංට හරි ඉරිසියයි මම ටිකක් වැඩි පුර නිදා ගන්නවට.
ReplyDeleteකෑලි හතරේ රේඩියෝ??ඔයාලගෙ ගෙදර රේඩියෝ ඒකට කෑලි 4ක් තිබ්බද ?
ReplyDeleteසාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්!!!
ReplyDeleteඅන්තිම සටනට සැරසියව්!!!
ඔන්න ඔහොමයි අපි නම් කියන්නෙ.:)
ඉස්සර ස්වදේශීය සේවේ පිරිත් ගිහින් ධර්ම දේශනා එහෙමත් ගියාට පස්සේ 5.30 ඉදන් 6 වෙනකම් දේශාභිමානී ගීත ගියේ. දැන් නම් කොහොමද දන්නේ නැහැ
ReplyDelete