විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉන්නැද්දි අපේ පරිගණක සංගමයට අරමුදල් රැස් කරගන්න චිත්‍රපටි උළෙලක් සංවිධානය කලා. අපේ බැච් එකේ හැමෝම වගේ මේ වැඩේට මුල් වෙලා කටයුතු කලා. කට්ටියම කතා උනේ චිත්‍රපටිවලට ඩොල්බි ශබ්ද පද්ධතියක් ගේන්න ඕනෙයි කියලා.
ඩොල්බි ??? ආයෙමත් නොදන්න දෙයක් ඇහුවා. වචනේ අහලා තිබුනට තේරුම දැනන් හිටියේ නෑ.වෙනදා වගේම මගේ ඔලුව උඩ ප්‍රශ්නාර්ථයක් මැවුනා.
චිත්‍රපටි උළෙලේ පලවෙනි දවසත් උදා උනා කියමුකෝ. එදා හවස දේශන ඉවර වෙච්ච හැටියෙම චිත්‍රපටි පෙන්නන්න සූදානම් කරලා තිබ්බ අපේ කලාගාරය පැත්තට දිවුවා මොකද්ද මේ ඩොල්බි කියලා බලන්න.
"මචං මොනවද මේ ඩොල්බි කියන්නේ ??" බෆල් ටිකට වයර් අමුන අමුන හිටපු හාවාගෙන් ඇහුවා.
"ඩොල්බි කියලා කියන්නෙ මචං ෆිල්ම් එකේ අපට ඇහෙන ශබ්දය චැනල් හයකට(right front, center, left front, rear right, rear left) එහෙමත් නැත්නම් කොටස් හයකට වෙන් කරලා ප්‍රේක්ෂකයාට අහන්න සලවන්න පුලුවන් ක්‍රමයක් !! "
"ඉතින් ඒකේ තියෙන වාසිය මොකද්ද බං ?"
"මෙහෙමනේ බං. එතකොට ලඟ ඉදලා ඇහෙන ශබ්ද ලඟ ඉදලා එන විදිහටත් දුර ඉදලා ඇහෙන ශබ්ද දුර ඉදලා ඇහෙන විදිහටත් අහන්න පුලුවන්. උබ හිතපන් කාර් එකක් තිරයේ වම් පැත්තේ ඉදන් දකුණෙ පැත්තට ගියා කියලා. මේ සවුන්ඩ් සිස්ටම් එක නිසා ෆිල්ම් එක බලන එකාටත් හිතෙන්නේ කාර් එක තිරය හරහා ගියා කියලා.ඒක හරියට ෆිල්ම් එක ෂූට් කරන තැන ඉදන් ෆිල්ම් එක බැලුවා වගේ ෆීලින් එකක් එනවා ! "
අපේ හාවගේ සරල පැහැදිලි කිරීම නිසා නොදැනගෙන හිටපු දෙයක් දැනගන්න පුලුවන් උනා. ඕනම දෙයක් නොදැනගෙන ඉන්නවට වඩා චුට්ටක් හරි දැනගෙන ඉන්න එක වටිනවා.එදා තිබ්බ චිත්‍රපටිය එක බලනකොට ඒකා කියපු කතාව ඇත්ත කියලා හිතුනා.
පස්සේ දවසක මට වර්චුවල් බාබර් ෂොප් කියලා ඕඩියෝ එකක් ලැබුනා. ඒකත් මේ වගේ සවුන්ඩ් සිස්ටම් එකකට හදපු එකක්. ඒක ඩොල්බි වගේ චැනල් 6කට කඩලා නෑ. හෙඩ් සෙට් එකෙන් අහන්න පුලුවන් විදිහට චැනල් දෙකකට වෙන් කරලා හදපු එකක්. අහලා නැති කෙනෙක් ඉන්නවා නම් ඩවුන්ලෝඩ් කරගෙන අහලා බලන්න.
මතක ඇතුව හෙඩ් සෙට් එකකින් අහන්න. නැත්නම් අහලත් වැඩක් නෑ.
අහල බලමුකො එහෙනම්.
ReplyDeleteඔන්න බාගෙන ඇහුව ...
ReplyDeleteඅඩේ මරු බං
අද තමා බොහොම සරළ විදිහට ඩොල්බි කියන තේරුම දැනගත්තේ .. තැන්කු තැන්කු.
අහ් මම් අහල තියනව හරියට කනත් කපාගන යනව වගී දැනෙනව වෙලාවකට.හෙඩ් සෙට් දාලමයි අහන්නෙ ඔනේ.මරු.
ReplyDeleteශෙහ්..ඒක නම් නියමයි, ඇත්තටම හෙයාර් කට් එකක් ගන්න ගියා වගෙයි !..හෙඩ් ෆෝන් එකට තමයි නියමෙට වැඩ කරන්නෙ.. ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..
ReplyDeleteමමත් දැනං හිටියෙ නෑ..බාබර් ෂොප් එකේ කතාව නම් මල්ලි ගෙනත් දීලා අහලා තිබුනා..මාරයි කන කොයි වෙල් කැපෙයිද දන්නෑ වගේ..
ReplyDeleteහප්පා හෙඩ් ෆෝන් දෙකක් දාගෙන අහපු නිසා මම මයෙ කොනෙඩේ අතගාලත් බැලුවා සිරාවටම කැපිලද කියලා .. ෆට්ටයි ඈ
ReplyDeleteසිරාවටම කියන්නේ මාත් ඕකෙ තේරුම දැනගත්තේ දැන්....:)
ReplyDeleteස්තුතියි!
ReplyDeleteසවුන්ඩ් සිස්ටම් එක ගැන දැන ගත්තාට නම දැනගත්තෙ අද..
මමත් කලින් කොණ්ඩෙ නම් කපලා තියේ...
හික්ස්.... මං අහලා තියෙනවා ඕක. නියමයි...
ReplyDeleteඅම්මෝ... 5 වසරෙන් පස්සේ බාබර් සාප්පුවකට ගියාමයිද කොහෙද? කොන්ඩේ කපද්දී නිකන් කිචි කිචි වගේ.. මරු අයියේ....
ReplyDeleteඑළ එළ ඔය "... හෙයා කට් එක මමත් අහලා තියනවා"
ReplyDeleteයන්තම් ඩොල්බි දැනගත්තා. ගොඩාක් ස්තූතියි. ඒ ගමන්ම අර ගොඩාක් අය එපා කියද්දිම කොන්ඩෙත් කපා ගත්තා. :D
ReplyDeleteමධූ ටයි හාවා ටයි දෙන්නටම ස්තුතියි ඩොල්බි ගැන කියල දුන්නට..
ReplyDeleteඑළ ට්‍රයි එකක් දාලා බලන්නං....
ReplyDeleteනිකම් මාලු කපන කතුරක සද්දෙ වගේ මට නම් ඇහෙන්නෙ...හික්ස්..
ReplyDeleteඩොල්බි කිවුවම මතක් උනේ.. ඔන්න දැන් 4D චිත්‍රපටිත් එනවලු.. ඒවයේදි සුවද දැනෙනවා කියන්නේ...
ReplyDeleteකොණ්ඩේ එක්ක කණත් කැපුවද ෂුවර් නැතුව හිටියේ. මරු ක්ලිප් එක..
ReplyDeleteවචනෙ අහල තිබ්බට තේරුම හරියටම දෑන ගත්තෙ අද . ස්තූතියි .
ReplyDeleteසිරා මචං මම ඕක අහුවේ ෆෝන් එකෙන්. ෆෝන් එකේ හැන්ඩ්ස් ෆී දාගෙන අහපං පට්ට !
ReplyDeleteඑල එල.....මමත් ඕක අහලා තියෙනවා...දැන් එන අළුත් games සෙල්ලම් කරද්දීත් ඔය සද්දේ වෙනස අහන්න පුළුවන්...
ReplyDeleteඅවංකවම මමත් අද තමයි ඩොල්බි ගැන දැන ගත්තෙ .......
ReplyDeleteඅහ් ඕක මරු යො කට් එක...
ReplyDeleteහප්පටසිරි.. මූ මගේ කණත් එක්කම කැපුවදකොහෙද....
ReplyDeleteආ......... මගේ ලඟත් තියෙනවා ඔය ඕඩියෝ එක...
ReplyDeleteඒක නම් ෆස්ටයි ඈ......
කාලෙකින් කොන්ඩේ කපල නැති නිසා ඔළුවම හිරිවැටෙනවා ඒක අහනකොට.. :DD
ඔක කාලෙකට ඉස්සෙල්ල මම ඇහුව මතකයි යාළුවෙකුගෙ ෆෝන් එකක තිබිල. හොලෝග්‍රෑම් කියල යූ ටියුබ් එකේ සර්ච් කලාම ඔයවගේ කෑලි තිබුන මට මතක විදියට. ඒවයෙන් සාර්තකම එක තමයි ඕක.
ReplyDeleteබොරු කියන්නේ මොටෝ.. අදයි මන් දන්නේ ඔකේ තේරුම.. බොහොම ස්තුතියි බෙදාගත්තාට..
ReplyDeleteඅද මම අහම්බෙන් විදුසර පත්තරෙ බැලුවා. ඒකෙ මේ සතියේ ලෝකෙ සිද්දඋන විශේෂ සිදුවීම් වල තිබ්බ මේ තාක්ෂණය හොයාගත්තු Ray Dolbyගෙ උපන්දිනේ 1933 ජන්වාරි මාසෙ 18 වෙනිද කියල. මදුරංග කොහොමහරි ඊට දවසකට පස්සෙ මේ පෝස්ට් එක දාල.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Ray_Dolby
වැඩ කොරන තැන ඉඳන් කියෙව්වෙ, ගෙදර ගියාම හෙඩ් සෙට් එකක් දාගෙනම අහල බලන්නං
ReplyDeleteමම ඕක පලවෙනි පාර ඇහුවෙ කන් දෙකට ගහන ඕනෙ දෙක මාරු කරගෙන...
ReplyDeleteවම් ඉයර් පීස් එක දකුණට දකුණ වමට...
ඉතිං වම දකුණ විතරක් නෙවෙයි.. උතුර දකුණත් මාරු උනා...
මට මතකයි ගාල්ලෙ කුවීන් සේ අභා බැලන්න ආපි ස්කෝලෙක පොඩි උන් වගයක් අස්වයො එනකොට නැගිටල පිටිපස්ස බැලුවා... :D
මමත් අදමයි ඕකෙ තේරුම දැනගත්තෙ...
ReplyDeleteදැන් ගොඩක් ෆිල්ම් හෝල් වලත් සවුන්ඩ් සිස්ටම් එක ඩොල්බි වෙලා! හැබැයි ඒකත් දැන් පරණ වේගන යන එකක් මම දන්න විදියට! ෂැහ්....හාවොත් දන්න දේවල්!
ReplyDeleteඋඩටයි යටටයි දෙකටමමත් ඕක හරිද?
ReplyDeleteරොකට් එකක චලිතයකටත්
හෙඩ් සෙට් 1ක් නැති හින්දා බාන්න හිතක් තිබුනේ නැ. එත් කමෙන්ට්ස් දැකලා බාන්න හිතුනා. පස්සේ දවසක අහනවා.
ReplyDeleteMC eke 3D cinema eka Dolby 7.1 ,අද වෙනකන් චිත්‍රපටියකදි අහපු හොඳම සවුන්ඩ්(චිත්‍රපටිය ගැන වැඩි විස්තර හෙට ආලකමන්දාවෙන් ) , ගෙදර චිත්‍රපටි බලන්නෙත් Dolby සපොර්ට් කරන සවුන්ඩ් කාඩ් එකකින් ඒ නිසා මගේ ජිවිතේට නම් Dolby සැහෙන්න සමීපයි . ඔය කොන්ඩෙ කැපිල්ල අහපු වෙලාවේ නම් සඳරුවා වගෙ මාත් කොන්ඩෙ අතගාල බැලුවා !
ReplyDeleteමාත් ඕක අහල තියෙනවා. කතුරෙ සද්දෙට ඇත්තටම හිතෙන්නෙ කොණ්ඩෙ කැපුනද දන්නෑ කියලා.
ReplyDeleteඔය DOLBY කියන ඒක තේරුම දැනගෙන හිටියේ නැති උනාට හාවා කියපු තේරුම අදාල වෙන්නේ සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකකට කියල නම් දැනගෙන හිටියා..තව ටිකක් හොයල බලන්න ඕන.
ReplyDeleteඑල
ජයවේවා!!!
මම නම් මෙලෝ දෙයක් දන්නේ නෑ මලේ. සොයාබලන්න ඕනේ
ReplyDeleteඇදෙ අයියේ අද තමයි ඩොල්බි ගැන හරියට දැන ගත්තේ
ReplyDeleteමමත් ඔය ගැන දැනගත්තේ අද
ReplyDeleteසිද්දිය හරියට දැනගත්තේ අදයි ...
ReplyDeleteඔන්න අද තමා ඔය සෙල්ලම ගැන දැනගත්තේ. තැන්කු අයියා
ReplyDelete