02 January 2012

කාවඩි බයිලා

වැඩ ඇරුනට පස්සේ හවස හයයි විස්සට ආමර් වීදියෙන් ගමට යන බස් එක අල්ලගන්න මම මාර ම ගේමක් දෙන්නේ. ඒ වෙන මොකක්වත් හින්දා නෙමේ. ඒ බස් එකේ පැතලි තිර ටීවී එකක් තියෙනවා. ටීවී එකේ හැමදාම ඒ වෙලාවට සංගීත වීඩියෝ සීඩී එකක් දාගෙන යනවා.

ගෙදර යනකන් ඕකේ සිංදු ටික අහගෙන යන්න පුලුවන් නිසා ගමන් මහන්සියක් දැනෙන්නෙත් නෑ. කාලයක් තිස්සේ ඉදන් ඔය බස් එකේ යන නිසා වීසීඩී එකේ සිංදු අනුපිළිවෙලයි ගායකයෝ ස්ටේජ් එකට නගින අනුපිලිවෙලයි මට කටපාඩම් !

අදත් වෙනදා වගේම බස් එකේ ඉස්සරහා දොරින් නැගලා ටීවී එක කිට්ටුවෙන්ම හිටියා.වෙනදා දාපු සීඩී එක වෙනුවට අළුත්ම සංගීත වීඩියෝ එකක් ! සන්ෆ්ලවර්ස්ලා සෙල්ලම් කලේ ! සුපිරි සංගීතයක් !

ඔහොම සිංදු අහගෙන යනකොට හැඳල හංදිය පහුවෙනකොටම වගේ නිහාල් නෙල්සන් ස්ටේජ් එකට නැග්ගා ! මම ආසම ගායකයා ! කනට මී පැණි වක්කරනවා වගේ හයේ අටේ සිංදු ටිකක් පටන් ගත්තා.නිහාල් නෙල්සන්ගේ සිංදු වලට සංෆ්ලවර්ස් සංගීතය කියලා කියන්නේ මීකිරියි කිතුල් පැණියි වගේ. පුදුම සුසංයෝගයක් !

මට නම් නිහාල් නෙල්සන් ස්ටේජ් එකේ මොන සිංදුව කිව්වත් වැඩක් නෑ කාවඩි බයිලා සිංදුව කිව්වේ නැත්නම්. කාවඩි බයිලා සිංදුවේ මැද්දක සිංදුව නවත්තලා විනාඩි පහක් විතර එක දිගට ඩ්‍රම්ස් වාදනයක් යනවා. මම ඒක අහන්න තමා ගොඩක්ම ආස.

පොඩි කාලෙත් ඔය සිංදුව යනකොට නනා හිටියත් වතුර බේරි බේරි හරි කමක් නෑ සාලේ මැද්දේ හිටගෙන ඔය සිංදුව ඉවරවෙනකන්ම අහලා යන්නේ.ඒ තරමට මම ඔය සිංදුවට ආසයි.ඒ මතකයත් අද අළුත් උනා.

කොහොමහරි සන්ෆ්ලවර්ස් ඩ්‍රම්ස් වාදකයා නියමෙටම කාවඩිය ගැහුවා.කාවඩිය ඉවර වෙලා ආයෙම සිංදුවට එනකොට විසිල් පාරක් වදින්න ගිහින් යන්තන් අත, කටට යන එක නවත්ත ගත්තා.

කාවඩි බයිලා සිංදුවෙන් පස්සේ නිහාල් නෙල්සන් ස්ටේජ් එකෙන් බැහැලා ගියා. මට ඇඬෙන්න වගේ ආවා. ඒ වෙන මොහොකටවත් නෙමේ. ඒ වෙනකොට මම බහින තැන පහුවෙලා හෝල්ට් දෙකකුත් ගිහින්. අන්තිමේදි ඩ්‍රැයිවර්ට කියලා බස් එක මගින් නවත්තලා බැහැගත්තා.

ඊට පස්සේ පහුවෙච්ච හෝල්ට් දෙක පයින්ම ගියා. වෙනදා වෙලාවට වඩා පරක්කු වෙච්ච නිසා අපේ අම්මා වැට ගාවට ඇවිත් මම් එනකන් පාර දිහා බලාගෙන හිටියා.

"මොකද ලොක්කෝ අද වෙනදට වඩා පරක්කු ?"

"දන්නේ නැද්ද අම්මේ කොළඹදි ට්‍රැෆික් එකට අහු උනා." මම එහෙම කියාගෙන ගෙට ගොඩ උනා.

ඔන්න ඕකයි අළුත් අවුරුද්දේ වැඩට ගියපු පළවෙනිම දවසේ උනේ.

දශක කිහිපයක් ගීතයෙන් ප්‍රේක්ෂක සිත් සතන් සුවපත් කළ නිහාල් නෙල්සන් කළාකරුවාට දීර්ඝායුෂ පතන්නෙමු.

50 දෙනෙක් අදහස් පලකලා .:

~~තරූගේ ලෝකය~~; said...

හී හී..කොහොම හරි කමක් නෑ මධුරංග අයියේ හෝල්ට් දෙක තුනක් පයින් ගියත් ඔයාගෙ රසවින්දනයට බාධාවක් උනේ නෑ නොවැ....!!

Ruka said...

ඔකනෙ කියන්නෙ කගෙවත් බයිලා අහන්න එප කියලා.......

අසනි said...

අනේ මෙහෙම කොල්ලෙක්............

පිණිබිඳු... said...

නිහාල් නෙල්සන්ටම ආවේණික වෙච්ච නැටුම තමා. මැවිලා පේනවා.

Observer said...

කාවඩි සින්දුවත් ලින්ක් එක හරි දැම්ම නං....

වැලිමැඬියා said...

මමත් හිතුවෙ කාවඩි සිංදුවෙ ලින්ක් එක දාලා ඇති කියල....
මොන කරුමයක්ද මන්ද සමහර අය නිහාල් නෙල්සන්ගෙ සිංදුවලට කැමති නෑ...මමත් හරියට අගය කරන ශිල්පියෙක්...ලස්සනට පිපුන වන මල් මොනතරම් සුන්දරද?...එතැනින් පටන් ගත්තු කතන්දර පේලියෙ තියෙන්නෙ අහගෙන ඉන්නට ආසා හිතෙන ආදර්ශමත් කතා...

Shani said...

ඇඟ බහින්නත් එක්ක පොඩ්ඩක් ඇවිද්දම මොකෝ නේ? :D

රූ.... said...

හික්ස්..මට කතාව මැවිලා පේනවා..සුභ නැකතකින් අවුරුද්ද පටන් අරන් වගේ...!!

සයුරි said...

නිහාල් නෙල්සන් ගේ ඇක්ෂන් වලට තමයි මම ආසම...ඇඟෙනුත් සින්දුව කියනවනේ :)

Anonymous said...

අඩෝ පට්ට සින්දුව බන්!!!!!!!!!!සුපිරි

ක්සැන්ඩර් | Xander said...

බඩුම තමා.. තව සින්දු දෙක තුනක් කිව්වනම් ඉතින් අපහු එන්න වෙන්නේ අනිත් බස් එකේ ...
... 2012 සුභ නව වසරක් වේවා.. ඔබටත් පවුලේ සැමටත්..

Dinesh said...

හොද වෙලාවට ගෙදර එද්දි ඕක උනේ.. උදේ වැඩට යද්දි උනානම් තමයි මරු.. නිහාල් නෙල්සන් මහතා මයික් එක ඒ අතින් මේ අතට විසි කර කර සිංදු කියද්දි මාත් පොඩි එකා කාලේ කට ඇරන් බලන් හිටියේ.. දැං කියලත් වෙනසක් නෑ.. :)

Music girl said...

දැන් ඉතින් මුළු අවුරුද්දම ඔහොම වෙයිද දන්නෙ නෑ. හී..හී...

prabath's blog said...

http://www.youtube.com/watch?v=qbLaxa0pXEE

රාජ් said...

පොඩි පරක්කුව ගනංගන්න එපා. ඒවගේද ආතල් කැඩෙනඑක. අනෙක පයින් ගමන හොද එග්සසයිස් එකක්.:)

Podi Kumarihami said...

මම මේ කල්පනා කරන්නේ සිංදුවක් ඇහෙන ගානේ කනට මීකිරියි, කිතුල් පැණියි වැටෙනවා වගේ නම් කොහොම තියෙයිද? අහන්ට දෙයක්ද බහින තැන අමතක වෙලා යන එක. කන ඇහෙන්නේ නෑනේ. කනේ මීකිරි සහ පැණි පිරිලනේ...:D:D:D

ඇති යන්තම් බස් එක ඇතුලේ කාවාඩි නටන්ට පටන් ගත්තේ නැතුවා.හී හී...

sAm sRi said...

සිරා තමයි ඇගම ගස්ස ගස්ස පට්ට විදියට කියන්නේ..

හරී said...

අප්පා...උඹටත් වෙන දේවල්...නිදාගෙන හෝල්ට් එක පහුවුනානම් කමක් නෑ...උඹ ඇස් ඇරගෙනත් අවසිහියෙන්නෙ ගිහින් තියෙන්නෙ....

නිසුපා said...

මොනවා වුනත් ඔයාට කෙට්ටු වෙන්න හොද හොද චාන්ස් හම්බ වෙනවා නේද???
ඒක හොදයි කොල්ලා තව ලස්සන වෙලා එයි නෙ..;))

cjgayan said...

හොඳ පරිප්පුවකින් අවුරුද්ද පටන් අරගෙන තියෙන්නෙ .. ගමන සුබයි මලයා...

Sammani said...

හපොයි වෙලාවට හෝල්ට් දෙකයි ගිහින් තියෙන්නෙ .... පයින් එන්න පුලුවන් දුර නිසා කමක් නෑ... හිකිස්

Tharanga said...

Hama dama ahema kala nam mallige oya thadi bada adu kara ganna puluwan wei....

Praසන්ன said...

තව ටිකක් වෙලා ඩ්‍රම ගැහුවනං හෝල්ට් කීයක් යන්න වෙයිද දන්නෑ.
මාත් ඔය සින්දුවෙ ආසම කොටස තමයි ඔබ මග නවත්තල ඩ්‍රම ගහන කෑල්ල.

නිහාල්ගෙ අර මයික් එක දෙපැත්තට විසි කරන එකත් නියමයි.

http://www.youtube.com/watch?feature=player_detailpage&v=PYpg6W32Vhk

තාරක Dilsh@n said...

විසිල් එකත් ගහලම බන් බහින්න තිබුනේ... අපරාදේ....

පොඩි මෑන් said...

නිහාල් නෙල්සන් කියන්නෙ අසහායක් ගායකයෙක්.. මාත් කැමතිම ගායකයන්ගෙන් කෙනෙක්..

අපේ තාත්ත ආමි එකේ උතුරෙ ඉදියෙ.. ගෙදර එන්නෙ මාස දෙකට විතර සැරයක්.. ගෙදර එනකොට නිහාල් නෙල්සන්ගෙ කැසට් එක දෙකක් ගේනවමයි...

ඕක දාගෙන සාලෙ පුරාම නටන එකයි මගෙත් සිරිත ඒ දවස්වල සිංදු කටපාඩම් ඔක්කොම වගේ..

නිහාල් නෙල්සන්ගෙ 111 වෙනි කැසට් එක ඩොට් කොම් වෙනකම්ම ඇහුවා...

ලහිරු said...

කිව්වා නේද අවුරුද්ද මුල ම අම්මට බොරුවක්!!! කමක්නෑ ඉතින් සින්දුව අහලා නේ!

ඉන්දික උපශාන්ත said...

ඔය සින්දුවට හොඳටම ඩ්‍රම්ස් ගැහුවෙ සුපර් ස්ටාර් මහින්ද. ඒත් දැන් මිනිහ කොහෙද නෑ!

sithuwam said...

කීවත් වගේ ඉස්සර මට මතකයි ඔය ඩ්‍රම් පාර්ට් එක යන විනාඩි ගාන ගනන් කරා අපි.දැන්නම් මතකත් නෑ.

හිතුවක්කාරි said...

හෆ්ෆට සිලි කිව්වලු.... හොද ව්‍යායාමයක්නෙ..:D ඇඟ බහින්න එක්ක නියමයි තමා..
අපේ පැත්තෙත් දැන් හැම ප්‍රය්වට් බස් එහෙකම වගේ ඔය පැතලි ටීවී දාලා ලස්සන සින්දු වීඩියෝ එක්කම දානවා, ඇත්තටම ඒක හරි සැපයි තමා..:D

ප.ලි- හෆ්ෆා.. තරූ අයියා එක වෙලානෙ බොලේ.. මටත් ගේමට එන්න වෙයි ව්අගේ...

prasanna86k said...

මල්ලි බයිලා පාරක් දාලම පටන් අරගෙන තියෙන්නෙ... නිහාල් නෙල්සන්ට මාත් හෙන ලයික් බං...

වින්චැට්කිරිල්ලි. said...

එතකොට ඔයා බස් එකෙන් බැස්සෙ ජා ඇලට විතර ගිහින්ද? ඇත්තටම ඔයාට අලිබඩක් තියනව කියල ආරංචියි අයියෙ හැමදාම හෝල්ට් දෙක තුනක් ඔහොම ඉස්සරහට ගිහින් බහින්න......

Ice (අයේෂා කුලතුංග) said...

හික් හික්... ඇති ඔයින් ගියා. නටන්න එහෙම හිතුන නම් මධුරංග අයිය ආයෙත් ඔය බස් එකේ ගිහින් ඉවරයි.
:DD

සරත් ලංකාප්‍රිය said...

බාගන්න තැනක් නැද්ද ඔය කියන සින්දුව මට ?

nawammawatha said...

බොලං කොළුවො ගනිං ඔය කොමෙන්ට් කොරල තියන නඟාල කියන දේ ආදර්සෙට..

දිනුක ජයකොඩි said...

අවුලක් නෑ.කොහොමත් පොඩි ව්‍යායාමයකටත් එක්ක ටිකක් පයින් යන එක හොඳයි.කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, විතර්ක් යෑ සීනි උනත් අඩු වෙනවා.

දයානන්ද රත්නායක said...

මේක කියෙව්වේ ජනවාරි දෙවනි දා රෑ මයි. ඒත් ඒ වෙලාවෙ ටිකක් ඔලුව අවුල්වෙලා වෙනත් වැඩ ටිකක් කර කර හිටි නිසා අමතක වුණා
නිහාල්ගෙ සිංදු කියල වැඩක් නෑ මාර ගති සිංදු සෙට් එකක්

Anonymous said...

HALT DEKAKA DURA PAIN YANNA ETHARAM WELAWAK YANNE NEHENE AMMATA WATA GAWATA AWITH PARA DIHA BALAN INNA MOKADA OYA PODI LAMAYEKDA

මධුරංග said...

@~~තරූගේ ලෝකය~~; :
ඒකනේ මල්ලි. හෝල්ට් දෙකක් පයින් ගියාට මොකෝ ලස්සන සිංදුවක් ඇහුවා නෙ.

@Ruka :
ආයේ අහන්නේ නැතුව ඉන්නම්කෝ එහෙනම්. :)

@අසනි :
ඒ මොකෑ එහෙම කිව්වේ ???

මධුරංග said...

@වැලිමැඬියා :
සමහරු නිහාල් නෙල්සන්ගේ සිංතු වලට ආස නෑ. ඇයි එහෙම ආස නැත්තේ කියලා මට හිතා ගන්න බෑ.

@පිණිබිඳු... :
ඒකනේ. මුලු ඇඟෙන්ම සිංදු කියන ගායකයෙක්.

@Observer :
පහල කට්ටිය ලින්ක් එක දාලා තියෙන්නේ ඔබා මාමේ.
ඔය ලින්ක් එකක් දිගේ ගියා නම් සිංදුව බලාගන්න තිබ්බා.

මධුරංග said...

@Shani :
ඔවු නේ.
අනිත් දවසේ ඉදන්වත් ඔය වැඩේ පටන් ගන්න ඕනා.

@රූ.... :
ඒක හොදා. එතකොට අක්කට හිතාගත්තෑකිනේ මම් කොච්චර දුකක් වින්ඳද කියලා.

@සයුරි :
ඒ ඇක්ශන් වලට මාත් මාරම මනාපයි.

මධුරංග said...

@Anonymous :
ආයේ පට්ටද කියලත් අහනවා.
පට්ට පට පට !!!

@ක්සැන්ඩර් | Xander :
හොද වෙලාවට කවුරුවත් වන්මෝ කියලා කිව්වේ නෑ. කට්ටිය වන් මෝ කිව්වා නම් මට අම්මෝ කියන්න වෙන්නේ !!!

අයියටත් සුබ නව වසරක් වේවා !!!

@Dinesh :
මයික් එක අතින් අත මාරු කරන වැඩෙත් මරු තමා.
සිංදුව අතර තමා ගොඩක් වෙලාවට එහෙම මාරු කරන්නේ

මධුරංග said...

@Music girl :
අම්මෝ. මාසෙකට එකපාරක් එහෙම උනට අවුලක් නෑ. ඒ උනාට හැමදාම එහෙම උනොත්.

@prabath's blog :
ලින්ක් එකට ස්තුතියි.

@රාජ් :
ඒකනේ අයියා නේ.
හොද එග්සසයිස් එක !!

මධුරංග said...

@හරී :
එහෙම නිදාගෙනත් හෝල්ට් පහුවෙන වැඩේ වෙලා තියෙනවා.

@Podi Kumarihami :
අනේද කියන්නේ නේ පොඩ්ඩි අක්කේ !
ඒක නෙමෙයි අක්කා අහලා නැද්ද ඔය සිංදුව ? ඒක මරු. අහලා බලන්ට

@sAm sRi :
ඒ ඇක්ශන් ටිකත් සිරා තමයි.

මධුරංග said...

@නිසුපා :
ලස්සන වෙන්න දෙයක් තියෙනවද මන්දා.... :)
උපන් ලස්සන කොල්ලා නේ.

@cjgayan :
ගමන නම් සුබ වෙයි වගේ මෙහෙම ගියොත්.

@Sammani :
හෝල්ට් දෙක නිසා අවුලක් නෑ.
බැරි වෙලාවකවත් තව සිංදුවක් කිව්වා නම්....

මධුරංග said...

@Tharanga :
අයියා ඔය කතාව කිව්වම තමා මතක් උනේ. අපේ බැච් එකෙත් හිටියා රුවන් වැල්ල පැත්තේ ඉදන් කැම්පස් ආපු එකෙක්. උටත් තිබ්බා සෑහෙන විශාල බඩක් !! අම්බෝ එහෙමත් බඩ ගෙඩියක් !

@Praසන්ன :
ඒකනේ. තව හෝල්ට් කීයක් යන්න වෙයිද කියලා හිතාගන්න බෑ.
ලින්ක් එක එවුවට ස්තුතියි !

@තාරක Dilsh@n :
අනිත්පාර විසිල් එකක් ගහලම එන්නම්. :)

මධුරංග said...

@පොඩි මෑන් :
ඔය කැසට් එකක් දෙකක් ඉල්ලගන්න බැරිවෙයිද දන්නේ නෑ...
සීඩි එකකට රෙකෝඩ් කරගෙන දෙන්නම්.

@ලහිරු :
සිංදුව ඇහුව නිසා අවුලක් නෑ.

@ඉන්දික උපශාන්ත :
අර කිව්වත් වගේ ඒ මනුස්සයා දැන් ආගිය අතක් නෑ නෙව.
මාත් ඒ මනුස්සයාගේ ඩ්‍රම්ස් පාරවල් අහලා තියෙනවා.

මධුරංග said...

@නිසුපා :
ලස්සන වෙන්න දෙයක් තියෙනවද මන්දා.... :)
උපන් ලස්සන කොල්ලා නේ.

@cjgayan :
ගමන නම් සුබ වෙයි වගේ මෙහෙම ගියොත්.

@Sammani :
හෝල්ට් දෙක නිසා අවුලක් නෑ.
බැරි වෙලාවකවත් තව සිංදුවක් කිව්වා නම්....

මධුරංග said...

@sithuwam :
විනාඩි කීයක් තිබ්බද කියලා මතක නැද්ද ?? අපරාදේ.

@හිතුවක්කාරි :
ඔය තරු අයියා එක උනාමයි මහිතේ.
ඔයාලෑ පැත්ත දියුනුයි නේ එහෙනම්.

@prasanna86k :
කවුරු කවුරුත් ආසයි නේ නිහාල් නෙල්සන්ගේ බයිලා අහන්න.

මධුරංග said...

@වින්චැට්කිරිල්ලි. :
අලිබඩක් ???
මෙවුන් මාව කාලා. මගේ චරිතය ඝාතනය කරලා (එහෙම එකක් තිබ්බදා
හාකෝ හාකෝ. ඔයා කියන නිසා එහෙම කරන්නම්. :)

@Ice (අයේෂා කුලතුංග) :
බස් එකේ ගිහින් විතරක් නෙමෙයි. ගමේ වසලාත් හමාරයි.

@සරත් ලංකාප්‍රිය :
යූ බටයේ තමා අයියේ ඔය වීඩියෝ එක තියෙන්නේ.
යූ බට වීඩියෝ බාගන්න පුලුවන් සයිට් තියෙනවා.ඒකක් හොයලා බැලුවා නම්...

මධුරංග said...

@nawammawatha :
නඟාලා කියලා තියෙන නිසා නාහා ඉන්නේ කොහොමෙයි නේහ්....
ආදර්ශෙට ගන්නම් එහෙනම් :)

@දිනුක ජයකොඩි :
වෙන්ඩ දොස්තර කෙනෙක් කියන නිසා අහක දාන්නත් බෑ.

@දයානන්ද රත්නායක :
මාත් හැම සිංදුවකටම වගේ ආසයි.

@Anonymous :
අපි ගෙදර එන්න පරක්කු උනාම අපේ අම්මා වැටගාවට ඇවිදින් බලන් ඉන්න එක ඒ දවස්වල ඉදන් තිබ්බා.

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.