12 May 2019

සීගිරියේ අලි මඟ

කාළයකට කලින් අපි සීගිරියේ ගියා. අපි ප්ලෑන් කරල තිබ්බේ උදෙම්ම සීගිරිය බලලා ඊට පස්සේ එහෙම්මම හවස මින්නේරියේ අලි බලන්න සෆාරි ටුවර් එකක් යන්ඩ. අපි ඒ හන්දා උදෙම්ම කොළඹට ආවා.

මෙදාපාර ට්‍රිප් එක යන්ඩ බවලත් උදවිය කිහිප දෙනෙක් සූදානම් වෙච්ච නිසා උදෙම්ම යන ගමන ටිකක් ප්‍රමාද වෙලා උදේ හය විතර වෙද්දි තමා කොළඹින් පිටත් උනේ. බස් එක වරකාපොල ට්‍රැෆික් එකත් කාලා දඹුල්ලට එනකොට උදේ 10.30 වගේ වෙලා.

අපි උදේට කන්න පානුත් අරගෙන එහෙම්ම්ම අපේ සෆාරි ජීප් එකට ගොඩ උනා. අපේ යාලුවෙක් තමා සෆාරි ජීප් එක ලෑස්ති කරල දුන්නේ. ජීප් එක අයිති නුවන් කියලා ඩයල් එකකට. ඒකාගේ ෆෝන් නම්බර් එක තමයි 071 407 6376. සීගිරි, දඹුළු, පිදුරංගල, කවුඩුල්ල, නාමල් උයන වගේ යනවා නම් මේ සෆාරි කැබ් එකේ යන්ඩ පුලුවන්.යන්ඩ ඕන තැන් ටික කියලා ගාන කතා කරගන්ඩ පුලුවන්. නුවන් පොඩි රෙස්ටුරන්ට් එකක් කරනවා ඒ නිසා කන්න බොන්නත් ඕන නම් ලෑස්ති කර ගන්න පුලුවන්. ඔක්කොම බලලා හවස නාන්න පොට් එකකුත් සෙට් කර ගත්තෑකි.

අපි පැය භාගයක් වගේ යනකොට සීගිරිය ටිකට් ගන්න තැනට ආවා. එතන ඉදලා සීගිරිය බැළුවා. ඕන කෙනෙක් සීගිරි ගිහින් තියෙන නිසා පින්තූර නම් දාන්න දෙයක් නෑ.


නමුත් අපි සීගිරිය බලලා බැහැගෙන එනකොට දැක්කා අලිගල පියමග කියලා පාරක්. අපි ඒ පාරේ ගිහින් බලමුද කියලා ටික දෙනෙක් කතා උනා. ඒ වෙනකොට අපේ නඩෙන් ටික දෙනෙක් අපිව පහු කරල වාහනය තිබ්බ දිහාවට ගිහින්.

ඒත් අපි සෙට් එකට තිබ්බ කුතුහලය නිසා ඒ පාරේ ගියා. ඒක ලස්සන අඩි පාරක්. අපි ගිය දවසේ වැස්සත් එක්ක පාරේ අමුතු ලස්සනක් තිබ්බා. එහෙනම් පින්තූර බලලා ඉන්නකෝ.







මේ අඩි පාරේ සම්පූර්ණ දිග මීටර් 700ක් කියලා තමයි බෝඩ් එකේ සදහන් උනේ. ගමනේ මැද හරියක පිදුරංගල පෙනෙන විව් පොයින්ට් එකක් තියෙනවා. නමුත් අපි හිතපු තරම් ලස්සනට පිදුරංගල පෙනෙන්නේ නෑ. විව් පොයින්ට් එක ගස් වලින් වැහිලා. පල්ලෙහායින් තියෙන්නේ අන්න ඒ පොයින්ට් එක.
ඒකත් බලාගෙනම අපි ඉස්සරහට යනකොට ගල් ගුහාවකුත් හම්බ උනා. ඒක අයිනෙන් තමයි පාර වැටිලා තියෙන්නේ. ලස්සනයි ඒ පාර. අපි තව ටිකක් ඉදිරියට ගියා.
අලිමඟ බලලා අපි ආපහු එන ගමනේදි අපිට අත්වැටක් එක්ක අපූරු කළුගල් පර්වතයක් හම්බ උනා. අපි සේරම ඒ ගල දිගේ බඩගෑවා. වැස්සත් එක්ක ගල ලිස්සනවා. ඒ නිසා අපි ටිකක් පරිස්සම් උනා. ඒකට නැග්ගහම සීගිරිය අපූරුවට පේනවා.
ඔතන නිකන් ගල් ආසනයක් වගේ රජකාලේ හේවායෝ ඔත්න ඉදලා සීගිරිය මුර කළා ද දන්නේ නෑ. ඔය ගල් ආසනය ලඟ ඉදලා සීගිරිය බලපුවහම පේන්නේ මෙන්න මේ විදිහට.
අපි ඔය ටික බලලා එනකොට හවස 2 විතර උනා. අපේ ගමන සංවිධානය කරපු එකාට සෑහෙන්න මල පැනලා තිබ්බා. ඒකා වාහනයට වෙලා ඉදලා අපිට බැන්නා නොසෑහෙන්න. මොකද අපි පරක්කු වෙච්ච නිසා අලි බලන්න වෙන්නේ නැති වෙයි කියලා ඒකා බය වෙලා තිබ්බේ.

ඒ උනත් අපි කොහොමහරි මින්නේරියට ආවා. අලිත් බැළුවා.මින්නේරියට ගිය ගමනේදි මම ගත්තු එකම එක පින්තූරය තමයි පහලින් තියෙන්නේ. ඒක ටිකට් කවුන්ටරයට එන පාර කිට්ටුව තිබ්බ කොංක්‍රීට් පාළමක්.

 අලි බලලා අපි හවස 6-7 වෙනකොට දඹුල්ල ටවුමට ආවා. එතන ඉදලා අපි කොළඹ එන බස් එහෙක ඇවිත් ගෙවල් බලා පිටත් උනා.

මේ ට්‍රිප් එකේ සීගිරියේ පින්තූර ටිකක් දැම්මේ නැත්තේ කට්ටිය නොසෑහෙන්න සීගිරි ගිහින් ඇති කියලා හිතපු හන්දා. අලි බලද්දි පින්තූර ගන්න නම් උනේ නෑ. ඒකත් මරු අත්දැකීම.

එහෙනං මං ගියාවේ !!!

3 comments:

  1. You should see how my pal Wesley Virgin's tale starts with this shocking and controversial VIDEO.

    You see, Wesley was in the army-and soon after leaving-he unveiled hidden, "MIND CONTROL" tactics that the government and others used to get whatever they want.

    These are the exact same methods tons of celebrities (notably those who "come out of nowhere") and elite business people used to become rich and famous.

    You've heard that you utilize only 10% of your brain.

    Really, that's because the majority of your brain's power is UNCONSCIOUS.

    Perhaps that expression has even taken place INSIDE OF YOUR own mind... as it did in my good friend Wesley Virgin's mind about seven years ago, while driving an unlicensed, garbage bucket of a car with a suspended license and on his bank card.

    "I'm very fed up with living check to check! When will I get my big break?"

    You took part in those conversations, isn't it so?

    Your own success story is going to be written. Go and take a leap of faith in YOURSELF.

    CLICK HERE To Find Out How To Become A MILLIONAIRE

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.