04 February 2019

නිදහස් වන දා

අද පෙබරවාරි 4 වෙනිදා.

1948 අවුරුද්දේ අද වැනි දවසක ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබපු දිනයක්. ඒ නිදහස ලැබිලා අදට අවුරුදු 71ක් වෙනවා.

මේ 71ක් අවුරුදු නිදහස් කාළය ඇතුලත අපි කොච්චර නිදහසක් භුක්ති විඳලා තියෙනවද කියලා ආපස්සට හිතලා බලන්න ඕන. මේ අවුරුදු 71ක කාළයේදි එක එක පක්ශ එක එක ජනාධිපතිවරු යටතේ ලංකාව පාලනය කරලා තියෙනවා.

ඒ කාළය තුලදි ලංකාව වෙනුවෙන් තම ජාතිය වෙනුවෙන් නොපිරිහෙලා සේවයක් කරපු අයවළුන් නැතුවම නෙමේ. ඒත් ගොඩ දෙනෙක් ලංකාව පාලනය කරන්න බාරගත්තේ තමන්ගේ යටි අරමුණු මුදුන්පත් කරගන්න. කොටින්ම තමන්ගේ ගොඩ වැඩි කරගන්න මිසක් රටකට ජාතියකට ආදරෙන් කරපු කියපු කිසිම දෙයක් ඇතුව නෙමෙයි.


මේ වෙනකොට ලංකාව විශාල ණය බරකින් මිරිකෙනවා. රුපියල අවපාතනය වෙලා. ඒ විතරක්ම නෙමෙයි ලංකාවේ ජනතාවට 225ක් වගේ ලොකු මැති ඇමති මණ්ඩලයකුයි ඒ අයගේ පවුල් නඩත්තු කරන්න සිද්ධ වෙලා තියෙනවා.  මැති ඇමතිවරුන්ට යාන වාහන ආදී නොයෙකුත් සුභ විහරණයන් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට දහඩිය හෙලන්න සිදු වෙලා තියෙනවා.

තවදෙයක් තමයි එදා ලංකාවේ තිබ්බ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැසී ගිහින් ලංකාවේ ඵලදායිතවය ආපස්සට ගිහින් තියෙනවා.මේ නිසාම අපේ රටේ දෙයක් පිටරටට යවනවා වෙනුවට අපි ආනයන ආර්ථිකයකට හුරු වෙලා රටින් මෙරටට දෙයක් එනකන් බලාගෙන ඉන්න පුරුදු වෙච්ච ජාතියක් බවට පත් වෙලා.

මේ වගේ කරුණු කාරණා එක්ක බලනකොට ලංකාව නිදහස් රටක් දෝ කියලා හිතෙනවා.

කවදා හෝ මගේ රට ලෝක ණය බරින් නිදහස් වෙලා කර්මාන්ත අතින් දියුණු වෙලා ලෝකයේ ඉදිරියේ බැබලෙන රටක් වේවා යන සුබ සිහිනය දකින්න සුවහසක් ශ්‍රී ලාංකිකයින්ට හැකි වේඉවායි පතමි !!


No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.