ඒ බස් එකේ පළවෙනි ගමන් වාරය පටන් ගන්නේ සබරගමු සරසවිය නැවතුමෙන්. තව විදිහකට කියනවා නං පඹහින්න ඔර්ලෝසු කණුව හන්දියෙන්. එතැන ඉදලා සෙනග හිටියා හෝ නැතා හෝ මේ බස් එක උදේ හයට ධාවනය ආරම්භ වෙනවා.
ගොඩක් වෙලාවට උදේ පඹහින්නේ ඉදලා නන්පේරියල් වෙනකන් බස් එහේ සෙනග ගමන් කරන්නේ නෑ.
නමුත් මේ බස් එක නන්පේරියල් ගමට එනකන් නන්පේරියල් ගමේ මිනිස්සු මග බලාගෙන ඉන්නවා. උදේ හයට පඹහින්නෙන් පිටත් වෙන බස් එක උදේ හත හෝ හත හමාර වෙනකොට ගමට එනවා.
මේ වෙනකොට නන්පේරියල් ගමේ මිනිස්සු න්න්පේරියල් බස් නැවතුමට ඇවිල්ලා ඉන්නවා.
ගමේ මිනිස්සුන්වත් දාගෙන මේ බස් එක ආයෙම පඹහින්නට යනවා. ඊට පස්සේ මේ මිනිස්සු තම තමන්ගේ ඕනෑ එපාකම් ඉශ්ට කරගෙන ආයෙම හවස් වෙනකොට මේ බස් එකෙන් ගමට එනවා.
නන්පේරියල් බස් එක දවසකට ගමන් වාර තුනක් විතරයි ධාවනය වෙන්නේ.
මේ බස් එකේ අන්තිම ගමන් වාරය නන්පේරියල් ගමෙන් පටන් ගන්නේ හවස තුන හමාරට විතර. ඊට පස්සේ මේ බස් එක ආයෙම ගමට එන්නේ පහුවදා උදේට.
මේ බස් එක යන පාර සෑහෙන පටුයි. පොඩ්ඩක් හර් ලිස්සලා ගියොත් ලොකු ප්‍රපාතයකින් පහලට වැටෙනවා. ඒ වගේම මේ බස් එක යන පාරේ තියෙන පලම් තුන හතරෙම අත් වැටවල් නෑ. බස් එකේ පළලටමයි පාලම තියෙන්නෙත්.
ඒ නිසා මේ බස් එකේ ගමනක් යනවයි කියන්නේ මරුවා එක්ක සටනක් කරනවා වගේ.
සමහර වංගු වලින් බස් එක හරවන්න රිවර්ස් කරන්න වෙනවා. එහෙම රිවර්ස් කරන්න වෙන්නෙත් ප්‍රපාතය තියෙන පැත්තට.
මේ හින්දම මේ ගමන් යන්න ඩ්‍රැයිවින් දන්න කෙනෙක් විතරක් ඉදලා බෑ. ඒකට ලොකු පලපුරුද්දක් තියෙන්නත් ඕන.
හවස් උනහම මුළු පරිරයම මීදුමෙන් වැහිලා යනවා. එතකොට ගමන තවත් අමාරු වෙන නිසයි මේ බස් එකේ අන්තිම ගමන් වාරය තුනහමාරට පටන් ගන්නේ.
සමහරදාට බස් එක ගමට එන්නේ නැති දවසුත් තියෙනවයි කියලා ගම්මු කියනවා. එතකොට යන්න හදන ගමන නවත්තලා ආයෙම ගෙදර ගිහින් බස් එක එන දාකට යන්න ගමන කල් දාගන්නවා.
මේ බස් එක අයිති වෙන්නේ බලංගොඩ ඩිපෝවට. බස් එකේ වැඩ කරන ඩ්‍රැයිවර් මහත්තයායි කොන්දොස්තර මහත්තයායි දෙන්නම ජීවත් වෙන්නෙත් බලංගොඩ කියලයි දැන ගන්න හම්බ උනේ.
මට මේ බස් ගමන යන්න හම්බ උනේ අපි සැට් එක නන්පේරියල් හරහා ලෝකාන්තය පාමුලට ගිය ගමනේදී. මේ බස් ගමන නම් මගේ ජීවිතේටම අමතක වෙන එකක් නෑ. සුන්දර පරිසරයක ගිය බිහිසුණු බස් ගමනක් විදිහට මේ බස් ගමන මගේ මතකයේ තියේවී. එක පාළමක් උඩින් බස් එක ගමන් කරන විදිහ මම වීඩියෝ කර ගත්තා.
එහෙනං මං ගියාවේ !
අම්මෝ, මට මතකයි එක සැරයක් නුවර කොහේදෝ ගිහිනුත් අපි ආව වෑන් එක ප්‍රපාතයක් පැත්තට රිවර්ස් කරන්න වුනා, අනිත් පැත්තට යන්න ආව බස් එකකට මාරු වෙන්න. ඒ මදිවට රෑ. ගමේ කෙනෙක් තමයි බැහැලා පාර බැලුවෙ. ඒ හින්දා මට හිතාගන්න පුළුවන් මේ ගමන ගැන.
ReplyDeleteඔය වගේ පාරවල් මේ පැතිවල ගොඩක් තියෙනව.
ReplyDeleteදැනුවත් කිරීම ගැන සතුටුයි
ReplyDeleteඒක හරිම ආතල් ගමනක් තමයි. ආතල් එක වැඩි කමට එක පාරක් ගිහිල්ලා නවතින්නැතුව ආයෙ පාරක් ගියා. දෙවෙනි පාර නග් රක් බංගලාව බුක් කරලා ඒකෙ නැවතුනා.
ReplyDeleteඅයිසේ තවුසේ වීඩියෝ කරන්න ඉගෙනගන්නවා. මෙලො රහක් නැති වීඩියෝ එකක්. හැක්
ReplyDeleteඅවුලක් නෑ බං බස් එකේ ගියපු විස්තර විතරද කියන්නෙ
සිරාවට වීඩියෝ එකනං මෙලෝ රහක් නෑ
Deleteලස්සන සටහනක්! මාත් බයික්කෙ තනියම ඔය පාරේ ගිහින් තියෙනව නග්‍රක් වලට යනකම්ම 😀
ReplyDelete