06 October 2018

මහා වැස්සේ 'අප්පච්චි ඇවිත්'

අද උදේ ඉදන් මේ වෙනකන් නොකඩවාම වහිනවා. එලියටවත් යන්න හිතෙන්නේ නැති තරම් කම්මැලිකමක් හිතෙනවා. මේ වෙලාවට ඉතින් පොතක් කියවන්න තියෙනවා නම් ආයේ ඉතින් වෙන මොනවද නෙහ්... ?

ඔන්න ඔය හන්දා මම පහුගිය මාසේ ගත්තු පොත් දෙක තුනකින් එක පොතක් තෝරගත්තා කියවන්න කියලා. පහුගිය මාසේ තිබ්බ පොත් ප්‍රදර්ශනයට නම් යන්න බැරි උනා.

යන්න බැරි උනාමත් නෙමේ. යන්න ඒ හැටි උනන්දුවක් තිබ්බේ නෑ. මොකද ගොඩක් අය කියලා තිබ්බා පොත් ප්‍රදර්ශනයේ හැම තැනම දෙන්නේ 20%ක වට්ටමක් කියලා. මේ වට්ටම ගන්න ඕනකමට පොත් ප්‍රදර්ශනයට ගිහින් වැඩක් නෑ.

මරදාන ගොඩගේ, සුරස, දයාවංශ, සූරිය, විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය වගේ පොත් කඩවල් වලට ගියා නම් ඔය වට්ටමට පොත් ගන්න තිබ්බා. මේ වට්ටම අවුරුද්ද පුරාම දෙන හන්දා ආයේ සාහිත්‍යය මාසේ වෙනකන් ඉන්න ඕනකමක් නෑ.


මම ගත්තු පොත් දෙක තුනට මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානය දිනපු පොතත් ගත්තා. මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානය දිනපු පොත තමා මම දැන් කියවන්න ගත්තේ.

පොතේ නම තමයි "අප්පච්චි ඇවිත්" !
ලියලා තියෙන්නෙ සමන් වික්‍රමාරච්චි කියලා මහත්තයෙක්.


මේ පොත පහුගිය අවුරුදු පොත් වලට වඩා ටිකක් කතාව වෙනස්. මේ කතාවෙන් කියවෙන්නේ නිස්සංක කියලා උප දිසාපති කෙනෙක් ගැන. මේ උපදිසාපතිවරයාගේ අප්පච්චි මීට අවුරුදු දෙක තුනකදි නැති වෙනවා.

ඊට පස්සේ මේ උපදිසාපතිවරයා තමන්ගේම ෆැන්ටසි ලෝකයක අප්පච්චි කෙනෙක්ව හදාගෙන ඒ අප්පච්චිත් එක්ක ජීවත් වෙනවා. ඔන්න ඔය වගේ වෙනස්ම කතාවක්.

හැබැයි මට කතාවේ අන්තිම හරියේ තිබ්බ පැහැදිලිකිරීම නම් ටිකක් විතර තේරුනේ නෑ.  ඒ කොයිම වෙතත් එක දිගටම කියවගෙන යන්න තරම් හිතෙන අපූරු පොතක්. හරියටම කියෙව්වොත් පෑ දෙක තුනක් යනකොට මුළු පොතම කියවලා ඉවර කරතෑකි.

පොතම කියවලා ඉවර කලත් තාම වැස්සේ අඩුවක් නැති නිසා දෙවෙනි පොතත් කියවන්න කියලා බැළුවේ.

එහෙනං මං ගියාවේ..... !

3 comments:

  1. බොහොම සන්තෝසයි..

    වැහි දවස් වල ඇඳට වෙලා පොත් ගණන් එක දිගට කියෝපු කාලේ මතක් වුනා...

    ඔය පොත නම් තාම ගන්න හම්බුනේ නැහැ. බලමු...

    ----
    ගොහින් එන්නම් එහෙනම්...

    ReplyDelete
  2. පොත් සාප්පුවල ඔය 20 % වට්ටම දෙන්නේ සාහිත්‍ය මාසෙදි විතරක් නේද?

    ReplyDelete
  3. මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්‍රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්‍යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.