01 June 2017

මගේ උපන්දින තෑග්ග

අද මගේ උපන්දිනේ. ගිය වතාවේ නම් අපේ උන්දෑ මට අරන් දුන්නේ හොරොව්පොතානේ පලවෙනි ඩියාරෝ කියලා පොතක්. ඒ වතාවේ අපේ උන්දෑට ලොකු රස්සාවක් තිබ්බේ නෑ. ඒ නිසා මට එක පොතක් විතරක් අරන් දුන්නා. මේ වතාවේ අපේ උන්දෑ කොළඹ ලොකු කන්තෝරුවක රස්සාවක් කරන නිසා පොත් කිහිපයක් අරන් දුන්නා.

මුලින්ම අපේ උන්දෑ හිතාගෙන උන්නේ මගේ උපන්දිනේට කේක් එකක් ගෙනත් පොඩි පහේ පාර්ටියක් දානවා ය කියලා. නමුත් මගේ බලවත් පෙරැත්තය උඩ පාර්ටිය අවලංගු කර ගත්තා.

පාර්ටියේ කේක් ගෙනල්ලා කාලා බීලා ඉවර වෙනවා. ඒ වගේ යෑ පොතක් ගෙනල්ලා දුන්නා නම් ඒ පොත ජීවිතේ තියෙන තුරාවටම තියාගෙන ඉන්නවා නෙව. අනික මං වගේ පොත් පිස්සෙක්ට පොතක් ඇරෙන්න වෙන දෙයක් වටීවි යෑ.

මෙදාපාර අපේ උන්දෑ මට ගෙනත් දුන්නේ කේ. ජී. කරුණාතිලක මහත්තයා පරිවර්ථනය කරපු මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතාව.


මේක වෙලුම් හයකින් සමන්විත කතාවක්. කොටින්ම පොත් හයක් !

පහලින් තියෙන පින්තූරේ නම් ගත්තේ අන්තර්ජාලයෙන්. 

මේ පොත් හය ගෙනල්ලා දුන්නට පස්සේ මම හරි ආසාවෙන් කියයන්න පටන් ගත්තා. එයත් හරි ආස උනා මං ආස කරපු දෙයක් තෑග්ගට දෙන්ඩ ලැබුන එක ගන.

එහෙනං මං ගියාවේ.
ජය හා සතුට !

3 comments:

  1. මොන්ත ක්‍රිස්ටෝ කියපුවාම මතක් වුනේ. The Count of Monte Cristo - 2002 movie එක ආයෙමත් සැරයක් බලන්න ඕන. ලස්සනම කතාවක් මේක.

    ReplyDelete
    Replies
    1. @ රතීගේ දිනපොත,

      කේ.ජී.කරුණාතිලක මහත්තයගෙ මොන්ත ක්‍රිස්තො සිංහල පරිවර්තන පොත් අසංක්‍ෂිප්ත පරිවර්තන. ඒක මහ දිග කතාවක්. ඒත් චිත්‍රපටයක තියෙන්නෙ සීමිත කාලයක්. මම දැකපු කිසිම මොන්ත ක්‍රිස්තො චිත්‍රපටයක්, ටෙලි කතාවක් පොතේ කතාව තරම් රසවත් නෑ. ඔය චිත්‍රපටයත් මගේ ළඟ තියෙනව, ඒත් වෙන ඕනම කතාවක වෙනව වගේ පොත කියවද්දි ඇතිවෙන චිත්ත රූප, ඒ රසවිඳීම චිත්‍රපටය නරඹල ලබන්න බෑ.

      Delete
  2. මමත් ඉතාම කැමති කතාවක්. මුලින්ම මොන්ත ක්‍රිස්තො කියෙව්වෙ ඉස්කෝලෙ යන කාලෙ පුස්තකාලෙකින්. ඊට පස්සෙ 2000 - 2002 වගේ කාලෙ මම ඔක්කොම පොත් ටික ගත්තා. මේ වෙනකොට මම පාළොස් පාරකට වැඩිය ඔය පොත් ටික කියලවල තියෙනව. අන්තිම පාරට කියෙව්වෙ දැනට මාස 3 කට විතර කලින්. කොච්චර කියෙව්වත් ආයෙ ආයෙත් කියවන්න පුළුවන් රසවත් කතාවක්.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.