08 February 2017

ලංකාවේ පාලම් - 3 වෙනි කොටස

ලංකාවේ පාලම් ගැන මම ලියපු ලිපි මාලාවේ තුන්වැන්න තමයි අද ලියන්න තියෙන්නේ. දෙවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

කලින් කියපු පාලම් වලට අමතර ගංගාවල් හරහා එල්ලෙන පාලම් නිර්මාණය වෙලා තියෙනවා. පේරාදෙණිය උද්භිද උද්ග්‍යානයේ ඒ වගේ පාලමක් තියෙනවා. ඒ මහවැලි ගඟ හරහා ඉදිවෙච්ච සංගිලි පාලම. පහලින් තියෙන්නේ පේරාදෙණියේ සංගිලි පාලමේ පින්තූරයක්.

ඒ වගේම තමයි කොළඹ ඉදලා පොල්ගහවෙලට කෝච්චියේ යනවා නම් පොල්ගහවෙල දුම් රිය ස්ථානයට මෙහායින් තියෙන වලකුඹුර දුම්රිය ස්ථානය අසලත් එල්ලෙන පාලමක් මෑත කාළයේ ඉදි කරලා තියෙනවා.

මේ පාලම ඉදිවෙලා තියෙන්නේ මා ඔය හරහායි. පහලින් තියෙන්නේ වලකුඹුර එල්ලෙන පාලමේ පින්තූරයක්.

මීට අමතරව ගංගාරාමේත්, මාතර පරවි දූපතට යන පාරෙත් සංගිලි පාලම් දකින්න පුලුවන්.

රේල් පාර හරහාත් විවිධාකාර පාලම් ඉදි වෙලා තියෙනවා. ඒ පාලම් වලින් මම ආසම කරන පාලම තමයි පේරාදෙණිය දුම්රිය පාලම. මේ පාලම ඉදිවෙලා තියෙන්නේ මහවලි ගඟ හරහා. පේරාදෙණියේ හිටපු දවස්වල අපි මේ පාළමට කිව්වේ යකා පාලම කියලා.
මේ පාලම මතින් ගමන් කරන ඕනම කෙනෙක්ට සිල්පර කොට දෙකක් අතරින් සුදු පෙණ නගමින් ගලායන මහවලි ගඟ පේනවා. ඒ විතරක් නෙමේ. පාලම උඩ ඉදලා මහවලි ගඟ තියෙන්නේ ගොඩක් පහලින්. සිල්පර කොටන් දෙකක් අතර තියෙන හිඩසෙන් මනුස්සයෙක්ව උනත් පහලට වැටෙන්න පුලුවන්. මේ පාලමේ සිල්පර කොටන් උඩින් අඩි තියලා යන්න පුලුවන් වෙන්නේ ටිකක් දැඩි හිතක් තියෙන කෙනෙක්ට එහෙමත් නැත්නම් යකෙක් වහේ හිතක් තියෙන කෙනෙකුට වීම නිසා වෙන්න ඕන මේ පාලමට යකා පාලම කියලා කියන්නේ.

පහලින් තියෙන්නේ යකා පාලමේ පින්තූරයක්.
සමහර වෙලාවට රේල් පාරට හදලා තියෙන පාලමෙන්ම බසුත් ගමන් කරනවා. ඒ පාලම් වලට කියන්නේ රේල් බස් පාලම් කියලා. එහෙම පාලමක් මනම්පිටියේ තිබුනා. අද වෙනකොට ඒ පාළමේ බස් ගමන් කරන්නේ නෑ.

ඒ පාලමේ මං එකම එක පාරක් ගිහින් තියෙනවා. ඒ ඉස්කෝලේ යන දවස්වල. ඒ ලිපිය මෙතනින් කියවලා එන්න. පහලින් තියෙන්නේ මනම්පිටිය රේල් බස් පාළමේ පින්තූරයක්.

 සමනළයෙකුගේ තටු වල හැඩය ගත්තු පාලමක් ගාල්ලේ තියෙනවා. ඒකට කියන්නේ සමනළ පාලම කියලා. සමහර ආදරවන්තයින් ගොඩක් ආස කරන පාළමක් තමයි මේ සමනල පාලම. ලක්ෂ්මන් හිල්මි මහත්තයාත් සමනළ පාළම ගැන එයාගේ සිංදුවකිනුත් කියලා තියෙනවා.

සමනල පාලම අද්දර... සමනලිගේ අත අරගෙන....
ගාලු කොටුව දිහා බලන් ඉන්නට ඇත්නම්.....
පාට පිරුණු හැන්දෑවක.. සමනල හීනය දකිද්දි....
ප්‍රේම සිතට සීත සුළඟ දැනේවි මනරම්......

ගාල්ලේ සමනළ පාලම, මෑතකදි පාලම් ගොන්නට එකතු වෙච්ච පාලමක්. පල්ලෙහා පින්තූරෙන් බලාගන්ඩ පුලුවන් ගාල්ලේ සමනල පාලම.
අද වෙනකොට පාළම් තාක්ෂණය සෑහෙන්න දියුණු වෙලා තියෙනවා. ඉස්සර ගඟක් හරහා ඉදිවෙච්ච පාලම්, අද වෙනකොට පාරක් ඉහලිනුත් ඉදි වෙලා තියෙනවා. ඒවට කියන්නේ ගුවන් පාලම් කියලා.

මේ වෙනකොට කොළඹ අවටින් ගුවන් පාලම් කිහිපයක් දකින්න පුලුවන්. පල්ලෙහා පින්තූරේ තියෙන්නේ නුගේගොඩ ගුවන් පාලමේ පින්තූරයක්. මේ පාලම ඉදි උනේ 2008 වර්ෂයේ දී.

මගීන්ටම වෙන් වෙච්ච පාලම් එහෙමත් තියෙනවා. ඒවා මගී පාලම් කියලා හඳුන්වන්න පුලුවන්. සමහර ප්‍රධාන පාරවල් උඩින්, බොහෝමයක් දුම්රිය මාර්ග ඉහලින් එහෙම මේ ප්‍රාලම් ඉදි වෙලා තියෙනවා. පල්ලෙහා පින්තූරේ තියෙන්නේ කොළඹ කොටුවේ ප්‍රධාන මහාමාර්ගය ඉහලින් ඉදි වෙලා තියෙන මගී පාලමේ පින්තූරයක්.
පාලම් ගැන ලියවෙච්ච තුන්වෙනි ලිපියත් නිමා වෙනවා. මට මඟ හැරුන පාලම් වර්ගයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මම ඒක ගැනත් ලියන්නම්.

එහෙනං මම ගියාවේ... හැමෝටම සුබ රාත්‍රියක් !

5 comments:

  1. සංගිලි පාලම්නම් මරු නේ බන්

    ReplyDelete
  2. කාලෝචිත ලිපියක් නේද?
    හැමදාම පාලම දැක්කත් මේ වගේ දෙයක් එවෙලාවල් වලට ඔලුවට එන්නේ නැහැනේ..

    ReplyDelete
  3. සමනල පාලමෙයි යකා පාලමෙයි වලකුඹුරෙයි ඇරෙන්න අනිත් හැම එකේම මම ගිහින් තියනවා. එතකොට සංගිලි පාලම කියන්නේ සස්පෙන්ෂන් බ්‍රිජ් කියන එක නේද.

    ReplyDelete
  4. සංගිලි පාලම් තවත් තියනවා... එකක් මඩු පල්ලිය කිට්ටුව... එහෙ අය ඒකට කියන්නේ ආඩු පාලම් කියලා.. ඒ පැද්දෙන නිසා... තව එකක් තියනවා... කුකුලේ ගඟ ඩෑම් එකට පහළින් මාකෙලිය ඇල්ලට පහළින් තමයි තියෙන්නේ...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.