පහුගිය දවසක මම අපේ ආච්චි අම්මලෑ දිහෑ ගියා. සති අන්තයේ හවස් වරුවක තමයි එහේ ගියේ. ආච්චි අම්මා ඒ වෙනකොට "ප්‍රේම දඩයම" නාට්ටිය බලනවා. උන්දෑට ඉතින් කරන්න කියලා වැඩක් නැති එකේ ඇබ්බැහි වෙලා වගේ බලනවා.
මාත් ඉතින් ටික වෙලාවක් නාට්ටිය දිහා බලාගෙන හිටියා.
නාට්ටියේ එක් ජවනිකාවක ශිවන්‍යා කියන නාග කන්‍යාවගේ (කන්‍යාවක් කියලා කියන්න බෑ මහිතේ..) තාත්තට වෙඩි වදිනවා.
තාත්තා වෙඩි කාගෙන බිම දිගා වෙනවා. ඒ වෙනකොට මේ ශිවන්‍යා තාත්තා ගාවට ඇවිත් තාත්තව අල්ල ගන්නවා. ඊට පස්සේ මේ ලෝකේ කිසිමදාක නොවූ විරූ අපූරු සිදුවීමක් වෙනවා. ශිවන්‍යා එයාගේ දිව දික් කරලා තාත්තගේ පපුවේ හිර වෙලා තියෙන උණ්ඩය එලියට අරගෙන තාත්තව හොඳ කරනවා.
පිස්සු හැදෙන සඳ කිව්වලු !
මනඃකල්පිතයක් උනත් කමන් නෑ. ඒක පෙන්වන විදිහක් තියෙනවා. මේ වගේ මහ ගොං විදිහට ප්‍රේක්ෂකයාට නාට්ටි පෙන්වන එක නම් වැඩක්ම නෑ. අනික නාට්ටිය පුරාම පෙන්වන ග්‍රැෆික්ස් දර්ශන එහෙම අන්ත අජූතයි. පොඩි එකෙක්ට උනත් හිතා ගත්තෑකි මේ බොරු දර්ශනයක් කියලා.
ශිවන්‍යා එක්ක බලනකොට රැජ්නිකාන්ත් හොඳයි කියලා හිතෙන්නේ මට විතරද මන්දා.
ශික් විතරක් ! මෙහෙම අජූත නාට්ටියක් !
කතා කරල වැඩක් නෑ කතාවට හපන් ඒකෙ අඳෝනාව, කනක් ඇහෙන්න නෑ ගෙදර. මං ඒ වෙලාවට හෙඩ්සෙට් එක දාගෙන සිංදු අහනවා. මොන රෙද්දකට බලනවද මන්දා මේ මන්දබුද්ධික කතා.
ReplyDeleteමම නම් ඔය කතා වේ තේමා ගීතය ඇහෙද්දිම ඉක්මනට එලියට ගිහින් ඔය ඉලව්ව ඉවර වෙනකම්ම ඔහෙ එලියට වෙලා හුලං විඳ විඳ ඉන්න එකයි කරන්නේ...
ReplyDelete