කළුවර ට අත වනන
දම්පාට හැන්දෑව
හිරු තවම හිඳිනවද ?
ළඟ පෙනෙන මානයක
කළුවරයි අද බෝම
තරු පිපුනේ නැතුවා ද ?
අද අහස අඳුරේම
කළුවරට තරු කුමකට
අඳුර දුරලන්ට
සඳවතිය පායන්න
තනිකමක් මට කොහි ද ?
කාව්‍ය සංකල්පනාව දනාගෙනි.
දනාගේ මේ කවි පංතිය කියෙව්වහම මට මතක් උනේ අලගියවැන්න මුකවැටි තුමාගේ සුභාෂිතයේ එන කවියක්. ඒකත් පහලින් ලියා තබන්නම්.
පින්මද පුතුන් සියයක් ලඳුවත් නිසරු
ගුණනැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙල් ලොව ගණදුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු
තනි වූ හිතට සැනසිල්ලක්
ReplyDeleteදෙන්න කියා
හිරු බැස ගියා සඳවතියට
ඉඩක් තියා.........
ජයවේවා!!!
පිළිතුරු කවියට තුති
Deleteහිරු තවම නැඟෙනවා
ReplyDeleteපෙර පුරුදු පෙරදිගින්
දම්පාට හැන්දෑවේ
කළුවරත් මඟ බලයි
තරු පිපි නැතිවාට
ලං වුනොත් කියන්නම්
රහසක් අහනවද
අඳුරේම...
සඳවතිය පායන්න
තව ටිකක් කල් ගනී
එතෙක් මේ තරු නුඹේ
තනි මකාවි කළුවරේ...
ඉන්නේපා...